ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 19
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

උත්පත්ති පොතේ සාරාංශයක්

      • ලොත්ව හම්බ වෙන්න දේවදූතයන් එයි (1-11)

      • ලොත්ටයි, පවුලේ අයටයි පිටත් වෙන්න කියලා කියයි (12-22)

      • සොදොම් සහ ගොමෝරා නගර විනාශ කරයි (23-29)

        • ලොත්ගේ බිරිඳ ලුණු කණුවක් වෙයි (26)

      • ලොත් සහ ඔහුගේ දුවලා (30-38)

        • මෝවබ් සහ අම්මොන් ජාතීන් බිහි වුණ විදිහ (37, 38)

උත්පත්ති 19:1

හරස් යොමු දැක්වීම්

  • +උත් 18:2, 22

උත්පත්ති 19:3

පාදසටහන්

  • *

    ඊස්ට් වගේ පිපෙන්න දාන දෙයක්.

උත්පත්ති 19:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    පිබිදෙව්!,

    2/8/1994, 3 පි.

උත්පත්ති 19:5

පාදසටහන්

  • *

    මෙතන කතා කරන්නේ ලිංගික සම්බන්ධකම් පවත්වන එක ගැනයි.

හරස් යොමු දැක්වීම්

  • +යූද් 7

උත්පත්ති 19:8

පාදසටහන්

  • *

    මූ.අ., “එයාලා මගේ වහලේ යටට ගත්තේ ආරක්ෂා කරන්නයි.”

හරස් යොමු දැක්වීම්

  • +විනි 19:23, 24

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/1/2005, 24-26 පි.

    1/15/2004, 27 පි.

උත්පත්ති 19:10

පාදසටහන්

  • *

    ඒ කියන්නේ මිනිස් වෙස් ගත්ත දේවදූතයන් දෙන්නා.

උත්පත්ති 19:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 11/2022, 1 පි.

උත්පත්ති 19:13

හරස් යොමු දැක්වීම්

  • +උත් 13:13; 18:20

උත්පත්ති 19:14

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 17:28

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/15/1999, 30 පි.

උත්පත්ති 19:15

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 17:29-31

උත්පත්ති 19:16

හරස් යොමු දැක්වීම්

  • +නික් 33:19
  • +2පේතෘ 2:7-9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    4/2020, 18 පි.

    මුරටැඹ (පාඩම්),

    9/2017, 9 පි.

    මුරටැඹ,

    1/15/2004, 28 පි.

    1/1/2003, 16-17 පි.

උත්පත්ති 19:17

හරස් යොමු දැක්වීම්

  • +උත් 13:10
  • +ලූක් 9:62

උත්පත්ති 19:19

පාදසටහන්

  • *

    හෝ, “නොසැලෙන ආදරයක්.” “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 143:11
  • +ගීතා 6:4

උත්පත්ති 19:21

පාදසටහන්

  • *

    ඒ කියන්නේ දෙවියන්ව නියෝජනය කරපු දේවදූතයා.

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 34:15
  • +උත් 19:30; ගීතා 68:20

උත්පත්ති 19:22

පාදසටහන්

  • *

    තේරුම, “පොඩි.”

හරස් යොමු දැක්වීම්

  • +2පේතෘ 3:9
  • +උත් 14:2

උත්පත්ති 19:24

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 29:23; ලූක් 17:29; 2පේතෘ 2:6

උත්පත්ති 19:25

හරස් යොමු දැක්වීම්

  • +උත් 13:10

උත්පත්ති 19:26

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 17:32; හෙබ්‍රෙ 10:38

උත්පත්ති 19:27

හරස් යොමු දැක්වීම්

  • +උත් 18:2, 22

උත්පත්ති 19:28

හරස් යොමු දැක්වීම්

  • +යූද් 7

උත්පත්ති 19:29

හරස් යොමු දැක්වීම්

  • +2පේතෘ 2:7, 8

උත්පත්ති 19:30

හරස් යොමු දැක්වීම්

  • +උත් 19:20, 22
  • +උත් 19:17

උත්පත්ති 19:37

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 2:9
  • +1ලේක 18:2

උත්පත්ති 19:38

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 2:19; විනි 11:4; නෙහෙ 13:1; ශෙප 2:9

