ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 18
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ද්විතීය කතාව පොතේ සාරාංශයක්

      • පූජකයන්ටයි, ලෙවීවරුන්ටයි ලැබෙන කොටස (1-8)

      • මන්තර ගුරුකම් කරන එක තහනම් (9-14)

      • මෝසෙස් වගේ අනාගතවක්තෘවරයෙක් (15-19)

      • බොරු අනාගතවක්තෘවරුන්ව හඳුනගන්න විදිහ (20-22)

ද්විතීය කතාව 18:1

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 18:20, 24; ද්වි 10:9; යොෂු 13:14, 33; 1කොරි 9:13

ද්විතීය කතාව 18:3

පාදසටහන්

  • *

    ඒ කියන්නේ බොකු නැත්නම් බාබත්.

ද්විතීය කතාව 18:4

හරස් යොමු දැක්වීම්

  • +නික් 23:19; ගණන් 18:8, 12; 2ලේක 31:4; නෙහෙ 12:44

ද්විතීය කතාව 18:5

හරස් යොමු දැක්වීම්

  • +නික් 28:1; ගණන් 3:10; ද්වි 10:8

ද්විතීය කතාව 18:6

පාදසටහන්

  • *

    ඒ කියන්නේ නමස්කාර වැඩ වෙනුවෙන් යෙහෝවා තෝරගන්න ප්‍රධාන ස්ථානයට.

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 35:2
  • +ද්වි 12:5, 6; 16:2; ගීතා 26:8

ද්විතීය කතාව 18:7

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 31:2

ද්විතීය කතාව 18:8

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 7:10

ද්විතීය කතාව 18:9

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 18:26; ද්වි 12:30

ද්විතීය කතාව 18:10

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 12:31; 2රාජා 16:1, 3; 2ලේක 28:1, 3; ගීතා 106:35-37; යෙරෙ 32:35
  • +2රාජා 17:17; ක්‍රියා 16:16
  • +ලෙවී 19:26; ක්‍රියා 19:19
  • +එස 21:21
  • +නික් 22:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 24 පාඩම

ද්විතීය කතාව 18:11

පාදසටහන්

  • *

    ඒ කියන්නේ දේවාලවල කපුවන් විදිහට වැඩ කරන.

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 20:27; 1ලේක 10:13
  • +ලෙවී 19:31
  • +1සාමු 28:7-11; යෙසා 8:19; ගලා 5:19, 20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 67 ලිපිය

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 24 පාඩම

    පිබිදෙව්!,

    6/2012, 10-11 පි.

ද්විතීය කතාව 18:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 24 පාඩම

ද්විතීය කතාව 18:13

පාදසටහන්

  • *

    හෝ, “නිර්දෝෂ.”

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 5:48; 2පේතෘ 3:14

ද්විතීය කතාව 18:14

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 19:26; 2රාජා 21:1, 2, 6
  • +යොෂු 13:22

ද්විතීය කතාව 18:15

හරස් යොමු දැක්වීම්

  • +උත් 49:10; ගණන් 24:17; ලූක් 7:16; යොහ 1:45; 6:14; ක්‍රියා 3:22; 7:37

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 146 ලිපිය

    මුරටැඹ,

    4/15/2009, 25-28 පි.

    පිබිදෙව්!,

    4/8/2004, 30-31 පි.

ද්විතීය කතාව 18:16

හරස් යොමු දැක්වීම්

  • +නික් 19:17
  • +නික් 20:19

ද්විතීය කතාව 18:18

හරස් යොමු දැක්වීම්

  • +නික් 34:28; ගණන් 12:3; මතෙ 4:1, 2; 11:29; යොහ 5:46
  • +යොහ 17:8
  • +යොහ 12:49; හෙබ්‍රෙ 1:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 146 ලිපිය

    මුරටැඹ,

    4/15/2009, 25-28 පි.

    2/15/2000, 24 පි.

