ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එසකියෙල් 29
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

එසකියෙල් පොතේ සාරාංශයක්

      • පාරාවෝට විරුද්ධව අනාවැකි කියයි (1-16)

      • බැබිලෝනිවරුන්ට තෑග්ගක් විදිහට ඊජිප්තුව දෙයි (17-21)

එසකියෙල් 29:2

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 25:17, 19; 43:10, 11; එස 31:2

එසකියෙල් 29:3

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 46:25; එස 31:18
  • +එස 32:2
  • +එස 29:9

එසකියෙල් 29:4

පාදසටහන්

  • *

    මූ.අ., “කොරපොතුවල.”

එසකියෙල් 29:5

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 25:33
  • +එස 32:4

එසකියෙල් 29:6

පාදසටහන්

  • *

    මූ.අ., “බට දණ්ඩක.”

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 36:6; යෙරෙ 37:5-7; එස 17:17

එසකියෙල් 29:7

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 17:5

එසකියෙල් 29:8

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 46:14; එස 30:4; 32:12

එසකියෙල් 29:9

පාදසටහන්

  • *

    මූ.අ., “ඔහු.” සමහරවිට මෙතන කතා කරන්නේ පාරාවෝ ගැන වෙන්න ඇති.

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 43:11-13
  • +එස 29:3

එසකියෙල් 29:10

හරස් යොමු දැක්වීම්

  • +එස 30:12
  • +යෙරෙ 44:1
  • +එස 30:6, 7

එසකියෙල් 29:11

හරස් යොමු දැක්වීම්

  • +එස 31:12; 32:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/1/2007, 8 පි.

එසකියෙල් 29:12

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 46:19
  • +එස 30:23

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/1/2007, 8 පි.

එසකියෙල් 29:13

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 46:25, 26

එසකියෙල් 29:14

හරස් යොමු දැක්වීම්

  • +උත් 10:13, 14; එස 30:14

එසකියෙල් 29:15

හරස් යොමු දැක්වීම්

  • +එස 30:13
  • +එස 32:2

එසකියෙල් 29:16

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 30:2; 36:4, 6; යෙරෙ 2:18; 37:5-7

එසකියෙල් 29:18

පාදසටහන්

  • *

    මූ.අ., “නෙබුකද්රෙෂර්.” ඒ නම ලියන වෙන විදිහක්.

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 25:9; 27:3, 6
  • +එස 26:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/1/2007, 8-9 පි.

එසකියෙල් 29:19

පාදසටහන්

  • *

    මූ.අ., “නෙබුකද්රෙෂර්ට.” ඒ නම ලියන වෙන විදිහක්.

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 43:10, 12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/1/2007, 9 පි.

එසකියෙල් 29:20

හරස් යොමු දැක්වීම්

  • +එස 30:9, 10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/1/2007, 9 පි.

එසකියෙල් 29:21

පාදසටහන්

  • *

    හෝ, “ඊශ්‍රායෙල් සෙනඟව ශක්තිමත් කරනවා.”

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 2:10; ලූක් 1:69

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

එස. 29:2යෙරෙ 25:17, 19; 43:10, 11; එස 31:2
එස. 29:3යෙරෙ 46:25; එස 31:18
එස. 29:3එස 32:2
එස. 29:3එස 29:9
එස. 29:5යෙරෙ 25:33
එස. 29:5එස 32:4
එස. 29:6යෙසා 36:6; යෙරෙ 37:5-7; එස 17:17
එස. 29:7යෙරෙ 17:5
එස. 29:8යෙරෙ 46:14; එස 30:4; 32:12
එස. 29:9යෙරෙ 43:11-13
එස. 29:9එස 29:3
එස. 29:10එස 30:12
එස. 29:10යෙරෙ 44:1
එස. 29:10එස 30:6, 7
එස. 29:11එස 31:12; 32:13
එස. 29:12යෙරෙ 46:19
එස. 29:12එස 30:23
එස. 29:13යෙරෙ 46:25, 26
එස. 29:14උත් 10:13, 14; එස 30:14
එස. 29:15එස 30:13
එස. 29:15එස 32:2
එස. 29:16යෙසා 30:2; 36:4, 6; යෙරෙ 2:18; 37:5-7
එස. 29:18යෙරෙ 25:9; 27:3, 6
එස. 29:18එස 26:7
එස. 29:19යෙරෙ 43:10, 12
එස. 29:20එස 30:9, 10
එස. 29:211සාමු 2:10; ලූක් 1:69
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
එසකියෙල් 29:1-21

