ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • හිතෝපදේශ 31
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

හිතෝපදේශ පොතේ සාරාංශයක්

      • ලෙමුවෙල් රජ ලියපු පණිවිඩයක් (1-31)

        • හොඳ බිරිඳක් හොයාගන්න පුළුවන් කාටද? (10)

        • කඩිසරයි, දක්ෂයි (17)

        • ආදරෙන් කතා කරයි (26)

        • දරුවනුත් සැමියාත් ප්‍රශංසා කරයි (28)

        • රූමත්කම හැමදාටම තියෙන්නේ නැහැ (30)

හිතෝපදේශ 31:1

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 1:8; 2තිමෝ 1:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/1/2000, 31 පි.

හිතෝපදේශ 31:2

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 1:11, 28

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/1/2000, 30 පි.

හිතෝපදේශ 31:3

හරස් යොමු දැක්වීම්

  • +හොෂෙ 4:11
  • +ද්වි 17:15, 17; 1රාජා 11:1-3; නෙහෙ 13:26

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/1/2000, 30 පි.

හිතෝපදේශ 31:4

හරස් යොමු දැක්වීම්

  • +දේශ 10:17; යෙසා 28:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/1/2000, 30 පි.

හිතෝපදේශ 31:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/1/2000, 30 පි.

හිතෝපදේශ 31:6

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 104:15; මතෙ 27:34
  • +යෙරෙ 16:7

හිතෝපදේශ 31:8

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 82:4

හිතෝපදේශ 31:9

පාදසටහන්

  • *

    හෝ, “අය වෙනුවෙන් යුක්තිය ඉටු කරන්න.”

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 1:16, 17; 2සාමු 8:15; ගීතා 72:1, 2; යෙසා 11:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/1/2000, 30 පි.

හිතෝපදේශ 31:10

පාදසටහන්

  • *

    හෝ, “ගුණවත්.”

  • *

    “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +රූත් 3:10, 11; හිතෝ 12:4; 19:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    ජීවිතය සහ දේවසේවය වැඩපොත,

    11/2016, 3 පි.

    පිබිදෙව්!,

    1/2008, 6 පි.

    මුරටැඹ,

    2/1/2000, 31 පි.

    7/15/1995, 13 පි.

හිතෝපදේශ 31:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/1/2000, 31 පි.

    12/1/1992, 8 පි.

හිතෝපදේශ 31:13

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 2:18, 19; තීත 2:3-5

හිතෝපදේශ 31:14

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 9:21

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/1/2000, 31 පි.

හිතෝපදේශ 31:15

හරස් යොමු දැක්වීම්

  • +1තිමෝ 5:9, 10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/1/2000, 31 පි.

හිතෝපදේශ 31:16

පාදසටහන්

  • *

    හෝ, “මහන්සි වෙලා හම්බ කරගත්ත සල්ලිවලින්.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/1/2000, 31 පි.

හිතෝපදේශ 31:17

හරස් යොමු දැක්වීම්

  • +උත් 24:15, 20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/1/2000, 31 පි.

හිතෝපදේශ 31:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/1/2000, 31 පි.

හිතෝපදේශ 31:19

හරස් යොමු දැක්වීම්

  • +නික් 35:25

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/1/2012, 27 පි.

හිතෝපදේශ 31:20

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 25:18; හිතෝ 19:17; 1තිමෝ 2:10; හෙබ්‍රෙ 13:16

හිතෝපදේශ 31:21

පාදසටහන්

  • *

    මූ.අ., “ඇඳුම් දෙක ගාණේ.”

හිතෝපදේශ 31:23

හරස් යොමු දැක්වීම්

  • +රූත් 4:1; යෝබ් 29:7, 8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    ජීවිතය සහ දේවසේවය වැඩපොත,

    11/2016, 2 පි.

    මුරටැඹ,

    2/1/2000, 31 පි.

හිතෝපදේශ 31:24

පාදසටහන්

  • *

    හෝ, “යට ඇඳුම්.”

හිතෝපදේශ 31:25

පාදසටහන්

  • *

    හෝ, “සිනාසෙමින්.”

හිතෝපදේශ 31:26

පාදසටහන්

  • *

    හෝ, “කරුණාව; නොසැලෙන ආදරේ.”

හරස් යොමු දැක්වීම්

  • +විනි 13:22, 23; 1සාමු 25:30, 31; එස්ත 5:8; තීත 2:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    6/2022, 26 පි.

    මුරටැඹ,

    2/1/2000, 31 පි.

    8/15/1997, 18 පි.

හිතෝපදේශ 31:27

පාදසටහන්

  • *

    මූ.අ., “අලසකමේ කෑම කන්නේ.”

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 14:1; 1තිමෝ 5:9, 10; තීත 2:3-5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/1/2000, 31 පි.

හිතෝපදේශ 31:28

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/15/1998, 6 පි.

    පවුලේ සන්තෝෂය, 49-50 පි.

හිතෝපදේශ 31:29

පාදසටහන්

  • *

    හෝ, “ගුණවත්.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/1/2000, 31 පි.

