ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 17
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ද්විතීය කතාව පොතේ සාරාංශයක්

      • පූජාවල කිසිම කැළලක් තියෙන්න බැහැ (1)

      • දෙවියන්ට විරුද්ධව වැඩ කරන අය සම්බන්ධයෙන් කරන්න ඕනෙ දේ (2-7)

      • විසඳන්න අමාරු නඩු (8-13)

      • රජ විදිහට පත් කරන කෙනාට මඟ පෙන්වීම් (14-20)

        • රජ නීතිය පොතක ලියන්න ඕනේ (18)

ද්විතීය කතාව 17:1

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 22:20; ද්වි 15:21; මලා 1:8

ද්විතීය කතාව 17:2

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 4:23; 13:6-9

ද්විතීය කතාව 17:3

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 4:19
  • +ද්වි 13:12-15

ද්විතීය කතාව 17:4

හරස් යොමු දැක්වීම්

  • +යොහ 7:51

ද්විතීය කතාව 17:5

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 13:6, 10

ද්විතීය කතාව 17:6

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 18:16; යොහ 8:17; 1තිමෝ 5:19; හෙබ්‍රෙ 10:28
  • +ගණන් 35:30; ද්වි 19:15

ද්විතීය කතාව 17:7

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 13:5; 1කොරි 5:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 7/2021, 3 පි.

    “මුළු ශුද්ධ ලියවිල්ල” (මතෙ–කොලො), 21 පි.

ද්විතීය කතාව 17:8

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 35:11
  • +ද්වි 12:5; 1රාජා 3:16, 28; ගීතා 122:2, 5

ද්විතීය කතාව 17:9

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 7:15, 16
  • +ද්වි 19:17; 21:5

ද්විතීය කතාව 17:11

හරස් යොමු දැක්වීම්

  • +මලා 2:7
  • +ද්වි 5:32; 12:32

ද්විතීය කතාව 17:12

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 11:2; හෙබ්‍රෙ 10:28
  • +ද්වි 13:5; 1කොරි 5:13

ද්විතීය කතාව 17:13

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 13:11; 19:20

ද්විතීය කතාව 17:14

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 8:5, 20; 10:19

ද්විතීය කතාව 17:15

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 9:17; 10:24; 16:12, 13

ද්විතීය කතාව 17:16

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 20:1; 2සාමු 8:4; ගීතා 20:7; හිතෝ 21:31
  • +යෙසා 31:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 3/2023, 2 පි.

ද්විතීය කතාව 17:17

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 11:1-3; නෙහෙ 13:26
  • +යෝබ් 31:24, 28; 1තිමෝ 6:9

ද්විතීය කතාව 17:18

පාදසටහන්

  • *

    හෝ, “ලියවිල්ලක.”

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 31:9, 26; 2රාජා 22:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2007, 20 පි.

    5/1/1995, 12 පි.

ද්විතීය කතාව 17:19

පාදසටහන්

  • *

    හෝ, “එයා ජීවත් වෙන හැම දවසකදීම.”

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 34:18
  • +ගීතා 1:2; 119:97

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/15/2002, 12-17 පි.

    10/1/2000, 8-9 පි.

    5/1/1995, 12 පි.

ද්විතීය කතාව 17:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/1/1995, 12 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ද්වි. 17:1ලෙවී 22:20; ද්වි 15:21; මලා 1:8
ද්වි. 17:2ද්වි 4:23; 13:6-9
ද්වි. 17:3ද්වි 4:19
ද්වි. 17:3ද්වි 13:12-15
ද්වි. 17:4යොහ 7:51
ද්වි. 17:5ද්වි 13:6, 10
ද්වි. 17:6මතෙ 18:16; යොහ 8:17; 1තිමෝ 5:19; හෙබ්‍රෙ 10:28
ද්වි. 17:6ගණන් 35:30; ද්වි 19:15
ද්වි. 17:7ද්වි 13:5; 1කොරි 5:13
ද්වි. 17:8ගණන් 35:11
ද්වි. 17:8ද්වි 12:5; 1රාජා 3:16, 28; ගීතා 122:2, 5
ද්වි. 17:91සාමු 7:15, 16
ද්වි. 17:9ද්වි 19:17; 21:5
ද්වි. 17:11මලා 2:7
ද්වි. 17:11ද්වි 5:32; 12:32
ද්වි. 17:12හිතෝ 11:2; හෙබ්‍රෙ 10:28
ද්වි. 17:12ද්වි 13:5; 1කොරි 5:13
ද්වි. 17:13ද්වි 13:11; 19:20
ද්වි. 17:141සාමු 8:5, 20; 10:19
ද්වි. 17:151සාමු 9:17; 10:24; 16:12, 13
ද්වි. 17:16ද්වි 20:1; 2සාමු 8:4; ගීතා 20:7; හිතෝ 21:31
ද්වි. 17:16යෙසා 31:1
ද්වි. 17:171රාජා 11:1-3; නෙහෙ 13:26
ද්වි. 17:17යෝබ් 31:24, 28; 1තිමෝ 6:9
ද්වි. 17:18ද්වි 31:9, 26; 2රාජා 22:8
ද්වි. 17:192ලේක 34:18
ද්වි. 17:19ගීතා 1:2; 119:97
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ද්විතීය කතාව 17:1-20

