ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • දේශනාකාරයා 8
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

දේශනාකාරයා පොතේ සාරාංශයක්

      • මිනිස් පාලකයන් යටතේ (1-17)

        • රජගේ නියෝගවලට කීකරු වෙන්න (2-4)

        • මිනිස් පාලනය අනිත් අයට හානියක් (9)

        • දඬුවම ක්‍රියාත්මක කරන්න පරක්කු වෙද්දී (11)

        • කාලා බීලා සතුටින් ඉන්න (15)

දේශනාකාරයා 8:2

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 5:3
  • +හිතෝ 24:21, 22; රෝම 13:1; තීත 3:1; 1පේතෘ 2:13

දේශනාකාරයා 8:3

හරස් යොමු දැක්වීම්

  • +දේශ 10:4
  • +1රාජා 1:5, 7; හිතෝ 20:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/1/2006, 16 පි.

දේශනාකාරයා 8:4

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 2:24, 25

දේශනාකාරයා 8:5

හරස් යොමු දැක්වීම්

  • +රෝම 13:5; 1පේතෘ 3:13
  • +1සාමු 24:12, 13; 26:8-10; ගීතා 37:7

දේශනාකාරයා 8:6

හරස් යොමු දැක්වීම්

  • +දේශ 3:17

දේශනාකාරයා 8:8

පාදසටහන්

  • *

    හෝ, “ජීවන හුස්ම.”

  • *

    හෝ සමහරවිට, “දුෂ්ටයාව ගලවගන්න එයා කරන දුෂ්ටකම්වලට බැහැ.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 89:48

දේශනාකාරයා 8:9

පාදසටහන්

  • *

    හෝ, “හිංසාවක්; පාඩුවක්.”

හරස් යොමු දැක්වීම්

  • +නික් 1:13, 14; මීකා 7:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 31 පාඩම

    පිබිදෙව්!,

    අංක 3 2017 6 පි.

    මුරටැඹ,

    1/1/2002, 4-5 පි.

දේශනාකාරයා 8:10

පාදසටහන්

  • *

    පේන විදිහට මෙතන කතා කරන්නේ යෙරුසලම සහ දේවමාලිගාව ගැනයි.

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 10:7

දේශනාකාරයා 8:11

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 10:4, 6
  • +1සාමු 2:22, 23

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/1/2010, 4 පි.

දේශනාකාරයා 8:12

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 34:9; 103:13; 112:1; යෙසා 3:10; 2පේතෘ 2:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/15/1997, 17-18 පි.

දේශනාකාරයා 8:13

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 37:10; යෙසා 57:21
  • +යෝබ් 24:24

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/15/1997, 17-18 පි.

දේශනාකාරයා 8:14

පාදසටහන්

  • *

    හෝ, “ලොකු කලකිරීමක් ඇති කරන.”

හරස් යොමු දැක්වීම්

  • +දේශ 7:15
  • +ගීතා 37:7; 73:12

දේශනාකාරයා 8:15

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 100:2
  • +දේශ 2:24; 3:12, 13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 44 පාඩම

    මුරටැඹ,

    10/1/1996, 14 පි.

දේශනාකාරයා 8:16

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “මිනිස්සු රෑ දවල් නිදාගන්නේ නැතුව කරන දේවල් ගැන දැනගන්නත් මම උත්සාහ කළා.”

හරස් යොමු දැක්වීම්

  • +දේශ 1:13; 7:25

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/1/2006, 16 පි.

