ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 කොරින්ති 3
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

1 කොරින්ති පොතේ සාරාංශයක්

      • කොරින්තියේ අය තවමත් හිතන්නේ ලෝකේ මිනිස්සු වගේ (1-4)

      • වර්ධනය දෙන්නේ දෙවියන් (5-9)

        • දෙවියන්ගේ හවුල් සේවකයන් (9)

      • ගින්නට ඔරොත්තු දෙන දේවල්වලින් ගොඩනඟන්න (10-15)

      • ඔයාලා දෙවියන්ගේ මාලිගාව (16, 17)

      • ලෝකේ ප්‍රඥාව දෙවියන්ට මෝඩකමක් (18-23)

1 කොරින්ති 3:1

පාදසටහන්

  • *

    හෝ, “මිනිස්සු හිතන විදිහට හිතන අයට; පව්කාර අයට.”

  • *

    මූ.අ., “ළදරුවන්ට.”

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 2:15; කොලො 1:9
  • +1කොරි 14:20

1 කොරින්ති 3:2

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 5:12-14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/1/1996, 29 පි.

1 කොරින්ති 3:3

පාදසටහන්

  • *

    හෝ, “පව්කාර.”

හරස් යොමු දැක්වීම්

  • +රෝම 8:7, 8
  • +ගලා 5:19, 20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ, 3/1/2008, 30-31 පි.

1 කොරින්ති 3:4

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 18:24, 25

1 කොරින්ති 3:5

හරස් යොමු දැක්වීම්

  • +2කොරි 3:5, 6; කොලො 1:23; 1තිමෝ 1:12

1 කොරින්ති 3:6

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 18:4
  • +ක්‍රියා 18:26-28; 19:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    7/2021, 3 පි.

    මුරටැඹ,

    7/15/1999, 12 පි.

    10/1/1996, 22 පි.

    3/1/1993, 20-23 පි.

1 කොරින්ති 3:7

හරස් යොමු දැක්වීම්

  • +රෝම 9:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2008, 12, 16 පි.

    3/1/1993, 20-23 පි.

1 කොරින්ති 3:8

හරස් යොමු දැක්වීම්

  • +රෝම 2:6; 1කොරි 4:5; එළි 22:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    5/2018, 15 පි.

    දෙවිගේ රාජ්‍යයේ පාලනය ඇරඹිලා!, 92 පි.

    මුරටැඹ,

    7/15/2008, 14 පි.

1 කොරින්ති 3:9

හරස් යොමු දැක්වීම්

  • +එෆී 2:22; 1පේතෘ 2:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    “මගේ අනුගාමිකයෙක්”, 155 පි.

    මුරටැඹ (පාඩම්),

    7/2021, 3 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 21 පාඩම

    මුරටැඹ (පාඩම්),

    8/2018, 23 පි.

    මුරටැඹ,

    11/15/2012, 17 පි.

    7/15/1999, 12 පි.

    11/1/1998, 8 පි.

    3/1/1993, 21 පි.

1 කොරින්ති 3:10

හරස් යොමු දැක්වීම්

  • +රෝම 15:20; හෙබ්‍රෙ 6:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/1999, 13 පි.

    11/1/1998, 8-10, 14-15 පි.

1 කොරින්ති 3:11

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 118:22; යෙසා 28:16; මතෙ 21:42; එෆී 2:20; 1පේතෘ 2:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/1999, 13-14 පි.

    11/1/1998, 9-10 පි.

    7/1/1992, 20-21 පි.

1 කොරින්ති 3:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/1999, 12-13 පි.

    11/1/1998, 10-13 පි.

    7/1/1992, 22 පි.

    පවුලේ සන්තෝෂය, 55 පි.

1 කොරින්ති 3:13

හරස් යොමු දැක්වීම්

  • +1පේතෘ 4:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/1999, 12-13 පි.

    12/15/1998, 30 පි.

    11/1/1998, 10-11 පි.

    7/1/1992, 23 පි.

1 කොරින්ති 3:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/1/1998, 11-12 පි.

    7/1/1992, 23 පි.

1 කොරින්ති 3:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/1/1998, 11-13 පි.

1 කොරින්ති 3:16

හරස් යොමු දැක්වීම්

  • +2කොරි 6:16; එෆී 2:21; 1පේතෘ 2:5
  • +1කොරි 6:19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 29 පි.

1 කොරින්ති 3:17

හරස් යොමු දැක්වීම්

  • +1පේතෘ 2:5

1 කොරින්ති 3:18

පාදසටහන්

  • *

    මූ.අ., “මේ සමාජයේ.” “පැහැදිලි කිරීමක්” බලන්න.

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/1/1992, 19 පි.

1 කොරින්ති 3:19

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 5:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්, 5 ලිපිය

    මුරටැඹ (පාඩම්),

    5/2019, 21-25 පි.