ද්විතීය කතාව

17 “කැළලක් එහෙම නැත්නම් වෙන මොකක් හරි ආබාධයක් තියෙන කිසිම ගවයෙක්ව හරි බැටළුවෙක්ව හරි ඔයාලාගේ දෙවි වන යෙහෝවාට ඔප්පු කරන්න ඔයාලට අවසර නැහැ. ඒ වගේ පූජා ඔයාලාගේ දෙවි වන යෙහෝවාට පිළිකුලක්.+

2 “හිතන්න, ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලට දෙන නගරෙක ඉන්න පුරුෂයෙක් හරි ස්ත්‍රියක් හරි යෙහෝවා දෙවියන් වැරදියි කියලා සලකන දෙයක් කරනවා කියලා. ඔහු එක්ක ඇති කරගත්ත ගිවිසුම එයා කඩ කරනවා.+ 3 එයා දෙවියන්ව අත්හැරලා වෙනත් දෙවිවරුන් ඉස්සරහා වැඳ වැටිලා ඒවාට නමස්කාර කරනවා. එහෙම නැත්නම් ඉර, හඳ, තරු ඉස්සරහා වැඳ වැටෙනවා.+ මං එපා කියලා කිව්ව දේවල් එයා කරනවා.+ 4 එහෙම දෙයක් වෙනවා කියලා ඔයාලට දැන්නුවොත් හරි ආරංචි වුණොත් හරි ඔයාලා ඒ ගැන විභාග කරලා හොඳට හොයලා බලන්න ඕනේ. ඒ වගේ පිළිකුල් දෙයක් ඊශ්‍රායෙල් සෙනඟ අතරේ වෙනවා කියලා ඔප්පු වුණොත්+ 5 ඒ දුෂ්ට දේ කරපු පුරුෂයාව නැත්නම් ස්ත්‍රියව ඔයාලාගේ නගරේ දොරටු ළඟට ගෙනල්ලා එයාට ගල් ගහලා මරන්න ඕනේ.+ 6 ඒ කෙනාව මරන්න පුළුවන් එයා කරපු දේ ගැන දෙන්නෙක් හරි තුන්දෙනෙක් හරි සාක්ෂි දුන්නොත් විතරයි.+ එක් කෙනෙක්ගේ සාක්ෂිය මත විතරක් ඒ කෙනාව මරන්න අවසර නැහැ.+ 7 එයාව මරලා දාන්න මුලින්ම ගල් ගහන්න ඕනෙ සාක්ෂි දුන්න අයයි. ඊටපස්සේ මුළු සෙනඟම ඒකට හවුල් වෙන්න ඕනේ. ඒ විදිහට ඔයාලා අතරින් ඒ දුෂ්ට දේ සම්පූර්ණයෙන්ම අයින් කරලා දාන්න.+

