ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 29
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

යෙරෙමියා පොතේ සාරාංශයක්

      • බැබිලෝනියේ වහලුන් විදිහට ඉන්න අයට යෙරෙමියා යවපු ලියුම (1-23)

        • අවුරුදු 70කට පස්සේ ඊශ්‍රායෙල්වරු ආපහු එනවා (10)

      • ෂෙමායාට දුන්න පණිවිඩය (24-32)

යෙරෙමියා 29:2

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “පවුරු හදපු අයවයි.”

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 24:8; යෙරෙ 22:24
  • +යෙරෙ 22:26
  • +2රාජා 24:15, 16; යෙරෙ 24:1

යෙරෙමියා 29:3

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 22:8; යෙරෙ 26:24; 39:13, 14; එස 8:11
  • +2රාජා 24:18

යෙරෙමියා 29:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    “මුළු ශුද්ධ ලියවිල්ල” (යෙරෙ–මලා), 6 පි.

යෙරෙමියා 29:7

හරස් යොමු දැක්වීම්

  • +1තිමෝ 2:1, 2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/1/1996, 11 පි.

යෙරෙමියා 29:8

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 14:14; 27:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/1/1996, 5-6 පි.

යෙරෙමියා 29:9

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 23:21; 28:15

යෙරෙමියා 29:10

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 36:20, 21; එස්රා 1:1-3; දානි 9:2; සෙක 1:12
  • +ද්වි 30:3; එස්රා 2:1; යෙරෙ 24:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    පිබිදෙව්!,

    6/2012, 13-14 පි.

    මුරටැඹ,

    10/1/2011, 26-27 පි.

    යෙරෙමියා, 216 පි.

යෙරෙමියා 29:11

හරස් යොමු දැක්වීම්

  • +ශෙප 3:15
  • +යෙරෙ 31:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබල් පද පැහැදිලි කිරීමක්, 6 ලිපිය

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 2 පාඩම

    පිබිදෙව්!,

    අංක 3 2021 14 පි.

යෙරෙමියා 29:12

හරස් යොමු දැක්වීම්

  • +දානි 9:3

යෙරෙමියා 29:13

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 4:29; 30:1-4; 1රාජා 8:47, 48; යෙරෙ 24:7
  • +ලෙවී 26:40

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙරෙමියා, 153 පි.

යෙරෙමියා 29:14

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 55:6
  • +යෙසා 49:25; යෙරෙ 30:3; එස 39:28
  • +ගීතා 126:1; හොෂෙ 6:11; ආමො 9:14; ශෙප 3:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙරෙමියා, 153 පි.

යෙරෙමියා 29:16

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 28:1

යෙරෙමියා 29:17

පාදසටහන්

  • *

    හෝ, “ලෙඩ රෝගත්.”

  • *

    හෝ සමහරවිට, “පැළුණ.”

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 24:10
  • +යෙරෙ 24:2, 8

යෙරෙමියා 29:18

පාදසටහන්

  • *

    හෝ, “නින්දාවක් විදිහට විසිල් ගහයි.”

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 26:33
  • +ද්වි 28:25; යෙරෙ 34:17
  • +1රාජා 9:8; 2ලේක 29:8; යෙරෙ 25:9; විලා 2:15
  • +යෙරෙ 24:9

යෙරෙමියා 29:19

පාදසටහන්

  • *

    මූ.අ., “උදේ පාන්දර නැඟිටලා.”

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 7:13
  • +යෙරෙ 6:19

යෙරෙමියා 29:21

පාදසටහන්

  • *

    මූ.අ., “නෙබුකද්රෙෂර්ගේ.” ඒ නම ලියන වෙන විදිහක්.

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 14:14; 29:8; විලා 2:14

යෙරෙමියා 29:23

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 23:14
  • +යෙරෙ 7:9, 10; 27:15
  • +යෙරෙ 16:17; 23:24

යෙරෙමියා 29:24

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 29:31, 32

යෙරෙමියා 29:25

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 25:18, 21; යෙරෙ 21:1, 2; 37:3; 52:24, 27

යෙරෙමියා 29:26

පාදසටහන්

  • *

    මුල් භාෂාවේ මෙතන වචන දෙකක් තියෙනවා. එකකින් කකුල්වලට දාන දඬුකඳත් අනිත් වචනයෙන් අත්වලට සහ බෙල්ලට දාන දඬුකඳත් අදහස් කරනවා.

