ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලෙවී කතාව 18
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ලෙවී කතාව පොතේ සාරාංශයක්

      • නීතියෙන් තහනම් කරපු ලිංගික සම්බන්ධකම් (1-30)

        • කානානිවරු වගේ වැඩ කරන්න එපා (3)

        • කිට්ටු නෑයන් එක්ක ලිංගික සම්බන්ධකම් තහනම් (6-18)

        • ඔසප් කාලේ (19)

        • සමලිංගික ක්‍රියා (22)

        • සත්තු එක්ක (23)

        • ‘පවිත්‍රව හිටියේ නැත්නම් දේශයෙන් පන්නලා දානවා’ (24-30)

ලෙවී කතාව 18:2

හරස් යොමු දැක්වීම්

  • +උත් 17:7; නික් 6:7

ලෙවී කතාව 18:3

හරස් යොමු දැක්වීම්

  • +නික් 23:24; ලෙවී 20:23

ලෙවී කතාව 18:4

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 20:22; ද්වි 4:1

ලෙවී කතාව 18:5

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 10:27, 28; රෝම 10:5; ගලා 3:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/15/2009, 6 පි.

ලෙවී කතාව 18:6

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 20:17

ලෙවී කතාව 18:8

හරස් යොමු දැක්වීම්

  • +උත් 35:22; 49:4; ලෙවී 20:11; ද්වි 27:20; 2සාමු 16:21; 1කොරි 5:1

ලෙවී කතාව 18:9

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 20:17; ද්වි 27:22; 2සාමු 13:10-12

ලෙවී කතාව 18:12

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 20:19

ලෙවී කතාව 18:14

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 20:20

ලෙවී කතාව 18:15

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 20:12

ලෙවී කතාව 18:16

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 20:21; ද්වි 25:5; මාක් 6:17, 18

ලෙවී කතාව 18:17

පාදසටහන්

  • *

    හෝ, “පුතාගේ දුව හරි දුවගේ දුව හරි.”

  • *

    හෝ, “නින්දිත ක්‍රියාවක්; අශික්ෂිත දෙයක්.”

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 20:14; ද්වි 27:23

ලෙවී කතාව 18:18

හරස් යොමු දැක්වීම්

  • +උත් 30:15

ලෙවී කතාව 18:19

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 15:19, 24; 20:18

ලෙවී කතාව 18:20

පාදසටහන්

  • *

    හෝ, “ඔබ අසල්වැසියෙක්ගේ; ඔබ ආශ්‍රය කරන කෙනෙක්ගේ.”

හරස් යොමු දැක්වීම්

  • +නික් 20:14; ලෙවී 20:10; ද්වි 22:22; හිතෝ 6:29; මතෙ 5:27, 28; 1කොරි 6:9, 10; හෙබ්‍රෙ 13:4

ලෙවී කතාව 18:21

පාදසටහන්

  • *

    හෝ, “මෝලෙක් වෙනුවෙන් කැප නොකළ යුතුයි.”

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 20:2; ද්වි 18:10; 1රාජා 11:7; 2රාජා 23:10
  • +ලෙවී 20:3

ලෙවී කතාව 18:22

හරස් යොමු දැක්වීම්

  • +උත් 19:5; ලෙවී 20:13; විනි 19:22; රෝම 1:26, 27; 1කොරි 6:9, 10; යූද් 7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    පිබිදෙව්!,

    1/2012, 28 පි.

ලෙවී කතාව 18:23

හරස් යොමු දැක්වීම්

  • +නික් 22:19; ලෙවී 20:15, 16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2003, 27 පි.

