ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 17
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

උත්පත්ති පොතේ සාරාංශයක්

      • ආබ්‍රහම් ගොඩක් ජාතීන්ගේ පියා වෙනවා කියලා කියයි (1-8)

        • ආබ්‍රම් වෙනුවට ආබ්‍රහම් කියලා නම වෙනස් කරයි (5)

      • චර්මච්ඡේදනය ගිවිසුමට ලකුණක් (9-14)

      • සාරයි වෙනුවට සාරා කියලා නම වෙනස් කරයි (15-17)

      • ඊසාක් කියලා පුතෙක් ලැබෙනවා කියලා කියයි (18-27)

උත්පත්ති 17:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 125 ලිපිය

උත්පත්ති 17:2

හරස් යොමු දැක්වීම්

  • +උත් 15:18; ගීතා 105:8-11
  • +උත් 22:17; ද්වි 1:10; හෙබ්‍රෙ 11:11, 12

උත්පත්ති 17:4

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 105:9-11
  • +උත් 13:16; රෝම 4:17

උත්පත්ති 17:5

පාදසටහන්

  • *

    තේරුම, “උසස් කළ පියා.”

  • *

    තේරුම, “සමූහයකගේ පියා; බොහෝදෙනෙක්ගේ පියා.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/1/2009, 13 පි.

උත්පත්ති 17:6

හරස් යොමු දැක්වීම්

  • +උත් 35:10, 11

උත්පත්ති 17:7

පාදසටහන්

  • *

    හෙබ්‍රෙව් භාෂාවේ පාවිච්චි කරලා තියෙන වචනයෙන් එක් කෙනෙක් වගේම ලොකු පිරිසකුත් අදහස් වෙන්න පුළුවන්.

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 1:72, 73

උත්පත්ති 17:8

හරස් යොමු දැක්වීම්

  • +නික් 6:4; හෙබ්‍රෙ 11:8, 9
  • +ද්වි 14:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    පිබිදෙව්!,

    5/2012, 17-18 පි.

උත්පත්ති 17:10

හරස් යොමු දැක්වීම්

  • +උත් 21:4; රෝම 2:29

උත්පත්ති 17:11

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 7:8; රෝම 4:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/1/2007, 12-13 පි.

උත්පත්ති 17:12

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 2:21

උත්පත්ති 17:13

හරස් යොමු දැක්වීම්

  • +නික් 12:44

උත්පත්ති 17:14

පාදසටහන්

  • *

    මූ.අ., “එයාගේ සෙනඟ අතරෙන් එයාව අයින් කරන්න ඕනේ.”

උත්පත්ති 17:15

පාදසටහන්

  • *

    තේරුම, “විවාදශීලී” වෙන්න පුළුවන්.

  • *

    තේරුම, “කුමාරිකාව.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 11:29

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පොදු),

    අංක 5 2017 14 පි.

    මුරටැඹ,

    2/1/2009, 13 පි.

උත්පත්ති 17:16

හරස් යොමු දැක්වීම්

  • +උත් 18:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පොදු),

    අංක 5 2017 14 පි.

උත්පත්ති 17:17

හරස් යොමු දැක්වීම්

  • +උත් 18:12
  • +රෝම 4:19; හෙබ්‍රෙ 11:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පොදු),

    අංක 5 2017 14 පි.

උත්පත්ති 17:18

හරස් යොමු දැක්වීම්

  • +උත් 16:11

උත්පත්ති 17:19

පාදසටහන්

  • *

    තේරුම, “හිනාව.”

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 1:2
  • +උත් 26:24

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/1/2009, 13 පි.

උත්පත්ති 17:20

හරස් යොමු දැක්වීම්

  • +උත් 16:10; 21:13, 18; 25:13-16; 1ලේක 1:29-31

උත්පත්ති 17:21

හරස් යොමු දැක්වීම්

  • +උත් 26:3; හෙබ්‍රෙ 11:8, 9
  • +උත් 18:10, 14; 21:1

උත්පත්ති 17:23

හරස් යොමු දැක්වීම්

  • +උත් 17:13

උත්පත්ති 17:24

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 7:8; රෝම 4:11

උත්පත්ති 17:25

හරස් යොමු දැක්වීම්

  • +උත් 16:16

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

උත්. 17:2උත් 15:18; ගීතා 105:8-11
උත්. 17:2උත් 22:17; ද්වි 1:10; හෙබ්‍රෙ 11:11, 12
උත්. 17:4ගීතා 105:9-11
උත්. 17:4උත් 13:16; රෝම 4:17
උත්. 17:6උත් 35:10, 11
උත්. 17:7ලූක් 1:72, 73
උත්. 17:8නික් 6:4; හෙබ්‍රෙ 11:8, 9
උත්. 17:8ද්වි 14:2
උත්. 17:10උත් 21:4; රෝම 2:29
උත්. 17:11ක්‍රියා 7:8; රෝම 4:11
උත්. 17:12ලූක් 2:21
උත්. 17:13නික් 12:44
උත්. 17:15උත් 11:29
උත්. 17:16උත් 18:10
උත්. 17:17උත් 18:12
උත්. 17:17රෝම 4:19; හෙබ්‍රෙ 11:11
උත්. 17:18උත් 16:11
උත්. 17:19මතෙ 1:2
උත්. 17:19උත් 26:24
උත්. 17:20උත් 16:10; 21:13, 18; 25:13-16; 1ලේක 1:29-31
උත්. 17:21උත් 26:3; හෙබ්‍රෙ 11:8, 9
උත්. 17:21උත් 18:10, 14; 21:1
උත්. 17:23උත් 17:13
උත්. 17:24ක්‍රියා 7:8; රෝම 4:11
උත්. 17:25උත් 16:16
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
උත්පත්ති 17:1-27

