ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 31
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

නික්මයාම පොතේ සාරාංශයක්

      • වැඩ කරන අයට දෙවියන්ගේ බලය කිසිම අඩුවක් නැතුව ලැබෙයි (1-11)

      • සබත දෙවියන් ඊශ්‍රායෙල් සෙනඟ එක්ක ඇති කරගත්ත ගිවිසුමට ලකුණක් (12-17)

      • ගල් පුවරු දෙක (18)

නික්මයාම 31:2

හරස් යොමු දැක්වීම්

  • +නික් 35:30-34; 1ලේක 2:20
  • +නික් 37:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ, 3/1/2009, 30-31 පි.

නික්මයාම 31:5

හරස් යොමු දැක්වීම්

  • +නික් 28:9-11
  • +2ලේක 2:13, 14

නික්මයාම 31:6

පාදසටහන්

  • *

    මූ.අ., “ප්‍රඥාවන්ත සිතක් තියෙන.”

හරස් යොමු දැක්වීම්

  • +නික් 38:23
  • +නික් 36:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ, 3/1/2009, 30-31 පි.

නික්මයාම 31:7

පාදසටහන්

  • *

    මූ.අ., “සාක්ෂි පෙට්ටිය.”

හරස් යොමු දැක්වීම්

  • +නික් 36:8
  • +නික් 37:1
  • +නික් 37:6

නික්මයාම 31:8

හරස් යොමු දැක්වීම්

  • +නික් 37:10
  • +නික් 37:17, 24
  • +නික් 37:25

නික්මයාම 31:9

හරස් යොමු දැක්වීම්

  • +නික් 38:1; 40:6
  • +නික් 30:18; 38:8

නික්මයාම 31:10

හරස් යොමු දැක්වීම්

  • +නික් 28:2, 15; 39:1, 27; ලෙවී 8:7

නික්මයාම 31:11

හරස් යොමු දැක්වීම්

  • +නික් 30:25, 35; 37:29

නික්මයාම 31:13

හරස් යොමු දැක්වීම්

  • +නික් 20:8; ලෙවී 19:30; කොලො 2:16, 17

නික්මයාම 31:14

පාදසටහන්

  • *

    මූ.අ., “ඊශ්‍රායෙල් සෙනඟ අතරින් අයින් කළ යුතුයි.”

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 5:12
  • +නික් 35:2; ගණන් 15:32, 35

නික්මයාම 31:15

හරස් යොමු දැක්වීම්

  • +නික් 16:23; 20:10

නික්මයාම 31:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 88 ලිපිය

නික්මයාම 31:17

හරස් යොමු දැක්වීම්

  • +නික් 31:13
  • +උත් 2:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    12/2019, 3 පි.

නික්මයාම 31:18

පාදසටහන්

  • *

    හෝ, “සාක්ෂියක් විදිහට ගල් පුවරු දෙකක්.”

  • *

    මූ.අ., “දෙවියන්ගේ ඇඟිල්ලෙන්.”

හරස් යොමු දැක්වීම්

  • +නික් 24:12; 32:15; ද්වි 4:13; 9:15
  • +මතෙ 12:28; ලූක් 11:20; 2කොරි 3:3

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

නික්. 31:2නික් 35:30-34; 1ලේක 2:20
නික්. 31:2නික් 37:1
නික්. 31:5නික් 28:9-11
නික්. 31:52ලේක 2:13, 14
නික්. 31:6නික් 38:23
නික්. 31:6නික් 36:1
නික්. 31:7නික් 36:8
නික්. 31:7නික් 37:1
නික්. 31:7නික් 37:6
නික්. 31:8නික් 37:10
නික්. 31:8නික් 37:17, 24
නික්. 31:8නික් 37:25
නික්. 31:9නික් 38:1; 40:6
නික්. 31:9නික් 30:18; 38:8
නික්. 31:10නික් 28:2, 15; 39:1, 27; ලෙවී 8:7
නික්. 31:11නික් 30:25, 35; 37:29
නික්. 31:13නික් 20:8; ලෙවී 19:30; කොලො 2:16, 17
නික්. 31:14ද්වි 5:12
නික්. 31:14නික් 35:2; ගණන් 15:32, 35
නික්. 31:15නික් 16:23; 20:10
නික්. 31:17නික් 31:13
නික්. 31:17උත් 2:2
නික්. 31:18නික් 24:12; 32:15; ද්වි 4:13; 9:15
නික්. 31:18මතෙ 12:28; ලූක් 11:20; 2කොරි 3:3
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
නික්මයාම 31:1-18

