ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 සාමුවෙල් 6
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

1 සාමුවෙල් පොතේ සාරාංශයක්

      • පිලිස්තිවරු ඊශ්‍රායෙල්වරුන්ට ගිවිසුම් පෙට්ටිය ආපහු යවයි (1-21)

1 සාමුවෙල් 6:1

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 4:11; 5:1; ගීතා 78:61

1 සාමුවෙල් 6:2

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 18:9, 10; යෙසා 2:6

1 සාමුවෙල් 6:3

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 6:4, 17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/2015, 10-11 පි.

1 සාමුවෙල් 6:4

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 13:2, 3; 1සාමු 6:16

1 සාමුවෙල් 6:5

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 6:18
  • +1සාමු 5:6, 11

1 සාමුවෙල් 6:6

හරස් යොමු දැක්වීම්

  • +නික් 7:13; 8:15; 14:17
  • +නික් 9:14, 16; රෝම 9:17, 18
  • +නික් 6:1; 11:1; 12:33

1 සාමුවෙල් 6:8

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 6:3, 4

1 සාමුවෙල් 6:9

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 15:10, 12; 21:8, 16; 2ලේක 28:18

1 සාමුවෙල් 6:12

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 6:8, 9

1 සාමුවෙල් 6:13

පාදසටහන්

  • *

    හෝ, “තැනිතලාවේ.”

1 සාමුවෙල් 6:14

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 6:7

1 සාමුවෙල් 6:15

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 3:30, 31
  • +යොෂු 21:8, 16

1 සාමුවෙල් 6:17

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 5:1
  • +1සාමු 5:8
  • +විනි 1:18; 1සාමු 5:10
  • +1සාමු 6:4

1 සාමුවෙල් 6:19

පාදසටහන්

  • *

    මූ.අ., “පුරුෂයන් 70ක්, පුරුෂයන් 50,000ක්.”

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 4:15, 20; 1ලේක 13:10

1 සාමුවෙල් 6:20

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 11:45
  • +ගණන් 17:12, 13; 2සාමු 6:8, 9; ගීතා 76:7

1 සාමුවෙල් 6:21

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 18:14; 1ලේක 13:5, 6
  • +1ලේක 16:1; 2ලේක 1:4

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

1 සාමු. 6:11සාමු 4:11; 5:1; ගීතා 78:61
1 සාමු. 6:2ද්වි 18:9, 10; යෙසා 2:6
1 සාමු. 6:31සාමු 6:4, 17
1 සාමු. 6:4යොෂු 13:2, 3; 1සාමු 6:16
1 සාමු. 6:51සාමු 6:18
1 සාමු. 6:51සාමු 5:6, 11
1 සාමු. 6:6නික් 7:13; 8:15; 14:17
1 සාමු. 6:6නික් 9:14, 16; රෝම 9:17, 18
1 සාමු. 6:6නික් 6:1; 11:1; 12:33
1 සාමු. 6:81සාමු 6:3, 4
1 සාමු. 6:9යොෂු 15:10, 12; 21:8, 16; 2ලේක 28:18
1 සාමු. 6:121සාමු 6:8, 9
1 සාමු. 6:141සාමු 6:7
1 සාමු. 6:15ගණන් 3:30, 31
1 සාමු. 6:15යොෂු 21:8, 16
1 සාමු. 6:171සාමු 5:1
1 සාමු. 6:171සාමු 5:8
1 සාමු. 6:17විනි 1:18; 1සාමු 5:10
1 සාමු. 6:171සාමු 6:4
1 සාමු. 6:19ගණන් 4:15, 20; 1ලේක 13:10
1 සාමු. 6:20ලෙවී 11:45
1 සාමු. 6:20ගණන් 17:12, 13; 2සාමු 6:8, 9; ගීතා 76:7
1 සාමු. 6:21යොෂු 18:14; 1ලේක 13:5, 6
1 සාමු. 6:211ලේක 16:1; 2ලේක 1:4
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
1 සාමුවෙල් 6:1-21

