ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 30
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

යෙරෙමියා පොතේ සාරාංශයක්

      • ආපහු ගොඩනඟලා සුව කරනවා කියලා දුන්න පොරොන්දුව (1-24)

යෙරෙමියා 30:3

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 30:3; එස 39:25
  • +එස්රා 2:1; යෙරෙ 29:14; 32:44; එස 20:42; ආමො 9:14

යෙරෙමියා 30:6

පාදසටහන්

  • *

    හෝ, “බඩට.”

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 4:31; මීකා 4:9

යෙරෙමියා 30:7

හරස් යොමු දැක්වීම්

  • +යෝවෙ 2:11; ශෙප 1:14

යෙරෙමියා 30:8

පාදසටහන්

  • *

    හෝ, “නාඳුනන අය.”

  • *

    හෝ, “ඔවුන්ව.”

යෙරෙමියා 30:9

හරස් යොමු දැක්වීම්

  • +එස 34:23; 37:24; හොෂෙ 3:5

යෙරෙමියා 30:10

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 41:13
  • +යෙසා 49:25; යෙරෙ 3:18
  • +යෙරෙ 33:16; එස 34:25; හොෂෙ 2:18; මීකා 4:4

යෙරෙමියා 30:11

පාදසටහන්

  • *

    හෝ, “නිවැරදි කරනවා.”

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 50:29; 51:24
  • +ලෙවී 26:44; නෙහෙ 9:31; විලා 3:22; ආමො 9:8
  • +නික් 34:6, 7; යෙරෙ 46:27, 28

යෙරෙමියා 30:12

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 36:15, 16; යෙසා 6:10; යෙරෙ 8:21, 22

යෙරෙමියා 30:14

හරස් යොමු දැක්වීම්

  • +විලා 1:2, 19
  • +විලා 2:5
  • +යෙරෙ 5:6

යෙරෙමියා 30:15

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 36:14

යෙරෙමියා 30:16

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 41:11; යෙරෙ 25:12
  • +යෙරෙ 51:29, 56; මීකා 5:9
  • +සෙක 2:8, 9

යෙරෙමියා 30:17

හරස් යොමු දැක්වීම්

  • +විලා 2:15
  • +ගීතා 102:13; යෙරෙ 33:6, 7

යෙරෙමියා 30:18

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 85:1; යෙරෙ 24:6; 29:10
  • +මීකා 4:8

යෙරෙමියා 30:19

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “ගෞරවය දිනාගත්ත සෙනඟක් කරනවා.”

හරස් යොමු දැක්වීම්

  • +එස්රා 3:12; නෙහෙ 8:17; යෙසා 35:10
  • +ද්වි 30:5; යෙසා 27:6; සෙක 10:8
  • +යෙසා 60:22; මීකා 4:7

යෙරෙමියා 30:20

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 1:26
  • +යෙසා 49:26; යෙරෙ 50:18

යෙරෙමියා 30:22

හරස් යොමු දැක්වීම්

  • +හොෂෙ 2:23
  • +යෙරෙ 31:1; එස 11:20; 36:28

යෙරෙමියා 30:23

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 25:32

යෙරෙමියා 30:24

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 4:28
  • +යෙරෙ 23:20

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

යෙරෙ. 30:3ද්වි 30:3; එස 39:25
යෙරෙ. 30:3එස්රා 2:1; යෙරෙ 29:14; 32:44; එස 20:42; ආමො 9:14
යෙරෙ. 30:6යෙරෙ 4:31; මීකා 4:9
යෙරෙ. 30:7යෝවෙ 2:11; ශෙප 1:14
යෙරෙ. 30:9එස 34:23; 37:24; හොෂෙ 3:5
යෙරෙ. 30:10යෙසා 41:13
යෙරෙ. 30:10යෙසා 49:25; යෙරෙ 3:18
යෙරෙ. 30:10යෙරෙ 33:16; එස 34:25; හොෂෙ 2:18; මීකා 4:4
යෙරෙ. 30:11යෙරෙ 50:29; 51:24
යෙරෙ. 30:11ලෙවී 26:44; නෙහෙ 9:31; විලා 3:22; ආමො 9:8
යෙරෙ. 30:11නික් 34:6, 7; යෙරෙ 46:27, 28
යෙරෙ. 30:122ලේක 36:15, 16; යෙසා 6:10; යෙරෙ 8:21, 22
යෙරෙ. 30:14විලා 1:2, 19
යෙරෙ. 30:14විලා 2:5
යෙරෙ. 30:14යෙරෙ 5:6
යෙරෙ. 30:152ලේක 36:14
යෙරෙ. 30:16යෙසා 41:11; යෙරෙ 25:12
යෙරෙ. 30:16යෙරෙ 51:29, 56; මීකා 5:9
යෙරෙ. 30:16සෙක 2:8, 9
යෙරෙ. 30:17විලා 2:15
යෙරෙ. 30:17ගීතා 102:13; යෙරෙ 33:6, 7
යෙරෙ. 30:18ගීතා 85:1; යෙරෙ 24:6; 29:10
යෙරෙ. 30:18මීකා 4:8
යෙරෙ. 30:19එස්රා 3:12; නෙහෙ 8:17; යෙසා 35:10
යෙරෙ. 30:19ද්වි 30:5; යෙසා 27:6; සෙක 10:8
යෙරෙ. 30:19යෙසා 60:22; මීකා 4:7
යෙරෙ. 30:20යෙසා 1:26
යෙරෙ. 30:20යෙසා 49:26; යෙරෙ 50:18
යෙරෙ. 30:22හොෂෙ 2:23
යෙරෙ. 30:22යෙරෙ 31:1; එස 11:20; 36:28
යෙරෙ. 30:23යෙරෙ 25:32
යෙරෙ. 30:24යෙරෙ 4:28
යෙරෙ. 30:24යෙරෙ 23:20
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
යෙරෙමියා 30:1-24