දේශනාකාරයා 8:17

හරස් යොමු දැක්වීම්

  • +දේශ 3:11; රෝම 11:33
  • +යෝබ් 28:12; දේශ 7:24; 11:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/1/2006, 16 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

දේශ. 8:22සාමු 5:3
දේශ. 8:2හිතෝ 24:21, 22; රෝම 13:1; තීත 3:1; 1පේතෘ 2:13
දේශ. 8:3දේශ 10:4
දේශ. 8:31රාජා 1:5, 7; හිතෝ 20:2
දේශ. 8:41රාජා 2:24, 25
දේශ. 8:5රෝම 13:5; 1පේතෘ 3:13
දේශ. 8:51සාමු 24:12, 13; 26:8-10; ගීතා 37:7
දේශ. 8:6දේශ 3:17
දේශ. 8:8ගීතා 89:48
දේශ. 8:9නික් 1:13, 14; මීකා 7:3
දේශ. 8:10හිතෝ 10:7
දේශ. 8:11ගීතා 10:4, 6
දේශ. 8:111සාමු 2:22, 23
දේශ. 8:12ගීතා 34:9; 103:13; 112:1; යෙසා 3:10; 2පේතෘ 2:9
දේශ. 8:13ගීතා 37:10; යෙසා 57:21
දේශ. 8:13යෝබ් 24:24
දේශ. 8:14දේශ 7:15
දේශ. 8:14ගීතා 37:7; 73:12
දේශ. 8:15ගීතා 100:2
දේශ. 8:15දේශ 2:24; 3:12, 13
දේශ. 8:16දේශ 1:13; 7:25
දේශ. 8:17දේශ 3:11; රෝම 11:33
දේශ. 8:17යෝබ් 28:12; දේශ 7:24; 11:5
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
දේශනාකාරයා 8:1-17

දේශනාකාරයා

8 ප්‍රඥාවන්තයෙක්ට සමාන කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවාද? ප්‍රශ්නයකට විසඳුම දන්නේ කවුද? කෙනෙක්ට තියෙන ප්‍රඥාව එයාගේ මූණෙන් පේනවා. සැරපරුෂ පෙනුම වෙනුවට ඒකෙන් එයාගේ පෙනුම ප්‍රියමනාප වෙනවා.

2 මම කියන්නේ මේකයි. “ඔයා දෙවියන් ඉස්සරහා දුන්න දිවුරුම නිසා+ රජගේ නියෝගවලට කීකරු වෙන්න.+ 3 රජ ඉස්සරහින් අයින් වෙලා යන්න ඉක්මන් වෙන්න එපා.+ වැරදි දේකට සම්බන්ධ වෙන්නත් එපා.+ මොකද තමන් කැමති දේ කරන්න රජට පුළුවන්. 4 රජගේ වචනයට ඉහළින් යන්න කාටවත් බැහැ.+ ‘ඔබ මොනවාද මේ කරන්නේ’ කියලා රජගෙන් අහන්න පුළුවන් කාටද?”

5 නීතියට කීකරු වෙන කෙනාට අනතුරක් වෙන්නේ නැහැ.+ ප්‍රඥාවන්ත හදවතක් තියෙන කෙනා දන්නවා කාරණයක් සම්බන්ධයෙන් කරන්න ඕනෙ මොකක්ද සහ ඒක කරන්න ඕනෙ හරි වෙලාව මොකක්ද කියලා.+ 6 මිනිස්සුන්ට දහසකුත් ප්‍රශ්න තියෙනවා. ඒ හැම කාරණයක්ම විසඳන්න හරි වෙලාවක් සහ හරි ක්‍රමයක් තියෙනවා.+ 7 අනාගතයේදී වෙන්නේ මොනවාද කියලා කිසිම කෙනෙක් දන්නේ නැහැ. ඒ නිසයි ඒක වෙන්නේ කොහොමද කියලා කාටවත් කියන්න බැරි.