පළවෙනි සාමුවෙල්

6 යෙහෝවා දෙවියන්ට අයිති ගිවිසුම් පෙට්ටිය+ මාස හතක් පුරා පිලිස්තිවරුන්ගේ දේශයේ තිබුණා. 2 පස්සේ පිලිස්තිවරු එයාලාගේ පූජකයන්ටයි, පේන කියන අයටයි+ එන්න කියලා එයාලාගෙන් මෙහෙම ඇහුවා. “යෙහෝවාට අයිති ගිවිසුම් පෙට්ටියට අපි මොනවාද කරන්නේ? ඒක අපි ආපහු ඊශ්‍රායෙල් දේශයට යවන්න ඕනෙ කොහොමද?” 3 එතකොට එයාලා මෙහෙම කිව්වා. “තෑග්ගක් නැතුව නම් ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි යෙහෝවාට අයිති ගිවිසුම් පෙට්ටිය යවන්න එපා. වරදට සමාව ගන්න නම් අනිවාර්යයෙන්ම ඔහුට තෑග්ගක් යවන්න වෙයි.+ එහෙම කළොත් තමයි ඔයාලා සනීප වෙන්නේ. ඔහු ඔයාලට මේ විදිහට දඬුවම් කරන්නේ ඇයි කියලා දැනගන්නත් ඔයාලට පුළුවන් වෙයි.” 4 එතකොට පිලිස්තිවරු මෙහෙම ඇහුවා. “අපි කරපු වරදට සමාව ගන්න අපි මොනවාද යවන්නේ?” පූජකයෝ සහ පේන කියන අය එයාලට මෙහෙම කිව්වා. “ඔයාලටයි, ඔයාලාගේ අධිපතීන්ටයි ලැබුණේ එකම දඬුවම. ඒ නිසා පිලිස්තිවරුන්ගේ අධිපතීන් පස්දෙනා+ වෙනුවෙන් අර්ශස් ගෙඩිවල හැඩේට රත්තරන් රූප පහකුත් මීයන්ගේ හැඩේට රත්තරන් රූප පහකුත් හදලා යවන්න. 5 ඔයාලා ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවියන්ට ගෞරව කරන්න ඕනේ. ඔයාලට හැදුණ අර්ශස් ගෙඩිවල හැඩේටත් දේශය නාස්ති කරන මීයන්ගේ හැඩේටත්+ රූප හදලා යවන්න. එහෙම කළොත් සමහරවිට ඔයාලටත් ඔයාලාගේ දෙවියන්ටත් ඔයාලාගේ දේශයටත් විරුද්ධව දඬුවම් කරන එක ඔහු නවත්තයි.+ 6 ඊජිප්තුවරුනුයි, පාරාවෝයි වගේ ඔයාලත් හිත මුරණ්ඩු කරගන්න එපා.+ දෙවියන් එයාලට දරුණු විදිහට දඬුවම් කළා මතක නැද්ද?+ ඒ නිසා එයාලට සිද්ධ වුණා ඊශ්‍රායෙල්වරුන්ට යන්න දෙන්න.+ 7 ඉතින් ඔයාලා මෙහෙම කරන්න. අලුත් කරත්තයක් හදන්න. කවදාවත් වියගහක බැඳලා නැති කිරි එළදෙනුන් දෙන්නෙක්ව තෝරගෙන උන්ව ඒ කරත්තෙට බඳින්න. උන්ගේ පැටවුන්ව ආපහු එක්කගෙන ගිහින් ගාල් කරන්න. 8 යෙහෝවා දෙවියන්ට අයිති ගිවිසුම් පෙට්ටිය කරත්තේ උඩ තියන්න. සමාව ලබාගන්න ඔයාලා හදපු රත්තරන් රූපත් පෙට්ටියක දාලා ඒක ළඟින් තියන්න.+ ඊටපස්සේ එළදෙනුන්ට යන්න අරින්න. 9 උන් යන්නේ කොයි පැත්තටද කියලා බලාගෙන ඉන්න. උන් යන්නේ ගිවිසුම් පෙට්ටිය අයිති ප්‍රදේශය වන බෙත්ෂෙමෙෂ්+ පැත්තට නම් මේ මහ විපත ගෙනාවේ එයාලාගේ දෙවියන් කියලා දැනගන්න පුළුවන්. ඒත් උන් වෙන පාරක ගියොත් අපිට පහර දුන්නේ ඔහු නෙමෙයි කියලා පැහැදිලියි. ඒක නිකන් අහම්බෙන් වෙච්ච දෙයක්.”

