ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 කොරින්ති 11
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

1 කොරින්ති පොතේ සාරාංශයක්

      • “මාව ආදර්ශයට ගන්න” (1)

      • මූලිකත්වය සහ හිස වහගන්න එක (2-16)

      • ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය සමරන එක (17-34)

1 කොරින්ති 11:1

හරස් යොමු දැක්වීම්

  • +ෆිලි 3:17; 2තෙස 3:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/2010, 12 පි.

1 කොරින්ති 11:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/1/1995, 3-4 පි.

1 කොරින්ති 11:3

හරස් යොමු දැක්වීම්

  • +රෝම 14:9; එෆී 4:15; කොලො 2:10
  • +එෆී 5:23; 1පේතෘ 3:1
  • +1කොරි 15:27, 28

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    2/2021, 2-3 පි.

    මුරටැඹ,

    11/15/2015, 22-23 පි.

    5/15/2010, 8-16 පි.

    5/15/2009, 20 පි.

    2/15/2007, 13-17 පි.

    1/15/2007, 6 පි.

    8/1/1999, 19-20 පි.

    9/1/1998, 15 පි.

    6/1/1995, 27 පි.

    7/1/1994, 21 පි.

    පිබිදෙව්!,

    7/8/2004, 26-27 පි.

    දෙවිට නමස්කාර කරන්න, 153-154 පි.

    පවුලේ සන්තෝෂය, 31-32 පි.

    දැනුම, 134-136 පි.

1 කොරින්ති 11:4

පාදසටහන්

  • *

    හෝ, “අනාවැකි කියද්දී.”

1 කොරින්ති 11:5

හරස් යොමු දැක්වීම්

  • +යෝවෙ 2:28; ක්‍රියා 21:8, 9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    “දෙවිගේ ප්‍රේමය”, 239-240 පි.

    මුරටැඹ,

    11/15/2009, 12-13 පි.

    7/15/2002, 26-27 පි.

1 කොරින්ති 11:7

හරස් යොමු දැක්වීම්

  • +උත් 1:27

1 කොරින්ති 11:8

හරස් යොමු දැක්වීම්

  • +උත් 2:22, 23

1 කොරින්ති 11:9

හරස් යොමු දැක්වීම්

  • +උත් 2:18

1 කොරින්ති 11:10

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 4:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    “දෙවිගේ ප්‍රේමය”, 241-242 පි.

    මුරටැඹ,

    5/15/2009, 24 පි.

    7/15/2002, 27 පි.

1 කොරින්ති 11:12

හරස් යොමු දැක්වීම්

  • +උත් 2:21, 22
  • +1කොරි 8:6

1 කොරින්ති 11:19

පාදසටහන්

  • *

    හෝ, “කණ්ඩායම්වලටත්.”

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 20:29, 30; 1කොරි 1:12; 1තිමෝ 4:1; 2පේතෘ 2:1

1 කොරින්ති 11:20

පාදසටහන්

  • *

    මූ.අ., “භෝජනයෙන් කන්න.”

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 22:19, 20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 28 පාඩම

1 කොරින්ති 11:23

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 26:20; ලූක් 22:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2004, 4 පි.

    2/15/2003, 12-13 පි.

    3/15/1993, 4-5 පි.

1 කොරින්ති 11:24

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 26:26; මාක් 14:22; රෝම 7:4; 1කොරි 10:17
  • +ලූක් 22:19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/2013, 24-25 පි.

    3/15/2004, 4 පි.

    3/15/1994, 3-4 පි.

    3/15/1993, 5-6 පි.

1 කොරින්ති 11:25

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 26:27; මාක් 14:23; 1කොරි 10:16
  • +යෙරෙ 31:31; හෙබ්‍රෙ 8:8; 9:15
  • +ලූක් 22:20; හෙබ්‍රෙ 9:13, 14; 1පේතෘ 1:18, 19
  • +නික් 12:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    නිතර අසන ප්‍රශ්න, 45 ලිපිය

    මුරටැඹ,

    12/15/2013, 25 පි.

    3/15/1994, 3-4 පි.

    3/15/1993, 6 පි.

1 කොරින්ති 11:26

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    නිතර අසන ප්‍රශ්න, 45 ලිපිය

    මුරටැඹ (පාඩම්),

    1/2018, 16 පි.

    මුරටැඹ,

    3/15/2010, 27 පි.

    7/15/2008, 27 පි.

    3/15/2004, 6-7 පි.

    4/1/2003, 5-6 පි.

    2/15/2003, 13 පි.

    3/15/1993, 4-5 පි.

