ගීතාවලිය
යෙහෝවාගේ නමට ප්‍රශංසා කරන්න.
යෙහෝවා දෙවියන්ගේ සේවකයෙනි, ස්තුති ප්‍රශංසා ඔප්පු කරන්න.+
2 යෙහෝවාගේ ගෘහයේ ඉන්න සියල්ලෙනි,
අපේ දෙවියන්ගේ ගෘහයේ මළුවේ ඉන්න සියල්ලෙනි,+
ඔහුට ප්‍රශංසා කරන්න!
3 යෙහෝවා දෙවියන් යහපත්.+ ඒ නිසා යාහ්ට ප්‍රශංසා කරන්න!
ඔහුගේ නමට ප්‍රශංසා ගී ගයන්න.* මොකද ඒක ප්‍රසන්න දෙයක්.
5 යෙහෝවා ශ්‍රේෂ්ඨයි කියලා මම හොඳින්ම දන්නවා.
අනිත් හැම දෙවි කෙනෙක්ටම වඩා අපේ ස්වාමීන් හුඟක් ශ්‍රේෂ්ඨයි!+
6 යෙහෝවා තමන් කැමති හැම දේම කරනවා.+
ඔහු අහසෙත් පොළොවෙත් මුහුදෙත් ගැඹුරු තැන්වලත් තමන් කැමති දේ කරනවා.
7 ඔහු පොළොවේ හතර කොනෙන්ම වලාකුළු* ඉහළට නඟින්න සලස්වනවා.
ඔහු වැස්සත් එක්ක අකුණු සැර එවනවා.*
ඔහුගේ ගබඩාවලින් හුළං හමා එන්න සලස්වනවා.+
9 ඔහු ඊජිප්තුවේදී පුදුම දේවල් කළා. ලකුණුත් පෙන්නුවා.+
පාරාවෝටත් ඔහුගේ සියලු සේවකයන්ටත් විරුද්ධවයි ඒ හැම දේම කළේ.+
10 ඔහු හුඟක් ජාතීන්ට පහර දුන්නා.+
බලවත් රජවරුන්වත් විනාශ කළා.+
11 අමෝරිවරුන්ගේ රජ වුණ සීහොන්වත්+
බාෂාන්වල රජ වුණ ඕග්වත්+
කානාන්වල තිබුණ හැම රාජ්‍යයක්මත් ඔහු විනාශ කළා.
13 යෙහෝවා දෙවියනි, ඔබේ නම සදාකල් පවතිනවා.
යෙහෝවා දෙවියනි, හැම පරම්පරාවකම අය ඔබ ගැන* කතා කරනවා.*+
15 වෙනත් ජාතීන් නමස්කාර කරන දෙවිවරුන්ගේ රූප හදලා තියෙන්නේ රන් රිදීවලින්.
මිනිසුන්මයි ඒවා හදලා තියෙන්නේ.+
16 ඒවාට කටවල් තිබුණත් කතා කරන්න බැහැ.+
ඇස් තිබුණත් පේන්නේ නැහැ.
17 ඒවාට කන් තිබුණත් කිසිම දෙයක් ඇහෙන්නේ නැහැ.
කටින් හුස්ම පිට කරන්නෙත් නැහැ.+
19 ඊශ්‍රායෙල්ගෙන් පැවතෙන්නෙනි, යෙහෝවාට ප්‍රශංසා කරන්න!
ආරොන්ගෙන් පැවතෙන්නෙනි, යෙහෝවාට ප්‍රශංසා කරන්න!
20 ලෙවීගෙන් පැවතෙන්නෙනි, යෙහෝවාට ප්‍රශංසා කරන්න!+
යෙහෝවා ගැන ගරුබියක් තියෙන සියල්ලෙනි, යෙහෝවාට ප්‍රශංසා කරන්න!
යාහ්ට ප්‍රශංසා කරන්න!+