ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 20
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

යෙරෙමියා පොතේ සාරාංශයක්

      • පෂ්හූර් යෙරෙමියාට ගහයි (1-6)

      • යෙරෙමියාට නිහඬව ඉන්න බැහැ (7-13)

        • දෙවියන්ගේ පණිවිඩය ගින්නක් වගේ ඇවිළුණා (9)

        • යෙහෝවා බලවත් සටන්කරුවෙක් වගෙයි (11)

      • යෙරෙමියාගේ පැමිණිල්ල (14-18)

යෙරෙමියා 20:2

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 16:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙරෙමියා, 75-76, 111 පි.

යෙරෙමියා 20:3

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 6:25

යෙරෙමියා 20:4

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 28:32
  • +යෙරෙ 25:9; 39:9

යෙරෙමියා 20:5

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 20:17; 24:11, 13; 25:13-15; විලා 1:10
  • +2ලේක 36:10; යෙරෙ 15:13

යෙරෙමියා 20:6

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 14:14; 28:15; 29:21

යෙරෙමියා 20:7

හරස් යොමු දැක්වීම්

  • +එස 3:14; මීකා 3:8
  • +ගීතා 22:7; යෙරෙ 15:10, 15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙරෙමියා, 47-49 පි.

    මුරටැඹ,

    3/15/2007, 9 පි.

    5/1/1991, 29 පි.

යෙරෙමියා 20:8

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 36:16; යෙරෙ 6:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙරෙමියා, 157-158 පි.

යෙරෙමියා 20:9

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 19:2, 4; යෝනා 1:3
  • +යෙරෙ 6:11; ආමො 3:8; ක්‍රියා 4:19, 20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2010, 9 පි.

    2/15/2010, 7-8 පි.

    7/1/2000, 9-10 පි.

    3/1/2000, 17 පි.

    යෙරෙමියා, 157-158 පි.

යෙරෙමියා 20:10

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 31:13
  • +ගීතා 38:16

යෙරෙමියා 20:11

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 1:8; රෝම 8:31
  • +ගීතා 27:2; යෙරෙ 15:15, 20; 17:18
  • +ගීතා 6:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2011, 30 පි.

    යෙරෙමියා, 48-49 පි.

යෙරෙමියා 20:12

පාදසටහන්

  • *

    හෝ, “ඇතුළාන්ත හැඟීම්.” මූ.අ., “වකුගඩු.”

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 17:10
  • +ගීතා 59:10; යෙරෙ 17:18
  • +යෙරෙ 11:20; 1පේතෘ 2:23

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙරෙමියා, 197 පි.

යෙරෙමියා 20:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙරෙමියා, 112-113 පි.

යෙරෙමියා 20:14

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 3:3; යෙරෙ 15:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙරෙමියා, 12-13 පි.

යෙරෙමියා 20:17

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 10:18

යෙරෙමියා 20:18

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 3:20

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

යෙරෙ. 20:22ලේක 16:10
යෙරෙ. 20:3යෙරෙ 6:25
යෙරෙ. 20:4ද්වි 28:32
යෙරෙ. 20:4යෙරෙ 25:9; 39:9
යෙරෙ. 20:52රාජා 20:17; 24:11, 13; 25:13-15; විලා 1:10
යෙරෙ. 20:52ලේක 36:10; යෙරෙ 15:13
යෙරෙ. 20:6යෙරෙ 14:14; 28:15; 29:21
යෙරෙ. 20:7එස 3:14; මීකා 3:8
යෙරෙ. 20:7ගීතා 22:7; යෙරෙ 15:10, 15
යෙරෙ. 20:82ලේක 36:16; යෙරෙ 6:10
යෙරෙ. 20:91රාජා 19:2, 4; යෝනා 1:3
යෙරෙ. 20:9යෙරෙ 6:11; ආමො 3:8; ක්‍රියා 4:19, 20
යෙරෙ. 20:10ගීතා 31:13
යෙරෙ. 20:10ගීතා 38:16
යෙරෙ. 20:11යෙරෙ 1:8; රෝම 8:31
යෙරෙ. 20:11ගීතා 27:2; යෙරෙ 15:15, 20; 17:18
යෙරෙ. 20:11ගීතා 6:10
යෙරෙ. 20:12යෙරෙ 17:10
යෙරෙ. 20:12ගීතා 59:10; යෙරෙ 17:18
යෙරෙ. 20:12යෙරෙ 11:20; 1පේතෘ 2:23
යෙරෙ. 20:14යෝබ් 3:3; යෙරෙ 15:10
යෙරෙ. 20:17යෝබ් 10:18
යෙරෙ. 20:18යෝබ් 3:20
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
යෙරෙමියා 20:1-18