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 20:2

යෙරෙමියා 29:27

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 43:2
  • +යෙරෙ 1:1

යෙරෙමියා 29:28

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 29:5

යෙරෙමියා 29:29

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 25:18, 21

යෙරෙමියා 29:31

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 14:14; 28:15, 16; එස 13:8, 9

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

යෙරෙ. 29:22රාජා 24:8; යෙරෙ 22:24
යෙරෙ. 29:2යෙරෙ 22:26
යෙරෙ. 29:22රාජා 24:15, 16; යෙරෙ 24:1
යෙරෙ. 29:32රාජා 22:8; යෙරෙ 26:24; 39:13, 14; එස 8:11
යෙරෙ. 29:32රාජා 24:18
යෙරෙ. 29:71තිමෝ 2:1, 2
යෙරෙ. 29:8යෙරෙ 14:14; 27:14
යෙරෙ. 29:9යෙරෙ 23:21; 28:15
යෙරෙ. 29:102ලේක 36:20, 21; එස්රා 1:1-3; දානි 9:2; සෙක 1:12
යෙරෙ. 29:10ද්වි 30:3; එස්රා 2:1; යෙරෙ 24:6
යෙරෙ. 29:11ශෙප 3:15
යෙරෙ. 29:11යෙරෙ 31:17
යෙරෙ. 29:12දානි 9:3
යෙරෙ. 29:13ද්වි 4:29; 30:1-4; 1රාජා 8:47, 48; යෙරෙ 24:7
යෙරෙ. 29:13ලෙවී 26:40
යෙරෙ. 29:14යෙසා 55:6
යෙරෙ. 29:14යෙසා 49:25; යෙරෙ 30:3; එස 39:28
යෙරෙ. 29:14ගීතා 126:1; හොෂෙ 6:11; ආමො 9:14; ශෙප 3:20
යෙරෙ. 29:16යෙරෙ 28:1
යෙරෙ. 29:17යෙරෙ 24:10
යෙරෙ. 29:17යෙරෙ 24:2, 8
යෙරෙ. 29:18ලෙවී 26:33
යෙරෙ. 29:18ද්වි 28:25; යෙරෙ 34:17
යෙරෙ. 29:181රාජා 9:8; 2ලේක 29:8; යෙරෙ 25:9; විලා 2:15
යෙරෙ. 29:18යෙරෙ 24:9
යෙරෙ. 29:19යෙරෙ 7:13
යෙරෙ. 29:19යෙරෙ 6:19
යෙරෙ. 29:21යෙරෙ 14:14; 29:8; විලා 2:14
යෙරෙ. 29:23යෙරෙ 23:14
යෙරෙ. 29:23යෙරෙ 7:9, 10; 27:15
යෙරෙ. 29:23යෙරෙ 16:17; 23:24
යෙරෙ. 29:24යෙරෙ 29:31, 32
යෙරෙ. 29:252රාජා 25:18, 21; යෙරෙ 21:1, 2; 37:3; 52:24, 27
යෙරෙ. 29:26යෙරෙ 20:2
යෙරෙ. 29:27යෙරෙ 43:2
යෙරෙ. 29:27යෙරෙ 1:1
යෙරෙ. 29:28යෙරෙ 29:5
යෙරෙ. 29:292රාජා 25:18, 21
යෙරෙ. 29:31යෙරෙ 14:14; 28:15, 16; එස 13:8, 9
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
යෙරෙමියා 29:1-32