1 කොරින්ති 3:20

පාදසටහන්

  • *

    උප. A5 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 94:11

1 කොරින්ති 3:22

පාදසටහන්

  • *

    පේතෘස් කියලත් හඳුන්වනවා.

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 1:12

1 කොරින්ති 3:23

හරස් යොමු දැක්වීම්

  • +යොහ 17:9; 2කොරි 10:7

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

1 කොරි. 3:11කොරි 2:15; කොලො 1:9
1 කොරි. 3:11කොරි 14:20
1 කොරි. 3:2හෙබ්‍රෙ 5:12-14
1 කොරි. 3:3රෝම 8:7, 8
1 කොරි. 3:3ගලා 5:19, 20
1 කොරි. 3:4ක්‍රියා 18:24, 25
1 කොරි. 3:52කොරි 3:5, 6; කොලො 1:23; 1තිමෝ 1:12
1 කොරි. 3:6ක්‍රියා 18:4
1 කොරි. 3:6ක්‍රියා 18:26-28; 19:1
1 කොරි. 3:7රෝම 9:16
1 කොරි. 3:8රෝම 2:6; 1කොරි 4:5; එළි 22:12
1 කොරි. 3:9එෆී 2:22; 1පේතෘ 2:5
1 කොරි. 3:10රෝම 15:20; හෙබ්‍රෙ 6:1
1 කොරි. 3:11ගීතා 118:22; යෙසා 28:16; මතෙ 21:42; එෆී 2:20; 1පේතෘ 2:6
1 කොරි. 3:131පේතෘ 4:12
1 කොරි. 3:162කොරි 6:16; එෆී 2:21; 1පේතෘ 2:5
1 කොරි. 3:161කොරි 6:19
1 කොරි. 3:171පේතෘ 2:5
1 කොරි. 3:19යෝබ් 5:13
1 කොරි. 3:20ගීතා 94:11
1 කොරි. 3:221කොරි 1:12
1 කොරි. 3:23යොහ 17:9; 2කොරි 10:7
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
1 කොරින්ති 3:1-23

පළවෙනි කොරින්ති

3 සහෝදරයෙනි, ඔයාලා දෙවියන්ගේ බලයේ මඟ පෙන්වීමට එකඟව වැඩ කරන අය නෙමෙයි. ඉතින් මට ඔයාලට කතා කරන්න වුණේ දෙවියන් හිතන විදිහට හිතන්නේ නැති අයට* කතා කරනවා වගෙයි.+ ක්‍රිස්තියානි ඉගැන්වීම් ගැන කිසිම අවබෝධයක් නැති අයට*+ කතා කරනවා වගෙයි. 2 ඒ නිසා මං ඔයාලට බොන්න දුන්නේ කිරි. ඝන ආහාර කන්න දුන්නේ නැහැ. මං එහෙම කළේ ඔයාලට ඒ වෙද්දී ඝන ආහාර දිරවන්න පුළුවන්කමක් තිබුණේ නැති නිසයි. තාමත් ඔයාලට ඒක කරන්න බැහැ.+ 3 ඔයාලා තාම හිතන්නේ මිනිස්සු හිතන විදිහට.+ ඔයාලා ඊර්ෂ්‍යා කරනවා, රණ්ඩු කරගන්නවා. ඒකෙන් තේරෙනවා ඔයාලා හැසිරෙන්නේ මේ ලෝකේ* මිනිස්සු වගේ+ කියලා. 4 එක් කෙනෙක් කියද්දී “මං පාවුල්ගේ පැත්තේ” කියලා තවත් කෙනෙක් කියනවා “මං අපොලොස්ගේ පැත්තේ”+ කියලා. ඔයාලා මේ හැසිරෙන්නේ ලෝකේ මිනිස්සු වගේ නෙමෙයිද?

5 ඉතින් අපොලොස් කියන්නේ වැදගත් කෙනෙක්ද? පාවුල් කියන්නේ වැදගත් කෙනෙක්ද? අපි නිකම්ම නිකම් සේවකයන්+ විතරයි. අපි යේසුස්ගේ අනුගාමිකයන් වෙන්න ඔයාලට උදව් කරපු අය විතරයි. අපි කළේ ස්වාමීන් අපිට පවරපු වැඩේ. 6 බීජ පැළ කළේ+ මමයි. වතුර දැම්මේ+ අපොලොස්. ඒත් වර්ධනය දුන්නේ දෙවියන්. 7 ඉතින් වැදගත් වෙන්නේ බීජ පැළ කරන කෙනාවත් වතුර දාන කෙනාවත් නෙමෙයි වර්ධනය දෙන දෙවියනුයි.+ 8 බීජ පැළ කරන කෙනායි, වතුර දාන කෙනායි වැඩ කරන්නේ එකම අරමුණකට. ඒත් ඒ එක් එක් කෙනාට ප්‍රතිඵල ලැබෙන්නේ එයාගේ මහන්සියට අනුව.+ 9 අපි දෙවියන්ගේ හවුල් සේවකයන්. අපි හරියට දෙවියන් වගා කරන වත්තක් වගේ. දෙවියන් ඉදි කරන ගොඩනැඟිල්ලක් වගේ.+

