ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • හබක්කුක් 2
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

හබක්කුක් පොතේ සාරාංශයක්

      • ‘ඔහු මට කියන පණිවිඩය දැනගන්න කල් මම බලාගෙන ඉන්නවා’ (1)

      • යෙහෝවා අනාගතවක්තෘවරයාට දුන්න උත්තරේ (2-​20)

        • ‘දර්ශනය ඉටු වෙන කල් ඒ ගැන බලාපොරොත්තුවෙන් ඉන්න’ (3)

        • ධර්මිෂ්ඨ කෙනාගේ ජීවිතය රැකෙන්නේ විශ්වාසවන්තකම නිසා (4)

        • කල්දිවරුන්ට දුක් වෙන්න වෙන හේතු පහක් (6-20)

          • යෙහෝවා ගැන පොළොවේ ඉන්න හැමෝම දැනගන්නවා (14)

හබක්කුක් 2:1

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 21:8; මීකා 7:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    11/2018, 15-16 පි.

    මුරටැඹ,

    11/15/2007, 10 පි.

    2/1/2000, 12, 14 පි.

හබක්කුක් 2:2

පාදසටහන්

  • *

    හෝ, “වරද්දන්නේ නැතුව.”

හරස් යොමු දැක්වීම්

  • +නික් 17:14
  • +ද්වි 31:9, 11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    11/2018, 13-14 පි.

හබක්කුක් 2:3

පාදසටහන්

  • *

    මූ.අ., “ප්‍රමාද වුණත්.”

  • *

    හෝ, “උනන්දුවෙන් බලාගෙන ඉන්න.”

හරස් යොමු දැක්වීම්

  • +මීකා 7:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    4/2023, 30-31 පි.

    මුරටැඹ (පාඩම්),

    11/2018, 16 පි.

    මුරටැඹ,

    8/15/2015, 16-17 පි.

    12/15/2006, 17 පි.

    2/1/2000, 14-15 පි.

    1/15/2000, 10-11 පි.

    11/15/1998, 16-17 පි.

    1/1/1997, 12-13 පි.

    “මුළු ශුද්ධ ලියවිල්ල” (යෙරෙ–මලා), 24 පි.

හබක්කුක් 2:4

පාදසටහන්

  • *

    හෝ, “හිස උදුම්මාගත්ත.”

  • *

    හෝ සමහරවිට, “විශ්වාසය.”

හරස් යොමු දැක්වීම්

  • +යොහ 3:36; රෝම 1:17; ගලා 3:11; හෙබ්‍රෙ 10:38

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    11/2018, 16-17 පි.

    මුරටැඹ,

    2/1/2000, 15 පි.

    12/15/1999, 20-21 පි.

හබක්කුක් 2:5

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 14:16, 17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/2007, 10 පි.

    2/1/2000, 15-16 පි.

හබක්කුක් 2:6

පාදසටහන්

  • *

    හෝ, “ඔහුට විරුද්ධව හිතෝපදේශ හදන.”

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 14:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/1/2000, 16 පි.

හබක්කුක් 2:7

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 51:11

හබක්කුක් 2:8

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 13:19; යෙරෙ 27:6, 7; සෙක 2:7-9
  • +2ලේක 36:17; ගීතා 137:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/1/2000, 16 පි.

හබක්කුක් 2:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/1/2000, 16 පි.

හබක්කුක් 2:10

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 14:20

හබක්කුක් 2:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/2007, 10 පි.

    2/1/2000, 16-17 පි.

හබක්කුක් 2:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/1/2000, 17 පි.

හබක්කුක් 2:13

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 51:58

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/1/2000, 17 පි.

හබක්කුක් 2:14

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 72:19; යෙසා 11:9; සෙක 14:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    11/2018, 16-17 පි.

    මුරටැඹ,

    2/1/2000, 17-18 පි.

හබක්කුක් 2:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/1/2000, 18 පි.

හබක්කුක් 2:16

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “ඔබ වැනිවැනී යන විදිහ.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 75:8; යෙසා 51:22, 23; යෙරෙ 25:28; 51:57

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/1/2000, 18 පි.

හබක්කුක් 2:17

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 137:8; යෙරෙ 50:28; 51:24

හබක්කුක් 2:18

පාදසටහන්

  • *

    හෝ, “ලෝහ උණු කරලා.”

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 42:17; 44:19, 20; 45:20

හබක්කුක් 2:19

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 40:19; 46:6
  • +යෙරෙ 51:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/1/2000, 18-19 පි.

හබක්කුක් 2:20

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 6:1
  • +ගීතා 76:8; 115:3; සෙක 2:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/1/2000, 19 පි.

