ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 141
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • ආරක්ෂාව ඉල්ලලා කරන යාච්ඤාවක්

        • ‘මගේ යාච්ඤා සුවඳ ද්‍රව්‍ය වගේ වේවා!’ (2)

        • ධර්මිෂ්ඨයා දෙන අවවාදය තෛලයක් වගේ (5)

        • දුෂ්ටයන් ඔවුන් එළපු දැල්වලටම අහු වෙයි (10)

ගීතාවලිය 141:1

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 31:17
  • +ගීතා 40:13; 70:5
  • +ගීතා 39:12

ගීතාවලිය 141:2

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 1:9, 10; එළි 5:8; 8:3, 4
  • +නික් 30:34-36
  • +නික් 29:41

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    7/2022, 20 පි.

    3/2022, 21 පි.

    මුරටැඹ,

    6/15/2014, 16 පි.

    1/15/1999, 10 පි.

ගීතාවලිය 141:3

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 13:3; 21:23; යාකො 1:26

ගීතාවලිය 141:4

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 8:58; ගීතා 119:36

ගීතාවලිය 141:5

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 12:7, 9; හිතෝ 17:10; ගලා 6:1
  • +හිතෝ 6:23; යාකො 5:14
  • +හිතෝ 9:8; 19:25; 25:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 57 පාඩම

    මුරටැඹ,

    4/15/2015, 30-31 පි.

ගීතාවලිය 141:8

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 20:12; ගීතා 25:15

ගීතාවලිය 141:10

හරස් යොමු දැක්වීම්

  • +එස්ත 7:10; ගීතා 7:14, 15; 9:15; 57:6

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 141:1ගීතා 31:17
ගීතා. 141:1ගීතා 40:13; 70:5
ගීතා. 141:1ගීතා 39:12
ගීතා. 141:2ලූක් 1:9, 10; එළි 5:8; 8:3, 4
ගීතා. 141:2නික් 30:34-36
ගීතා. 141:2නික් 29:41
ගීතා. 141:3හිතෝ 13:3; 21:23; යාකො 1:26
ගීතා. 141:41රාජා 8:58; ගීතා 119:36
ගීතා. 141:52සාමු 12:7, 9; හිතෝ 17:10; ගලා 6:1
ගීතා. 141:5හිතෝ 6:23; යාකො 5:14
ගීතා. 141:5හිතෝ 9:8; 19:25; 25:12
ගීතා. 141:82ලේක 20:12; ගීතා 25:15
ගීතා. 141:10එස්ත 7:10; ගීතා 7:14, 15; 9:15; 57:6
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 141:1-10

ගීතාවලිය

දාවිත් රචනා කරපු ගීතයක්.

141 යෙහෝවා දෙවියනි, මම ඔබට කන්නලව් කරනවා.+

ඉක්මනින්ම මගේ උදව්වට එන්න.+

මං ඔබෙන් උදව් ඉල්ලද්දී මට සවන් දෙන්න.+

 2 මගේ යාච්ඤා, ඔබ ඉස්සරහා පිළියෙල කරපු+ සුවඳ ද්‍රව්‍ය වගේ වේවා!+

මං අත් උස්සලා කරන කන්නලව් හවස ඔප්පු කරන ධාන්‍ය පූජාව වගේ වේවා!+

 3 අනේ යෙහෝවා, මගේ කටට රැකවලෙක්ව පත් කරන්න.

මගේ දෙතොල්වලට මුරකරුවෙක්ව පත් කරන්න.+

 4 කිසිම නපුරු දේකට යොමු වෙන්න මගේ හිතට ඉඩ දෙන්න එපා.+

දුෂ්ට දේවල් කරන අය එක්ක එකතු වෙලා පහත් දේවල් කරන්න මට ඉඩ දෙන්න එපා.

ඔවුන් එක්ක එකතු වෙලා රස බොජුන් කන්න මට කොහොමටවත් ඕනෙ නැහැ!

 5 ධර්මිෂ්ඨයා මට පහර දුන්නත්

ඔහු ඒක කරන්නේ ඔහුට මං ගැන තියෙන නොසැලෙන ආදරේ නිසයි.+

ඔහු මට අවවාද කළත් ඒක මගේ හිසට වක් කරන තෛලයක් වගේ.+

මම ඒක කවදාවත් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ.+

ඔවුන්ගේ විපතේදීත් මම ඔවුන් වෙනුවෙන් යාච්ඤා කරනවා.

 6 සෙනඟ ඔවුන්ගේ විනිශ්චයකරුවන්ව පර්වතයෙන් පහතට තල්ලු කරයි.

ඒ වුණත් ඔවුන් මං කියන දේවල් අහලා ඒවා යහපත් කියලා තේරුම්ගනියි.

 7 නගුලෙන් පස හාරද්දී පස සීසීකඩ යනවා වගේ

අපේ ඇටකටුත් මිනී වළ අද්දර සීසීකඩ වැටිලා තියෙනවා.

 8 ඒත් ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා දෙවියනි,

මම ඔබ දිහාම බලාගෙන ඉන්නවා.+

මම රැකවරණය පැතුවේ ඔබගෙන්.

අනේ, මට මැරෙන්න දෙන්න එපා.

 9 දුෂ්ටයන් මට අටවපු උගුලෙන් මාව ආරක්ෂා කරන්න.

ඔවුන් එළපු දැල්වලින් මාව බේරගන්න.

10 දුෂ්ටයන් හැමෝම එකම වෙලාවේ ඔවුන් එළපු දැල්වලටම අහු වෙයි.+

ඒත් මම ඒ හැම එකකින්ම බේරිලා යනවා.

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න