හිතෝපදේශ 31:30

පාදසටහන්

  • *

    හෝ, “නිෂ්ඵලයි.”

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 9:30; එස්ත 1:10-12; හිතෝ 6:25, 26
  • +උත් 24:60; විනි 5:7; 1පේතෘ 3:3, 4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/1/2000, 31 පි.

හිතෝපදේශ 31:31

පාදසටහන්

  • *

    මූ.අ., “දෑතේ උත්සාහයෙන් හම්බ කරගත්ත දෙයින් කොටසක් දෙන්න.”

හරස් යොමු දැක්වීම්

  • +රූත් 3:10, 11
  • +රෝම 16:1, 2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    1998 පිබිදෙව්!,

    4/8/1998, 10-11 පි.

    “මුළු ශුද්ධ ලියවිල්ල”, 20 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

හිතෝ. 31:1හිතෝ 1:8; 2තිමෝ 1:5
හිතෝ. 31:21සාමු 1:11, 28
හිතෝ. 31:3හොෂෙ 4:11
හිතෝ. 31:3ද්වි 17:15, 17; 1රාජා 11:1-3; නෙහෙ 13:26
හිතෝ. 31:4දේශ 10:17; යෙසා 28:7
හිතෝ. 31:6ගීතා 104:15; මතෙ 27:34
හිතෝ. 31:6යෙරෙ 16:7
හිතෝ. 31:8ගීතා 82:4
හිතෝ. 31:9ද්වි 1:16, 17; 2සාමු 8:15; ගීතා 72:1, 2; යෙසා 11:4
හිතෝ. 31:10රූත් 3:10, 11; හිතෝ 12:4; 19:14
හිතෝ. 31:131සාමු 2:18, 19; තීත 2:3-5
හිතෝ. 31:142ලේක 9:21
හිතෝ. 31:151තිමෝ 5:9, 10
හිතෝ. 31:17උත් 24:15, 20
හිතෝ. 31:19නික් 35:25
හිතෝ. 31:201සාමු 25:18; හිතෝ 19:17; 1තිමෝ 2:10; හෙබ්‍රෙ 13:16
හිතෝ. 31:23රූත් 4:1; යෝබ් 29:7, 8
හිතෝ. 31:26විනි 13:22, 23; 1සාමු 25:30, 31; එස්ත 5:8; තීත 2:3
හිතෝ. 31:27හිතෝ 14:1; 1තිමෝ 5:9, 10; තීත 2:3-5
හිතෝ. 31:302රාජා 9:30; එස්ත 1:10-12; හිතෝ 6:25, 26
හිතෝ. 31:30උත් 24:60; විනි 5:7; 1පේතෘ 3:3, 4
හිතෝ. 31:31රූත් 3:10, 11
හිතෝ. 31:31රෝම 16:1, 2
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
හිතෝපදේශ 31:1-31

හිතෝපදේශ

31 මේ, ලෙමුවෙල් රජ ලියපු පණිවිඩයක්. ඒක එයාගේ අම්මා එයාට අවවාද කරන්න දීපු බැරෑරුම් පණිවිඩයක්.+

 2 මගේ පුතේ, දෙවියන්ට භාර වෙලා මං කන්නලව් කළේ ඔයා ගැනයි.

මගේම කුසෙන් බිහි වුණ මගේ පුතේ,

මං ඔයාට දෙන්න ඕනෙ මොන වගේ උපදෙස්ද?+

 3 ඔයාගේ පුරුෂ ශක්තිය ස්ත්‍රීන්ට දෙන්න එපා.+

රජවරුන්ගේ විනාශයට හේතු වෙන විදිහේ ජීවිතයක් ගත කරන්න එපා.+

 4 ලෙමුවෙල් මගේ පුතේ, වයින් බොන එක රජ කෙනෙක්ට සුදුසු නැහැ.

“කෝ මගේ මත්පැන් ටික” කියලා අහන එක නිලධාරියෙක්ට සුදුසු නැහැ.+

 5 එහෙම කළොත් එයාලා වයින් බීලා නීතිය අමතක කරලා දායි.

අසරණයන්ට යුක්තිය ඉටු නොකර ඉඳියි.

 6 මරණාසන්නව ඉන්න අයට මත්පැන් දෙන්න.+

කලකිරුණු අයට වයින් දෙන්න.+

 7 එතකොට එයාලාගේ දුප්පත්කම එයාලට අමතක වෙයි.

හිතේ තියෙන කරදරත් එයාලාගේ මතකයට එන්නේ නැහැ.

 8 තමන් වෙනුවෙන් කතා කරන්න බැරි අය වෙනුවෙන් කතා කරන්න.

මැරෙන්න යන අයගේ අයිතීන් වෙනුවෙන් නැඟී ඉන්න.+

 9 ඔයාගේ කට ඇරලා සාධාරණ විනිශ්චයක් දෙන්න.

අසරණ, දුප්පත් අයගේ අයිතීන් වෙනුවෙන් නැඟී ඉන්න.*+

א [ආලෙෆ්]

10 හොඳ* බිරිඳක් හොයාගන්න පුළුවන් කාටද?+

එයා කොරල්වලටත්* වඩා හුඟක් වටිනවා.