උත්පත්ති

17 ආබ්‍රම්ට වයස අවුරුදු 99දී යෙහෝවා දෙවියන් එයාට දර්ශනය වෙලා මෙහෙම කිව්වා. “මම තමයි සියලු බලැති දෙවියන්. දිගටම මට කීකරු වෙලා ඔයා නිදොස් කෙනෙක් කියලා පෙන්නන්න. 2 ඔයා එහෙම කළොත් මම ඔයාත් එක්ක ඇති කරගත්ත මගේ ගිවිසුම ස්ථිර කරනවා.+ ඔයාගෙන් පැවතෙන අයගේ ගාණ ගොඩක් වැඩි කරනවා.”+

3 ඒක අහලා ආබ්‍රම් දණින් වැටිලා ඔළුව පහත් කළා. දෙවියන් එයාට මෙහෙමත් කිව්වා. 4 “මම ඔයා එක්ක ගිවිසුමක් ඇති කරගෙනයි තියෙන්නේ.+ ඒ හින්දා ඔයා අනිවාර්යයෙන්ම ගොඩක් ජාතීන්ගේ පියා වෙනවා.+ 5 දැන් ඉඳන් ඔයාගේ නම ආබ්‍රම්* නෙමෙයි ආබ්‍රහම්.* මොකද මම ඔයාව ගොඩක් ජාතීන්ගේ පියා වෙන්න සලස්වනවා. 6 මම ඔයාගෙන් ගොඩක් දරුවන් බිහි වෙන්න සලස්වනවා. ඔයාගෙන් ජාතීන් සහ රජවරුන් බිහි වෙයි.+

7 “මම ඔයා එක්ක ඇති කරගත්ත මගේ ගිවිසුමට එකඟව වැඩ කරනවා.+ පරම්පරාවෙන් පරම්පරාවට පැවතෙන ඔයාගේ දරුවන් එක්කත් මම ඒ ගිවිසුමට එකඟව වැඩ කරනවා. ඔයාටත් ඔයාගෙන් පැවතෙන අයටත්* මම ඔයාලාගේ දෙවියන් කියලා පෙන්නන්න ඒ ගිවිසුම සදහටම තියෙනවා. 8 ඔයා විදේශිකයෙක් විදිහට+ ජීවත් වෙන කානාන් දේශයම ඔයාටත් ඔයාගෙන් පැවතෙන දරුවන්ටත් උරුමයක් විදිහට දෙනවා. එයාලා ඒ දේශයේ හැමදාටම ජීවත් වෙයි. මම එයාලාගේ දෙවියන් වෙනවා.”+

9 දෙවියන් ආබ්‍රහම්ට මෙහෙමත් කිව්වා. “ඔයායි, පරම්පරාවෙන් පරම්පරාවට එන ඔයාගේ දරුවනුයි මගේ ගිවිසුමට එකඟව වැඩ කරන්න ඕනේ. 10 මම ඔයා එක්ක ඇති කරගන්න ගිවිසුම මේකයි. ඒ ගිවිසුමට අනුව ඔයායි, ඔයාගෙන් පැවතෙන දරුවනුයි මේ දේ කරන්න ඕනේ. ඔයාලා අතර ඉන්න හැම පිරිමියෙක්ම චර්මච්ඡේදනය කරගන්න ඕනේ.+ 11 ඔයාලා චර්මච්ඡේදනය වෙන්න ඕනේ. ඒක ඔයාලා එක්ක මම ඇති කරගත්ත ගිවිසුමට ලකුණක් වෙනවා.+ 12 ඔයාලා අතරේ ඉපදෙන හැම පිරිමි දරුවෙක්ම අටවෙනි දවසේදී චර්මච්ඡේදනය කරන්න ඕනේ.+ ඔයාගෙන් පැවතෙන හැම පරම්පරාවක්ම ඒක කරන්න ඕනේ. ඔයාගේ ගෙදර ඉපදෙන අයවත් විදේශිකයෙක්ගෙන් මිල දීලා ගත්ත ඔයාගේ පෙළපතට අයිති නැති අයවත් චර්මච්ඡේදනය කරන්න ඕනේ. 13 ඔයාගේ ගෙදර ඉපදුණ හැම පුරුෂයෙක්මත් ඔයාගේ සල්ලිවලින් මිල දීලා ගත්ත හැම පුරුෂයෙක්මත් අනිවාර්යයෙන්ම චර්මච්ඡේදනය කරගන්න ඕනේ.+ ඔයාගේ ශරීරයේ තියෙන ඒ ලකුණ මම ඇති කරගත්ත ගිවිසුමට සාක්ෂියක්. ඒ ගිවිසුම ගොඩක් කාලයක් පුරා තියෙන ගිවිසුමක්. 14 කවුරු හරි කෙනෙක් චර්මච්ඡේදනය වුණේ නැත්තං එයාව මරලා දාන්න ඕනේ.* මොකද එයා කරන්නේ මගේ ගිවිසුම කඩ කරන එකයි.”