යෙරෙමියා

20 යෙරෙමියා ඒ අනාවැකි කියද්දී ඉම්මේර්ගේ පුතා වුණ පෂ්හූර් කියන පූජකයා ඒක අහගෙන හිටියා. එයා යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ ප්‍රධාන නිලධාරියා විදිහටයි වැඩ කළේ. 2 පෂ්හූර් අනාගතවක්තෘ යෙරෙමියාට ගහලා එයාව යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ ඉහළට වෙන්න තියෙන බෙන්ජමින් දොරටුව ළඟ තිබුණ දඬුකඳේ ගැහුවා.+ 3 ඊළඟ දවසේදී පෂ්හූර් දඬුකඳේ ගහලා හිටපු යෙරෙමියාව නිදහස් කළාම යෙරෙමියා එයාට මෙහෙම කිව්වා.

“යෙහෝවා දෙවියන් ඔබට පෂ්හූර් කියන නම වෙනුවට ‘භීතියෙන් වට වෙලා’ කියන නම දුන්නා.+ 4 මොකද යෙහෝවා මෙහෙම කියනවා. ‘ඔබට වෙන දේ දැකලා ඔබයි, ඔබේ යාළුවෝයි හොඳටම බය වෙනවා. ඔබ බලාගෙන ඉද්දීම සතුරන්ගේ කඩු පහරින් ඔවුන් මැරුම් කනවා.+ මම යූදාවල ඉන්න හැමෝවම බැබිලෝනියේ රජගේ අතට භාර දෙනවා. ඔහු ඔවුන්ව වහලුන් විදිහට බැබිලෝනියට අරන් ගිහින් එහෙදී කඩුවෙන් මරලා දායි.+ 5 මම මේ නගරයේ තියෙන ඔක්කොම ධනය, හැම සම්පතක්ම, ඒකේ තියෙන හැම වටිනා දෙයක්ම සහ යූදාවල රජවරුන්ගේ හැම වස්තුවක්ම ඔවුන්ගේ සතුරන්ගේ අතට භාර දෙනවා.+ ඔවුන් ඒ හැම දෙයක්ම කොල්ල කාලා ඒවා බැබිලෝනියට අරන් යනවා.+ 6 පෂ්හූර්, ඔබවත් ඔබේ ගෙදර ඉන්න හැමෝවමත් වහලුන් විදිහට අරන් යනවා. ඔබ බැබිලෝනියට ගිහින් එහෙදී මැරෙනවා. ඔබේ යාළුවන් එක්ක ඔබවත් එහෙදී තැන්පත් කරයි. මොකද ඔබ සෙනඟට කිව්වේ බොරු අනාවැකි.’”+

 7 අනේ යෙහෝවා, ඔබ මාව පුදුම කළා. මම ඇත්තටම පුදුම වුණා.

ඔබ මට වඩා බලවත් කියලා පෙන්නුවා. ඔබ ජය ගත්තා.+

දවස පුරාම හැමෝම මට හිනා වෙනවා.

හැමෝම මට සමච්චල් කරනවා.+

 8 මොකද මං කතා කරන හැම වෙලාවකම මං කෑගහලා කියන්නේ

“මරනවා! විනාශ කරනවා” කියලයි.

