ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එසකියෙල් 44
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

එසකියෙල් පොතේ සාරාංශයක්

      • නැඟෙනහිර දොරටුව වහලා තියෙයි (1-3)

      • විදේශිකයන්ට තියෙන නීති (4-9)

      • ලෙවීවරුන්ට සහ පූජකයන්ට තියෙන නීති (10-31)

එසකියෙල් 44:1

හරස් යොමු දැක්වීම්

  • +එස 43:1
  • +එස 46:1

එසකියෙල් 44:2

හරස් යොමු දැක්වීම්

  • +එස 43:2

එසකියෙල් 44:3

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 12:5, 7
  • +එස 46:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/1/1999, 16 පි.

එසකියෙල් 44:4

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 6:1-3; එස 10:4
  • +එස 1:27, 28; 3:23

එසකියෙල් 44:5

හරස් යොමු දැක්වීම්

  • +එස 40:4

එසකියෙල් 44:7

පාදසටහන්

  • *

    හෝ, “අකීකරු.”

එසකියෙල් 44:8

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 22:2; ගණන් 18:2, 3

එසකියෙල් 44:9

පාදසටහන්

  • *

    හෝ, “අකීකරු.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දෙවිගේ රාජ්‍යයේ පාලනය ඇරඹිලා!, 114 පි.

    මුරටැඹ,

    3/1/1999, 13-14 පි.

එසකියෙල් 44:10

පාදසටහන්

  • *

    හෙබ්‍රෙව් භාෂාවෙන් ඒ රූප කොච්චර පිළිකුල් දේවල්ද කියලා විස්තර කරන්න ඒවාට “ගොම” කියන වචනය පාවිච්චි කරලා තියෙනවා.

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 23:8, 9; 2ලේක 29:1, 5; නෙහෙ 9:34; යෙරෙ 23:11; එස 8:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/1/1999, 9 පි.

එසකියෙල් 44:11

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 26:1

එසකියෙල් 44:12

පාදසටහන්

  • *

    හෝ, “සෙනඟගේ පය පැටලිලා වැටෙන්න හේතුවක් වුණා.”

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 9:16; මලා 2:8

එසකියෙල් 44:14

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 18:2, 4

එසකියෙල් 44:15

හරස් යොමු දැක්වීම්

  • +එස 48:9, 11
  • +1රාජා 2:35; එස 40:46
  • +ලෙවී 3:14-16
  • +ලෙවී 17:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/1/1999, 9 පි.

එසකියෙල් 44:16

හරස් යොමු දැක්වීම්

  • +එස 41:21, 22
  • +ගණන් 18:7

එසකියෙල් 44:17

හරස් යොමු දැක්වීම්

  • +නික් 28:39, 42; 39:27, 28; ලෙවී 16:4

එසකියෙල් 44:18

හරස් යොමු දැක්වීම්

  • +නික් 28:40, 42

එසකියෙල් 44:19

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 6:10; එස 42:14
  • +එස 42:13

එසකියෙල් 44:20

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 21:1, 5; ද්වි 14:1

එසකියෙල් 44:21

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 10:9

එසකියෙල් 44:22

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 21:7
  • +ලෙවී 21:10, 14

එසකියෙල් 44:23

හරස් යොමු දැක්වීම්

  • +මලා 2:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/1/2007, 11 පි.

    3/1/1999, 14-15 පි.

එසකියෙල් 44:24

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 17:9
  • +1ලේක 23:3, 4; 2ලේක 19:8
  • +ලෙවී 23:2

එසකියෙල් 44:25

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 21:1-3

එසකියෙල් 44:27

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 4:3

එසකියෙල් 44:28

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 18:20; ද්වි 18:1; යොෂු 13:14; එස 45:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/1/1999, 15 පි.

එසකියෙල් 44:29

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 2:3
  • +ලෙවී 6:17, 18; 7:1, 6; 1කොරි 9:13
  • +ලෙවී 27:21; ගණන් 18:14

එසකියෙල් 44:30

පාදසටහන්

  • *

    ඒ කියන්නේ කුරුට්ට සහිත පිටි.

