ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එසකියෙල් 28
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

එසකියෙල් පොතේ සාරාංශයක්

      • තීර්වල රජට විරුද්ධව අනාවැකි කියයි (1-10)

        • “මම දෙවි කෙනෙක්” (2, 9)

      • තීර්වල රජ ගැන ශෝක ගීයක් (11-19)

        • ‘ඔබ හිටියේ ඒදන් උයනේ’ (13)

        • ‘ආරක්ෂක කෙරුබ්වරයා විදිහට අභිෂේක කළා’ (14)

        • ‘ඔබ අධර්මිෂ්ඨව වැඩ කරන්න පටන්ගත්තා’ (15)

      • සීදොන්වලට විරුද්ධව අනාවැකි කියයි (20-24)

      • ඊශ්‍රායෙල් සෙනඟව ආපහු එකතු කරනවා (25, 26)

එසකියෙල් 28:2

හරස් යොමු දැක්වීම්

  • +එස 28:5
  • +එස 27:4

එසකියෙල් 28:3

හරස් යොමු දැක්වීම්

  • +දානි 2:48

එසකියෙල් 28:4

හරස් යොමු දැක්වීම්

  • +සෙක 9:3

එසකියෙල් 28:5

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 23:1, 3; එස 27:12

එසකියෙල් 28:7

හරස් යොමු දැක්වීම්

  • +එස 30:10, 11
  • +යෙසා 23:9

එසකියෙල් 28:8

හරස් යොමු දැක්වීම්

  • +එස 27:26

එසකියෙල් 28:12

හරස් යොමු දැක්වීම්

  • +එස 27:3; 28:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/15/2005, 23-24 පි.

එසකියෙල් 28:13

හරස් යොමු දැක්වීම්

  • +එස 27:16

එසකියෙල් 28:14

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 14:13

එසකියෙල් 28:15

හරස් යොමු දැක්වීම්

  • +යෝවෙ 3:4; ආමො 1:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 8/2017, 1 පි.

එසකියෙල් 28:16

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 10:11; 2ලේක 9:21; එස 27:12
  • +යෝවෙ 3:6
  • +යෙසා 23:9; යෙරෙ 25:17, 22; 47:4; යෝවෙ 3:8

එසකියෙල් 28:17

හරස් යොමු දැක්වීම්

  • +එස 27:3
  • +යෙසා 14:14
  • +යෙසා 14:15

එසකියෙල් 28:18

හරස් යොමු දැක්වීම්

  • +ආමො 1:9, 10

එසකියෙල් 28:19

හරස් යොමු දැක්වීම්

  • +එස 27:35
  • +එස 27:36

එසකියෙල් 28:21

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 23:4; යෙරෙ 25:17, 22; එස 32:30

එසකියෙල් 28:23

හරස් යොමු දැක්වීම්

  • +එස 26:6

එසකියෙල් 28:24

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 33:55; යොෂු 23:12, 13

එසකියෙල් 28:25

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 30:3; යෙසා 11:12; යෙරෙ 30:18; හොෂෙ 1:11
  • +උත් 28:13
  • +යෙරෙ 23:8
  • +යෙසා 5:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    “මුළු ශුද්ධ ලියවිල්ල” (යෙරෙ–මලා), 7 පි.

එසකියෙල් 28:26

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 65:21, 22; යෙරෙ 31:5; ආමො 9:14
  • +යෙසා 32:18; යෙරෙ 23:6; හොෂෙ 2:18
  • +යෙරෙ 30:16

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

එස. 28:2එස 28:5
එස. 28:2එස 27:4
එස. 28:3දානි 2:48
එස. 28:4සෙක 9:3
එස. 28:5යෙසා 23:1, 3; එස 27:12
එස. 28:7එස 30:10, 11
එස. 28:7යෙසා 23:9
එස. 28:8එස 27:26
එස. 28:12එස 27:3; 28:3
එස. 28:13එස 27:16
එස. 28:14යෙසා 14:13
එස. 28:15යෝවෙ 3:4; ආමො 1:9
එස. 28:161රාජා 10:11; 2ලේක 9:21; එස 27:12
එස. 28:16යෝවෙ 3:6
එස. 28:16යෙසා 23:9; යෙරෙ 25:17, 22; 47:4; යෝවෙ 3:8
එස. 28:17එස 27:3
එස. 28:17යෙසා 14:14
එස. 28:17යෙසා 14:15
එස. 28:18ආමො 1:9, 10
එස. 28:19එස 27:35
එස. 28:19එස 27:36
එස. 28:21යෙසා 23:4; යෙරෙ 25:17, 22; එස 32:30
එස. 28:23එස 26:6
එස. 28:24ගණන් 33:55; යොෂු 23:12, 13
එස. 28:25ද්වි 30:3; යෙසා 11:12; යෙරෙ 30:18; හොෂෙ 1:11
එස. 28:25උත් 28:13
එස. 28:25යෙරෙ 23:8
එස. 28:25යෙසා 5:16
එස. 28:26යෙසා 65:21, 22; යෙරෙ 31:5; ආමො 9:14
එස. 28:26යෙසා 32:18; යෙරෙ 23:6; හොෂෙ 2:18
එස. 28:26යෙරෙ 30:16
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
එසකියෙල් 28:1-26

එසකියෙල්

28 යෙහෝවා දෙවියන් ආයෙත් සැරයක් මට කතා කරලා මෙහෙම කිව්වා. 2 “මනුෂ්‍ය පුත්‍රය, තීර්වල නායකයාට මෙහෙම කියන්න. ‘ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මෙහෙම කියනවා.

