ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එසකියෙල් 42
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

එසකියෙල් පොතේ සාරාංශයක්

      • කෑම කාමර සංකීර්ණ (1-14)

      • දේවමාලිගාවේ හතර පැත්තම මැන්නා (15-20)

එසකියෙල් 42:1

හරස් යොමු දැක්වීම්

  • +එස 40:2
  • +එස 42:13
  • +එස 41:12, 15

එසකියෙල් 42:2

පාදසටහන්

  • *

    සාමාන්‍ය රියනකට වඩා දිගින් වැඩි රියනක්. උප. B14 බලන්න.

එසකියෙල් 42:3

හරස් යොමු දැක්වීම්

  • +එස 41:10

එසකියෙල් 42:4

පාදසටහන්

  • *

    ග්‍රීක “සෙප්ටුඅජින්ට්” පරිවර්තනයට අනුව “රියන් 100ක් දිගයි.” හෙබ්‍රෙව් පිටපතේ තියෙන්නේ “රියන් එකක මාර්ගයක්” කියලා. උප. B14 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +එස 42:10, 11

එසකියෙල් 42:10

හරස් යොමු දැක්වීම්

  • +එස 41:12; 42:1

එසකියෙල් 42:11

හරස් යොමු දැක්වීම්

  • +එස 42:4

එසකියෙල් 42:12

හරස් යොමු දැක්වීම්

  • +එස 42:9

එසකියෙල් 42:13

හරස් යොමු දැක්වීම්

  • +එස 42:1
  • +ලෙවී 6:14, 16; 7:1, 6; 10:12, 13; 24:8, 9; ගණන් 18:10; එස 40:46
  • +ලෙවී 2:3; ගණන් 18:9; නෙහෙ 13:5

එසකියෙල් 42:14

හරස් යොමු දැක්වීම්

  • +නික් 28:40; 29:8, 9; ලෙවී 8:13; එස 44:19

එසකියෙල් 42:15

හරස් යොමු දැක්වීම්

  • +එස 40:6

එසකියෙල් 42:16

පාදසටහන්

  • *

    උප. B14 බලන්න.

එසකියෙල් 42:20

හරස් යොමු දැක්වීම්

  • +එස 40:5
  • +එස 45:1, 2
  • +ලෙවී 10:10; එස 44:23; 2කොරි 6:17

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

එස. 42:1එස 40:2
එස. 42:1එස 42:13
එස. 42:1එස 41:12, 15
එස. 42:3එස 41:10
එස. 42:4එස 42:10, 11
එස. 42:10එස 41:12; 42:1
එස. 42:11එස 42:4
එස. 42:12එස 42:9
එස. 42:13එස 42:1
එස. 42:13ලෙවී 6:14, 16; 7:1, 6; 10:12, 13; 24:8, 9; ගණන් 18:10; එස 40:46
එස. 42:13ලෙවී 2:3; ගණන් 18:9; නෙහෙ 13:5
එස. 42:14නික් 28:40; 29:8, 9; ලෙවී 8:13; එස 44:19
එස. 42:15එස 40:6
එස. 42:20එස 40:5
එස. 42:20එස 45:1, 2
එස. 42:20ලෙවී 10:10; එස 44:23; 2කොරි 6:17
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
එසකියෙල් 42:1-20

එසකියෙල්

42 ඊටපස්සේ ඔහු මාව උතුරු පැත්තේ තියෙන පිටත මළුවට අරගෙන ගියා.+ ඔහු මාව කෑම කාමර සංකීර්ණයට ගෙනාවා. ඒක තිබුණේ එළිමහන් කොටසට+ එහා පැත්තෙන් සහ බස්නාහිර පැත්තේ තිබුණ ගොඩනැඟිල්ලට උතුරු පැත්තෙනුයි.+ 2 ඒකට උතුරු පැත්තෙන් ඇතුල් වෙන්න තිබුණ තැන ඉඳලා ඒකේ දිග රියන්* 100යි. ඒකේ පළල රියන් 50යි. 3 කෑම කාමර සංකීර්ණය තිබුණේ රියන් 20ක් පළල ඇතුල් මළුවයි,+ පිටත මළුවේ ගල් අතුරපු වේදිකාවයි අතරේ. කෑම කාමර තිබුණ ගොඩනැඟිලිවලට තට්ටු තුනක් තිබුණා. ඒ තට්ටුවලට සඳලුතලත් තිබුණා. ඒවා එකකට එකක් මුහුණ ලා තියෙන විදිහටයි ඒ ගොඩනැඟිලි හදලා තිබුණේ. 4 ඒ ගොඩනැඟිලි දෙක මැදින් ඇවිදගෙන යන්න පුළුවන් වෙන්න රියන් 10ක් පළල, රියන් 100ක් දිග* පාරක් තිබුණා.+ උතුරු පැත්තට වෙන්න තමයි කෑම කාමරවලට ඇතුල් වෙන තැන් තිබුණේ. 5 උඩම තට්ටුවේ තිබුණ කෑම කාමරවල ප්‍රමාණය පහළ තට්ටුවෙයි, මැද තට්ටුවෙයි තිබුණ කෑම කාමරවල ප්‍රමාණයට වඩා අඩුයි. ඒ සඳලුතලවලට වැඩි ඉඩක් ගිහින් තිබුණ නිසයි. 6 ඒ ගොඩනැඟිලිවලට තට්ටු තුනක් තිබුණාට මළුවල තිබුණා වගේ කුලුනු තිබුණේ නැහැ. ඒ නිසයි පහළ තට්ටුවෙයි, මැද තට්ටුවෙයි තියෙනවාට වඩා අඩු ඉඩ ප්‍රමාණයක් උඩම තට්ටුවේ තිබුණේ.