එසකියෙල්

29 දහවෙනි අවුරුද්දේ දහවෙනි මාසයේ 12වෙනිදා යෙහෝවා දෙවියන් මට මේ පණිවිඩය කිව්වා. 2 “මනුෂ්‍ය පුත්‍රය, ඊජිප්තුවේ රජ වන පාරාවෝ දිහාවට හැරිලා එයාටයි, මුළු ඊජිප්තු දේශයටයි විරුද්ධව අනාවැකි කියන්න.+ 3 ඔයා මෙහෙම කියන්න. ‘ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මෙහෙම කියනවා.

“ඊජිප්තුවේ රජ්ජුරුවෙනි, මම ඔබට විරුද්ධව සටන් කරනවා.+

නයිල් ගඟේ අතු ගංගා පුරා සැරිසරන මුහුදු දැවැන්තයා+ වන ඔබ කිව්වා,

‘නයිල් ගඟේ අයිතිකාරයා මමයි.

මං ඒක හැදුවේ මගේම ප්‍රයෝජනයටයි’+ කියලා.

 4 නයිල් ගඟේ ඉන්න මාළුන්ට ඔබේ ඇඟේ* එල්ලෙන්න මම සලස්වනවා.

මම ඔබේ හකුවලට කොකු දාලා ඇඟේ එල්ලිලා ඉන්න ඒ මාළුත් එක්කම ඔබව ගොඩට ඇදලා ගන්නවා.

 5 ඔබවත් ඔබේ නයිල් ගඟේ ඉන්න මාළුන්වත් මම කාන්තාරයට ගිහින් අතහරිනවා.

ඔබ එළිමහනේ ඔහේ වැටිලා ඉඳියි. හැම තැනම වැටිලා තියෙන ඔබේ ශරීරයේ කෑලි කවුරුවත් එකට එකතු කරන්නේ නැහැ.+

මම ඔබව වනසතුන්ටයි, කුරුල්ලන්ටයි කෑම විදිහට දෙනවා.+

 6 එතකොට මම යෙහෝවා කියලා ඊජිප්තුවේ ඉන්න හැමෝටම පිළිගන්න සිද්ධ වෙනවා.

පිදුරු ගහක* එල්ලුණාට ඒකෙන් වැඩක් වෙන්නේ නැහැ වගේ ඊශ්‍රායෙල්වරුන්ටත් ඔවුන්ගෙන් කිසිම උදව්වක් ලැබුණේ නැහැ.+

 7 ඊශ්‍රායෙල්වරු වාරු ගන්න ඔබව අල්ලගත්තත් ඔබ කෑලිවලට කැඩිලා ගියා.

ඔබත් එක්ක ඔවුනුත් වැටිලා ඔවුන්ගේ උරහිස් බිඳුණා.

ඔබේ උදව්වෙන් ඔවුන් කෙළින් වෙන්න හදද්දී ඔබ වැටිලා ගියා.

ඒ නිසා ඔවුන්ගේ කකුල් පණ නැතුව ගියා.”+

8 “‘ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා ඔබට මෙහෙම කියනවා. “මම ඔබට විරුද්ධව කඩුවක් එවනවා.+ ඔබ අතරේ ඉන්න මිනිසුන්වයි, සතුන්වයි මම විනාශ කරලා දානවා. 9 ඊජිප්තු දේශය විනාශ වෙලා ගිහින් පාළු තැනක් වෙනවා.+ එතකොට මම යෙහෝවා කියලා පිළිගන්න ඔවුන්ට සිද්ධ වෙනවා. මොකද ඔබ* කිව්වා ‘නයිල් ගඟේ අයිතිකාරයා මමයි. ඒක හැදුවේ මමයි’+ කියලා. 10 ඉතින් මම ඔබටත් ඔබේ නයිල් ගඟටත් විරුද්ධව එනවා. ඊජිප්තු දේශය මම විනාශ කරලා වතුර පොදක් නැති පාළු තැනක් කරනවා.+ මිග්දෝල්+ ඉඳන් සෙයේනේ+ දක්වාත් ඉතියෝපියාවේ දේශ සීමාව දක්වාත් මම ඒක කරනවා. 11 කිසි මිනිසෙක්වත් ඔවුන්ගේ සතුන්වත් දේශය හරහා යන්නේ නැහැ.+ අවුරුදු 40ක් යන කල් කිසිම කෙනෙක් එහේ ජීවත් වෙන්නේ නැහැ. 12 මම ඊජිප්තුව දේශයන් අතරින් පාළුවටම ගිය දේශය කරනවා. ඒකේ නගර පාළුවටම ගිය නගර වෙයි. අවුරුදු 40ක් යන කල් ඒ නගර පාළුවට ගිහින් තියෙයි.+ මම ඊජිප්තුවරුන්ව ජාතීන් අතරෙත් දේශයන් පුරාත් විසුරුවාහරිනවා.”+