10 පිලිස්තිවරු ඒ විදිහටම කළා. එයාලා කිරි එළදෙනුන් දෙන්නෙක්ව කරත්තෙට බැඳලා උන්ගේ පැටවුන්ව අරන් ගිහින් ගාල් කරලා තිබ්බා. 11 ඊටපස්සේ එයාලා යෙහෝවාට අයිති ගිවිසුම් පෙට්ටිය කරත්තේ තිබ්බා. මීයන්ගේ හැඩේටයි, අර්ශස් ගෙඩිවල හැඩේටයි හදපු රත්තරන් රූප දාලා තිබුණ පෙට්ටියත් එයාලා කරත්තෙන් තිබ්බා. 12 එළදෙනුන් බෙත්ෂෙමෙෂ්වලට+ යන පාර දිගේ ගියා. උන් වමටවත් දකුණටවත් හැරෙන්නේ නැතුව කෑගගහා දිගටම ඒ පාරේ ගියා. පිලිස්තිවරුන්ගේ අධිපතීනුත් බෙත්ෂෙමෙෂ් දේශ සීමාව වෙන කල්ම උන් පිටිපස්සේ ඇවිදගෙන ගියා. 13 කරත්තේ බෙත්ෂෙමෙෂ්වලට එද්දී එහේ හිටපු අය නිම්නයේ* තිරිඟු අස්වැන්න කපකපයි හිටියේ. එයාලා ගිවිසුම් පෙට්ටිය දැක්ක ගමන්ම හරිම සතුටින් කෑගැහුවා. 14 බෙත්ෂෙමෙෂ්වල පදිංචි වෙලා හිටපු යොෂුවාගේ කෙතට ආපු එළදෙනුන් කෙතේ තිබුණ ලොකු ගලක් ළඟ නැවතුණා. ඊටපස්සේ එහේ හිටපු අය කරත්තේ කඩලා දාලා ඒකේ ලී, දර විදිහට පාවිච්චි කරලා එළදෙනුන්ව+ දවන පූජාවක් විදිහට යෙහෝවා දෙවියන්ට ඔප්පු කළා.

15 ලෙවීවරු+ යෙහෝවාට අයිති ගිවිසුම් පෙට්ටියයි, රත්තරන් රූප දාලා තිබ්බ පෙට්ටියයි බිමට අරගෙන ඒවා ලොකු ගල උඩ තිබ්බා. එදා බෙත්ෂෙමෙෂ්වල+ අය යෙහෝවාට දවන පූජායි, වෙනත් පූජායි ඔප්පු කළා.

16 ඒ හැම දේම වුණාට පස්සේ පිලිස්තිවරුන්ගේ අධිපතීන් පස්දෙනා ආයෙත් එක්‍රොන්වලට ගියා. 17 පිලිස්තිවරු යෙහෝවාට තෑග්ගක් විදිහට, අර්ශස් ගෙඩිවල හැඩේට හදලා යවපු රත්තරන් රූපවල විස්තර මේවායි. එයාලා අෂ්දොද්+ නගරය වෙනුවෙන් එකක්, ගාසා නගරය වෙනුවෙන් එකක්, අෂ්කෙලොන් නගරය වෙනුවෙන් එකක්, ගාත්+ නගරය වෙනුවෙන් එකක් සහ එක්‍රොන්+ නගරය වෙනුවෙන් එකක් හදලා යැව්වා. එයාලා ඒවා යැව්වේ දෙවියන්ගෙන් සමාව ගන්නයි.+ 18 එයාලා පිලිස්තිවරුන්ගේ අධිපතීන් පස්දෙනා පාලනය කරපු පවුරුවලින් වට වුණ නුවරවල් සහ ගම්බද පළාත් වෙනුවෙන් මීයන්ගේ හැඩේට රත්තරන් රූප එක ගාණේ හදලා යැව්වා.

යෙහෝවා දෙවියන්ට අයිති ගිවිසුම් පෙට්ටිය තියලා තිබ්බ ගල සිද්ධ වුණ හැම දේටම සාක්ෂියක්. ඒ ලොකු ගල බෙත්ෂෙමෙෂ්වල ජීවත් වුණ යොෂුවාගේ කෙතේ අද වෙන කල්ම තියෙනවා. 19 බෙත්ෂෙමෙෂ්වල හිටපු අය යෙහෝවාට අයිති ගිවිසුම් පෙට්ටිය දිහා බලපු නිසා දෙවියන් එයාලට පහර දුන්නා. ඔහු මිනිස්සු 50,070ක්* මරලා දැම්මා. යෙහෝවා ඒ තරම් ලොකු සෙනඟක්ව මරලා දාපු නිසා ඒ නගරයේ අය හඬා වැලපුණා.+ 20 එයාලා මෙහෙම කතා වුණා. “යෙහෝවා වගේ ශුද්ධ දෙවි කෙනෙක් ඉස්සරහා ඉන්න පුළුවන් කාටද?+ ඔහු මෙහෙන් ගියාට පස්සේ කොහෙට යයිද දන්නේ නැහැ?”+ 21 ඒ අය කිර්යත්යෙයාරීම්+ නගරයට පණිවිඩකරුවන් යවලා මෙහෙම දැන්නුවා. “පිලිස්තිවරු යෙහෝවාට අයිති ගිවිසුම් පෙට්ටිය අපි ළඟට එව්වා. ඇවිත් ඒක අරන් යන්න.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න