“ඔබ උඩඟු වෙලා+ කිව්වා ‘මම දෙවි කෙනෙක්.

මම මුහුද මැද තියෙන දෙවි කෙනෙක්ගේ සිංහාසනයේ ඉඳගෙන ඉන්නේ’+ කියලා.

ඔබ දෙවි කෙනෙක් කියලා හිතාගෙන හිටියාට

ඔබ දෙවි කෙනෙක් නෙමෙයි. නිකම්ම නිකම් මනුස්සයෙක්.

 3 ඔබ දානියෙල්ට වඩා බුද්ධිමත්ද?+

ඔබ නොදන්න රහසක් නැහැ කියලා හිතනවාද?

 4 හිතලා මතලා බුද්ධිමත්ව වැඩ කරපු නිසා ඔබ ධනවත් වුණා.

රත්තරන් සහ රිදීවලින් ඔබේ ගබඩා පුරවගත්තා.+

 5 වෙළඳාමට දක්ෂ ඔබ ගොඩක් ධනය රැස් කරගත්තා.+

ඔබේ ධනය නිසා ඔබ ආඩම්බර වුණා.”’

6 “‘ඒ නිසා ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මෙහෙම කියනවා.

“ඔබ හිතාගෙන ඉන්නේ ඔබ දෙවි කෙනෙක් කියලයි. ඒ නිසා

 7 මම ඔබට විරුද්ධව විදේශිකයන්ව එවනවා. ඔවුන් ජාතීන් අතරේ ඉන්න දරුණුම සෙනඟක්.+

ඔබ බුද්ධිමත්ව වැඩ කරලා ලබාගත්ත හැම අලංකාර දෙයක්ම ඔවුන් කඩුවෙන් විනාශ කරලා දායි.

ඔබේ තේජස නැති කරලාම දායි.+

 8 ඔවුන් ඔබව මිනී වළට ඇදලා දායි.

මහ මුහුද මැදදී ඔබ දරුණු මරණයක් අද්දකියි.+

 9 ඔබව මරන කෙනාට ඒ වෙලාවේදීත් ඔබ කියනවාද ‘මම දෙවි කෙනෙක්’ කියලා?

ඔබේ ගෞරවය නැති කරලා දාන අය ඉස්සරහා ඔබ දෙවි කෙනෙක් නෙමෙයි. නිකම්ම නිකම් මනුස්සයෙක් විතරයි.”’

10 ‘ඔබ විදේශිකයන් අතින් මැරුම් කන්නේ අචර්මච්ඡේදිත කෙනෙක් වගෙයි.

මොකද ඒ දේ කිව්වේ මමයි’ කියලා ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියනවා.”

11 යෙහෝවා ආයෙත් සැරයක් කතා කරලා මට මෙහෙම කිව්වා. 12 “මනුෂ්‍ය පුත්‍රය, තීර්වල රජ ගැන ශෝක ගීයක් ගායනා කරලා ඔහුට මෙහෙම කියන්න. ‘ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියන්නේ මෙහෙමයි.

“හැමෝම ඉස්සරහා ඔබ හිටියේ හැම අතින්ම අංග සම්පූර්ණ කෙනෙක් විදිහටයි.

ඔබේ නුවණෙවත් පෙනුමෙවත් කිසිම අඩුවක් තිබුණේ නැහැ.+

13 ඔබ හිටියේ දෙවියන්ගේ උයනේ. ඒදන් උයනේ.

වටින හැම මැණිකකින්ම ඔබව සරසලා තිබුණා.

රතු කැට, පඩියන්, ජැස්පර්, ක්‍රිසොලයිට්, ඔනික්ස්, ජේඩ්, නිල් මැණික්, පච්ච+ සහ මරකතවලින් ඔබව සරසලා තිබුණා.

ඒ මැණික් ඔබ්බවලා තිබුණේ රත්තරන්වලයි.

ඒවා සූදානම් කළේ ඔබව නිර්මාණය කරපු දවසේදීමයි.

14 ආරක්ෂක කෙරුබ්වරයා විදිහට ඔබව අභිෂේක කළෙත් ඔබව පත් කළෙත් මමයි.

ඔබ හිටියේ දෙවියන්ගේ ශුද්ධ කන්දේ.+ ඔබ ඇවිද්දේ ගිනි ඇවිළෙන ගල් අතරේ.

15 ඔබව නිර්මාණය කරපු දවසේ ඉඳන් ඔබ හරි දේ කළා.

