ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 සාමුවෙල් 21
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

1 සාමුවෙල් පොතේ සාරාංශයක්

      • දාවිත් නොබ්වලදී දෙවියන්ට කැප කරපු රොටි කයි (1-9)

      • දාවිත් ගාත්වලදී පිස්සෙක් වගේ හැසිරෙයි (10-15)

1 සාමුවෙල් 21:1

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 22:9, 19
  • +1සාමු 18:13

1 සාමුවෙල් 21:4

හරස් යොමු දැක්වීම්

  • +නික් 25:30; ලෙවී 24:5, 9; මතෙ 12:3, 4
  • +නික් 19:15; ලෙවී 15:16; 2සාමු 11:11

1 සාමුවෙල් 21:5

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 15:18

1 සාමුවෙල් 21:6

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 24:7-9; මාක් 2:25, 26; ලූක් 6:3, 4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මාර්ගය යේසුස්, 76 පි.

    මුරටැඹ,

    3/15/2005, 30 පි.

    9/1/2002, 18 පි.

1 සාමුවෙල් 21:7

හරස් යොමු දැක්වීම්

  • +උත් 36:1
  • +1සාමු 22:9; ගීතා 52:පෙර සටහන

1 සාමුවෙල් 21:9

පාදසටහන්

  • *

    හෝ, “තැනිතලාවේදී.”

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 17:2, 50
  • +1සාමු 17:51, 54
  • +නික් 28:6

1 සාමුවෙල් 21:10

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 27:1
  • +යොෂු 11:22; 1සාමු 5:8; 17:4; 27:2; ගීතා 56:පෙර සටහන

1 සාමුවෙල් 21:11

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 18:6-8; 29:4, 5

1 සාමුවෙල් 21:12

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 56:3, 6

1 සාමුවෙල් 21:13

පාදසටහන්

  • *

    මූ.අ., “එයාලා දාවිත්ව අල්ලගෙන ඉද්දී එයා.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 34:පෙර සටහන

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    1/2024, 2-3 පි.

    මුරටැඹ,

    3/15/2005, 24 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

1 සාමු. 21:11සාමු 22:9, 19
1 සාමු. 21:11සාමු 18:13
1 සාමු. 21:4නික් 25:30; ලෙවී 24:5, 9; මතෙ 12:3, 4
1 සාමු. 21:4නික් 19:15; ලෙවී 15:16; 2සාමු 11:11
1 සාමු. 21:5ලෙවී 15:18
1 සාමු. 21:6ලෙවී 24:7-9; මාක් 2:25, 26; ලූක් 6:3, 4
1 සාමු. 21:7උත් 36:1
1 සාමු. 21:71සාමු 22:9; ගීතා 52:පෙර සටහන
1 සාමු. 21:91සාමු 17:2, 50
1 සාමු. 21:91සාමු 17:51, 54
1 සාමු. 21:9නික් 28:6
1 සාමු. 21:101සාමු 27:1
1 සාමු. 21:10යොෂු 11:22; 1සාමු 5:8; 17:4; 27:2; ගීතා 56:පෙර සටහන
1 සාමු. 21:111සාමු 18:6-8; 29:4, 5
1 සාමු. 21:12ගීතා 56:3, 6
1 සාමු. 21:13ගීතා 34:පෙර සටහන
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
1 සාමුවෙල් 21:1-15