හරස් යොමු දැක්වීම්

  • +නික් 23:19; ගණන් 18:8, 12, 26, 27; ද්වි 18:4
  • +ගණන් 15:20; නෙහෙ 10:35-37
  • +හිතෝ 3:9, 10; මලා 3:10

එසකියෙල් 44:31

හරස් යොමු දැක්වීම්

  • +නික් 22:31; ලෙවී 22:3, 8

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

එස. 44:1එස 43:1
එස. 44:1එස 46:1
එස. 44:2එස 43:2
එස. 44:3ද්වි 12:5, 7
එස. 44:3එස 46:2
එස. 44:4යෙසා 6:1-3; එස 10:4
එස. 44:4එස 1:27, 28; 3:23
එස. 44:5එස 40:4
එස. 44:8ලෙවී 22:2; ගණන් 18:2, 3
එස. 44:102රාජා 23:8, 9; 2ලේක 29:1, 5; නෙහෙ 9:34; යෙරෙ 23:11; එස 8:5
එස. 44:111ලේක 26:1
එස. 44:12යෙසා 9:16; මලා 2:8
එස. 44:14ගණන් 18:2, 4
එස. 44:15එස 48:9, 11
එස. 44:151රාජා 2:35; එස 40:46
එස. 44:15ලෙවී 3:14-16
එස. 44:15ලෙවී 17:6
එස. 44:16එස 41:21, 22
එස. 44:16ගණන් 18:7
එස. 44:17නික් 28:39, 42; 39:27, 28; ලෙවී 16:4
එස. 44:18නික් 28:40, 42
එස. 44:19ලෙවී 6:10; එස 42:14
එස. 44:19එස 42:13
එස. 44:20ලෙවී 21:1, 5; ද්වි 14:1
එස. 44:21ලෙවී 10:9
එස. 44:22ලෙවී 21:7
එස. 44:22ලෙවී 21:10, 14
එස. 44:23මලා 2:7
එස. 44:24ද්වි 17:9
එස. 44:241ලේක 23:3, 4; 2ලේක 19:8
එස. 44:24ලෙවී 23:2
එස. 44:25ලෙවී 21:1-3
එස. 44:27ලෙවී 4:3
එස. 44:28ගණන් 18:20; ද්වි 18:1; යොෂු 13:14; එස 45:4
එස. 44:29ලෙවී 2:3
එස. 44:29ලෙවී 6:17, 18; 7:1, 6; 1කොරි 9:13
එස. 44:29ලෙවී 27:21; ගණන් 18:14
එස. 44:30නික් 23:19; ගණන් 18:8, 12, 26, 27; ද්වි 18:4
එස. 44:30ගණන් 15:20; නෙහෙ 10:35-37
එස. 44:30හිතෝ 3:9, 10; මලා 3:10
එස. 44:31නික් 22:31; ලෙවී 22:3, 8
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
එසකියෙල් 44:1-31

එසකියෙල්

44 ඔහු ආයෙත් මාව නැඟෙනහිරට මුහුණ ලා තියෙන දේවමාලිගාවේ පිටත මළුවේ දොරටුව ළඟට ගෙනාවා.+ ඒක තිබුණේ වහලා.+ 2 එතකොට යෙහෝවා දෙවියන් මට මෙහෙම කිව්වා. “මේ දොරටුව දිගටම වහලා තියෙයි. ඒක අරින්න අවසර නැහැ. කිසිම මිනිසෙක් ඒකෙන් ඇතුල් වෙන්නේ නැහැ. මොකද ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා ඒකෙන් ඇතුල් වුණා.+ ඒ නිසා ඒක දිගටම වහලා තියන්න ඕනේ. 3 ඒත් අධිපතියා ඒකට ඇතුල් වෙලා යෙහෝවා ඉස්සරහා කෑම කන්න එහේ ඉඳගනියි.+ මොකද ඔහු අධිපතියෙක්. ඔහු දොරටුවේ ශාලාව හරහා ඇතුළට එයි. ඒක හරහාම ඔහු පිට වෙලා යයි.”+