ද්විතීය කතාව 18:19

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 3:23

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 146 ලිපිය

ද්විතීය කතාව 18:20

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 13:1-5; යෙරෙ 28:11-17

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ද්වි. 18:1ගණන් 18:20, 24; ද්වි 10:9; යොෂු 13:14, 33; 1කොරි 9:13
ද්වි. 18:4නික් 23:19; ගණන් 18:8, 12; 2ලේක 31:4; නෙහෙ 12:44
ද්වි. 18:5නික් 28:1; ගණන් 3:10; ද්වි 10:8
ද්වි. 18:6ගණන් 35:2
ද්වි. 18:6ද්වි 12:5, 6; 16:2; ගීතා 26:8
ද්වි. 18:72ලේක 31:2
ද්වි. 18:8ලෙවී 7:10
ද්වි. 18:9ලෙවී 18:26; ද්වි 12:30
ද්වි. 18:10ද්වි 12:31; 2රාජා 16:1, 3; 2ලේක 28:1, 3; ගීතා 106:35-37; යෙරෙ 32:35
ද්වි. 18:102රාජා 17:17; ක්‍රියා 16:16
ද්වි. 18:10ලෙවී 19:26; ක්‍රියා 19:19
ද්වි. 18:10එස 21:21
ද්වි. 18:10නික් 22:18
ද්වි. 18:11ලෙවී 20:27; 1ලේක 10:13
ද්වි. 18:11ලෙවී 19:31
ද්වි. 18:111සාමු 28:7-11; යෙසා 8:19; ගලා 5:19, 20
ද්වි. 18:13මතෙ 5:48; 2පේතෘ 3:14
ද්වි. 18:14ලෙවී 19:26; 2රාජා 21:1, 2, 6
ද්වි. 18:14යොෂු 13:22
ද්වි. 18:15උත් 49:10; ගණන් 24:17; ලූක් 7:16; යොහ 1:45; 6:14; ක්‍රියා 3:22; 7:37
ද්වි. 18:16නික් 19:17
ද්වි. 18:16නික් 20:19
ද්වි. 18:18නික් 34:28; ගණන් 12:3; මතෙ 4:1, 2; 11:29; යොහ 5:46
ද්වි. 18:18යොහ 17:8
ද්වි. 18:18යොහ 12:49; හෙබ්‍රෙ 1:2
ද්වි. 18:19ක්‍රියා 3:23
ද්වි. 18:20ද්වි 13:1-5; යෙරෙ 28:11-17
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ද්විතීය කතාව 18:1-22

ද්විතීය කතාව

18 “පූජකයන් ඇතුළුව ලෙවී ගෝත්‍රයට අයිති කිසිම කෙනෙක්ට අනිත් ඊශ්‍රායෙල් සෙනඟට වගේ දේශයේ උරුමයක් ලැබෙන්නේ නැහැ. සෙනඟ යෙහෝවා දෙවියන්ට ගින්නෙන් ඔප්පු කරන පූජාවලින් කොටසක් කෑමට ගන්න එයාලට පුළුවන්. ඒවා අයිති ඔහුටයි.+ 2 ඉතින් අනිත් ඊශ්‍රායෙල්වරුන්ට වගේ දේශයේ උරුමයක් එයාලට ලැබෙන්නේ නැහැ. මොකද යෙහෝවා තමයි එයාලාගේ උරුමය. ඒ පොරොන්දුව ඔහු එයාලට දුන්නා.

3 “සෙනඟ ඔප්පු කරන දේවලින් පූජකයන්ට ලැබෙන කොටස් තමයි මේ: ගවයෙක්ව හරි බැටළුවෙක්ව හරි පූජා කරනවා නම් ඒ සතාගේ ඉස්සරහා ගාතය, උගේ හකු සහ බඩ* පූජකයාට දෙන්න. 4 ඔයාලා මුලින්ම නෙළාගන්න ධාන්‍යවලින්, මුලින්ම පෙරන වයින්වලින්, මුලින්ම හදන තෙල්වලින්, ඔයාලාගේ බැටළුවන්ගෙන් මුලින්ම කපන ලොම්වලින් කොටසක් එයාලට දෙන්න.+ 5 ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලාගේ හැම ගෝත්‍රයක් අතරින්ම ලෙවීවරුන්ව තමයි තෝරගෙන තියෙන්නේ. එයාලව තෝරගත්තේ යෙහෝවාගේ නමින් ඔයාලා වෙනුවෙන් හැමදාටම සේවය කරන්නයි.+

6 “ඊශ්‍රායෙල් දේශයේ නගරෙක පදිංචි වෙලා ඉන්න ලෙවීවරයෙක්ට+ ඒ නගරෙන් පිටත් වෙලා යෙහෝවා තෝරගන්න තැනට* යන්න ආස හිතෙන්න පුළුවන්.+ 7 එහෙමනම් එයාට පුළුවන් එහෙට ගිහින් යෙහෝවා ඉස්සරහා සේවය කරන+ එයාගේ සහෝදරයන් වන ලෙවීවරුන් වගේ එයාගේ දෙවි වන යෙහෝවාගේ නමින් සේවය කරන්න. 8 අනිත් ලෙවීවරුන්ට ලැබෙන කෑම කොටසට සමාන කොටසක් එයාටත් ලැබෙනවා.+ පරම්පරාවෙන් ලැබුණ දේවල් විකුණලා ඒකෙන් යම් මුදලක් එයාට ලැබිලා තිබුණත් ඒ කොටස එයාට ලැබෙනවා.

