ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 84
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • දෙවියන්ගේ කූඩාරමට යන්න තියෙන ආශාව

        • කුරුල්ලෙක් වගේ වෙන්න ලෙවීවරයෙක්ට තියෙන ආශාව (3)

        • “ඔබේ කූඩාරමේ මළුවේ එක දවසක්” (10)

        • “දෙවියන් හිරු වගේ. ඔහු පලිහක් වගේ” (11)

ගීතාවලිය 84:පෙර සටහන

පාදසටහන්

  • *

    “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 20:19

ගීතාවලිය 84:1

පාදසටහන්

  • *

    හෝ, “ඔබේ ශුද්ධ කූඩාරමට අපි මොන තරම් ඇලුම් කරනවාද!”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 27:4; 43:3; 46:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/1997, 8 පි.

ගීතාවලිය 84:2

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 42:1, 2; 63:1, 2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/1997, 8 පි.

ගීතාවලිය 84:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පොදු),

    අංක 6 2016 8 පි.

    මුරටැඹ,

    3/15/1997, 8-9 පි.

ගීතාවලිය 84:4

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 23:6; 65:4
  • +1ලේක 25:7; ගීතා 150:1

ගීතාවලිය 84:5

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 28:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/15/2006, 15 පි.

ගීතාවලිය 84:6

පාදසටහන්

  • *

    හෝ, “බේකා පඳුරු තියෙන නිම්නය.”

  • *

    හෝ සමහරවිට, “ඔවුන් කරන ප්‍රශංසාවලින් උපදේශකයා වට වෙලා ඉන්නවා.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/1997, 8 පි.

ගීතාවලිය 84:7

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 18:32; යෙසා 40:29-31; හබ 3:19

ගීතාවලිය 84:9

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “අනේ දෙවියනි, අපේ පලිහ දිහා බලන්න.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 15:1
  • +1සාමු 2:10

ගීතාවලිය 84:10

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 26:8; 27:4; 43:3, 4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/1997, 9 පි.

ගීතාවලිය 84:11

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 27:1; යෙසා 60:19, 20
  • +ද්වි 33:29; 2සාමු 22:3; ගීතා 144:2
  • +ගීතා 34:9; 37:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/1/2009, 14 පි.

ගීතාවලිය 84:12

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 146:5; යෙරෙ 17:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/1997, 11 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 84:පෙර සටහන2ලේක 20:19
ගීතා. 84:1ගීතා 27:4; 43:3; 46:4
ගීතා. 84:2ගීතා 42:1, 2; 63:1, 2
ගීතා. 84:4ගීතා 23:6; 65:4
ගීතා. 84:41ලේක 25:7; ගීතා 150:1
ගීතා. 84:5ගීතා 28:7
ගීතා. 84:7ගීතා 18:32; යෙසා 40:29-31; හබ 3:19
ගීතා. 84:9උත් 15:1
ගීතා. 84:91සාමු 2:10
ගීතා. 84:10ගීතා 26:8; 27:4; 43:3, 4
ගීතා. 84:11ගීතා 27:1; යෙසා 60:19, 20
ගීතා. 84:11ද්වි 33:29; 2සාමු 22:3; ගීතා 144:2
ගීතා. 84:11ගීතා 34:9; 37:18
ගීතා. 84:12ගීතා 146:5; යෙරෙ 17:7
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 84:1-12

ගීතාවලිය

සංගීත අධ්‍යක්ෂක වෙත. ගිටිත්* සඳහා. කෝරාගේ පුතුන් රචනා කරපු ගීයක්.+

84 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා,

ඔබේ තේජවත් කූඩාරම මොන තරම් අලංකාරද!*+

 2 යෙහෝවාගේ කූඩාරමේ මළුවට යන්න මට තියෙන ආශාව මොන තරම්ද!+

එහෙට යන්න ලැබෙන කල් මං බලන් ඉන්නේ නොඉවසිල්ලෙන්.

බලන් ඉඳලාම මම හෙම්බත් වෙලා!

මගේ මුළු හදවතින්ම, මුළු ශක්තියෙන්ම ජීවමාන දෙවියන්ට ප්‍රීති ඝෝෂා නඟනවා.

 3 මගේ රජුත් මගේ දෙවියනුත් වන ස්වර්ගයේ සේනාවල අධිපති යෙහෝවා,

ඔබේ ශ්‍රේෂ්ඨ පූජාසනය ළඟ

කිරිල්ලියටත් නිවහනක් තියෙනවා.

වැහිළිහිණියාටත් ඇගේ පැටව් තියන්න කැදැල්ලක් තියෙනවා.

 4 ඔබේ ගෘහයේ ඉන්න ලැබෙන අය ජීවත් වෙන්නේ හරිම සතුටින්.+

ඔවුන් නොනවත්වාම ඔබට ප්‍රශංසා කරනවා.+ (සීලාහ්)

 5 ඔබෙන් ශක්තිය ලබන අය සන්තෝෂවත්.+

ඔබේ ගෘහයට යන මඟේ ගමන් කරන්න ආශාවෙන් ඉන්න අය සන්තෝෂවත්.

 6 ඔවුන් බේකා නිම්නය* හරහා ගියත්

ඔවුන් ඒක සලකන්නේ දිය දහරා ගලා බසින තැනක් විදිහටයි.

මුලින්ම ඇද හැලෙන වැස්සෙන් ඒ මුළු ප්‍රදේශයම අලංකාරවත් වෙනවා.*

 7 කොයි තරම් දුරක් ඇවිදන් ගියත්

ඔවුන් විඩාවට පත් නොවී තව තවත් ශක්තිමත් වෙනවා.+

සියොන්වල ඉන්න දෙවියන් ඉස්සරහට ඔවුන් හැමෝටම යන්න ලැබෙනවා.

 8 ස්වර්ගයේ සේනාවල දෙවි යෙහෝවා, මගේ යාච්ඤාව අහන්න.

යාකොබ්ගේ දෙවියනි, මට සවන් දෙන්න. (සීලාහ්)

 9 අපේ පලිහ+ වන දෙවියනි,*

ඔබේ අභිෂේක ලත් තැනැත්තා දිහා බලලා ඔහුට ඔබේ කරුණාව පෙන්වන්න.+

10 වෙන තැනක දවස් දහසක් ගත කරනවාට වඩා

ඔබේ කූඩාරමේ මළුවේ එක දවසක් ගත කරන්න ලැබෙන එක මට වටිනවා!+

දුෂ්ටයන්ගේ කූඩාරම්වල ඉන්නවා වෙනුවට

මගේ දෙවියන්ගේ ගෘහයේ දොරකඩ ළඟ ඉන්න මං තෝරගන්නවා.

11 මොකද යෙහෝවා දෙවියන් හිරු වගේ.+ ඔහු පලිහක් වගේ.+

ඔහුට විශ්වාසවන්තව ඉන්න අයට ඔහු හැම යහපත් දෙයක්ම ලබා දෙනවා.+

යෙහෝවා ඔවුන්ට අනුමැතිය දීලා ඔවුන්ව ගෞරවයට පත් කරනවා.

12 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා,

ඔබ ගැන විශ්වාසය තියන කෙනා ඉන්නේ සතුටින්.+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න