ඔබ අධර්මිෂ්ඨව වැඩ කරන්න පටන්ගත්ත දවස වෙන කල්ම ඔබ හරි දේ කළා.+

16 ඔබේ වෙළඳාම් සරු වෙද්දී+

ඔබ කුරිරු විදිහට වැඩ කරන්න පටන්ගත්තා. වැරදි කරන්න පටන්ගත්තා.+

ඉතින් මම ඔබව අපවිත්‍ර දෙයක් විදිහට සලකලා දෙවියන්ගේ කන්දෙන් වීසි කරලා දානවා. විනාශ කරලා දානවා.+

ආරක්ෂක කෙරුබ්වරයා වන ඔබව ගිනි ඇවිළෙන ගල් අතරින් අයින් කරලා දානවා.

17 ඔබේ ලස්සන නිසා ඔබ ආඩම්බර වුණා.+

ඔබේ තේජස නිසා ඔබ මෝඩ විදිහට වැඩ කළා.+

මම ඔබව බිමට ඇදලා දානවා.+

ඔබට වෙන දේ දිහා රජවරු බලාගෙන ඉඳියි.

18 බරපතළ වැරදි කරලා, වංක විදිහට වෙළඳාම් කරලා ඔබ ඔබේ ශුද්ධස්ථාන අපවිත්‍ර කළා.

ඔබ අතරේ ගින්නක් ඇවිළෙන්න මම සලස්වනවා. ඒ ගින්නට ඔබ පිච්චිලා යනවා.+

ඔබ දිහා බලාගෙන ඉන්න අය ඉස්සරහම මම ඔබව අළු ගොඩක් කරනවා.

19 ඔබව දන්න වෙනත් ජාතීන්ට අයිති හැමෝම ඔබ දිහා පුදුමයෙන් බලාගෙන ඉඳියි.+

ඔබ විනාශ වෙන්නේ නොහිතන මොහොතක. ඒක භයානක විනාශයක්.

සදහටම ඔබ නැති වෙලා යනවා.”’”+

20 යෙහෝවා මට මෙහෙමත් කිව්වා. 21 “මනුෂ්‍ය පුත්‍රය, සීදොන් දිහාවට හැරිලා+ ඇයට විරුද්ධව අනාවැකි කියන්න. 22 ඔයා කියන්න ඕනෙ මෙහෙමයි. ‘ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මෙහෙම කියනවා.

“සීදොන්, මම ඔබට විරුද්ධව සටන් කරනවා. මම ඔබට කරන දේ නිසා මට ලොකු ගෞරවයක් ලැබෙනවා.

ඇයට විරුද්ධව දීපු තීන්දුව ඉටු කරලා මම ශුද්ධ කෙනෙක් කියලා ඔප්පු කරනවා. එතකොට මම යෙහෝවා කියලා පිළිගන්න සෙනඟට සිද්ධ වෙනවා.

23 මම ඇයට වසංගතවලින් පහර දෙනවා. ඇගේ පාරවල් ලේවලින් තෙත් වෙයි.

කඩුව හැම පැත්තෙන්ම ඇයට පහර දෙද්දී ඇය තුළ ඉන්න හුඟදෙනෙක් මැරුම් කයි.

එතකොට මම යෙහෝවා කියලා පිළිගන්න ඔවුන්ට සිද්ධ වෙනවා.+

24 “‘“ඒ දේ වුණාට පස්සේ ඊශ්‍රායෙල් සෙනඟට විස කටු පඳුරුවලින් ඒ කියන්නේ ඔවුන්ට අපහාස කරන අයගෙන් වට වෙලා ඉන්න ආයේ සිද්ධ වෙන්නේ නැහැ.+ ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මමයි කියලා පිළිගන්න සෙනඟට සිද්ධ වෙනවා.”’

25 “‘ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මෙහෙම කියනවා. “ජාතීන් අතරේ විසිරිලා ඉන්න ඊශ්‍රායෙල් සෙනඟව මම ආපහු එකට එකතු කරගන්නවා.+ ඔවුන් මගේ සේවකයා වුණ යාකොබ්ට මම දුන්න දේශයේ+ ජීවත් වෙයි.+ ඔවුන් වෙනුවෙන් කරන ඒ දේ නිසා මම ශුද්ධ කෙනෙක් කියලා ජාතීන් ඉස්සරහා ඔප්පු වෙයි.+ 26 ඒ දේශයේ ඔවුන් ගෙවල් හදාගෙන, මිදිවතු වවාගෙන+ සුරක්ෂිතව ජීවත් වෙයි.+ ඔවුන් අවට හිටපු ජාතීන් ඔවුන්ට අපහාස කළා. ඒත් ඒ ජාතීන්ට විරුද්ධව දීපු තීන්දුව මම ඉටු කළාම ඊශ්‍රායෙල් සෙනඟට කිසිම බයක් සැකක් නැතුව ජීවත් වෙන්න පුළුවන් වෙයි.+ මම යෙහෝවා කියලා පිළිගන්න ඔවුන්ට සිද්ධ වෙනවා.”’”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න