10 දෙවියන් මට පෙන්නපු මහත් කරුණාව නිසා දක්ෂ ඉදි කරන්නෙක් විදිහට අත්තිවාරමක් දාන්න මට පුළුවන් වුණා.+ දැන් වෙන කෙනෙක් ඒ අත්තිවාරම උඩ ගොඩනඟනවා. ඒත් තමන් ඒ අත්තිවාරම උඩ ගොඩනඟන්නේ කොහොමද කියන දේ ගැන එක් එක් කෙනා කල්පනාකාරී වෙන්න ඕනේ. 11 දෙවියන් දාලා තියෙන අත්තිවාරම තමයි යේසුස් ක්‍රිස්තුස්. ඉතින් වෙන අත්තිවාරමක් දාන්න කාටවත් බැහැ.+ 12 කෙනෙක් ඒ අත්තිවාරම උඩ රත්තරන්, රිදී, මැණික්, ලී, පිදුරු නැත්නම් වේළිච්ච තණකොළ පාවිච්චි කරලා ගොඩනඟයි. 13 හැබැයි එක් එක් කෙනා ගොඩනඟන වැඩේ කරලා තියෙන්නේ කොහොමද කියලා පැහැදිලි වෙන දවසක් එනවා. ඒක පැහැදිලි වෙන්නේ ගින්දර මාර්ගයෙන්.+ එක් එක් කෙනා ගොඩනඟලා තියෙන්නේ කොහොමද කියලා ගින්න හෙළි කරයි. 14 කෙනෙක් අත්තිවාරම උඩ ගොඩනඟපු දේ දිගටම තියෙනවා නම් එයාට තෑග්ගක් හම්බ වෙයි. 15 ඒත් කෙනෙක් ගොඩනඟපු දේ පිච්චිලා ගියොත් එයාට පාඩුවක් විඳින්න වෙනවා. එයාට තමන්ගේ ජීවිතේ බේරගන්න පුළුවන් වෙයි. ඒත් එයා හරියට ගින්නකින් පණ බේරගත්ත කෙනෙක් වගේ වෙයි.

16 ඔයාලා දෙවියන්ගේ මාලිගාව+ කියලත් දෙවියන්ගේ බලය ඔයාලා ඇතුළේ තියෙනවා+ කියලත් ඔයාලා දන්නේ නැද්ද? 17 කවුරු හරි දෙවියන්ගේ මාලිගාව විනාශ කළොත් දෙවියන් ඒ කෙනාව විනාශ කරලා දානවා. මොකද දෙවියන්ගේ මාලිගාව ශුද්ධයි. ඔයාලා තමයි ඒ මාලිගාව.+

18 ඔයාලවම රවට්ටගන්න එපා. මේ ලෝකේ* අය ඉස්සරහා තමන් ප්‍රඥාවන්තයි කියලා හිතන කෙනෙක් හැමෝම ඉස්සරහා මෝඩයෙක් වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි එයාට ප්‍රඥාවන්තයෙක් වෙන්න පුළුවන්. 19 මොකද මේ ලෝකයේ ප්‍රඥාව දෙවියන් සලකන්නේ මෝඩකමක් විදිහට. ශුද්ධ ලියවිලිවලත් මෙහෙම ලියලා තියෙනවා. “කපටි උපායන් යොදන ප්‍රඥාවන්තයන්ව එයාලා අටවන උගුලටම දෙවියන් ඇදලා දානවා.”+ 20 මෙහෙමත් ලියලා තියෙනවා. “ප්‍රඥාවන්තයන් හිතන දේවල් කිසිම වැඩක් නැහැ කියලා යෙහෝවා* දන්නවා.”+ 21 ඉතින් මිනිස්සුන්ට කරන්න පුළුවන් දේවල් ගැන කිසිම කෙනෙක් මහ ඉහළින් කතා නොකර ඉන්න ඕනේ. ඇත්තටම හැම දෙයක්ම අයිති ඔයාලට. 22 පාවුල්, අපොලොස්, සීෆස්,*+ මේ ලෝකය, ජීවිතය, මරණය, දැන් තියෙන දේවල් සහ ඉස්සරහට එන්න තියෙන දේවල් වගේ ඒ හැම දෙයක්ම අයිති ඔයාලට. 23 ඔයාලව අයිති ක්‍රිස්තුස්ට.+ ක්‍රිස්තුස්ව අයිති දෙවියන්ට.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න