යොෂුවා
5 යෙහෝවා දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ට යොර්දාන් ගඟෙන් එගොඩ වෙන්න ඒ මැදින් වියළි පාරක් හදලා දුන්න විදිහ, ගඟෙන් බස්නාහිර පැත්තේ හිටිය අමෝරිවරුන්ගේ+ රජවරුන්ටයි, වෙරළබඩ තීරයේ හිටිය කානානිවරුන්ගේ+ රජවරුන්ටයි ආරංචි වුණා. ඒක අහලා එයාලා හොඳටම කලබල වුණා.+ ඊශ්‍රායෙල්වරු එක්ක සටනට යන්න තරම් ශක්තියක් එයාලට තිබුණේ නැහැ.+
2 යෙහෝවා යොෂුවාට මෙහෙම කිව්වා. “ගල් මුවහත් කරලා පිහි හදාගෙන දෙවෙනි වතාවටත් ඊශ්‍රායෙල් පුරුෂයන්ව චර්මච්ඡේදනය කරන්න.”+ 3 ඉතින් යොෂුවා පිහි හදාගෙන ගිබෙයාත්හාඅරලොත්වලදී+ ඊශ්‍රායෙල් පුරුෂයන්ව චර්මච්ඡේදනය කළා. 4 යොෂුවා ඊශ්‍රායෙල් පුරුෂයන්ව චර්මච්ඡේදනය කළේ මේ හේතුව නිසයි. ඊජිප්තුවේ ඉඳන් ආපු යුද්ධ කරන්න පුළුවන් වයසක හිටිය ඊශ්‍රායෙල් පුරුෂයන් හැමෝම පාළුකරයේදී මිය ගියා.+ 5 ඊජිප්තුවෙන් ආපු හැම පුරුෂයෙක්වම චර්මච්ඡේදනය කරලා තිබුණත් පාළුකරයේදී ඉපදුණු පිරිමි දරුවන්ව චර්මච්ඡේදනය කරලා තිබුණේ නැහැ. 6 යුද්ධ කරන්න පුළුවන් වයසක හිටපු පුරුෂයන් හැමෝම මිය යන කල් ඊශ්‍රායෙල් සෙනඟට පාළුකරයේ අවුරුදු 40ක් ඇවිදින්න සිද්ධ වුණා.+ මොකද ඒ හැමෝම යෙහෝවාට අකීකරු වුණා.+ යෙහෝවා දෙවියන් ඔහුගේ සෙනඟට කිරියෙන් සහ පැණියෙන් ඉතිරෙන දේශයක්+ දෙනවා කියලා එයාලාගේ මුතුන්මිත්තන්ට දිවුරලා පොරොන්දු වෙලා තිබුණත්+ ඒ එක් කෙනෙක්ටවත් කවදාවත් ඒ දේශය දකින්න ලැබෙන්නේ නැහැ කියලා යෙහෝවා ස්ථිරවම කිව්වා.+ 7 ඒත් දෙවියන් ඒ දේශය එයාලාගේ පුතාලට දුන්නා.+ පාළුකරයේදී ඉපදුණු ඒ දරුවන්ව චර්මච්ඡේදනය කරලා තිබුණේ නැහැ. යොෂුවා එයාලව චර්මච්ඡේදනය කළේ ඒ නිසයි.
8 චර්මච්ඡේදනය කරපු අය සුව වෙන කල් සෙනඟ කඳවුරටම වෙලා හිටියා.
9 පස්සේ යෙහෝවා දෙවියන් යොෂුවාට මෙහෙම කිව්වා. “ඊජිප්තුවරු ඔයාලට අපහාස කළා. අද මං ඒ අපහාසය අයින් කළා.” ඒ ස්ථානයට ගිල්ගාල්*+ කියන නම තිබ්බේ ඒ නිසයි. අදටත් ඒ ස්ථානය හඳුන්වන්නේ ඒ නමින්.
10 ඊශ්‍රායෙල්වරු දිගටම යෙරිකෝව ළඟ තියෙන පාළුකරයේ තිබුණ ගිල්ගාල් නගරයේ කඳවුරු බැඳගෙන හිටියා. එයාලා පළවෙනි මාසයේ 14වෙනිදා+ හවස පාස්කුව සැමරුවා. 11 පාස්කුවට පහුවෙනිදා එයාලා දේශයේ පලදාවෙන් කෑම හදාගෙන කෑවා. එයාලා මුහුන් නොදැමූ රොටි+ සහ බැදපු ධාන්‍ය කෑවා. 12 ඊශ්‍රායෙල්වරු දේශයේ පලදාව කෑමට ගන්න පටන්ගත්ත දවසට පහුවෙනිදා ඉඳන් මන්නා ලැබෙන එක නතර වුණා.+ ඒ අවුරුද්දේ ඉඳන් එයාලා කෑමට ගත්තේ කානාන් දේශයේ පලදාවෙන් හදාගත්ත කෑමයි.+
13 දවසක් යොෂුවා යෙරිකෝව ළඟ ඉද්දී එයා දැක්කා මිනිසෙක්+ කඩුවක් අතේ තියාගෙන එයාට ඉස්සරහින් හිටගෙන ඉන්නවා.+ යොෂුවා ඒ කෙනා ළඟට ගිහින් මෙහෙම ඇහුවා. “ඔයා අපේ පැත්තේද නැත්නම් සතුරාගේ පැත්තේද?” 14 එතකොට ඒ කෙනා කිව්වා “මම යෙහෝවා දෙවියන්ගේ සේනාවේ අධිපති”+ කියලා. ඒක අහපු ගමන්ම යොෂුවා දණගහලා ඔළුව බිමටම පහත් කරලා මෙහෙම ඇහුවා. “මගේ ස්වාමීනි, ඔබ ආවේ ඔබේ සේවකයා වන මට මොනවා හරි දෙයක් කියන්නද?” 15 එතකොට යෙහෝවා දෙවියන්ගේ සේනාවේ අධිපති, යොෂුවාට මෙහෙම කිව්වා. “ඔයා ඉන්නේ ශුද්ධ තැනක. ඒ නිසා ඔයාගේ පාවහන් ගලවන්න.” යොෂුවා ඉක්මනටම එහෙම කළා.+