යෙරෙමියා

29 අනාගතවක්තෘ යෙරෙමියා යෙරුසලමේ ඉඳන් බැබිලෝනියට ලියුමක් යැව්වා. ඒ ලියුම යැව්වේ නෙබුකද්නෙෂර් රජ යෙරුසලමේ ඉඳන් බැබිලෝනියට අරන් ගිය සෙනඟ අතරේ හිටපු වැඩිමහල්ලන්ට වගේම එහෙට අරන් ගිය පූජකයන්ට, අනාගතවක්තෘවරුන්ට සහ මුළු සෙනඟටයි. 2 ඒ ලියුම යවද්දී යෙකොනියා රජවයි,+ මව් බිසවවයි,+ රජමාලිගාවේ නිලධාරීන්වයි, යූදාවල සහ යෙරුසලමේ අධිපතීන්වයි, විවිධ කර්මාන්ත කරපු අයවයි, ලෝහවලින් වැඩ කරපු අයවයි* යෙරුසලමෙන් අරන් ගිහින් තිබුණා.+ 3 යෙරෙමියා ඒ ලියුම යැව්වේ ෂාපාන්ගේ+ පුතා වුණ එලාසා සහ හිල්කියාගේ පුතා වුණ ගෙමරියා අතෙයි. යූදාවල රජ වුණ ශෙදකියා+ ඒ දෙන්නාව බැබිලෝනියේ රජ වන නෙබුකද්නෙෂර් ළඟට යවපු වෙලාවේ තමයි යෙරෙමියා ඒක යැව්වේ. ඒ ලියුමේ මෙහෙම ලියලා තිබුණා.

4 “සෙනඟට දන්වන්න ස්වර්ගයේ සේනාවල අධිපති සහ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවාට පණිවිඩයක් තියෙනවා. මම යෙරුසලමේ ඉඳන් බැබිලෝනියට වහලුන් විදිහට යවපු සෙනඟට කියන්නේ මේකයි. 5 ‘ගෙවල් ගොඩනඟලා ඒවාවල පදිංචි වෙන්න. ගෙවත්තේ වගා කරලා ඒකේ පලදාව කන්න. 6 විවාහ වෙලා දූපුතුන්ව හදාගන්න. ඔබේ පුතුන්ව විවාහ කරලා දෙන්න. ඔබේ දූවරුන්වත් විවාහ කරලා දෙන්න. එතකොට ඔවුන්ටත් දූපුතුන්ව හදාගන්න පුළුවන්. ඒ විදිහට දරුවන් බිහි කරලා ගණනින් වැඩි වෙන්න. ඔබේ ගාණ අඩු වෙන්න ඉඩ දෙන්න එපා. 7 මම ඔබව වහලුන් විදිහට යවපු නගරයේ සාමය රැකෙන විදිහට ජීවත් වෙන්න. ඒ නගරය වෙනුවෙන් යෙහෝවා දෙවියන්ට කන්නලව් කරන්න. මොකද ඒ නගරයේ සාමය තිබුණොත් ඔබටත් සමාදානයෙන් ජීවත් වෙන්න පුළුවන් වෙයි.+ 8 ඒ නිසා ස්වර්ගයේ සේනාවල අධිපති සහ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මෙහෙම කියනවා. “ඔබ අතරේ ඉන්න අනාගතවක්තෘවරුන්ට සහ පේන කියන අයට ඔබව මුළා කරන්න ඉඩ දෙන්න එපා.+ ඔවුන් දකින සිහින ගැන කියද්දී ඒවාට ඇහුම්කන් දෙන්න එපා. 9 මොකද ‘මගේ නමින් ඔවුන් කියන්නේ බොරු අනාවැකි. මම ඔවුන්ව එව්වේ නැහැ.’+ එහෙම කියන්නේ යෙහෝවායි.”’”

10 “මොකද යෙහෝවා කියන්නේ මෙහෙමයි. ‘බැබිලෝනියේ ඉන්න තියෙන අවුරුදු 70 සම්පූර්ණ වුණාම මම ඔබ වෙනුවෙන් පියවර ගන්නවා.+ ඔබව ආපහු ඔබේ මව්බිමට ගෙනල්ලා මම පොරොන්දු වුණ දේ ඉටු කරනවා.’+

11 “යෙහෝවා මෙහෙම කියනවා. ‘මං ඔබ වෙනුවෙන් කරන්න ඕනෙ මොකක්ද කියලා මම හොඳින්ම දන්නවා. මට ඕනෙ ඔබට සාමය ලබා දෙන්න මිසක් කරදර ගේන්න නෙමෙයි.+ මට ඕනෙ ඔබට හොඳ අනාගතයක්, ලස්සන බලාපොරොත්තුවක් දෙන්නයි.+ 12 ඔබ මට අඬගහයි. මං ළඟට ඇවිත් යාච්ඤා කරයි. එතකොට මම ඔබට ඇහුම්කන් දෙනවා.’+