4 ඊටපස්සේ ඔහු මාව උතුරු දොරටුවෙන් දේවමාලිගාව ඉස්සරහට ගෙනාවා. මං දැක්කා යෙහෝවාගේ මාලිගාව යෙහෝවාගේ තේජසින් පිරිලා තියෙනවා.+ ඒක දැක්කාම මම දණින් වැටිලා ඔළුව බිමටම පහත් කළා.+ 5 එතකොට යෙහෝවා මට මෙහෙම කිව්වා. “මනුෂ්‍ය පුත්‍රය, හොඳින් බලන්න. දේවල් හිතට ගන්න. යෙහෝවාගේ මාලිගාවේ අණපනත් සහ නීති ගැන මම ඔයාට කියද්දී හොඳින් ඇහුම්කන් දෙන්න. දේවමාලිගාවට ඇතුල් වෙන තැන සහ ශුද්ධස්ථානයෙන් පිට වෙන්න තියෙන හැම තැනක් දිහාම හොඳට බලන්න.+ 6 කැරලිකාර ඊශ්‍රායෙල් සෙනඟට මෙහෙම කියන්න. ‘ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියන්නේ මෙහෙමයි. “ඊශ්‍රායෙල් සෙනඟෙනි, ඔබ පිළිකුල්සහගත දේවල් කළා දැන් හොඳටම ඇති. 7 හිතත් ශරීරයත් චර්මච්ඡේදනය කරගෙන නැති* විදේශිකයන්ව ඔබ මගේ ශුද්ධස්ථානයට ගෙනාවාම ඔවුන් ඒක අපවිත්‍ර කරනවා. ඔබ මට ආහාර, තෙල් සහ ලේ ඔප්පු කරන ගමන් පිළිකුල්සහගත දේවල් කරලා මගේ ගිවිසුම කඩ කරනවා. 8 මම ශුද්ධයි කියලා සලකන දේවල් ඔබ බලාගත්තේ නැහැ.+ මගේ ශුද්ධස්ථානයේ ඔබට තියෙන වගකීම් ඔබ වෙන අයට පවරනවා.”’

9 “‘ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මෙහෙම කියනවා. “හිතත් ශරීරයත් චර්මච්ඡේදනය කරගෙන නැති,* ඊශ්‍රායෙල්වල ඉන්න කිසිම විදේශිකයෙක්ට මගේ ශුද්ධස්ථානයට ඇතුල් වෙන්න අවසර නැහැ.”’