9 “ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලට දෙන දේශයට ගියාට පස්සේ එහේ ඉන්න ජාතීන් කරන පිළිකුල් දේවල් කරන්න යන්න එපා.+ 10 තමන්ගේ පුතාව හරි දුවව හරි ගින්නෙන් දවලා පූජා කරන+ කිසිම කෙනෙක් ඔයාලා අතරේ ඉන්න බැහැ. පේන කියන,+ මන්තර ගුරුකම් කරන,+ නිමිති බලන,+ මායා බලයෙන් දේවල් කරන+ කිසිම කෙනෙක් ඔයාලා අතරේ ඉන්න බැහැ. 11 කොඩිවින සහ හදිහූනියම් කරන, කට්ටඩියෙක්ගෙන්+ හරි ශාස්ත්‍ර බලන කෙනෙක්ගෙන්+ හරි උදව් ගන්න, මැරුණ අය එක්ක කතා කරන්න හදන*+ කිසිම කෙනෙක් ඔයාලා අතරේ ඉන්න බැහැ. 12 ඒ වගේ දේවල් කරන හැම කෙනෙක්ම යෙහෝවාට පිළිකුලක්. ඔයාලා යන දේශයේ ඉන්න ජාතීන් ඒ වගේ පිළිකුල් දේවල් කරන නිසයි ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඒ අයව ඔයාලා ඉස්සරහින් පන්නලා දාන්නේ. 13 ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඉස්සරහා ඔයාලා පවිත්‍ර* ජීවිතයක් ගත කරන්න ඕනේ.+

14 “ඔයාලා දේශයෙන් පන්නලා දාන ඒ ජාතීන් මන්තර ගුරුකම් කරන+ සහ පේන+ කියන අයගෙන් උදව් ගන්න පුරුදු වෙලා හිටියා. ඒත් ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඒ වගේ කිසිම දෙයක් කරන්න ඔයාලට අවසර දීලා නැහැ. 15 ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලා අතරින් මං වගේ අනාගතවක්තෘවරයෙක්ව පත් කරයි. ඔයාලා එයාට සවන් දෙන්න ඕනේ.+ 16 ඔයාලාගේ දෙවි වන යෙහෝවා එහෙම කරන්නේ ඔයාලා හොරෙබ්වල රැස් වෙලා හිටිය වෙලාවේ+ කියපු දේ නිසයි. ඔයාලා කිව්වා ‘අපේ දෙවි වන යෙහෝවාගේ හඬ ආයේ අහන්නවත් මේ මහ ගින්න ආයේ දකින්නවත් අපි කැමති නැහැ. මොකද අපිට බයයි අපි මැරෙයි’ කියලා.+ 17 එතකොට යෙහෝවා මට මෙහෙම කිව්වා. ‘එයාලා කියන දේ හරි. 18 මම එයාලා අතරින් ඔයා වගේ අනාගතවක්තෘවරයෙක්ව පත් කරනවා.+ මට කියන්න තියෙන දේ මම එයාට කියන්නම්.+ මම එයාට අණ කරන හැම දෙයක්ම එයා සෙනඟට කියයි.+ 19 මගේ නමින් එයා කියන දේවල් අහන්නේ නැති හැම කෙනෙක්ටම ඒ ගැන මට වග කියන්න වෙනවා.+

20 “‘කවුරු හරි අනාගතවක්තෘවරයෙක් මම අණ කළේ නැති, එයාට හිතෙන හිතෙන දේවල් මගේ නමින් කිව්වොත් එහෙම නැත්නම් වෙනත් දෙවිවරුන්ගේ නමින් මොනවා හරි දෙයක් කිව්වොත් එයාව මරලා දාන්න ඕනේ.+ 21 ඒත් ඔයාලට හිතෙයි “අපි කොහොමද දැනගන්නේ මේ දේවල් එයාට යෙහෝවා කිව්වේ නැහැ” කියලා. 22 ඒ අනාගතවක්තෘවරයා යෙහෝවාගේ නමින් කියන දේවල් ඉටු වෙන්නේ නැත්නම්, එයා කියන දේවල් බොරුවක් වුණොත් ඒවා එයාට කිව්වේ යෙහෝවා නෙමෙයි. එයා උඩඟු විදිහට කතා කළේ එයාගෙම අදහස්. ඔයාලා ඒ වගේ කෙනෙක්ට බය වෙන්න එපා.’

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න