යෙරෙමියා

30 යෙහෝවා දෙවියන්ගෙන් යෙරෙමියාට මේ පණිවිඩය ලැබුණා. 2 “ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මෙහෙම කියනවා. ‘මං ඔයාට කියන හැම දෙයක්ම ලියවිල්ලක ලියාගන්න. 3 “බලන්න! වහලුන් විදිහට ඉන්න මගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්වයි, යූදා සෙනඟවයි මම එකට එකතු කරගන්න කාලයක් එනවා”+ කියලා යෙහෝවා කියනවා. “මම ඔවුන්ගේ මුතුන්මිත්තන්ට දුන්න දේශයට ඔවුන්ව ආපහු ගේනවා. ඔවුන් ඒ දේශය ආයෙත් අයිති කරගන්නවා”+ කියලා යෙහෝවා කියනවා.’”

4 යෙහෝවා ඊශ්‍රායෙල්වරුන්ටයි, යූදා සෙනඟටයි කියපු දේවල් තමයි මේ.

 5 යෙහෝවා දෙවියන් මෙහෙම කියනවා.

“බයෙන් කෑගහන හඬක් අපිට ඇහුණා.

භීතිය හැම තැනම පැතිරිලා. සාමය පේන මානෙකවත් නැහැ.

 6 පුරුෂයෙක්ට දරුවෙක්ව බිහි කරන්න පුළුවන්ද කියලා අහලා බලන්න.

එහෙමනම් ශක්තිමත් පුරුෂයන් හැමෝම දරුවෙක් බිහි කරන ස්ත්‍රියක් වගේ

තුනටියට* අත තියාගෙන ඉන්නවා මට පේන්නේ ඇයි?+

හැමෝගෙම මුහුණු සුදුමැලි වෙලා තියෙන්නේ ඇයි?

 7 අනේ, ඒ දවස කොච්චර භයානක දවසක් වෙයිද!+

කවදාවත් ඒ වගේ දවසක් තිබිලා නැහැ.

ඒක යාකොබ්ට දුක් විඳින්න වෙන කාලයක්.

ඒත් ඔහුව ඒකෙන් බේරගන්නවා.”

8 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා මෙහෙම කියනවා. “ඒ දවසේදී ඔබේ කර පිට තියලා තියෙන වියගහ මම කඩලා දානවා. ඒකේ පටි මම දෙකට කඩනවා. ඊටපස්සේ විදේශිකයන්* ආයේ ඔහුව* දාසකමට ගෙනියන්නේ නැහැ. 9 ඔවුන් තමන්ගේ දෙවි වන යෙහෝවාට සේවය කරයි. ඔවුන්ගේ රජ විදිහට මං පත් කරන දාවිත්ට ඔවුන් සේවය කරයි.”+

10 යෙහෝවා මෙහෙම කියනවා. “මගේ සේවකයා වන යාකොබ්, බය වෙන්න එපා.

ඊශ්‍රායෙල්, බයෙන් වෙවුලන්න එපා.+

මොකද දුර ඈත දේශයකට ගෙනියන ඔබව මම බේරගන්නවා.

වහලුන් විදිහට ජීවත් වෙන ඔබේ දරුවන්ව මම බේරගන්නවා.+

යාකොබ් ආපහු ඇවිත් කරදරයක් නැතුව සැනසිල්ලේ ජීවත් වෙයි.

කවුරුත් ඔවුන්ව බයගන්වන්නේ නැහැ.”+

11 “ඔබව බේරගන්න මම ඔබ එක්කම ඉන්නවා” කියලා යෙහෝවා කියනවා.

“මම ඔබව විසුරුවාහැරිය දේශවල ඉන්න හැම ජාතියක්වම නැත්තටම නැති කරනවා.+

ඒත් මම ඔබව විනාශ කරන්නේ නැහැ.+

ඔබට දඬුවම් නොකර ඉන්නෙත් නැහැ

මම ඔබව සුදුසු ප්‍රමාණයට හික්මවනවා.”*+

12 යෙහෝවා මෙහෙම කියනවා.