    “මුළු ශුද්ධ ලියවිල්ල” (යෙරෙ–මලා), 23 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

හබ. 2:1යෙසා 21:8; මීකා 7:7
හබ. 2:2නික් 17:14
හබ. 2:2ද්වි 31:9, 11
හබ. 2:3මීකා 7:7
හබ. 2:4යොහ 3:36; රෝම 1:17; ගලා 3:11; හෙබ්‍රෙ 10:38
හබ. 2:5යෙසා 14:16, 17
හබ. 2:6යෙසා 14:4
හබ. 2:7යෙරෙ 51:11
හබ. 2:8යෙසා 13:19; යෙරෙ 27:6, 7; සෙක 2:7-9
හබ. 2:82ලේක 36:17; ගීතා 137:8
හබ. 2:10යෙසා 14:20
හබ. 2:13යෙරෙ 51:58
හබ. 2:14ගීතා 72:19; යෙසා 11:9; සෙක 14:9
හබ. 2:16ගීතා 75:8; යෙසා 51:22, 23; යෙරෙ 25:28; 51:57
හබ. 2:17ගීතා 137:8; යෙරෙ 50:28; 51:24
හබ. 2:18යෙසා 42:17; 44:19, 20; 45:20
හබ. 2:19යෙසා 40:19; 46:6
හබ. 2:19යෙරෙ 51:17
හබ. 2:20යෙසා 6:1
හබ. 2:20ගීතා 76:8; 115:3; සෙක 2:13
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
හබක්කුක් 2:1-20

හබක්කුක්

2 මම මගේ මුරපොළට වෙලා බලාගෙන ඉන්නවා.+

බලකොටුව උඩට ගිහින් එතනට වෙලා ඉන්නවා.

ඔහු මට කියන්න කියන පණිවිඩය දැනගන්න කල් මම බලාගෙන ඉන්නවා.

ඔහු මට අවවාද කරද්දී ඔහුට කියන්නේ මොනවාද කියලා මං කල්පනා කරනවා.

 2 යෙහෝවා දෙවියන් මට මෙහෙම උත්තර දුන්නා.

“ඔබ දකින දර්ශනය ලියාගන්න. ඒක ගල් පුවරුවල පැහැදිලිව සටහන් කරගන්න.+

එතකොට හඬ නඟා කියවන කෙනාට ඒක ලේසියෙන්ම* කියවන්න පුළුවන් වෙයි.+

 3 මොකද දර්ශනය ඉටු වෙන්න නියමිත කාලයක් තියෙනවා.

ඒ නියමිත කාලය ඉක්මනින්ම එනවා.

දර්ශනය කවදාවත් බොරුවක් වෙන්නේ නැහැ.

ඒක ඉටු වෙන්න ප්‍රමාද වෙනවා වගේ පෙනුණත්* ඒ ගැන බලාපොරොත්තුවෙන් ඉන්න.*+

මොකද ඒක අනිවාර්යයෙන්ම ඉටු වෙනවා. ඒක කොහොමටවත් ප්‍රමාද වෙන්නේ නැහැ!

 4 උඩඟු* කෙනා දිහා බලන්න.

ඔහුගේ හිතේ කිසිම අවංකකමක් නැහැ.

ඒත් ධර්මිෂ්ඨ කෙනාගේ ජීවිතය රැකෙන්නේ ඔහුගේ විශ්වාසවන්තකම* නිසයි.+

 5 වයින්වලින් මුළාව යන නිසා

අහංකාර කෙනාට ඔහුගේ ඉලක්කය ජය ගන්න බැරි වෙනවා.

ඔහුගේ කෑදරකම මිනී වළ තරම්ම ගැඹුරුයි.

මරණය වගේ ඔහුත් කවදාවත් සෑහීමට පත් වෙන්නේ නැහැ.

ඔහු සියලු ජාතීන්ව යටත් කරගන්නවා.

ඔහු ඒ සියලු ජනයාව තමන්ටම අයිති කරගන්නවා.+

 6 ඒත් සියලු ජාතීන් ඔහුට සමච්චල් කරලා

ඔහු ගැන අපහාසාත්මක කියමන් කියන* දවසක් එයි.+

ඔවුන් මෙහෙම කියයි. ‘තමන්ට අයිති නැති දේවල් රැස් කරන,

තමන්ට ගෙවන්න තියෙන ණය තව තවත් වැඩි කරගන්න කෙනාට

මොන තරම් දුක් වෙන්න වෙයිද! ඔබ තව කොච්චර කල් මේ දේවල් කරනවාද?

 7 ඔබට ණය දුන්න අය හදිස්සියෙන්ම කඩාවැද ඔබෙන් පොලී ඉල්ලයි.

ඔවුන් නැඟී ඉඳලා ඔබව අත් දෙකෙන් අල්ලලා හොලවයි.

ඔබට අයිති දේවල් ඔවුන් පැහැරගෙන යයි.+

 8 ඔබ බොහෝ ජාතීන්ගෙන් වස්තු උදුරගත්තා.+

හුඟක් ලේ වැගිරුවා. පොළොව නැති නාස්ති කරලා,

බොහෝ නගරත් ඒ නගරවල වැසියන්වත් විනාශ කරලා දැම්මා.