13 “‘ඔබ මුළු හදවතින්ම මගේ මඟ පෙන්වීම් පතන නිසා+ ඔබ මාව හොයාගෙන ඇවිත් මට තවත් ළං වෙයි.+ 14 මට ළං වෙන්න මම ඔබට ඉඩ දෙනවා’+ කියලා යෙහෝවා කියනවා. ‘වහලුන් වෙලා ඉන්න ඔබව මම එකට එකතු කරගන්නවා. මම ඔබව විසුරුවාහැරිය හැම ජාතියක් අතරින්මත් හැම දේශයකින්මත් ඔබව එකට එකතු කරගන්නවා.+ වහලුන් විදිහට යන්න කලින් ඔබ හිටපු දේශයට මම ඔබව ආපහු අරගෙන එනවා’+ කියලා යෙහෝවා කියනවා.

15 “ඒත් ඔබ මෙහෙම කිව්වා. ‘බැබිලෝනියේදීත් අපි වෙනුවෙන් අනාවැකි කියන්න යෙහෝවා අනාගතවක්තෘවරුන්ව පත් කළා.’

16 “දාවිත්ගේ සිංහාසනයේ ඉඳගෙන ඉන්න රජටත්+ ඔබ එක්ක වහලුන් විදිහට ගියේ නැති ඔබේ සහෝදරයන් වන මේ නගරයේ ජීවත් වෙන හැමෝටමත් යෙහෝවා මෙහෙම කියනවා. 17 ‘ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා කියන්නේ මේකයි. “මම කඩුවත් සාගතයත් වසංගතත්* ඔවුන්ට විරුද්ධව ගේනවා.+ මම ඔවුන්ව කෑමට ගන්න බැරි තරමට කුණු වුණ* අත්තික්කා ගෙඩි වගේ වෙන්න සලස්වනවා.”’+

18 “‘මම ඔවුන් පස්සේ එළවගෙන ගිහින් කඩුවෙන්,+ සාගතයෙන් සහ වසංගතවලින් ඔවුන්ට පහර දෙනවා. මම ඔවුන්ට කරන දේ දැකලා පොළොවේ තියෙන හැම රාජ්‍යයක්ම බයෙන් වෙවුලයි.+ මම ඔවුන්ව විසුරුවාහරින දේශවල ඉන්න මිනිස්සු ඔවුන්ට ශාප කරයි. ඔවුන්ට වෙන දේ දැකලා පුදුම වෙයි.+ මිනිස්සු ඔවුන්ට අපහාස කරයි,* සමච්චල් කරයි.+ 19 ඔවුන්ට එහෙම වෙන්නේ මම ආයේ ආයේ* ඔවුන් ළඟට යවපු මගේ සේවකයන් වන අනාගතවක්තෘවරුන් කියපු දේ ඔවුන් ඇහුවේ නැති නිසයි’ කියලා යෙහෝවා කියනවා.+

“‘ඔබත් මට ඇහුම්කන් දුන්නේ නැහැ’+ කියලා යෙහෝවා කියනවා.

20 “ඉතින් යෙරුසලමේ ඉඳන් බැබිලෝනියට වහලුන් විදිහට මම යවපු සෙනඟෙනි, දැන් යෙහෝවා වන මම කියන දේට ඇහුම්කන් දෙන්න. 21 මගේ නමින් ඔබට බොරු අනාවැකි කියන+ කොලායාගේ පුතා වන ආහබ් ගැනත් මයසේයාගේ පුතා වන ශෙදකියා ගැනත් ස්වර්ගයේ සේනාවල අධිපති සහ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා කියන්නේ මේකයි. ‘මම ඔවුන් දෙන්නාව බැබිලෝනියේ රජ වන නෙබුකද්නෙෂර්ගේ* අතට භාර දෙනවා. ඔබේ ඇස් පනාපිටම ඔහු ඔවුන් දෙන්නාව මරලා දායි. 22 බැබිලෝනියේ වහලුන් විදිහට ඉන්න යූදා සෙනඟ කාට හරි ශාප කරද්දී ඒ දෙන්නාට වුණ දේ මතක් කරලා මෙහෙම කියයි. “බැබිලෝනියේ රජ උදුනේ තියලා පුච්චලා දාපු ශෙදකියාටයි, ආහබ්ටයි කරපු දේම යෙහෝවා ඔබටත් කරන්න ඕනේ!” 23 මොකද ඔවුන් ඊශ්‍රායෙල් දේශයේ පිළිකුල්සහගත විදිහට හැසිරුණා.+ ඔවුන් තමන්ගේ අසල්වැසියන්ගේ භාර්යාවන් එක්ක අනාචාරයේ යෙදෙනවා. මං කියන්න කියලා අණ කළේ නැති පණිවිඩ ඔවුන් මගේ නමින් කියනවා.+