“ගොඩ එන්න බැරි විදිහට ඔබ වැටිලා ගිහින්.+

ඔබේ තුවාලය සුව කරන්න බැහැ.

13 ඔබ වෙනුවෙන් කතා කරන්න කවුරුත් නැහැ.

ඔබේ තුවාලය සුව කරන්න විදිහක් නැහැ.

ඔබට කිසිම සුවයක් නැහැ.

14 ඔබේ පෙම්වතුන්ට ඔබව අමතක වෙලා.+

ඔවුන් ආයේ ඔබව හොයාගෙන එන්නේ නැහැ.

මොකද සතුරෙක් පහර දෙනවා වගේ මම ඔබට පහර දුන්නා.+

කුරිරු කෙනෙක් වගේ මම ඔබට දඬුවම් කළා.

මම එහෙම කළේ ඔබ ගොඩක් වැරදි කරපු නිසයි. ඔබ හුඟක් පව්කාර දේවල් කරපු නිසයි.+

15 ඔබේ වැටීම ගැන ඔබ අඬා වැලපෙන්නේ මොකටද?

ඔබට දැනෙන වේදනාව නැති වෙන්නේ නැහැ.

මම මේ දේ ඔබට කළේ ඔබ ගොඩක් වැරදි කරපු නිසයි.+

ඔබ හුඟක් පව්කාර දේවල් කරපු නිසයි.

16 ඔබව විනාශ කරන අයව සතුරෙක් විනාශ කරලා දානවා.+

ඔබේ සතුරන් හැමෝවමත් වහල්කමට ගෙනියනවා.+

ඔබව කොල්ල කන අයවත් කොල්ල කනවා.

ඔබට අයිති දේවල් පැහැරගන්න අයව මම කොල්ලකරුවන්ගේ අතට භාර දෙනවා.”+

17 “පන්නලා දැම්ම තැනැත්තියක් විදිහට ඔබව සලකයි.

‘කවුරුත් හොයලා බලන්නේ නැති සියොන්’+ කියලා ඔබව හඳුන්වයි.

ඒත් මම ඔබව සුව කරනවා. ඔබේ තුවාල සනීප කරනවා”+ කියලා යෙහෝවා කියනවා.

18 යෙහෝවා මෙහෙම කියනවා.

“මම ආපහු යාකොබ්ගේ කූඩාරම්වලට ඇවිල්ලා වහලුන්ව එකට එකතු කරගන්නවා.+

ඔහු වාසය කරන තැන්වලට අනුකම්පාව පෙන්නනවා.

නගරය තිබුණ කන්ද මතම ඒක ආපහු ගොඩනඟනවා.+

ඒකේ බලකොටුව තිබුණ තැනම ආපහු ඉදි කරනවා.

19 ස්තුති ගී ගයන හඬත් සතුටින් හිනා වෙන හඬත් ඔවුන් අතරින් ඇහෙයි.+

මම ඔවුන්ව ගණනින් වැඩි කරනවා. ඔවුන්ගේ ගාණ අඩු වෙන්න දෙන්නේ නැහැ.+

මම ඔවුන්ව විශාල සෙනඟක් කරනවා.*

ඔවුන් කුඩා සෙනඟක් වෙන්නේ නැහැ.+

20 යාකොබ්ගේ පුතුන් කලින් වගේම සැපට ජීවත් වෙයි.

මං ඉස්සරහා ඔවුන් ශක්තිමත් සෙනඟක් වෙයි.+

ඔහුට පීඩා කරපු හැමෝටම මම දඬුවම් කරනවා.+

21 ඔහුගෙන්ම පැවතෙන කෙනෙක් ඔහුගේ උත්තමයා වෙනවා.

ඔහුගේ පාලකයා එන්නේ ඔහු අතරින්මයි.

මං ළඟට එන්න ඒ කෙනාට මම අවසර දෙනවා. ඒ කෙනා මං ළඟට එයි.”

“ඇත්තටම මගේ අවසරය නැතුව මං ළඟට එන්න ඉදිරිපත් වෙන්නේ කවුද” කියලා යෙහෝවා අහනවා.

22 “ඔබ මගේ සෙනඟ වෙනවා.+ මම ඔබේ දෙවියන් වෙනවා.”+

23 බලන්න! යෙහෝවාගේ කේන්තිය සුළි කුණාටුවක් වගේ හමාගෙන එනවා.+

ඒක සුළිසුළඟක් වගේ ඇවිත් දුෂ්ටයාගේ ඔළුවට කඩා වැටෙනවා.

24 යෙහෝවා කරන්න හිතපු දේ කරලා ඉවර වෙන කල්

ඇවිළෙන ඔහුගේ කේන්තිය නිවිලා යන්නේ නැහැ.+

අවසාන කාලේදී ඔබ ඒ ගැන තේරුම්ගනියි.+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න