13 “‘ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මෙහෙම කියනවා. “අවුරුදු 40කට පස්සේ ජාතීන් අතරේ විසිරිලා ඉන්න ඊජිප්තුවරුන්ව මම ආයෙත් එකට එකතු කරනවා.+ 14 වහලුන් විදිහට ඉන්න ඊජිප්තුවරුන්ව මම ආපහු ඔවුන්ගේ උපන් දේශය වන පත්‍රොස්වලට ගේනවා.+ ඒත් එහෙදී ඔවුන්ගේ රාජ්‍යය බලවත් රාජ්‍යයක් වෙන්නේ නැහැ. 15 ඊජිප්තුව අනිත් රාජ්‍යයන්වලට වඩා බලයෙන් අඩු රාජ්‍යයක් වෙයි. ඔවුන් ආයේ අනිත් ජාතීන්ව පාලනය කරන්නේ නැහැ.+ මම ඊජිප්තුවරුන්ව කොච්චර පොඩි සෙනඟක් කරනවාද කියනවා නම් ඔවුන්ට අනිත් ජාතීන්ව යටත් කරගන්න බැරි වෙනවා.+ 16 ඊශ්‍රායෙල්වරු ආයේ කවදාවත් ඊජිප්තුව ගැන විශ්වාසය තියන්නේ නැහැ.+ ඊජිප්තුවට වෙන විපත දකිද්දී එහෙන් උදව් ගන්න ගිය එක කොයි තරම් වරදක්ද කියලා ඊශ්‍රායෙල්වරුන්ට මතක් වෙයි. ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මමයි කියලා පිළිගන්න ඔවුන්ට සිද්ධ වෙනවා.”’”

17 27වෙනි අවුරුද්දේ පළවෙනි මාසයේ පළවෙනිදා යෙහෝවා මට මේ පණිවිඩය දුන්නා. 18 “මනුෂ්‍ය පුත්‍රය, බැබිලෝනියේ රජ වන නෙබුකද්නෙෂර්*+ තීර්ට විරුද්ධව සටන් කරන්න තමන්ගේ හමුදාව යැව්වා.+ ඒ සටන කොච්චර වෙහෙසකර එකක්ද කියනවා නම් සෙබළු හැමෝගෙම කොණ්ඩේ හැලිලා තට්ටේ පෑදුණා. එයාලාගේ උරහිස්වල හම ගියා. තීර්ට විරුද්ධව එච්චර මහන්සි වෙලා සටන් කළත් ඔහුටවත් ඔහුගේ හමුදාවටවත් කිසිම කුලියක් ලැබුණේ නැහැ.

19 “ඒ නිසා ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මෙහෙම කියනවා. ‘මම බැබිලෝනියේ රජ වන නෙබුකද්නෙෂර්ට* ඊජිප්තු දේශය ලබා දෙනවා.+ ඔහු එහේ තියෙන ධන සම්පත් අරගෙන යනවා. එහේ තියෙන හැම දෙයක්ම ඔහු කොල්ල කනවා. ඔහුගේ හමුදාවට ලැබෙන කුලිය තමයි ඒ.’

20 “‘ඔහු තීර්වලට විරුද්ධව කරපු සටනට වන්දියක් විදිහට මම ඊජිප්තු දේශය ඔහුට දෙනවා. මොකද ඔවුන් ඒ වැඩේ කළේ මං වෙනුවෙන්’+ කියලා ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියනවා.

21 “ඒ කාලේදී මම ඊශ්‍රායෙල් සෙනඟ වෙනුවෙන් අඟක් මතු වෙන්න සලස්වනවා.*+ ඔවුන් අතරේ ඉඳලා කතා කරන්න මම ඔයාට අවස්ථාව දෙනවා. මම යෙහෝවා කියලා පිළිගන්න ඔවුන්ට සිද්ධ වෙනවා.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න