යෝබ්
15 ඊටපස්සේ තේමාන්වලින් ආපු එලිෆස්+ යෝබ්ට මෙහෙම කිව්වා.
3 කිසිම තේරුමක් නැති වචනවලින් තර්ක කරන එකේ ප්රයෝජනයක් තියෙනවාද?
ඔහේ දෙඩෙව්වයි කියලා වැඩක් තියෙනවාද?
4 ඔයා නිසා මිනිසුන්ගේ හිත්වල දෙවියන් ගැන තියෙන ගරුබිය නැති වෙනවා.
දෙවියන් ගැන හිතන එක පවා එයාලා අත්හරිනවා.
5 ඔයා කරන වැරදි වහගන්නයි ඔයා මේ විදිහට කතා කරන්නේ.
කපටි වචනමයි ඔයාගේ කටින් පිට වෙන්නේ.
6 ඔයා වරදකරුවෙක් කියලා සාක්ෂි දෙන්නේ මම නෙවෙයි, ඔයාමයි.
ඔයාට විරුද්ධව සාක්ෂි දෙන්නේ ඔයාගේ කටින් පිට වෙන වචනමයි.+
7 මෙලොවට බිහි වුණ පළවෙනි මිනිසා ඔයාද?
ඔයා ඉපදුණේ කඳු බිහි වෙන්නත් කලින්ද?
8 දෙවියන් ඔහුගේ රහස් කාරණා කතා කරන්නේ ඔයා ඉස්සරහද?
ඔයා හැර වෙන ප්රඥාවන්තයෙක් මේ ලෝකේ නැහැ කියලා හිතනවාද?
9 අපි නොදන්න දෙයක් ඔයා දන්නවාද?+
අපිට වඩා අවබෝධයක් ඔයාට තියෙනවාද?
11 දෙවියන් දෙන සැනසිල්ලෙන් ඔයා සෑහීමට පත් වෙන්නේ නැද්ද?
කාරුණිකව කියපු වචනවලින් ඔයාගේ හිත සැනසුණේ නැද්ද?
12 ඔයාගේ හිත මෙච්චර එඩිතර වුණේ කොහොමද?
ඔයාගේ ඇස් කේන්තියෙන් දැවෙන්නේ ඇයි?
13 ඔයාගේ කේන්තිය ඔයා පිට කරන්නේ දෙවියන්ට විරුද්ධවයි.
ඒ නිසයි ඔයා කිසිම බයක් සැකක් නැතුව දොඩවන්නේ.
14 දූවිල්ලෙන් හදපු මිනිසා පවිත්රයි කියලා කියන්න පුළුවන්ද?
මව්කුසෙන් ආපු මිනිසාට කවදා හරි ධර්මිෂ්ඨයෙක් වෙන්න පුළුවන්ද?+
16 එහෙමනම් දෙවියන් පිළිකුල් කරන,
පහත් ජීවිතයක් ගත කරන මිනිසෙක් ගැන මොනවා කියන්නද?+
එක හුස්මට වතුර බීගෙන බීගෙන යන කෙනෙක් වගේ
වැරදි දේ පස්සේම යන මිනිසා ගැන ඔහු විශ්වාසය තියයිද?
17 මට ඇහුම්කන් දෙන්න. මං ඔයාට උගන්වන්නම්.
මං දැකපු දේවල් ඔයාට කියලා දෙන්නම්.
18 ප්රඥාවන්තයන් එයාලාගේ පියවරුන්ගෙන් රැස් කරගත්ත දැනුම මං ඔයාට කියලා දෙන්නම්.+
එයාලා හංගන්නේ නැතුව කියපු දේවල් ඔයා එක්ක බෙදාගන්නම්.
19 දේශයේ ජීවත් වුණේ එයාලා විතරයි.
එයාලට විදේශිකයන් එක්ක කිසිම සම්බන්ධයක් තිබුණේ නැහැ.
20 දුෂ්ටයෙක් ජීවිත කාලේ පුරාම දුක් විඳියි.
කුරිරුකම් කරන තැනැත්තා ජීවත් වෙන තාක් කල් පීඩා විඳියි.
21 බියකරු හඬවල් එයාගේ ඔළුවේ දෝංකාර දෙයි.+
යුද්ධයක් නැති කාලෙක පවා එයා කොල්ලකරුවන්ගේ ප්රහාරයට ලක් වෙයි.
23 එයා කෑම හොයමින් ඒ මේ අත ඇවිදිනවා.
අඳුරු දවස අත ළඟයි කියලා එයා හොඳින්ම දන්නවා.
24 දුක් වේදනා නිසා එයා බයෙන් සලිත වෙයි.
ප්රහාරයක් එල්ල කරන්න ඉන්න රජෙක් වගේ විපත්ති එයාව වට කරගනියි.
25 එහෙම වෙන්නේ එයා දෙවියන්ට විරුද්ධව නැඟී සිටින නිසයි.
සියලු බලැති තැනැත්තාණන්ට අභියෝග කරන නිසයි.*
26 එයා දැවැන්ත පලිහක් අතේ තියාගෙන,
මුරණ්ඩු විදිහට දෙවියන් ඉස්සරහට දුවගෙන යයි.
27 එයා ආඩම්බරයෙන් මූණ පුම්බගෙන ඉන්නවා.
එයාගේ බඩ තෙලෙන් තර වෙලා.
28 එයා ජීවත් වෙන්නේ විනාශ වෙන්න තියෙන නුවරවල.
කිසි මිනිසෙක් පදිංචි වෙන්නේ නැති ගෙවල්වල.
ඒ හැම තැනක්ම නටබුන් ගොඩක් වෙනවා.
29 එයාගේ ධන සම්පත් කවදාවත් වැඩි වෙන්නේ නැහැ.
එයාගේ කෙත්වතු, සත්ව රැළවල් දේශය පුරා පැතිරිලා යන්නෙත්
නැහැ.
31 එයා තමන්වම රවට්ටගෙන කිසි වැඩකට නැති දේවල් පස්සේ ගියොත්
එයාට කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ.
32 ඉක්මනින්ම එයාට ඒ දේවලට මුහුණ දෙන්න වෙයි.
එයාගේ රිකිල්ල කවදාවත් සරුවට වැඩෙන්නේ නැහැ.+
33 එයා හරියට අමු ගෙඩි වැටිලා ගිය මිදිවැලක් වගෙත්,
මල් හැලුණු ඔලීව ගහක් වගෙත් වෙයි.
34 දෙවියන් ගැන ගරුබියක් නැති* අයට යන්න වෙන්නේ හිස් අතින්.+
අල්ලස් ගන්න අයගේ කූඩාරම් ගින්නෙන් දැවී යයි.
35 එයාලා නපුරු දේවල් සැලසුම් කරලා දුෂ්ටකම් කරනවා.
එයාලාගේ හිත් වංචාවෙන් පිරිලා!”