ඒ නිසා ඔවුන්ගෙන් ඉතුරු වෙලා ඉන්න අය ඇවිත් ඔබේ වස්තුවත් කොල්ල කයි.+

 9 දුෂ්ට දේ කරලා තමන්ගේ පෙළපත වෙනුවෙන් වස්තු රැස් කරන කෙනාට දුක් වෙන්න වෙයි!

විපතෙන් බේරෙන්න තමන්ගේ කැදැල්ල උස් තැනක හදාගන්න කෙනාට දුක් වෙන්න වෙයි!

10 ඔබ හුඟදෙනෙක්ව නැති නාස්ති කරලා පව් කරනවා.+

ඔබ කූට සැලසුම් යොදලා කරන ඒ දේවලින් ඔබේම පෙළපතේ අයට නින්දාවක් ඇති වෙනවා.

11 මොකද පවුරේ ගල් කෑගහලා ඔබට විරුද්ධව කතා කරයි.

වහලේ පරාලත් ඒකට එකඟ වෙයි.

12 ලේ හලලා නගරයක් ගොඩනඟන කෙනාටත්

අධර්මිෂ්ඨකම් කරලා නුවරක් දියුණු කරන කෙනාටත් දුක් වෙන්න වෙයි!

13 ජනයා වෙහෙස මහන්සි වෙලා උපයගත්ත දේ ගින්නෙන් විනාශ වෙලා යයි.

ජාතීන් කිසි පලක් නැතුව වෙහෙසෙනවා.+

එහෙම වෙන්න සලස්වන්නේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා නෙවෙයිද?

14 ජලයෙන් මුහුද පිරිලා තියෙනවා වගේ+

යෙහෝවාගේ තේජස ගැන පොළොවේ ඉන්න හැමෝම දැනගන්නවා.

15 යාළුවන්ට මත්පැන් දුන්න තැනැත්තාට දුක් වෙන්න වෙයි!

ඔහු ඒකට ඔහුගේ කෝපයත් වෛරයත් මිශ්‍ර කරලා

වෙරි වෙන තරමටම ඔවුන්ට බොන්න දෙනවා.

එහෙම කරන්නේ ඔවුන්ව නිරුවත් කරලා නින්දාවට පත් කරන්නයි.

16 ඒ නිසා ඔබටත් ඒ වගේම පානයක් බොන්න වෙයි.

ගෞරවයට පත් වෙනවා වෙනුවට ඔබ හොඳටම ලැජ්ජාවට පත් වෙයි.

යෙහෝවාගේ දකුණතේ තියෙන කුසලානය ඔබේ අතටත් ලැබෙයි.+

ඒකෙන් ඇති තරම් බොන්න.

එතකොට ඔබ අචර්මච්ඡේදිතයෙක් කියලා* හැමෝටම දකින්න ලැබෙයි.

ඔබේ ගෞරවය නැති වෙලා ඔබට නින්දා විඳින්න වෙයි.

17 මොකද ඔබ ලෙබනොන් වනසලා දාපු විදිහටම ඔබත් වැනසෙයි.

ඔබ වනසතුන්ව බියගන්වමින් උන්ව විනාශ කරපු විදිහටම ඔබත් විනාශ වෙයි.

මොකද ඔබ හුඟක් ලේ වැගිරුවා. පොළොව නැති නාස්ති කරලා,

බොහෝ නගරත් ඒ නගරවල වැසියන්වත් විනාශ කරලා දැම්මා.+

18 මිනිසුන් කැටයම් කරපු රූපයකින් ඇති ප්‍රයෝජනය මොකක්ද?

ලෝහවලින්* හදපු රූපයකින් ඇති වැඩක් තියෙනවාද?

බොරු උගන්වන කෙනෙක්ගෙන් ප්‍රයෝජනයක් තියෙනවාද?

ඒ රූප හදන අයට ඒවා ගැන ලොකු විශ්වාසයක් තිබුණත්

ඒවාට කතා කරන්නවත් බැහැ. ඒ දෙවිවරුන්ගේ කිසි වටිනාකමක් නැහැ.+

19 ලී කෑල්ලකට කතා කරලා “අනේ, නැඟිටින්න” කියලා කියන කෙනාටත්

කතා කරන්න බැරි ගලකට “අවදි වෙලා කරන්න ඕනෙ දේ අපිට කියලා දෙන්න”

කියලා කියන කෙනාටත් දුක් වෙන්න වෙයි!

ඒවා රන් රිදී ආලේප කරලා තියෙන රූප විතරයි.+ ඒවාට හුස්ම පිට කරන්නවත් බැහැ.+

20 ඒත් යෙහෝවා දෙවියන් තමන්ගේ ශුද්ධ මාලිගාවේ ඉන්නවා.+

පොළොවේ සියලු වැසියෙනි, ඔහු ඉදිරියේ නිහඬ වෙන්න!’”+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න