15 ඊටපස්සේ දෙවියන් ආබ්‍රහම්ට මෙහෙම කිව්වා. “දැන් ඉඳලා ඔයාගේ බිරිඳගේ නම සාරයි*+ නෙමෙයි සාරා.* 16 මම එයාට ආශීර්වාද කරලා එයාගෙන් ඔයාට පුතෙක් ලබා දෙනවා.+ මම එයාට ආශීර්වාද කරන නිසා එයාගෙන් ගොඩක් ජාතීන් සහ රජවරු බිහි වෙයි.” 17 එතකොට ආබ්‍රහම් දණින් වැටිලා ඔළුව පහත් කළා. ඊටපස්සේ එයා හිනා වෙලා එයාටම මෙහෙම කියාගත්තා.+ “මට දැන් අවුරුදු 100ක් වෙනවා. මගේ වයසේ කෙනෙක්ට තාත්තා කෙනෙක් වෙන්න පුළුවන්ද? අවුරුදු 90ක් වයස සාරාට කොහොමද දරුවෙක් හම්බ වෙන්නේ?”+

18 ඉතින් ආබ්‍රහම් සැබෑ දෙවියන්ට මෙහෙම කිව්වා. “අනේ, ඔයාගේ ආශීර්වාදය ඉෂ්මායෙල්ට දෙන්න!”+ 19 එතකොට දෙවියන් මෙහෙම කිව්වා. “ඔයාගේ බිරිඳ වන සාරාගෙන් අනිවාර්යයෙන්ම ඔයාට පුතෙක් හම්බ වෙයි. ඔයා එයාට ඊසාක්*+ කියන නම තියන්න. මගේ ගිවිසුම මම ස්ථිර කරන්නේ එයා එක්කයි. එයාගෙන් පැවතෙන අය එක්කත් මම ඒ ගිවිසුම තියාගන්නවා.+ ඒක සදහටම තියෙන ගිවිසුමක්. 20 ඉෂ්මායෙල් ගැන ඔයා කරපු ඉල්ලීමත් මම ඉටු කරනවා. මම එයාටත් ආශීර්වාද කරලා එයාගෙන් පැවතෙන අයගේ ගාණ ගොඩක් වැඩි කරනවා. එයා අධිපතීන් 12දෙනෙක්ගේ තාත්තා වෙනවා. මම එයාගෙන් මහත් ජාතියක් ඇති කරනවා.+ 21 ඒත් මගේ ගිවිසුම මම ස්ථිර කරන්නේ ඊසාක් එක්කයි.+ ලබන අවුරුද්දේ මේ කාලේ වෙද්දී සාරාට එයාව හම්බ වෙයි.”+

22 දෙවියන් ආබ්‍රහම් එක්ක කතා කළාට පස්සේ එතනින් පිටත් වෙලා ගියා. 23 ඊටපස්සේ ආබ්‍රහම් එයාගේ පුතා ඉෂ්මායෙල්වයි, එයාගේ ගෙදර ඉපදුණ හැම පුරුෂයෙක්වමයි, එයා මිල දීලා ගත්ත හැම පුරුෂයෙක්වමයි, ඒ කියන්නේ එයා එක්ක ජීවත් වුණ හැම පිරිමි කෙනෙක්වම චර්මච්ඡේදනය කළා. දෙවියන් එයාට කියපු විදිහටම ඒ දවසේම එයා ඒක කළා.+ 24 ආබ්‍රහම් චර්මච්ඡේදනය වෙද්දී එයාට වයස අවුරුදු 99යි.+ 25 ආබ්‍රහම්ගේ පුතා වුණ ඉෂ්මායෙල්ව චර්මච්ඡේදනය කරද්දී එයාට වයස අවුරුදු 13යි.+ 26 ඒ දවසේම ආබ්‍රහම් සහ එයාගේ පුතා වුණ ඉෂ්මායෙල් චර්මච්ඡේදනය වුණා. 27 ආබ්‍රහම්ගේ ගෙදර ඉපදුණ හැමෝම සහ විදේශිකයන්ගෙන් මිල දීලා ගත්ත හැමෝම ඇතුළුව ගෙදර හිටපු හැම පුරුෂයෙක්ම එයා එක්ක චර්මච්ඡේදනය වුණා.

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න