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

උත්. 19:1උත් 18:2, 22
උත්. 19:5යූද් 7
උත්. 19:8විනි 19:23, 24
උත්. 19:13උත් 13:13; 18:20
උත්. 19:14ලූක් 17:28
උත්. 19:15ලූක් 17:29-31
උත්. 19:16නික් 33:19
උත්. 19:162පේතෘ 2:7-9
උත්. 19:17උත් 13:10
උත්. 19:17ලූක් 9:62
උත්. 19:19ගීතා 143:11
උත්. 19:19ගීතා 6:4
උත්. 19:21ගීතා 34:15
උත්. 19:21උත් 19:30; ගීතා 68:20
උත්. 19:222පේතෘ 3:9
උත්. 19:22උත් 14:2
උත්. 19:24ද්වි 29:23; ලූක් 17:29; 2පේතෘ 2:6
උත්. 19:25උත් 13:10
උත්. 19:26ලූක් 17:32; හෙබ්‍රෙ 10:38
උත්. 19:27උත් 18:2, 22
උත්. 19:28යූද් 7
උත්. 19:292පේතෘ 2:7, 8
උත්. 19:30උත් 19:20, 22
උත්. 19:30උත් 19:17
උත්. 19:37ද්වි 2:9
උත්. 19:371ලේක 18:2
උත්. 19:38ද්වි 2:19; විනි 11:4; නෙහෙ 13:1; ශෙප 2:9
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
  • 35
  • 36
  • 37
  • 38
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
උත්පත්ති 19:1-38

උත්පත්ති

19 දේවදූතයන් දෙන්නා හවස් වෙද්දී සොදොම් නගරයට ආවා. ඒ වෙලාවේ සොදොම් නගරයේ දොරටුව ළඟ ලොත් ඉඳගෙන හිටියා. එයාලව දැක්කාම ලොත් නැඟිටලා එයාලා ළඟට ගිහින් බිමට නැමිලා එයාලට ආචාර කළා.+ 2 ලොත් එයාලට මෙහෙම කිව්වා. “අනේ මගේ ස්වාමිවරුනි, අද රෑ ඔබේ සේවකයාගේ ගෙදර ඇවිත් නතර වෙන්න. ඔබේ කකුල් හෝදන්න අපිට ඉඩ දෙන්න. ඊටපස්සේ හෙට පාන්දරින්ම නැඟිටලා ඔබේ ගමන යන්න ඔබට පුළුවන්.” ඒත් එයාලා කිව්වා “නැහැ, අද රෑ අපි නතර වෙන්නේ මේ ප්‍රධාන හන්දියේ” කියලා. 3 ඒත් ලොත් ආයේ ආයේ එයාගේ ගෙදරට එන්න කියලා කියපු නිසා ඒ මිනිස්සු දෙන්නා ලොත්ගේ ගෙදරට ගියා. ලොත් මුහුන්* දාන්නේ නැතුව රොටි ටිකක් ඉක්මනට පුච්චලා එයාලා වෙනුවෙන් විශේෂ කෑම වේලක් ලෑස්ති කළා. එයාලා ඒක කෑවා.

4 එයාලා නිදාගන්න යන්නත් කලින් සොදොම් නගරයේ හිටපු පිරිමි ලොත්ගේ ගෙදර වට කළා. බාල මහලු හැම කෙනෙක්ම එතනට කඩාගෙන බිඳගෙන ආවා. 5 එයාලා කෑගහලා ලොත්ට මෙහෙම කිව්වා. “ඔහේගේ ගෙදර රෑ නවතින්න ආපු මිනිස්සු දෙන්නා කෝ. එවනවා එයාලව එළියට. අපිට ඕනෙ අද රෑ එයාලා එක්ක එකට ඉන්න.”*+

6 ඒ වෙලාවේ ලොත් ගෙදරින් එළියට ඇවිල්ලා දොර වැහුවා. 7 ලොත් එයාලට මෙහෙම කිව්වා. “අනේ මගේ සහෝදරයෙනි, දුෂ්ට විදිහට හැසිරෙන්න එපා. 8 ගේ ඇතුළේ මගේ දුවලා දෙන්නා ඉන්නවා. එයාලා කවදාවත් පිරිමි කෙනෙක් එක්ක එකට ඉඳලා නැහැ. ඔයාලා කැමති නං ඒ දෙන්නාව දෙන්නං. ඒත් මේ මිනිස්සුන්ට නං හිරිහැර කරන්න එපා. එයාලා මගේ ගෙදරට ආපු අමුත්තෝ. එයාලව ආරක්ෂා කරන එක මගේ වගකීමක්.”*+ 9 එතකොට ඒ සෙනඟ “අහකට පලයං! පිටගම්කාරයා! අපේ දේශයට ඇවිල්ලා දැන් අපිට නීති දාන්න එනවාද? අපි අරුන් දෙන්නාට කරන්න යනවාට වඩා දරුණු දෙයක් උඹට කරනවා” කියලා ලොත්ව තල්ලු කරලා දොර කඩාගෙන ඇතුළට යන්න හැදුවා. 10 එතකොට ගේ ඇතුළේ හිටපු මිනිස්සු දෙන්නා* ලොත්ව ඇතුළට ඇදලා අරගෙන දොර වැහුවා. 11 ඊටපස්සේ එයාලා දෙන්නා දොරකඩ ළඟ හිටපු ලොකු කුඩා හැමෝගෙම ඇස් අන්ධ කළා. ඉතින් ඒ සෙනඟ එහේ මෙහේ අත පත ගගා දොර හොයන්න සෑහෙන්න උත්සාහ කළත් ඒක හොයාගන්න එයාලට බැරි වුණා.