පළවෙනි සාමුවෙල්

21 දාවිත් නොබ්+ නගරයට ඇවිත් පූජක අහිමෙලෙක්ව හම්බ වෙන්න ගියා. දාවිත්ව දැක්කාම අහිමෙලෙක් හොඳටම බය වෙලා “ඇයි ඔයා තනියම මෙහෙට ආවේ”+ කියලා ඇහුවා. 2 එතකොට දාවිත් මෙහෙම කිව්වා. “රජ මට විශේෂ වැඩක් භාර දුන්නා. එයා මට කිව්වා ‘මං ඔයාට කරන්න කියපු මේ වැඩේ ගැන කාටවත් කියන්න එපා’ කියලා. මේ වැඩේට මාත් එක්ක තව කට්ටියක් යනවා. අපි කතා කරගත්තා වෙන තැනකදී හම්බ වෙන්න. 3 ඔයා ළඟ රොටි පහක් තියෙනවා නම් මට දෙන්න පුළුවන්ද? වෙන මොනා හරි කෑමක් වුණත් කමක් නෑ.” 4 එතකොට පූජකයා දාවිත්ට මෙහෙම කිව්වා. “මං ළඟ තියෙන්නේ දෙවියන්ට කැප කරපු රොටි+ විතරයි. ඔයා එක්ක යන අය මේ දවස්වල ස්ත්‍රීන් එක්ක සම්බන්ධකම් පවත්වලා නැත්නම්+ ඒ රොටි දෙන්න පුළුවන්.” 5 දාවිත් පූජකයාට මෙහෙම කිව්වා. “සාමාන්‍යයෙන් අපි යුද්දෙට යද්දී ස්ත්‍රීන් එක්ක සම්බන්ධකම් පවත්වන්නේ නැහැ.+ අපි ඒ වගේ දේකට යන්නෙත් පවිත්‍ර වෙලා. එහෙනම් මේ වගේ විශේෂ දේකට යද්දී පවිත්‍රව ඉන්න එක ගැන අපි ඊට වඩා සැලකිලිමත් වෙන්නේ නැද්ද?” 6 ඒ වෙනකොට යෙහෝවා දෙවියන් ඉස්සරහා අලුත් රොටි+ තියලා පරණ රොටි අයින් කරලයි තිබුණේ. ඒ වෙලාවේ දාවිත්ට දෙන්න පූජකයා ළඟ තිබුණේ අයින් කරපු ඒ පරණ රොටි විතරයි. ඉතින් පූජකයා ඒ රොටි ටික දාවිත්ට දුන්නා.

7 සාවුල්ගේ බැටළුවන් බලාගන්න අයගේ ප්‍රධානියා වුණ ඒදොම් ජාතික+ දොවෙග්+ එදා එතන හිටියා. එයා එතනට ඇවිත් හිටියේ යෙහෝවා ඉස්සරහා යම් වගකීමක් ඉටු කරන්න.

8 දාවිත් අහිමෙලෙක්ගෙන් මෙහෙම ඇහුවා. “ඔයා ළඟ කඩුවක් හරි හෙල්ලයක් හරි තියෙනවාද? මේ වැඩේ ඉක්මනට කරන්න ඕනෙ නිසා මං ආවේ හදිස්සියේ. ඒ නිසා මගේ කඩුවවත් වෙන ආයුධයක්වත් ගන්න මට වෙලාවක් තිබුණේ නෑ.” 9 එතකොට පූජකයා මෙහෙම කිව්වා. “ඔයා ඒලාහ් නිම්නයේදී*+ මරලා දාපු පිලිස්තියාගේ කඩුව+ නම් මං ළඟ තියෙනවා. ඒක රෙද්දකින් ඔතලා ඒෆොද් ඇඳුමට+ පිටිපස්සෙන් තියලා තියෙනවා. කැමති නම් ඒක ගන්න. මං ළඟ වෙන ආයුධයක් නම් නෑ.” දාවිත් පූජකයාට මෙහෙම කිව්වා. “ඒක තරම් හොඳ කඩුවක් තවත් නැහැ. ඒක මට දෙන්න.”

10 ඊටපස්සේ දාවිත් සාවුල්ගෙන් බේරෙන්න එතනින් පලා ගියා.+ අන්තිමට එයා ගාත්වල+ රජ වන ආකිෂ් ඉන්න තැනට ආවා. 11 ආකිෂ් රජගේ සේවකයෝ එයාට මෙහෙම කිව්වා. “මේ ඊශ්‍රායෙල් දේශයේ රජ වන දාවිත් නේද? මිනිස්සු නටනට,

‘සාවුල් දහස් ගණන් මැරුවා.

දාවිත් දසදහස් ගණන් මැරුවා’+ කියලා සින්දු කිව්වේ මෙයා ගැන නේද?”

12 එයාලා කියපු දේ ඇහුවාම ගාත්වල රජ වන ආකිෂ් ගැන දාවිත්ට ලොකු බයක් ඇති වුණා.+ 13 ඒ නිසා දාවිත් එයාලා ඉස්සරහා* පිස්සෙක් වගේ හැසිරෙන්න පටන්ගත්තා.+ එයා රැවුල දිගේ කෙළ පෙරාගෙන දොරවල් හූරහූර පිස්සුවෙන් වගේ වැඩ කළා. 14 ඒක දැක්කාම ආකිෂ් රජ එයාගේ සේවකයන්ට මෙහෙම කිව්වා. “මේ මනුස්සයා පිස්සෙක් කියලා ඔයාලට පේන්නේ නැද්ද? ඇයි එයාව මං ළඟට ගෙනාවේ? 15 මෙහේ ඉන්න පිස්සෝ මදිවටද තවත් පිස්සෙක්ව අරන් ආවේ? පිස්සෙක්ව මගේ ගෙදරට වද්දගන්න කියලද මට කියන්නේ?”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න