යෝබ්
23 යෝබ් මෙහෙම කිව්වා.
3 දෙවියන් ඉන්නේ කොහෙද කියලා මං දන්නවා නම්+
මං ඔහුව හොයාගෙන යනවා.+
4 මගේ නඩුව ඔහු ඉස්සරහට අරන් ගිහින්
තර්ක කරලා මං නිදොස් කියලා ඔප්පු කරනවා.
5 ඔහු දෙන උත්තර මම හිතට අරන්
ඔහු කියන දේ තේරුම්ගන්න උත්සාහ කරනවා.
6 ඔහුගේ මහත් බලය පෙන්නලා ඔහු මාව පරද්දයිද?
නැහැ. ඔහු මට කතා කරන්න අවස්ථාවක් දෙයි කියලා මට නිසැකයි.+
7 නිර්දෝෂ කෙනාට පුළුවන් ඔහුත් එක්ක කතා කරලා නඩුව විසඳගන්න.
මගේ විනිශ්චයකරු සදහටම මාව දඬුවමින් නිදහස් කරනවා කියලා මට ස්ථිරයි.
8 ඒත් නැඟෙනහිරට ගිහින් බැලුවත් මට ඔහුව හොයාගන්න බැරි වුණා.
මං ආපහු හැරිලා ආවත් ඔහුව හම්බ වුණේ නැහැ.
9 ඔහු උතුරු දිශාවේ වැඩ කරමින් ඉද්දී මම ඔහු දිහා හැරිලා බැලුවා.
ඒත් මට ඔහුව දකින්න ලැබුණේ නැහැ.
ඔහු දකුණට හැරුණා. ඒත් මට ඔහුව දැකගන්න බැරි වුණා.
10 මං ගමන් කරන මාර්ගය ඔහු හොඳින්ම දන්නවා.+
ඔහු මාව සෝදිසි කළාට පස්සේ මං පවිත්ර රන් වගේ වෙනවා.+
12 ඔහු දුන්න ආඥාවලට මං පිටු පාන්නේ නැහැ.
ඔහු බලාපොරොත්තු වුණාටත් වඩා වැඩියෙන්
මං ඔහුගේ ආඥා නිධානයක් වගේ රැකගන්නවා.+
ඔහු කරන්න හිතන් ඉන්න දේ ඒ විදිහටම ඉටු කරනවා.+
14 එහෙමනම් ඔහු මං වෙනුවෙන් තීරණය කරපු දේත් ඒ විදිහටම ඉටු කරයි.
ඒ වගේ හුඟක් දේවල් ඔහු මං වෙනුවෙන් සැලසුම් කරලා තියෙනවා.
15 මං මේ තරම් කැලඹිලා ඉන්නේ ඒ නිසයි.
ඔහු ගැන හිතද්දීත් මගේ හිතේ බයක් ඇති වෙනවා.
16 දෙවියන් මගේ හිතේ සවිය නැති කරලා දැම්මා.
සියලු බලැති තැනැත්තා මාව කැලඹුවා.
17 අන්ධකාරය මාව වට කරගෙන තිබුණත්
ගන අඳුර මගේ මූණ වෙළාගත්තත් මම නිහඬ වෙන්නේ නැහැ.