12 ඊටපස්සේ ඒ මිනිස්සු දෙන්නා ලොත්ට මෙහෙම කිව්වා. “ඔයාගේ නෑයෝ කවුරු හරි මෙහේ ඉන්නවාද? ඔයාගේ පුතාලා, දුවලා, බෑනලා ඒ ඔක්කොමලා එක්ක මේ නගරෙන් එළියට යන්න. 13 අපි මේ නගරේ විනාශ කරන්නයි යන්නේ. මොකද මේ සෙනඟට විරුද්ධව හරිම බරපතළ චෝදනා ගොඩක් යෙහෝවා දෙවියන්ට ඇවිත් තියෙනවා.+ මේ නගරේ විනාශ කරන්න තමයි යෙහෝවා අපිව මෙහෙට එව්වේ.” 14 ඉතින් ලොත් එයාගේ දුවලා එක්ක විවාහ වෙන්න හිටපු අය ළඟට ගිහිල්ලා “යෙහෝවා දෙවියන් මේ නගරේ විනාශ කරන්නයි යන්නේ. ඉක්මන් කරලා මෙහෙන් යන්න” කියලා එයාලට ආයේ ආයේ කිව්වා. ඒත් ලොත්ගේ බෑනලා එයා කියපු දේ විහිළුවකට ගත්තා.+

15 එළිය වැටීගෙන එද්දී දේවදූතයෝ නගරයෙන් යන්න ලොත්ව ඉක්මන් කෙරෙව්වා. එයාලා මෙහෙම කිව්වා. “ඔයාගේ ගෙදර ඉන්න ඔයාගේ බිරිඳයි, දුවලා දෙන්නායි එක්ක දැන්මම මෙහෙන් යන්න. නැත්තං මේ නගරේ ඉන්න පව්කාර මිනිස්සු එක්ක ඔයාත් විනාශ වෙයි.”+ 16 ඒත් ලොත් එහෙන් යන්නේ නැතුව පරක්කු වෙවී හිටියා. යෙහෝවා එයාට අනුකම්පා කරපු නිසා+ ඒ මිනිස්සු දෙන්නා ලොත්ගෙයි, එයාගේ බිරිඳගෙයි, දුවලා දෙන්නාගෙයි අතින් අල්ලගෙන එයාලව නගරයෙන් එළියට අරගෙන ගියා.+ 17 එයාලව නගරයෙන් එළියට ගෙනාපු ගමන්ම ඒ මිනිස්සු දෙන්නාගෙන් එක් කෙනෙක් මෙහෙම කිව්වා. “ජීවිතේ බේරගන්න ඉක්මන් කරලා දුවලා යන්න. මේ පළාතේ කොහෙවත් නවතින්න එපා.+ පිටිපස්ස බලන්නේ නැතුව+ කඳුකරයටම දුවන්න!”

18 එතකොට ලොත් එයාලට මෙහෙම කිව්වා. “අනේ යෙහෝවා, මට එහෙට යන්න නං බැහැ. 19 ඔයා ඔයාගේ සේවකයා වන මං ගැන ගොඩක් සැලකිලිමත් වෙලා මගේ ජීවිතේ බේරලා දුන්නා.+ මට ලොකු ආදරයක්* පෙන්නුවා. ඒත් කඳුකරයට යන්න කියලා නං කියන්න එපා. ඒක මට කරන්න බැරි වෙයි. එහෙට යද්දී අනතුරක් වෙලා මං මැරෙයි කියලා මට බයයි.+ 20 අතන පොඩි නගරයක් තියෙනවා. ඒක ළඟ නිසා අනේ, මං එහෙට යන්නද? ඒක පොඩි නගරයක්නේ. එහෙට ගියොත් මට කොහොමහරි බේරෙන්න පුළුවන්.” 21 එතකොට දෙවියන්* ලොත්ට මෙහෙම කිව්වා. “හරි, මං ඔයාගේ ඉල්ලීම ඉටු කරන්නම්.+ ඔයා කිව්ව ඒ නගරේ මං විනාශ කරන්නේ නැහැ.+ 22 ඉක්මන් කරලා ඒ නගරෙට දුවන්න. ඔයා එහෙට යන කල් මට මුකුත් කරන්න බැහැ.”+ ඒ නගරෙට ෂොවර්*+ කියන නම තිබ්බේ ඒ නිසයි.