10 “‘ඊශ්‍රායෙල් සෙනඟ මගෙන් ඈත් වෙලා පිළිකුල්සහගත රූප* පස්සේ ගියා. ලෙවීවරුනුත් මාව අතහැරලා දාලා ගොඩක් ඈතට ගිය නිසා+ තමන් කරපු වැරදිවල ප්‍රතිඵල විඳින්න ඔවුන්ට සිද්ධ වෙනවා. 11 ඊටපස්සේ ඔවුන් ආපහු මගේ ශුද්ධස්ථානයේ සේවකයන් විදිහට වැඩ කරයි. ඔවුන්ට දේවමාලිගාවේ දොරටු බලාගන්නත්+ දේවමාලිගාවේ සේවය කරන්නත් අවස්ථාව හම්බ වෙනවා. දවන පූජාවලට ඔප්පු කරන සතුන්වයි, සෙනඟ වෙනුවෙන් ඔප්පු කරන වෙනත් පූජාවල සතුන්වයි මරන්නේ ඔවුන්. සෙනඟ වෙනුවෙන් සේවය කරන්න ඔවුන් සෙනඟ ඉස්සරහට යනවා. 12 ඊශ්‍රායෙල් සෙනඟ පිළිකුල්සහගත රූපවලට නමස්කාර කරද්දීත් ඔවුන් සෙනඟට සහයෝගය දීලා සෙනඟ වෙනුවෙන් සේවය කළා. එහෙම කරලා වැරදි දේ කරන්න ඔවුන් සෙනඟව පෙලඹුවා.*+ ඔවුන් කරපු වැරදිවල ප්‍රතිඵල විඳින්න ඔවුන්ට සිද්ධ වෙනවා කියලා මම මගේ අත උස්සලා ඔවුන්ට විරුද්ධව දිවුරුමක් දුන්නේ ඒ නිසයි.’ එහෙම කියන්නේ ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවායි. 13 ‘ඔවුන් පිළිකුල්සහගත දේවල් කරපු නිසා අනිවාර්යයෙන්ම නින්දාවට පත් වෙනවා. මගේ පූජකයන් විදිහට සේවය කරන්න ඔවුන් මං ඉස්සරහට එන්නේ නැහැ. මම ශුද්ධයි කියලා නැත්නම් ඉතා ශුද්ධයි කියලා සලකන කිසිම දෙයක් ළඟටවත් යන්න ඔවුන්ට බැහැ. 14 ඒත් දේවමාලිගාවේ වගකීම් ඉටු කරන්න මම ඔවුන්ව පත් කරනවා. දේවමාලිගාවේ සේවාවන් සහ ඒකේ කරන්න තියෙන අනිත් හැම දෙයක්ම කරන්න මම ඔවුන්ට භාර දෙනවා.’+

15 “‘ඊශ්‍රායෙල් සෙනඟ මගෙන් ඈත් වෙලා ගිය කාලේදී+ ලෙවී ගෝත්‍රයට අයිති පූජකයන් වුණ සාදොක්ගේ පුතාලා+ තමයි මගේ ශුද්ධස්ථානයේ වගකීම් ඉටු කළේ. මට සේවය කරන්න ඔවුන් මං ඉස්සරහට එයි. ඔවුන් මං ඉස්සරහට ඇවිත් තෙල් කොටස්+ සහ ලේ+ ඔප්පු කරයි’ කියලා ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියනවා. 16 ‘ඔවුන් තමයි මගේ ශුද්ධස්ථානයට ඇතුල් වෙලා මට සේවය කරන්න මගේ මේසය ළඟට එන්නේ.+ මං වෙනුවෙන් ඔවුන්ට කරන්න තියෙන වගකීම් ඔවුන් ඉටු කරයි.+

17 “‘ඔවුන් ඇතුල් මළුවේ දොරටු ළඟට එද්දී ඇඳගෙන ඉන්න ඕනෙ ලිනන් ඇඳුම්.+ ඔවුන් ඇතුල් මළුවේ දොරටුවලත් ඇතුල් මළුවෙත් සේවය කරද්දී ලොම්වලින් හදපු ඇඳුම් අඳින්න ඔවුන්ට අවසර නැහැ. 18 ඔවුන් ලිනන් රෙදිවලින් මහපු හිස්වැසුම් දාලා ලිනන් රෙදිවලින් මහපු යටට අඳින කොට කලිසම් ඇඳලා ඉන්න ඕනේ.+ දාඩිය දාන ඇඳුම් අඳින එකෙන් ඔවුන් වළකින්න ඕනේ. 19 ඔවුන් සෙනඟ ඉන්න පිටත මළුවට යන්න කලින්, සේවය කරද්දී ඇඳගෙන හිටපු ඇඳුම් ගලවන්න ඕනේ.+ ඒවා ශුද්ධ තැනක් වුණ කෑම කාමරවල තියලා+ ඒ වෙනුවට වෙන ඇඳුමක් ඇඳගෙන යන්න ඕනේ. එහෙම කරන්න ඕනෙ ඔවුන්ගේ ශුද්ධ ඇඳුම් නිසා සෙනඟ ශුද්ධ තත්වයකට පත් වෙන එක වළක්වන්නයි. 20 ඔවුන්ට තමන්ගේ ඔළුව බූ ගාන්නවත්+ කොණ්ඩේ දිගට වවන්නවත් අවසර නැහැ. ඔවුන් තමන්ගේ කොණ්ඩේ කොටට කපන්න ඕනේ. 21 පූජකයන්ට වයින් බීලා ඇතුල් මළුවට යන්න අවසර නැහැ.+ 22 පූජකයන්ට වැන්දඹුවක්ව හරි දික්කසාද වුණ කාන්තාවක්ව හරි විවාහ කරගන්න අවසර නැහැ.+ ඔවුන්ට ඊශ්‍රායෙල් සෙනඟ අතරේ ඉන්න කන්‍යාවක්ව හරි මැරුණ පූජකයෙක්ගේ බිරිඳක්ව හරි විවාහ කරගන්න පුළුවන්.’+