“‘“ඔවුන් කරන දේවල් ගැන දන්නේ මමයි. මම ඒ දේවලට සාක්ෂිකරුවෙක්”+ කියලා යෙහෝවා කියනවා.’”

24 “ඔබ මේ පණිවිඩය නෙහෙලාම්වල ෂෙමායාට+ කියන්න. 25 ‘ස්වර්ගයේ සේනාවල අධිපති සහ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මෙහෙම කියනවා. “මයසේයාගේ පුතා වන පූජක ශෙපනියාටත්+ අනිත් පූජකයන්ටත් යෙරුසලමේ ඉන්න සෙනඟ හැමෝටමත් ඔබ ඔබේ නමින් මෙහෙම ලියලා යැව්වා. 26 ‘යෙහෝවා දෙවියන් පූජක යෙහෝයාදා වෙනුවට ඔබව යෙහෝවා දෙවියන්ගේ ගෘහය භාරව ඉන්න පූජකයා විදිහට පත් කරලා තියෙනවා. අනාගතවක්තෘවරයෙක් වගේ හැසිරෙන ඕනෙම පිස්සෙක්ව අත්අඩංගුවට අරන් දඬුකඳේ* ගහන්න ඔබට අවසර දීලා තියෙනවා.+ 27 එහෙනම් ඔබ ඉදිරියේ අනාගතවක්තෘවරයෙක් වගේ හැසිරෙන+ අනාතොත්වල යෙරෙමියාට+ ඔබ කිසිම දඬුවමක් දෙන්නේ නැත්තේ ඇයි? 28 මිනිහා බැබිලෝනියේ ඉන්න අපිටත් මෙහෙම ලියලා එව්වා. “ඔබට තව ගොඩක් කල් වහලුන් විදිහට ඉන්න වෙනවා. ඒ නිසා ගෙවල් ගොඩනඟලා ඒවාවල පදිංචි වෙන්න. ගෙවත්තේ වගා කරලා ඒකේ පලදාව කන්න.+ . . . ”’”’”

29 ඒ ලියුම පූජක ශෙපනියා+ අනාගතවක්තෘ යෙරෙමියාට ඇහෙන්න කියෙව්වා. 30 එතකොට යෙහෝවාගෙන් මේ පණිවිඩය යෙරෙමියාට ලැබුණා. 31 “වහලුන් විදිහට ඉන්න හැමෝටම මේ පණිවිඩය යවන්න. ‘නෙහෙලාම්වල ෂෙමායා ගැන යෙහෝවා මෙහෙම කියනවා. “අනාවැකි කියන්න මම එව්වේ නැති වුණත් ෂෙමායා ඔබට අනාවැකි කිව්වා. බොරුවක් විශ්වාස කරන්න ඔබව පෙලඹුවා.+ එහෙම කරපු නිසා 32 ‘නෙහෙලාම්වල ෂෙමායාටත් ඔහුගෙන් පැවතෙන අයටත් දඬුවම් කරනවා’ කියලා යෙහෝවා කියනවා. ‘ඔහුගෙන් පැවතෙන කිසිම කෙනෙක් මගේ සෙනඟ අතරේ ඉන්නේ නැහැ. මගේ සෙනඟ වෙනුවෙන් මම කරන කිසිම යහපත් දෙයක් ඔහුට දකින්න ලැබෙන්නේ නැහැ’ කියලා යෙහෝවා කියනවා. ‘මොකද යෙහෝවාට විරුද්ධව කැරලිගහන්න ඔහු සෙනඟව පෙලඹුවා.’”’”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න