1 කොරින්ති 11:27

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    1/2020, 27-28 පි.

    මුරටැඹ (පාඩම්),

    1/2016, 23 පි.

    මුරටැඹ,

    1/15/2015, 15-16 පි.

    2/15/2003, 17-19 පි.

    4/1/1996, 6-8 පි.

1 කොරින්ති 11:28

හරස් යොමු දැක්වීම්

  • +2කොරි 13:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/2015, 15 පි.

1 කොරින්ති 11:30

පාදසටහන්

  • *

    පේන විදිහට මෙතන කතා කරන්නේ දෙවියන් එක්ක තියෙන බැඳීම නැති වුණ අය ගැනයි.

හරස් යොමු දැක්වීම්

  • +1තෙස 5:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/2015, 15 පි.

1 කොරින්ති 11:32

පාදසටහන්

  • *

    උප. A5 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 12:5
  • +2පේතෘ 2:20; 3:7

1 කොරින්ති 11:34

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 11:29

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

1 කොරි. 11:1ෆිලි 3:17; 2තෙස 3:9
1 කොරි. 11:3රෝම 14:9; එෆී 4:15; කොලො 2:10
1 කොරි. 11:3එෆී 5:23; 1පේතෘ 3:1
1 කොරි. 11:31කොරි 15:27, 28
1 කොරි. 11:5යෝවෙ 2:28; ක්‍රියා 21:8, 9
1 කොරි. 11:7උත් 1:27
1 කොරි. 11:8උත් 2:22, 23
1 කොරි. 11:9උත් 2:18
1 කොරි. 11:101කොරි 4:9
1 කොරි. 11:12උත් 2:21, 22
1 කොරි. 11:121කොරි 8:6
1 කොරි. 11:19ක්‍රියා 20:29, 30; 1කොරි 1:12; 1තිමෝ 4:1; 2පේතෘ 2:1
1 කොරි. 11:20ලූක් 22:19, 20
1 කොරි. 11:23මතෙ 26:20; ලූක් 22:14
1 කොරි. 11:24මතෙ 26:26; මාක් 14:22; රෝම 7:4; 1කොරි 10:17
1 කොරි. 11:24ලූක් 22:19
1 කොරි. 11:25මතෙ 26:27; මාක් 14:23; 1කොරි 10:16
1 කොරි. 11:25යෙරෙ 31:31; හෙබ්‍රෙ 8:8; 9:15
1 කොරි. 11:25ලූක් 22:20; හෙබ්‍රෙ 9:13, 14; 1පේතෘ 1:18, 19
1 කොරි. 11:25නික් 12:14
1 කොරි. 11:282කොරි 13:5
1 කොරි. 11:301තෙස 5:6
1 කොරි. 11:32හෙබ්‍රෙ 12:5
1 කොරි. 11:322පේතෘ 2:20; 3:7
1 කොරි. 11:341කොරි 11:29
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
1 කොරින්ති 11:1-34

පළවෙනි කොරින්ති

11 මම ක්‍රිස්තුස්ව ආදර්ශයට ගන්න විදිහටම ඔයාලා මාව ආදර්ශයට ගන්න.+

2 හැම දේකදීම ඔයාලා මාව මතක් කරන එක ගැන මට සතුටුයි. මං කියලා දීපු විදිහටම ඔයාලා දේවල් කරන එකත් මං ගොඩක් අගය කරනවා. 3 ඒත් මං කැමතියි හැම පුරුෂයෙක්ගෙම හිස ක්‍රිස්තුස්+ කියලත් ස්ත්‍රියකගේ හිස පුරුෂයා+ කියලත් ක්‍රිස්තුස්ගේ හිස දෙවියන්+ කියලත් ඔයාලා දැනගන්නවාට. 4 පුරුෂයෙක් යාච්ඤා කරද්දී හරි දෙවියන් එළිදරව් කරලා තියෙන දෙයක් ගැන කියද්දී* හරි තමන්ගේ හිස වහගත්තොත් එයා කරන්නේ එයාගේ හිසට අගෞරව කරන එකයි. 5 ඒත් කාන්තාවක් හිස වහගන්නේ නැතුව යාච්ඤා කළොත් නැත්නම් අනාවැකි කිව්වොත්+ එයා කරන්නේ එයාගේ හිසට අගෞරව කරන එකයි. ඒක හරියට එයාගේ හිස බූ ගානවා වගේ දෙයක්. 6 කාන්තාවක් හිස වහගන්නේ නැතුව ඉන්නවාට වඩා එයාගේ කොණ්ඩේ කපලා දාන එක හොඳයි. කොණ්ඩේ කපන එක, හිස බූ ගාන එක කාන්තාවකට ලැජ්ජාවක් වෙන නිසා හොඳම දේ තමයි එයා හිස වහගන්න එක.