ලෙවී කතාව 18:24

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 20:23; ද්වි 18:12

ලෙවී කතාව 18:25

හරස් යොමු දැක්වීම්

  • +උත් 15:16

ලෙවී කතාව 18:26

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 20:22; ද්වි 4:1, 40
  • +නික් 12:49

ලෙවී කතාව 18:27

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 20:17, 18; 2රාජා 16:2, 3; 21:1, 2

ලෙවී කතාව 18:30

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 18:3; 20:23; ද්වි 18:9

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ලෙවී. 18:2උත් 17:7; නික් 6:7
ලෙවී. 18:3නික් 23:24; ලෙවී 20:23
ලෙවී. 18:4ලෙවී 20:22; ද්වි 4:1
ලෙවී. 18:5ලූක් 10:27, 28; රෝම 10:5; ගලා 3:12
ලෙවී. 18:6ලෙවී 20:17
ලෙවී. 18:8උත් 35:22; 49:4; ලෙවී 20:11; ද්වි 27:20; 2සාමු 16:21; 1කොරි 5:1
ලෙවී. 18:9ලෙවී 20:17; ද්වි 27:22; 2සාමු 13:10-12
ලෙවී. 18:12ලෙවී 20:19
ලෙවී. 18:14ලෙවී 20:20
ලෙවී. 18:15ලෙවී 20:12
ලෙවී. 18:16ලෙවී 20:21; ද්වි 25:5; මාක් 6:17, 18
ලෙවී. 18:17ලෙවී 20:14; ද්වි 27:23
ලෙවී. 18:18උත් 30:15
ලෙවී. 18:19ලෙවී 15:19, 24; 20:18
ලෙවී. 18:20නික් 20:14; ලෙවී 20:10; ද්වි 22:22; හිතෝ 6:29; මතෙ 5:27, 28; 1කොරි 6:9, 10; හෙබ්‍රෙ 13:4
ලෙවී. 18:21ලෙවී 20:2; ද්වි 18:10; 1රාජා 11:7; 2රාජා 23:10
ලෙවී. 18:21ලෙවී 20:3
ලෙවී. 18:22උත් 19:5; ලෙවී 20:13; විනි 19:22; රෝම 1:26, 27; 1කොරි 6:9, 10; යූද් 7
ලෙවී. 18:23නික් 22:19; ලෙවී 20:15, 16
ලෙවී. 18:24ලෙවී 20:23; ද්වි 18:12
ලෙවී. 18:25උත් 15:16
ලෙවී. 18:26ලෙවී 20:22; ද්වි 4:1, 40
ලෙවී. 18:26නික් 12:49
ලෙවී. 18:27ද්වි 20:17, 18; 2රාජා 16:2, 3; 21:1, 2
ලෙවී. 18:30ලෙවී 18:3; 20:23; ද්වි 18:9
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ලෙවී කතාව 18:1-30

ලෙවී කතාව

18 යෙහෝවා දෙවියන් මෝසෙස්ට මෙහෙමත් කිව්වා. 2 “ඊශ්‍රායෙල් සෙනඟට මෙහෙම කියන්න. ‘යෙහෝවා වන මම තමයි ඔබේ දෙවියන්.+ 3 ඔබ ජීවත් වුණ ඊජිප්තු දේශයේ මිනිස්සු වගේවත් මං ඔබව අරගෙන යන කානාන් දේශයේ මිනිස්සු වගේවත් වැඩ කරන්න එපා.+ ඔවුන්ගේ චාරිත්‍ර අනුගමනය කරන්නත් එපා. 4 ඔබ මගේ තීන්දුවලට යටත් විය යුතුයි. මගේ පනත්වලට කීකරු වෙලා ඒවා අනුව ජීවත් විය යුතුයි.+ යෙහෝවා වන මම තමයි ඔබේ දෙවියන්. 5 ඔබ මගේ පනත්වලට සහ මගේ තීන්දුවලට කීකරු විය යුතුයි. කෙනෙක් ඒවා පිළිපදිනවා නම් ඒකෙන් ඔහුගේ ජීවිතය ආරක්ෂා වෙනවා.+ මම ඔබේ දෙවි වන යෙහෝවා.

