යෝබ්
18 එතකොට ෂුවාහ් ඉඳන් ආපු බිල්දද්+ මෙහෙම කිව්වා.
2 “ඔයා* තව කොච්චර කල් මේ විදිහට කතා කරන්න හිතන් ඉන්නවාද?
පොඩ්ඩක් හරි කියන දේ තේරුම්ගන්න බලන්න.
ඊටපස්සේ අපිට පුළුවන් දේවල් කතා කරගන්න.
4 ඔයා කේන්ති අරන් ඔයාටම හානියක් කරගත්තාට,
ඔයා හිතනවාද ඔයා කිව්ව පලියට මිනිස්සු පොළොව අත්හැරලා යයි කියලා?
පර්වත වෙන තැන්වලට පෙරළිලා යයි කියලා?
6 එයාගේ කූඩාරමේ එළිය නැති වී යයි.
එයාට එළිය දෙන පහන නිවා දමයි.
8 එයා උගුලක් දෙසට ඇවිදන් යනවා.
දැලක් මත අඩිය තියනවා.
10 දුෂ්ටයා යන මඟේ මරුවැලක් හංගලා තියෙනවා.
බොරු වළක් කපලා තියෙනවා.
13 එයාගේ හම කුණුවී යනවා.
මාරාන්තික රෝගයක් එයාගේ අත පය කා දමනවා.
16 එයාගේ මුල් වියළී යයි.
අතු මැලවී යයි.
17 දුෂ්ටයාගේ නම පොළොවෙන් තුරන් වෙලා යයි.
මඟ තොටේ යන අයටත් එයාව අමතක වෙයි.
18 එයාව ආලෝකයෙන් අන්ධකාරයට තල්ලු කරලා දායි.
පොළොවෙන් පන්නලා දායි.
19 එයාගේ සෙනඟ අතරේ එයාගේ දරු මුනුපුරෝ ඉන්න යන්නේ නැහැ.
එයාගේ නිවසේ එයාගෙම කියලා කිසි කෙනෙක් ඉතුරු වෙන්නේ නැහැ.
20 දුෂ්ටයා විනාශ වෙන දවසේදී බස්නාහිර පැත්තේ ඉන්න අය පුදුමෙන් බලන් ඉඳියි.
නැඟෙනහිර පැත්තේ ඉන්න අය බයෙන් වෙවුලයි.
21 පව්කාරයන්ගේ කූඩාරම් විනාශ වෙන්නේ ඒ විදිහටයි.
දෙවියන්ව නාඳුනන අය නැති වෙලා යන්නේ ඒ ආකාරයටයි.”