7 පුරුෂයෙක් තමන්ගේ හිස වහගන්න එක සුදුසු නැහැ. මොකද දෙවියන් පුරුෂයාව හැදුවේ ඔහුට සමානකම් තියෙන විදිහටයි.+ ඒ වගේම දෙවියන්ගේ තේජස පිළිබිඹු කරන්න පුළුවන් විදිහටයි. ඒත් කාන්තාවක් ගෞරවයට පත් කරන්නේ පුරුෂයාව. 8 පුරුෂයාව හැදුවේ කාන්තාවගෙන් නෙමෙයි. ඒත් කාන්තාවව හැදුවේ පුරුෂයාගෙන්.+ 9 ඒ වගේම පුරුෂයාව හැදුවේ කාන්තාව වෙනුවෙන් නෙමෙයි. හැබැයි කාන්තාව හැදුවේ පුරුෂයා වෙනුවෙන්.+ 10 ඒ හේතුව නිසාත් දේවදූතයන් නිසාත්+ කාන්තාවක් එයාගේ හිස වහගන්න ඕනේ. ඒකෙන් එයා පෙන්නන්නේ මූලිකත්වයට යටත් වෙනවා කියලයි.

11 ස්වාමීන්ගේ අනුගාමිකයන් අතරේ කාන්තාවන්ට පුරුෂයන් අවශ්‍යයි. පුරුෂයන්ට කාන්තාවන් අවශ්‍යයි. 12 කාන්තාවව පුරුෂයාගෙන් හැදුවා වගේම+ පුරුෂයන් බිහි වෙන්නේ කාන්තාව මාර්ගයෙන්. ඒත් හැම දෙයක්ම හැදුවේ දෙවියන්.+ 13 කාන්තාවක් අනිත් අය ඉස්සරහා හිස වහගන්නේ නැතුව දෙවියන්ට යාච්ඤා කරන එක සුදුසුද කියලා ඔයාලම හිතලා බලන්න. 14 පුරුෂයෙක්ට දිග කොණ්ඩයක් තියෙන එක සාමාන්‍යයෙන් සලකන්නේ අගෞරවනීය දෙයක් විදිහට නෙමෙයිද? 15 ඒත් කාන්තාවකට දිග කොණ්ඩයක් තියෙද්දී ඒක ලස්සනයි. ඒ කොණ්ඩේ එයාට දීලා තියෙන්නේ හිස්වැස්මක් විදිහටයි. 16 ඒත් ඒ අදහසට විරුද්ධව තර්ක කරන්න කවුරු හරි හදනවා නම් එයාට මේ දේ කියන්න. අපිට පිළිපදින්න වෙන චාරිත්‍රයක් නැහැ. දෙවියන්ගේ සභාවලත් ඊට වඩා වෙනස් චාරිත්‍රයක් නැහැ.

17 මේ උපදෙස් දෙද්දී මට ඔයාලව අගය කරන්න පුළුවන්කමක් නැහැ. මොකද ඔයාලා එකට රැස් වෙද්දී ඒකෙන් ඔයාලට හොඳක් වෙනවාට වඩා වෙන්නේ නරකක්. 18 මේ බලන්න, ඔයාලා එකට රැස් වෙද්දී ඔයාලා අතරේ බෙදීම් තියෙනවා කියලා මට ආරංචි වුණා. ඇත්තටම මට ඒක විශ්වාස කරන්න පුළුවන්. 19 ඔයාලා නිකායන්වලටත්* බෙදිලා ගිහින් ඇති.+ ඒත් ඒකෙන් දෙවියන් සතුටු වෙන්නේ කවුරු ගැනද කියලා පැහැදිලි වෙයි.

20 ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය සමරන්න*+ ඔයාලා එකට එකතු වෙද්දී ඔයාලා ඒක හරි විදිහට කරන්නේ නැහැ. 21 සමහරු තම තමන්ගේ රෑ කෑම කලින්ම කනවා. ඉතින් සන්ධ්‍යා භෝජනයට සහභාගි වෙන්න වෙලාව ආවාම සමහරු ඉන්නේ බඩගින්නේ. තවත් අය ඉන්නේ වෙරි වෙලා. 22 ඔයාලට කන්න බොන්න ගෙවල් නැද්ද? දෙවියන්ගේ සභාව ගැන ඔයාලට කිසිම ගෞරවයක් නැද්ද? ඔයාලට ඕනෙ නැති බැරි අයට ලැජ්ජාවක් දැනෙන්න සලස්සන්නද? මං ඔයාලට මොනවා කියන්නද? ඔයාලව අගය කරන්නද? මේ කාරණේදී මට ඔයාලව අගය කරන්න බැහැ.