යෙහෝවාගේ පණිවිඩය නිසා දවස පුරාම මිනිස්සු මට නින්දා කරනවා. මට සරදම් කරනවා.+

 9 ඉතින් මම මෙහෙම හිතුවා. “මං ආයේ දෙවියන් ගැන කතා කරන්නේ නැහැ.

ඔහුගේ නමින් කිසිම දෙයක් කියන්නෙත් නැහැ.”+

ඒත් ඔහුගේ වදන් මගේ හදවතේ ගින්නක් වගේ ඇවිළුණා. ඒ ගින්න මගේ ඇටකටු අස්සේ හිර වෙලා තිබුණා.

ඒක හිර කරගෙන ඉඳලා මට වෙහෙසයි.

මට තවත් නම් නිහඬව ඉන්න බැහැ.+

10 අනිත් අය කියන නපුරු දේවල් මට ඇහුණා.

භීතිය මාව වට කරගත්තා.+

“ඔහුට නින්දා කරන්න. අපි ඔහුට නින්දා කරමු.”

මට සුබ පතන හැමෝම මං වැටෙන කල් බලාගෙන ඉන්නවා.+

“සමහරවිට ඔහු මෝඩ දෙයක් කරයි.

එතකොට අපිට ඔහුව අල්ලගෙන ඔහුගෙන් පළිගන්න පුළුවන්.”

11 ඒත් යෙහෝවා බලවත් සටන්කරුවෙක් වගේ මාත් එක්කම හිටියා.+

මට පීඩා කරන අය වැටිලා යන්නේ ඒ නිසයි. ඔවුන් කවදාවත් ජය ගන්නේ නැහැ.+

ඔවුන්ගේ උත්සාහය අසාර්ථක වෙන නිසා ඔවුන් ලොකු ලැජ්ජාවක් අද්දකිනවා.

ඔවුන් අද්දකින නින්දාව හැමදාටම තියෙයි. ඒක අමතක වෙන්නේ නැහැ.+

12 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා, ඔබ ධර්මිෂ්ඨ කෙනාව සෝදිසි කරලා බලනවා.

ඔබ ඔහුගේ හදවතත් හැම සිතුවිල්ලක්මත්* දකිනවා.+

ඔබ සතුරන්ට දඬුවම් කරන විදිහ දකින්න මට ඉඩ දෙන්න.+

මොකද මම මගේ නඩුව භාර දුන්නේ ඔබටයි.+

13 යෙහෝවාට ගී ගයන්න. යෙහෝවාට ප්‍රශංසා කරන්න.

මොකද ඔහු දුප්පතාව දුෂ්ටයන්ගේ අතින් බේරගත්තා.

14 මම ඉපදුණේ නැත්නම් කොච්චර හොඳද!

මගේ අම්මා මාව බිහි කළේ නැත්නම් කොච්චර හොඳද!+

15 “ඔබට පුතෙක් ලැබුණා” කියන ආරංචිය මගේ තාත්තාට කියලා

ඔහුගේ හිතට ලොකු සතුටක් ගෙනාපු මනුස්සයාට ශාප වේවා!

16 යෙහෝවා අනුකම්පාවක් පෙන්නන්නේ නැතුව විනාශ කරපු නගරවලට වුණ දේම ඒ මනුස්සයාටත් වේවා!

උදෑසන කෑ මොර දෙන හඬත් මහ දවල් යුද හඬත් ඔහුට ඇහෙන්න ලැබේවා!

17 මව්කුසේදීම මාව මරලා දැම්මේ නැත්තේ ඇයි?

එහෙම වුණා නම් මව්කුස මගේ සොහොන වෙනවා.

මගේ අම්මා කවදාවත් මාව බිහි කරන්නේ නැහැ.+

18 මම මව්කුසෙන් බිහි වුණේ මොකටද?

මේ තරම් ප්‍රශ්නවලට මූණ දෙන්නද? දුක් විඳින්නද?

මගේ ජීවිත කාලේ පුරාම නින්දා විඳින්නද?+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න