7 කෑම කාමර ළඟ පිටත මළුව පැත්තේ එළියෙන් ගල් තාප්පයක් තිබුණා. අනිත් කෑම කාමරවලට මුහුණ ලා තිබුණ ඒ තාප්පේ දිග රියන් 50යි. 8 පිටත මළුව පැත්තට තිබුණ කෑම කාමරවල දිග රියන් 50යි. ඒත් දේවමාලිගාව පැත්තට තියෙන කෑම කාමර පේළියේ දිග රියන් 100යි. 9 පිටත මළුවේ ඉඳලා කෑම කාමරවලට යන්න නැඟෙනහිර පැත්තෙන් ඇතුල් වෙන්න තැනක් තිබුණා.

10 දකුණු පැත්තෙත් කෑම කාමර තිබුණා. ඒ කාමරවලට නැඟෙනහිර පැත්තෙන් මළුවේ ගල් තාප්පය තිබුණා. ඒ කෑම කාමර තිබුණේ එළිමහන් කොටසටයි, බස්නාහිර පැත්තේ තිබුණ ගොඩනැඟිල්ලටයි කිට්ටුවෙන්.+ 11 උතුරු පැත්තේ තිබුණ කෑම කාමරවල වගේම මේ කෑම කාමර මැදිනුත් ඇවිදගෙන යන්න පුළුවන් පාරක් තිබුණා.+ මේ කෑම කාමරවල සැලැස්ම, දිග, පළල සහ පිට වෙන තැන් උතුරේ තියෙන කෑම කාමර සංකීර්ණයට සමානයි. උතුරේ තියෙන කෑම කාමර සංකීර්ණයට ඇතුල් වෙන්න තිබුණ තැන් 12 දකුණේ තියෙන කෑම කාමර සංකීර්ණයට ඇතුල් වෙන්න තියෙන තැන්වලට සමානයි. කෑම කාමර මැදින් ඇවිදගෙන යන්න තිබුණ පාරට ඇතුල් වෙන්න තැනක් තිබුණා. ඒ නැඟෙනහිර පැත්තේ තිබුණ ගල් තාප්පය ළඟින්.+

13 ඔහු මට මෙහෙම කිව්වා. “එළිමහන් කොටස+ ළඟ උතුරු පැත්තේ තියෙන කෑම කාමරයි, දකුණු පැත්තේ තියෙන කෑම කාමරයි ශුද්ධ ගොඩනැඟිලි විදිහට සලකන්න. මොකද ඒ කෑම කාමරවලදී තමයි ඉතා ශුද්ධ පූජාවලින් යෙහෝවා ඉස්සරහට යන පූජකයන් කන්නේ.+ ඒ තැන ශුද්ධ තැනක් නිසා ඒ කාමරවල තමයි පූජකයන් ඉතා ශුද්ධ පූජා ඒ කියන්නේ ධාන්‍ය පූජා, පාප පූජා සහ වන්දි පූජා තියන්නේ.+ 14 පූජකයන් ශුද්ධ තැනට ගියාට පස්සේ පිටත මළුවට යන්න කලින් සේවය කරන්න එයාලා ඇඳපු ඇඳුම් මාරු කරන්න ඕනේ.+ මොකද ඒ ඇඳුම් ශුද්ධයි. සෙනඟට එන්න අවසර තියෙන තැන්වලට යද්දී පූජකයන් වෙනත් ඇඳුම් ඇඳගෙන යන්න ඕනේ.”

15 ඔහු දේවමාලිගා සංකීර්ණය මැනලා ඉවර වුණාට පස්සේ නැඟෙනහිර පැත්තට මුහුණ ලා තියෙන දොරටුවෙන් මාව එළියට අරන් ගියා.+ ඊටපස්සේ ඔහු ඒ මුළු ප්‍රදේශයම මැන්නා.

16 ඔහු මනින්න පාවිච්චි කරපු රිටෙන්* නැඟෙනහිර පැත්ත මැන්නා. එතන එක පැත්තක ඉඳලා අනිත් පැත්තට සම්පූර්ණ දිග ඒ රිට වගේ 500ක් දිගයි.

17 ඔහු උතුරු පැත්තත් මැන්නා. ඒ පැත්තේ දිගත් රිට වගේ 500ක් දිගයි.

18 ඔහු දකුණු පැත්තත් මැන්නා. ඒ පැත්තේ දිගත් රිට වගේ 500ක් දිගයි.

19 ඔහු ඊළඟට බස්නාහිර පැත්තට ගිහින් ඒ පැත්තත් මැන්නා. ඒ පැත්තේ දිගත් රිට වගේ 500ක් දිගයි.

20 ඔහු ඒ විදිහට හතර පැත්තම මැන්නා. ඒක වටේට පවුරක් තිබුණා.+ ඒ පවුර රිට වගේ 500ක් දිගයි. පළල රිට වගේ 500ක් පළලයි.+ ඒ පවුර හදලා තිබුණේ ශුද්ධ ප්‍රදේශයයි, සාමාන්‍ය අයට පාවිච්චි කරන්න පුළුවන් ප්‍රදේශයයි වෙන් කරන්න.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න