23 ලොත් ෂොවර්වලට එද්දී ඉර පායලා තිබුණා. 24 ඊටපස්සේ යෙහෝවා සොදොම්, ගොමෝරා නගර පිටට ගිනි සහ ගෙන්දගම් වැටෙන්න සැලැස්සුවා. හරියට අහසින් වැටෙන වැහි වගේ යෙහෝවා දෙවියන් ඒවා වැටෙන්න සැලැස්සුවා.+ 25 දෙවියන් ඒ නගර දෙකයි, ඒ අවට මුළු පළාතමයි විනාශ කළා. ඒ පළාතේ තිබුණු හැම නගරයක්ම, නගරවල හිටපු මිනිස්සු, ගස් කොළන්, ඒ හැම දෙයක්ම සම්පූර්ණයෙන්ම විනාශ කළා.+ 26 මේ අතරතුරේ ලොත්ට පිටිපස්සෙන් ආපු එයාගේ බිරිඳ ආපස්ස හැරිලා බැලුවා. එතකොට එයා ලුණු කණුවක් වුණා.+

27 ආබ්‍රහම් උදේ පාන්දරින්ම නැඟිටලා එයා කලින් යෙහෝවා එක්ක කතා කරපු තැනට ගියා.+ 28 සොදොම්, ගොමෝරා සහ ඒ අවට පළාත දිහා බැලුවාම එයාට අදහාගන්න බැරුව ගියා. ඒ පළාතෙන් ගන දුමක් නඟිනවා එයා දැක්කා. ඒක හරියට පෝරණුවකින් නඟින ගන දුමක් වගේ.+ 29 ඒ පළාතේ තිබුණු නගර විනාශ කරද්දී ඒ නගරවලින් ලොත්ව අයින් කරන්න දෙවියන් පියවර ගත්තා. ලොත් පදිංචි වෙලා හිටපු නගරෙන් දෙවියන් එයාව පිටත් කරලා යැව්වා.+ ඒ විදිහට දෙවියන් ආබ්‍රහම්ගේ ඉල්ලීම ගැන සැලකිලිමත් වුණා.

30 පස්සේ ලොත් ෂොවර්වල+ ජීවත් වෙන්න බය වුණ නිසා එහෙන් පිටත් වෙලා කඳුකරයට ගියා.+ එයා දුවලා දෙන්නාත් එක්ක කඳුකරයේ තිබුණු ගුහාවක ජීවත් වුණා. 31 දවසක් එයාගේ ලොකු දුව පොඩි දුවට මෙහෙම කිව්වා. “තාත්තා දැන් හොඳටම වයසයි. අනික, අපිට විවාහ වෙන්න මේ පැත්තේ එක පිරිමියෙක්වත් ඉතුරු වෙලා නෑ. 32 ඉතින් අපි අපේ තාත්තාගේ නම ගෙනියන්න මෙහෙම දෙයක් කරමු. තාත්තාට වයින් බොන්න දීලා අපි එයාත් එක්ක රැයක් ගත කරමු.”

33 එදා රෑ එයාලා දෙන්නා තාත්තාට බොන්න ගොඩක් වයින් දුන්නා. ඊටපස්සේ ලොකු දුව එයාගේ තාත්තාත් එක්ක රෑ ගත කළා. ඒත් ලොත් ඒ ගැන මුකුත් දැනන් හිටියේ නැහැ. 34 පහුවදා ලොකු දුව එයාගේ නංගිට මෙහෙම කිව්වා. “ඊයේ රෑ මං තාත්තාත් එක්ක හිටියා. අද රෑත් අපි තාත්තාට වයින් බොන්න දෙමු. ඊටපස්සේ ඔයාට පුළුවන් එයාත් එක්ක රෑ ගත කරන්න. තාත්තාගේ නම ගෙනියන්න අපි එහෙම කරමු.” 35 එදා රෑත් ඒ දෙන්නා එයාලාගේ තාත්තාට බොන්න වයින් ගොඩක් දුන්නා. ඊටපස්සේ බාල දුව තාත්තාත් එක්ක රෑ ගත කළා. ඒත් ලොත් ඒ ගැන මුකුත් දැනන් හිටියේ නැහැ. 36 ලොත් නිසා දුවලා දෙන්නාටම දරුවෝ ලැබෙන්න හිටියා. 37 පස්සේ ලොකු දුවට පුතෙක් හම්බ වුණා. එයා ඒ පුතාට මෝවබ්+ කියන නම තිබ්බා. එයා තමයි අද ඉන්න මෝවබ්වරුන්ගේ පියා.+ 38 බාල දුවටත් පුතෙක් හම්බ වුණා. එයා ඒ පුතාට බෙන්අම්මි කියන නම තිබ්බා. එයා තමයි අද ඉන්න අම්මොන්වරුන්ගේ පියා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න