23 “‘පූජකයන් මගේ සෙනඟට ශුද්ධ දේ සහ සාමාන්‍ය දේ අතර වෙනස පැහැදිලි කරලා දෙන්න ඕනේ. ඔවුන් පවිත්‍ර දේ සහ අපවිත්‍ර දේ අතර වෙනස ගැනත් කියලා දෙන්න ඕනේ.+ 24 නඩුවලදී ඔවුන් විනිශ්චයකරුවන් විදිහට සේවය කරන්න ඕනේ.+ ඔවුන් විනිශ්චයන් දෙන්න ඕනෙ මගේ නීතිවලට එකඟවයි.+ මට ගෞරව කරන්න පවත්වන උත්සවවලදී මම දීලා තියෙන නීති සහ අණපනත් ඔවුන් පිළිපදින්න ඕනේ.+ මම නියම කරපු සබත් දවස් ඔවුන් ශුද්ධ දවස් විදිහට සලකන්න ඕනේ. 25 මැරුණ කෙනෙක් ළඟට යන්න පූජකයන්ට අවසර නැහැ. එහෙම කළොත් ඔවුන් අපවිත්‍ර වෙනවා. ඒත් තමන්ගේ තාත්තා, අම්මා, පුතා, දුව, සහෝදරයෙක් නැත්නම් විවාහ වෙලා නැති සහෝදරියක් මැරුණොත් ඒ අය වෙනුවෙන් අපවිත්‍ර වෙන්න ඔවුන්ට පුළුවන්.+ 26 පූජකයෙක් පවිත්‍ර වුණාට පස්සේ තව දවස් හතක් ඉන්න ඕනේ. 27 ඔහු ශුද්ධස්ථානයේ සේවය කරන්න ඇතුල් මළුවට එන දවසේදී පාප පූජාවක් ඔප්පු කරන්න ඕනෙ’+ කියලා ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියනවා.

28 “‘ඔවුන්ට ලැබෙන උරුමය මමයි.+ ඔබ ඔවුන්ට ඊශ්‍රායෙල් දේශයෙන් උරුමයක් දෙන්න එපා. මොකද ඔවුන්ගේ උරුමය මමයි. 29 ඔවුන්ට ධාන්‍ය පූජාවෙන්,+ පාප පූජාවෙන් සහ වන්දි පූජාවෙන්+ කන්න පුළුවන්. දෙවියන් වෙනුවෙන් ඊශ්‍රායෙල් දේශයේදී කැප කරන හැම දෙයක්ම ඔවුන්ට අයිති වෙනවා.+ 30 මුලින්ම ලැබෙන හැම පලදාවකම හොඳම කොටසත් ඔබ පරිත්‍යාග කරන හැම දෙයක්මත් අයිති පූජකයන්ට.+ මුල්ම ධාන්‍ය අස්වැන්නෙන් කොටාගත්ත පිටිත්* ඔබ පූජකයාට දෙන්න ඕනේ.+ ඔබ එහෙම කළොත් ඔබේ නිවසට ආශීර්වාද ලැබෙයි.+ 31 මැරිච්ච නැත්නම් සතෙක් මරලා දාපු සතෙක්ව හරි කුරුල්ලෙක්ව හරි කන්න පූජකයන්ට අවසර නැහැ.’+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න