6 “‘ඔබ අතරේ ඉන්න කිසිම පුරුෂයෙක් ඔහුගේ කිට්ටු නෑයෙක් එක්ක ලිංගික සම්බන්ධකම් නොපැවැත්විය යුතුයි.+ මම ඔබේ දෙවි වන යෙහෝවා. 7 ඔබේ පියා එක්ක ලිංගික සම්බන්ධකම් නොපැවැත්විය යුතුයි. ඔබේ මව එක්ක ලිංගික සම්බන්ධකම් පවත්වන්න එපා. ඔබව බිහි කළේ ඇයයි. ඒ නිසා ඇය එක්ක ලිංගික සම්බන්ධකම් පැවැත්වීම තහනම්.

8 “‘ඔබේ පියාගේ බිරිඳ එක්ක ඔබ ලිංගික සම්බන්ධකම් නොපැවැත්විය යුතුයි.+ ඒක ඔබේ පියාට කරන නින්දාවක්.

9 “‘ඔබේ සහෝදරිය එක්ක ඔබ ලිංගික සම්බන්ධකම් නොපැවැත්විය යුතුයි. ඇය ඔබේ පියාගේ දුව වුණත් මවගේ දුව වුණත් ඔබේ ගෙදර ඉපදුණ කෙනෙක් වුණත් වෙනත් ගෙදරක ඉපදුණ කෙනෙක් වුණත් ඔබ ඇය එක්ක ලිංගික සම්බන්ධකම් නොපැවැත්විය යුතුයි.+

10 “‘ඔබේ පුතාගේ දුව එක්කවත් දුවගේ දුව එක්කවත් ලිංගික සම්බන්ධකම් නොපැවැත්විය යුතුයි. මොකද එහෙම කරන එක ඔබ ඔබටම කරගන්න නින්දාවක්.

11 “‘ඔබේ පියාට වෙන බිරිඳකගෙන් ඉපදුණ දුවෙක් ඉන්නවා නම් ඇය එක්ක ලිංගික සම්බන්ධකම් නොපැවැත්විය යුතුයි. මොකද ඇය ඔබේ සහෝදරිය.

12 “‘ඔබේ පියාගේ සහෝදරිය එක්ක ලිංගික සම්බන්ධකම් නොපැවැත්විය යුතුයි. මොකද ඇය ඔබේ පියාගේ ලේ නෑයෙක්.+

13 “‘ඔබේ මවගේ සහෝදරිය එක්ක ලිංගික සම්බන්ධකම් නොපැවැත්විය යුතුයි. මොකද ඇය ඔබේ මවගේ ලේ නෑයෙක්.

14 “‘ඔබේ පියාගේ සහෝදරයාගේ බිරිඳ එක්ක ලිංගික සම්බන්ධකම් නොපැවැත්විය යුතුයි. එහෙම කරන එක ඔහුට කරන නින්දාවක්. මොකද ඇය ඔබේ කිට්ටු නෑයෙක්.+

15 “‘ඔබේ ලේළි+ එක්ක ලිංගික සම්බන්ධකම් නොපැවැත්විය යුතුයි. ඇය ඔබේ පුතාගේ බිරිඳ. ඒ නිසා ඇය එක්ක ලිංගික සම්බන්ධකම් පැවැත්වීම තහනම්.

16 “‘ඔබේ සහෝදරයාගේ බිරිඳ+ එක්ක ලිංගික සම්බන්ධකම් නොපැවැත්විය යුතුයි. එහෙම කරන එක ඔබේ සහෝදරයාට කරන නින්දාවක්.

17 “‘ඔබ ස්ත්‍රියක් එක්ක විවාහ වුණොත් ඇගේ දුව+ එක්ක හරි ඇගේ මිනිපිරිය* එක්ක හරි ලිංගික සම්බන්ධකම් නොපැවැත්විය යුතුයි. ඔවුන් ඇගේ ලේ නෑයන් වෙන නිසා ඒක හරිම පහත් දෙයක්.*

18 “‘ඔබේ බිරිඳ ජීවත් වෙලා ඉද්දී ඇගේ සහෝදරිය එක්කත්+ විවාහ වෙලා ඇය එක්ක ලිංගික සම්බන්ධකම් නොපැවැත්විය යුතුයි.