23 මං ඔයාලට කියලා දුන්නේ මං ස්වාමීන්ගෙන් ඉගෙනගත්ත දේවල්. අපේ ස්වාමීන් වන යේසුස්ව පාවලා දෙන්න නියමිතව තිබුණ රාත්‍රියේදී+ ඔහු රොටියක් අරගෙන 24 දෙවියන්ට ස්තුති කරලා රොටිය කඩලා මෙහෙම කිව්වා. “මේකෙන් නියෝජනය වෙන්නේ මං ඔයාලා වෙනුවෙන් පූජා කරන මගේ ශරීරයයි.+ මාව සිහි කරන්න මේ දේ දිගටම කරන්න.”+ 25 පාස්කු කෑම වේල කෑවාට පස්සේ කරපු විදිහටම යේසුස් කුසලානය අතට දීලා මෙහෙම කිව්වා.+ “මේ කුසලානයෙන් නියෝජනය වෙන්නේ අලුත් ගිවිසුමයි.+ ඒ ගිවිසුම ස්ථිර වෙන්නේ මගේ ලේවලින්.+ ඔයාලා මේ කුසලානෙන් බොන හැම වතාවකම මාව සිහි කරන්න මේ දේ දිගටම කරන්න.”+ 26 ඔයාලා මේ රොටියෙන් කන හැම වතාවකදීමත් මේ කුසලානෙන් බොන හැම වතාවකදීමත් ඔයාලා කරන්නේ ස්වාමීන්ගේ මරණය ගැන ප්‍රකාශ කරන එකයි. ඔහු එන කල් ඒක කරන්න.

27 රොටියෙන් කන්නවත් ස්වාමීන්ගේ කුසලානෙන් බොන්නවත් සුදුසුකම් නැති කෙනෙක් ඒකෙන් කෑවොත් බිව්වොත් එයා කරන්නේ ස්වාමීන්ගේ ශරීරයටත් ඔහුගේ ලේවලටත් විරුද්ධව වරදක්. 28 හැම කෙනෙක්ම තමන් සුදුසුද කියලා මුලින්ම තමන්ව හොඳට සෝදිසි කරලා බලන්න ඕනේ.+ ඊටපස්සේ රොටියෙන් කන්නත් වයින් කුසලානයෙන් බොන්නත් එයාට පුළුවන්. 29 කෙනෙක් රොටිවලින් සහ වයින්වලින් නියෝජනය වෙන්නේ ස්වාමීන්ගේ ශරීරය කියලා තේරුම්ගන්නේ නැතුව ඒවාවලින් කෑවොත් බිව්වොත් එයා කරන්නේ දෙවියන් ඉස්සරහා එයාවම වැරදිකරුවෙක් කරගන්න එකයි. 30 ඔයාලා අතරේ ඉන්න වැඩිදෙනෙක් දුර්වල වෙලා ඉන්නෙත් අසනීප වෙලා ඉන්නෙත් සෑහෙන දෙනෙක් පණ ඇදඇද* ඉන්නෙත් ඒ නිසයි.+ 31 ඒත් අපි අපිවම හොඳින් සෝදිසි කරලා බලනවා නම් දෙවියන් අපිව වැරදිකරුවන් විදිහට විනිශ්චය කරන්නේ නැහැ. 32 යෙහෝවා* අපිව විනිශ්චය කරද්දී ඔහු අපිට හික්මවීම් දෙනවා.+ එහෙම කරන්නේ මේ ලෝකේ අය එක්ක+ අපිවත් වැරදිකරුවන් විදිහට විනිශ්චය නොකර ඉන්නයි. 33 මගේ සහෝදරයෙනි, ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනයට සහභාගි වෙන්න ඔයාලා එකට රැස් වෙද්දී හැමෝම එන කල් ඉන්න. 34 කාට හරි බඩගිනි නම් එයා ගෙදරදීම කාලා එන්න ඕනේ. එතකොට ඔයාලා එකට රැස් වුණාම ඒක විනිශ්චයක් ලැබෙන අවස්ථාවක් වෙන එකක් නැහැ.+ ඉතුරු ප්‍රශ්න ටික මම ආවාම විසඳන්නම්.

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න