ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • විනිශ්චයකරුවෝ 17
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

විනිශ්චයකරුවෝ පොතේ සාරාංශයක්

      • මීකා හදපු රූප සහ එයාගේ පූජකයා (1-13)

විනිශ්චයකරුවෝ 17:1

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 17:14, 15

විනිශ්චයකරුවෝ 17:3

හරස් යොමු දැක්වීම්

  • +නික් 20:4; ලෙවී 26:1; ද්වි 27:15

විනිශ්චයකරුවෝ 17:4

පාදසටහන්

  • *

    එකක් නෙළපු රූපයක්. අනිත් එක ලෝහ උණු කරලා හදපු රූපයක්.

විනිශ්චයකරුවෝ 17:5

පාදසටහන්

  • *

    හෝ, “පවුලේ අය වැන්ද දෙවිවරුන්ගේ පිළිම.”

හරස් යොමු දැක්වීම්

  • +නික් 28:6; විනි 8:27
  • +උත් 31:19
  • +ගණන් 3:10; ද්වි 12:11, 13; 2ලේක 13:8, 9

විනිශ්චයකරුවෝ 17:6

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 8:4, 5
  • +විනි 21:25

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/2005, 27 පි.

විනිශ්චයකරුවෝ 17:7

පාදසටහන්

  • *

    මේකෙන් අදහස් වෙන්නේ එයා යූදා ගෝත්‍රයට අයිති ප්‍රදේශයේ ජීවත් වුණා කියන එක වෙන්න පුළුවන්.

හරස් යොමු දැක්වීම්

  • +මීකා 5:2
  • +ගණන් 3:45; යොෂු 14:3; 18:7

විනිශ්චයකරුවෝ 17:8

හරස් යොමු දැක්වීම්

  • +විනි 17:1, 5

විනිශ්චයකරුවෝ 17:10

පාදසටහන්

  • *

    මූ.අ., “තාත්තා.”

විනිශ්චයකරුවෝ 17:12

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 3:10; විනි 17:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 1/2022, 1 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

විනි. 17:1යොෂු 17:14, 15
විනි. 17:3නික් 20:4; ලෙවී 26:1; ද්වි 27:15
විනි. 17:5නික් 28:6; විනි 8:27
විනි. 17:5උත් 31:19
විනි. 17:5ගණන් 3:10; ද්වි 12:11, 13; 2ලේක 13:8, 9
විනි. 17:61සාමු 8:4, 5
විනි. 17:6විනි 21:25
විනි. 17:7මීකා 5:2
විනි. 17:7ගණන් 3:45; යොෂු 14:3; 18:7
විනි. 17:8විනි 17:1, 5
විනි. 17:12ගණන් 3:10; විනි 17:5
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
විනිශ්චයකරුවෝ 17:1-13

විනිශ්චයකරුවෝ

17 එෆ්‍රායිම් කඳුකර ප්‍රදේශයේ+ මීකා කියලා මනුස්සයෙක් හිටියා. 2 දවසක් මීකා එයාගේ අම්මාට මෙහෙම කිව්වා. “මතකද, අම්මාගේ රිදී ෂෙකෙල් 1,100ක් නැති වුණා? අම්මා මටත් ඇහෙන්න ඒ ෂෙකෙල් ගත්ත කෙනාට ශාප කළේ, මතකද? අම්මේ, ඒවා ගත්තේ මමයි. මං ළඟ ඒවා තියෙනවා.” එතකොට අම්මා කිව්වා “පුතේ, ඔයා මට ඇත්ත කියපු නිසා ඔයාට යෙහෝවාගේ ආශීර්වාද ලැබෙන්න ඕනෙ” කියලා. 3 එයා ඒ රිදී ෂෙකෙල් 1,100 ආපහු එයාගේ අම්මාට දුන්නා. එතකොට එයාගේ අම්මා එයාට මෙහෙම කිව්වා. “මම මේ රිදී ෂෙකෙල් ටික යෙහෝවාට කැප කරනවා. මම කැමතියි ඔයා ඒක පාවිච්චි කරලා රූප දෙකක් හදාගන්නවාට.+ එතකොට ඒ රිදී ආපහු ඔයාටම ලැබෙනවා.”