ב [බේත්]

11 එයාගේ සැමියා මුළු හිතින්ම එයාව විශ්වාස කරනවා.

එයාගේ සැමියාට කිසිම දේකින් අඩුවක් නැහැ.

ג [ගීමෙල්]

12 මුළු ජීවිත කාලය පුරාම

එයා සැමියාට හොඳක් මිසක් නරකක් කරන්නේ නැහැ.

ד [දාලෙත්]

13 එයා ලොම් සහ ලිනන් මිල දී ගන්නවා.

එයාගේ අත් දෙකෙන් එයා වැඩ කරන්නේ හරිම සතුටින්.+

ה [හේ]

14 එයා හරියට වෙළඳ නැවක් වගේ.+

දුර ඈත තැන්වලට ගිහින් කෑම මිල දී ගන්නවා.

ו [වාව්]

15 එයා පාන්දරින්ම නැඟිටලා

පවුලේ අයට කෑම ලෑස්ති කරනවා.

එයාගේ සේවිකාවන්ටත් කොටසක් දෙනවා.+

ז [ෂායින්]

16 එයා ඉඩමක් ගැන හොඳට හොයලා බලලා ඒක මිල දී ගන්නවා.

එයාගෙම මහන්සියෙන්* එයා මිදිවත්තක් වවනවා.

ח [හෙත්]

17 මහන්සි වෙලා වැඩ කරන්න එයා හොඳින් ලෑස්ති වෙනවා.+

එයාගේ දෑත් සවිමත් කරගන්නවා.

ט [ටේත්]

18 එයාගේ වෙළඳාම්වලින් එයා ලාභ ලබනවා.

රාත්‍රියේදීත් එයාගේ පහන නිවිලා යන්නේ නැහැ.

י [යෝද්]

19 එයා නූල් ඔතන උපකරණය එක අතකිනුත්

නූල් ගොතන උපකරණය අනිත් අතිනුත් අල්ලගන්නවා.+

כ [කෆ්]

20 එයා අසරණයාටත් දුප්පතුන්ටත් ලෝභ නැතුව දෙනවා.+

ל [ලාමෙද්]

21 හිම වැටෙන කාලයේදී ගෙදර ඉන්න අය ගැන එයා කරදර වෙන්නේ නැහැ.

මොකද ඒ හැමෝටම උණුසුම්ව ඉන්න ඕනෙ කරන ඇඳුම්* තියෙනවා.

מ [මෙම්]

22 ඇඳඇතිරිලි හදාගන්නෙත් එයාමයි.

එයා ඇඳගෙන ඉන්නේ ලිනන් සහ දම් පාට ලොම්වලින් හදපු ඇඳුම්.

נ [නුන්]

23 නුවර දොරටුව ළඟ+ ඉන්න අය එයාගේ සැමියාව හොඳට අඳුරනවා.

එයාගේ සැමියා ඉඳගෙන ඉන්නේ එතන ඉන්න වැඩිමහල්ලන් එක්කයි.

ס [සාමෙක්]

24 එයා ලිනන්වලින් ඇඳුම්* හදලා ඒවා විකුණනවා.

ඉණපටි හදලා වෙළෙන්දන්ට දෙනවා.

ע [ආයින්]

25 එයා ශක්තියෙනුත් ගෞරවයෙනුත් සැරසිලා ඉන්නවා.

එයා අනාගතය දිහා බලන්නේ කිසි බයක් සැකක් නැතුවයි.*

פ [පේ]

26 එයා කතා කරන්නේ ඥානවන්තව.+

වචන හසුරුවන්නේ ආදරේ* කියන නීතිය පදනම් කරගෙන.

צ [ට්සාධේ]

27 ගෙදර අයගේ ඕනෑ එපාකම් ගැන එයා හොයලා බලනවා.

එයා පොඩ්ඩක්වත් කම්මැළි* නැහැ.+

ק [කෝෆ්]

28 එයාගේ දරුවෝ නැඟිටලා එයාට ප්‍රශංසා කරනවා.

එයාගේ සැමියාත් නැඟිටලා එයාට ප්‍රශංසා කරනවා.

ר [රේෂ්]

29 හොඳ* කාන්තාවන් හුඟදෙනෙක් ඉන්නවා.

ඒත් ඔයා ඒ හැමෝටම වඩා හුඟක් වටිනවා.

ש [ෂින්]

30 ප්‍රියමනාප පෙනුමට රැවටෙන්න පුළුවන්.

රූමත්කම හැමදාම තියෙන්නේ නැහැ.*+

ඒත් ප්‍රශංසාව ලබන්නේ යෙහෝවාට ගරුබිය දක්වන කාන්තාවයි.+

ת [ටාව්]

31 එයා කරන යහපත් දේවලට ලැබෙන්න ඕනෙ තෑග්ග දෙන්න.*+

එයා කරන වැඩ වෙනුවෙන් නුවර දොරටුව ළඟ එයාට ප්‍රශංසාව ලැබේවා!+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න