8 “සමහරවිට ඔයාලා ඉන්න නගරෙක විසඳන්න අමාරු නඩුවක් ඔයාලා ළඟට ගේන්න පුළුවන්. ඒක මිනී මැරුමක් නිසා,+ කාට හරි විරුද්ධව කරපු පැමිණිල්ලක් නිසා, දරුණු අපරාධයක් නිසා නැත්නම් වෙනත් මොකක් හරි දෙයක් නිසා ඇති වුණ මතභේදයක් වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවකදී ඔයාලා ඔයාලාගේ දෙවි වන යෙහෝවා තෝරගන්න තැනට යන්න ඕනේ.+ 9 ලෙවී ගෝත්‍රයට අයිති පූජකයන් සහ ඒ කාලේ විනිශ්චයකරු හැටියට සේවය කරන කෙනා ළඟට ගිහිල්ලා+ ඒ නඩුව ඉදිරිපත් කරන්න. එතකොට එයාලා තීන්දුවක් ලබා දෙයි.+ 10 යෙහෝවා තෝරගන්න ස්ථානයේ ඉන්න ඒ අය ලබා දෙන තීන්දුවට අනුව ඔයාලා දේවල් කරන්න ඕනේ. එයාලා කියන හැම දෙයක්ම කරන්න වගබලා ගන්න. 11 එයාලා පැහැදිලි කරලා දෙන නීතියේ සඳහන් දේට අනුවත් ලබා දෙන තීන්දුවට අනුවත් ඔයාලා දේවල් කරන්න ඕනේ.+ එයාලා ලබා දෙන තීන්දුවෙන් පිට පැනලා කිසිම දෙයක් කරන්න එපා.+ 12 ඒත් ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඉස්සරහා සේවය කරන පූජකයා නැත්නම් විනිශ්චයකරු කියන දේ කවුරු හරි කෙනෙක් ගණන් ගන්නේ නැතුව එයාට හිතෙන විදිහට දේවල් කරනවා නම් එයාව මරලා දාන්න.+ ඒ විදිහට ඔයාලා ඊශ්‍රායෙල් සෙනඟ අතරින් ඒ දුෂ්ට දේ අයින් කරන්න.+ 13 ඒ ගැන මුළු සෙනඟටම ආරංචි වුණාම එයාලට බයක් ඇති වෙයි. එතකොට කිසිම කෙනෙක් ඒ වගේ හිතුවක්කාර විදිහට ආයේ වැඩ කරන එකක් නැහැ.+

14 “ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලට දෙන දේශයට ගිහින් ඒක අයිති කරගෙන කාලයක් එහේ ජීවත් වෙද්දී ඔයාලට හිතෙන්න පුළුවන් ‘අවට ජාතීන්ට වගේ අපිටත් රජෙක් හිටියා නම් හොඳයි’ කියලා.+ 15 එහෙම වුණොත් ඔයාලාගේ දෙවි වන යෙහෝවා තෝරගන්න කෙනාව රජ හැටියට පත් කරන්න.+ ඔයාලට රජ හැටියට පත් කරන්න පුළුවන් ඔයාලාගේ සහෝදරයන්ගෙන් කෙනෙක්ව විතරයි. ඔයාලාගේ සෙනඟට අයිති නැති, විදේශිකයෙක්ව පත් කරන්න ඔයාලට අවසර නැහැ. 16 රජ හැටියට පත් කරන කෙනා තමන්ට ගොඩක් අශ්වයන් එකතු කරගන්න එකෙන් වළකින්න ඕනේ.+ තව අශ්වයන්ව ගන්න සෙනඟව ඊජිප්තුවට යවන එකෙනුත් එයා වළකින්න ඕනේ.+ මොකද යෙහෝවා ඔයාලට කිව්වා, ‘ආයේ කවදාවත් ඊජිප්තුවට යන්න එපා’ කියලා. 17 රජ ගොඩක් ස්ත්‍රීන්ව විවාහ කරගන්න එකෙනුත් වළකින්න ඕනේ. නැත්නම් එයාගේ හිත දෙවියන්ගෙන් ඈත් වෙයි.+ ඒ වගේම එයා ගොඩක් රත්තරන්, රිදී රැස් කරගන්න එකෙනුත් වළකින්න ඕනේ.+ 18 රජ හැටියට පත් වුණාට පස්සේ මේ නීතිය එයා පොතක* ලියන්න ඕනේ. ලෙවී ගෝත්‍රයට අයිති පූජකයන් ළඟ තියෙන නීතියේ පිටපතක් එයා එයාටම කියලා හදාගන්න ඕනේ.+

19 “ඒ පිටපත එයා ළඟම තියාගන්න ඕනේ. එයාගේ ජීවිත කාලේ පුරාම* එයා ඒක කියවන්න ඕනේ.+ එහෙම කරනවා නම් එයාගේ දෙවි වන යෙහෝවා ගැන ගරුබියක් ඇතුව ඉන්න එයා ඉගෙනගනියි. මේ නීතියේ තියෙන නියෝග ඇතුළුව හැම දේකටම කීකරු වෙන්නත් එයා ඉගෙනගනියි.+ 20 එහෙම කළොත් එයාගේ සහෝදරයන්ට වඩා එයා උසස් කියලා හිතන්න පෙලඹෙන්නේ නැහැ. දෙවියන්ගේ අණපනත්වලින් පිට පැනලා වැඩ කරන්න පෙලඹෙන්නෙත් නැහැ. එතකොට එයාටයි, එයාගේ පුතාලටයි ඊශ්‍රායෙල් සෙනඟ අතරේ ගොඩක් කල් රජකම් කරන්න පුළුවන් වෙයි.

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න