19 “‘ස්ත්‍රියක් ඇගේ ඔසප් කාලේ අපවිත්‍රව ඉද්දී ඔබ ඇය එක්ක ලිංගික සම්බන්ධකම් නොපැවැත්විය යුතුයි.+

20 “‘ඔබ තවත් කෙනෙක්ගේ* බිරිඳ එක්ක ලිංගික සම්බන්ධකම් නොපැවැත්විය යුතුයි. එහෙම කළොත් ඔබ අපවිත්‍ර වෙනවා.+

21 “‘ඔබේ එක දරුවෙක්වවත් මෝලෙක්ට+ පූජා නොකළ යුතුයි.* එහෙම කරලා ඔබේ දෙවියන්ගේ නමට නින්දා කරන්න එපා.+ මම ඔබේ දෙවි වන යෙහෝවා.

22 “‘ඔබ ස්ත්‍රියක් එක්ක ලිංගිකව එක් වෙන විදිහට පුරුෂයෙක් එක්ක ලිංගිකව එක් නොවිය යුතුයි.+ ඒක ඉතා පිළිකුල් ක්‍රියාවක්.

23 “‘පුරුෂයෙක් සතෙක් එක්ක ලිංගික සම්බන්ධකම් නොපැවැත්විය යුතුයි. එහෙම කරන එකෙන් ඔහු අපවිත්‍ර වෙනවා. ස්ත්‍රියකුත් සතෙක් ළඟට ගිහිල්ලා ඌත් එක්ක ලිංගික සම්බන්ධකම් නොපැවැත්විය යුතුයි.+ ඒවා ඉතා පිළිකුල්, අස්වාභාවික ක්‍රියාවන්.

24 “‘ඔබ ඒ එක දෙයක්වත් කරලා අපවිත්‍ර වෙන්න එපා. මොකද මං දේශයෙන් පන්නලා දාන්න යන ඔක්කොම ජාතීන් ඒ වගේ දේවල් කරලා අපවිත්‍ර වෙලයි ඉන්නේ.+ 25 ඒ නිසා දේශයත් අපවිත්‍ර වෙලා. ඔවුන්ගේ වැරදි නිසා මං ඔවුන්ට දඬුවම් කරනවා. ඔවුන්ගේ දේශයෙන් ඔවුන්ව පන්නලා දානවා.+ 26 ඔබ මගේ පනත්වලට සහ මගේ තීන්දුවලට කීකරු විය යුතුයි.+ ඊශ්‍රායෙල් ජාතිකයෙක් වුණත් ඔබ සමඟ ජීවත් වෙන විදේශිකයෙක් වුණත් ඒ කිසිම පිළිකුල් දෙයක් නොකළ යුතුයි.+ 27 ඔබට කලින් දේශයේ ජීවත් වුණ මිනිස්සු ඒ හැම පිළිකුල් ක්‍රියාවක්ම කරපු නිසා+ දේශය අපවිත්‍ර වෙලා. 28 මේ දේශයේ ඔබට කලින් ජීවත් වුණ මිනිස්සු වගේ ඔබත් ඒ ක්‍රියාවල යෙදිලා දේශය අපවිත්‍ර කළොත් ඔබවත් දේශයෙන් පන්නලා දානවා. 29 කවුරු හරි ඒ පිළිකුල් ක්‍රියාවලින් එකක් හරි කළොත් ඔහුව මරා දැමිය යුතුයි. 30 ඔබ මගේ ආඥාවලට කීකරු වෙන්න. එතකොට මේ දේශයේ ඔබට කලින් හිටපු මිනිස්සු කරපු පිළිකුල්සහගත දේවලින්+ අපවිත්‍ර නොවී ඉන්න ඔබට පුළුවන්. මම ඔබේ දෙවි වන යෙහෝවා.’”

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න