4 මීකා රිදී ෂෙකෙල් ටික අම්මාට දුන්නාට පස්සේ එයාගේ අම්මා රිදී ෂෙකෙල් 200ක් අරගෙන රිදී වැඩ කරන කෙනෙක්ව හම්බ වෙන්න ගියා. රිදී වැඩ කරන කෙනා රූප දෙකක් හැදුවා.* ඊටපස්සේ ඒවා මීකාගේ ගෙදරට ගෙනිහින් තිබ්බා. 5 මීකාට දේවාලයක් තිබුණා. එයා ඒෆොද් ඇඳුමක්+ සහ ටෙරෆිම් රූප*+ හදාගෙන එයා වෙනුවෙන් පූජකයෙක් විදිහට සේවය කරන්න එයාගේ එක පුතෙක්ව පත් කළා.+ 6 ඒ කාලේ ඊශ්‍රායෙල් දේශයේ රජ කෙනෙක් හිටියේ නැහැ.+ හැමෝම තම තමන්ට හරියි කියලා හිතුණ දේ කළා.+

7 ඔය අතරේ යූදා පවුලෙන් එන* තරුණයෙක් යූදා ගෝත්‍රයට අයිති බෙත්ලෙහෙම්වල+ කාලයක් තිස්සේ ජීවත් වුණා. එයා ලෙවීවරයෙක්.+ 8 එයා යූදා ගෝත්‍රයට අයිති බෙත්ලෙහෙම්වලින් පිටත් වෙලා පදිංචි වෙන්න වෙන තැනක් හොයාගෙන ගියා. ඔහොම යද්දී එයා එෆ්‍රායිම් කඳුකර ප්‍රදේශයේ තිබුණ මීකාගේ ගෙදරට ආවා.+ 9 මීකා එයාගෙන් මෙහෙම ඇහුවා. “ඔයා එන්නේ කොහේ ඉඳන්ද?” එතකොට එයා මෙහෙම කිව්වා. “මං හිටියේ යූදා ගෝත්‍රයට අයිති බෙත්ලෙහෙම්වල. මං මේ පදිංචියට අලුත් තැනක් හොයාගෙන යන ගමන්. මං ලෙවීවරයෙක්.” 10 එතකොට මීකා එයාට මෙහෙම කිව්වා. “ඔයා කැමතිද මෙහේ නතර වෙන්න? එතකොට ඔයාට පුළුවන් මගේ උපදේශකයා* වෙන්න. පූජකයෙක් විදිහට මං වෙනුවෙන් සේවය කරන්න. මං ඔයාට ඒකට ගැළපෙන ඇඳුම් දෙන්නම්. ඔයාට කෑම බීමයි, අවුරුද්දකට රිදී ෂෙකෙල් දහයකුයි දෙන්නම්.” ඉතින් ලෙවීවරයා ගෙදර ඇතුළට ගියා. 11 එයා මීකා එක්ක නතර වෙන්න එකඟ වුණා. මීකා ඒ තරුණයාට තමන්ගෙම දරුවෙක්ට වගේ සැලකුවා. 12 මීකා ඒ ලෙවීවරයාව එයා වෙනුවෙන් පූජකයෙක් විදිහට සේවය කරන්න පත් කළා.+ එයා දිගටම මීකාගේ ගෙදර ජීවත් වුණා. 13 ඉතින් මීකා මෙහෙම කියාගත්තා. “ලෙවීවරයෙක් දැන් මං වෙනුවෙන් පූජකයෙක් විදිහට සේවය කරනවා. ඒ නිසා මට යෙහෝවාගේ පිහිට ලැබෙයි.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න