නික්මයාම

31 යෙහෝවා දෙවියන් මෝසෙස්ට මෙහෙමත් කිව්වා. 2 “යූදා ගෝත්‍රයට අයත් හූර්ගේ පුතා වන උරීගේ+ පුත් බෙසලෙල්ව+ මම තෝරගත්තා. 3 ඔහුට අවශ්‍ය ප්‍රඥාව, දැනුම, තේරුම්ගැනීමේ හැකියාව වගේම හැම ශිල්ප ක්‍රමයක්ම දක්ෂ විදිහට කරන්න පුළුවන් වෙන්න මම මගේ බලය ඔහුට කිසිම අඩුවක් නැතුව ලබා දෙනවා. 4 එතකොට කලාත්මක විදිහට දේවල් නිර්මාණය කරන්න, රන්, රිදී සහ තඹ කැටයම් කරන්න, 5 මැණික් ගල් කපන්න, ඒවා ඔබ්බවන්න+ සහ ලීවලින් කරන ඕනෙම වැඩක් කරන්න ඔහුට හැකියාව ලැබෙයි.+ 6 බෙසලෙල්ට උදව් කරන්න දාන් ගෝත්‍රයට අයිති අහිසාමක්ගේ පුතා වන ඔහොලියාබ්ව+ මම පත් කරනවා. විවිධ වැඩවලට දක්ෂ* හැමෝටම මම ප්‍රඥාව ලබා දෙනවා. එතකොට මං ඔබට අණ කරපු මේ හැම දෙයක්ම හදන්න ඔවුන්ට පුළුවන් වෙයි.+ 7 හමු වීමේ කූඩාරම,+ ගිවිසුම් පෙට්ටිය*+ සහ ඒකේ පියන,+ කූඩාරමට අයිති හැම දෙයක්ම, 8 මේසය+ සහ ඒකේ තියන හැම භාණ්ඩයක්ම, පිරිසිදු රත්තරන්වලින් හදන පහන් රුක සහ ඒකට අයිති හැම භාණ්ඩයක්ම,+ සුවඳ ද්‍රව්‍ය ඔප්පු කරන පූජාසනය,+ 9 දවන පූජා ඔප්පු කරන පූජාසනය+ සහ ඒකේ තියෙන හැම භාණ්ඩයක්ම, වතුර භාජනය සහ ඒකේ ආධාරකය,+ 10 හොඳින් වියපු ඇඳුම්, පූජක ආරොන්ගේ ශුද්ධ ඇඳුම්, පූජකයන් විදිහට සේවය කරන ඔහුගේ පුතාලාගේ ඇඳුම්,+ 11 ශුද්ධ තෛලය, ශුද්ධස්ථානයේ පාවිච්චියට ගන්න සුගන්ධවත් ද්‍රව්‍යය ඔවුන්ට හදන්න පුළුවන් වෙයි.+ මම ඔබට අණ කරපු විදිහටම ඔවුන් ඒවා සෑදිය යුතුයි.”

12 යෙහෝවා දෙවියන් මේ දේත් මෝසෙස්ට කිව්වා. 13 “ඔබ ඊශ්‍රායෙල් සෙනඟට මෙහෙම කියන්න. ‘මං නියම කරපු සබත් දිනයන් ඔබ අනිවාර්යයෙන්ම පැවැත්විය යුතුයි.+ මොකද ඒක මං ඔබත් එක්ක ඇති කරගත්ත ගිවිසුමට ලකුණක්. ශුද්ධ සෙනඟක් විදිහට ඔබව වෙන් කරලා තියෙන්නේ යෙහෝවා වන මං කියලා ඒ ලකුණ ඔබේ හැම පරම්පරාවකදීම ඔබට මතක් කරලා දෙයි. 14 ඔබ සබත් දවස පැවැත්විය යුතුයි. මොකද ඒක ශුද්ධ දවසක්.+ කෙනෙක් සබත කඩ කළොත් ඔහුව අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි. එදාට කවුරු හරි කෙනෙක් වැඩ කළොත් ඔහුව මරා දැමිය යුතුයි.*+ 15 දවස් හයක් ඔබට වැඩ කරන්න පුළුවන්. ඒත් හත්වෙනි දවස සබත් දවසක්. එදාට ඔබ මුළු දවසම විවේකයෙන් ගත කළ යුතුයි.+ මොකද යෙහෝවා වන මං ඒක සලකන්නේ ශුද්ධ දවසක් විදිහට. කවුරු හරි එදාට වැඩ කළොත් ඒ කෙනාව අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි. 16 ඊශ්‍රායෙල් සෙනඟ ඔවුන්ගේ හැම පරම්පරාවකදීම සබත පැවැත්විය යුතුයි. මං එයාලා එක්ක ඇති කරගන්න ඒ ගිවිසුම දිගටම වලංගුයි. 17 ඒක දිගටම මමයි, ඊශ්‍රායෙල් සෙනඟයි අතරේ ලකුණක් විදිහට තියෙයි.+ මොකද යෙහෝවා වන මං අහසත් පොළොවත් මුහුදත් දවස් හයකින් හදලා හත්වෙනි දවසේදී විවේක ගන්න පටන්ගත්තා.’”+

18 සීනයි කන්දේදී දෙවියන් මෝසෙස් එක්ක කතා කරලා ඉවර වුණාට පස්සේ දෙවියන්ගේ වචන සඳහන් ගල් පුවරු දෙකක්*+ ඔහු මෝසෙස්ට දුන්නා. ඒ ගල් පුවරු දෙක ලිව්වේ දෙවියන්ගේ බලයෙන්.*+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න