8 මනුස්සයෙක්ට තමන්ගේ පණ* අල්ලලා තියාගන්නවත් මැරෙන දවස කල් දාන්නවත් බැහැ.+ යුද්ධ කාලේදී කාටවත් හමුදා සේවයෙන් නිදහස් වෙන්න බැහැ. දුෂ්ටකම් කරන කෙනෙක්ටත් එයා කරන දේවල්වල ප්‍රතිඵලවලින් ගැලවෙන්න බැහැ.*

9 ඉර යට සිද්ධ වෙන හැම දෙයක් ගැනම මම හිතලා බැලුවාට පස්සේ මං දැක්කේ මේකයි. ඒ මුළු කාලය පුරාම මිනිසා තමන්ගේ බලය පාවිච්චි කරලා තියෙන්නේ අනිත් අයට හානියක්* වෙන විදිහටයි.+ 10 ශුද්ධස්ථානයට* ආව ගිය දුෂ්ටයන්ගේ මරණය මම දැක්කා. එයාලා දුෂ්ට වැඩ කරපු නගරයේ අයට එයාලව ඉක්මනින්ම අමතක වෙලා ගිය විදිහත් මං දැක්කා.+ ඒකත් කිසි තේරුමක් නැති දෙයක්.

11 වරදකට නියම කරපු දඬුවම ඉක්මනින් ක්‍රියාත්මක කළේ නැති වුණාම+ මිනිස්සු කිසි බයක් නැතුව වැරදි දේ කරන්න පෙලඹෙනවා.+ 12 පව්කාරයෙක් සිය පාරක් වැරදි කරලා ගොඩක් කල් ජීවත් වුණත් සැබෑ දෙවියන් ගැන ගරුබියක් තියෙන අයට අන්තිමේදී යහපතක් වෙනවා කියලා මං දන්නවා. මොකද එයාලට ඇත්තටම දෙවියන් ගැන ගරුබියක් තියෙනවා.+ 13 ඒත් දුෂ්ටයාට නම් කිසිම යහපතක් වෙන්නේ නැහැ.+ හෙවණැල්ලක් වගේ නැති වෙලා යන එයාගේ ජීවිතේ දික් කරගන්න එයාට බැහැ.+ මොකද එයාට දෙවියන් ගැන ගරුබියක් නැහැ.

14 පොළොවේ සිද්ධ වෙන කිසි තේරුමක් නැති* තවත් දෙයක් මං දැක්කා. සමහර ධර්මිෂ්ඨ අයව සලකන්නේ දුෂ්ට දේවල් කරපු අය විදිහට.+ අනිත් අතට දුෂ්ට අයව සලකන්නේ හොඳ දේවල් කරපු අය විදිහටයි.+ ඒකත් කිසි තේරුමක් නැති දෙයක් කියලා මම කියනවා.

15 සතුටු වෙන්න කියලා මම අනිත් අයට කිව්වා.+ මොකද මිනිසෙක් කාලා බීලා සතුටින් ඉන්න එක තරම් හොඳ දෙයක් ඉර යට තවත් නැහැ. සැබෑ දෙවියන් කෙනෙක්ට ඉර යට ජීවත් වෙන්න දීලා තියෙන කාලය පුරාම එයා මහන්සි වෙලා වැඩ කරන ගමන් කාලා බීලා සතුටින් ඉන්න ඕනේ.+

16 ප්‍රඥාවන්තව වැඩ කරන්නත් පොළොවේ සිද්ධ වෙන හැම දෙයක් ගැනම හොයලා බලන්නත් මම උත්සාහ කළා.+ රෑ දවල් දෙකේ නින්දක් නැතුව මම ඒ දේ කළා.* 17 මම සැබෑ දෙවියන් කරලා තියෙන හැම දෙයක් ගැනම හිතලා බැලුවාට පස්සේ මට තේරුණා ඉර යට සිද්ධ වෙන දේවල් මිනිස්සුන්ට තේරුම්ගන්න බැහැ කියලා.+ මිනිස්සු කොච්චර උත්සාහ කළත් එයාලට ඒක කරන්න බැහැ. ඒ දේවල් තේරුම්ගන්න තමන්ට ප්‍රඥාව තියෙනවා කියලා මිනිස්සු කිව්වත් ඇත්තටම ඒක කරන්න එයාලට බැහැ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න