ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 20
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ද්විතීය කතාව පොතේ සාරාංශයක්

      • යුද්දෙකට යද්දී මතක තියාගන්න ඕනෙ දේවල් (1-20)

        • හමුදා සේවයෙන් නිදහස් වෙන්න පුළුවන් හේතු (5-9)

ද්විතීය කතාව 20:1

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 3:22; 31:6; ගීතා 20:7; හිතෝ 21:31

ද්විතීය කතාව 20:2

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 31:6

ද්විතීය කතාව 20:4

හරස් යොමු දැක්වීම්

  • +නික් 14:14; යොෂු 23:10

ද්විතීය කතාව 20:7

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 24:5

ද්විතීය කතාව 20:8

හරස් යොමු දැක්වීම්

  • +විනි 7:3
  • +ගණන් 13:33; 14:1-3; 32:9; ද්වි 1:28

ද්විතීය කතාව 20:10

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 11:19

ද්විතීය කතාව 20:11

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 25:44, 46; යොෂු 9:22, 27

ද්විතීය කතාව 20:14

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 14:13
  • +යොෂු 22:8

ද්විතීය කතාව 20:16

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 6:17; 10:28; 11:11

ද්විතීය කතාව 20:17

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 7:1

ද්විතීය කතාව 20:18

හරස් යොමු දැක්වීම්

  • +නික් 34:15; ද්වි 7:4; යොෂු 23:12, 13; යෙසා 2:6; 1කොරි 5:6; 15:33

ද්විතීය කතාව 20:19

හරස් යොමු දැක්වීම්

  • +නෙහෙ 9:25

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙහෝවාට ළං වන්න, 135 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ද්වි. 20:1ද්වි 3:22; 31:6; ගීතා 20:7; හිතෝ 21:31
ද්වි. 20:2ගණන් 31:6
ද්වි. 20:4නික් 14:14; යොෂු 23:10
ද්වි. 20:7ද්වි 24:5
ද්වි. 20:8විනි 7:3
ද්වි. 20:8ගණන් 13:33; 14:1-3; 32:9; ද්වි 1:28
ද්වි. 20:10යොෂු 11:19
ද්වි. 20:11ලෙවී 25:44, 46; යොෂු 9:22, 27
ද්වි. 20:142ලේක 14:13
ද්වි. 20:14යොෂු 22:8
ද්වි. 20:16යොෂු 6:17; 10:28; 11:11
ද්වි. 20:17ද්වි 7:1
ද්වි. 20:18නික් 34:15; ද්වි 7:4; යොෂු 23:12, 13; යෙසා 2:6; 1කොරි 5:6; 15:33
ද්වි. 20:19නෙහෙ 9:25
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ද්විතීය කතාව 20:1-20

ද්විතීය කතාව

20 “ඔයාලා සතුරන්ට විරුද්ධව යුද්දෙට ගියාම එයාලාගේ සෙබළුන්ගේ ගාණයි, අශ්වයන් සහ අශ්ව රථ ගාණයි ඔයාලට වඩා ගොඩක් වැඩියි කියලා ඔයාලා දකියි. ඒත් එයාලට බය වෙන්න එපා. මොකද ඔයාලව ඊජිප්තු දේශයෙන් නිදහස් කරගෙන ආපු ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලා එක්ක ඉන්නවා.+ 2 සටන් කරන්න ලෑස්ති වෙද්දී පූජකයා සෙබළුන් ළඟට ගිහිල්ලා එයාලට කතා කරන්න ඕනේ.+ 3 එයා සෙබළුන්ට මෙහෙම කියන්න ඕනේ. ‘ඊශ්‍රායෙල්වරුනි, මට ඇහුම්කන් දෙන්න. දැන් ඔයාලා සතුරන්ට විරුද්ධව සටන් කරන්නයි යන්නේ. එයාලව දැක්කාම කලබල වෙලා බය වෙන්න එපා. 4 මොකද සතුරන්ට විරුද්ධව සටන් කරන්න යද්දී ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලට ඉස්සරහින් යනවා. ඔහු ඔයාලව බේරගනියි.’+

5 “සෙබළුන් අතරේ ඉන්න නිලධාරීන් එයාලට මෙහෙම කියන්න ඕනේ. ‘ගෙයක් අලුතින් හදලා ඒකේ පදිංචියට තාම ගිහින් නැති කෙනෙක් ඉන්නවා නම් එයාට පුළුවන් ගෙදර යන්න. නැත්නම් එයා සටනේදී මැරුණොත් එයාට කවදාවත් පදිංචි වෙන්න බැරි වුණ ඒ ගෙදර වෙන කෙනෙක් පදිංචි වෙයි. 6 මිදිවත්තක් වවලා ඒකේ පලදාව තාමත් නෙළාගත්තේ නැති කෙනෙක් ඉන්නවා නම් එයාට ගෙදර යන්න පුළුවන්. නැත්නම් එයා සටනේදී මැරුණොත් ඒකේ පලදාවෙන් වෙන කෙනෙක් ප්‍රයෝජන ගනියි. 7 කාන්තාවක් එක්ක විවාහ ගිවිසගෙන ඉන්න කෙනෙක් ඉන්නවා නම් එයාට පුළුවන් ගෙදර යන්න.+ නැත්නම් සටනේදී එයා මැරුණොත් වෙනත් පුරුෂයෙක් ඒ කාන්තාව විවාහ කරගනියි.’ 8 ඒ නිලධාරීන් සෙබළුන්ට මෙහෙමත් කියන්න ඕනේ. ‘ඔයාලාගෙන් කවුරු හරි යුද්දෙට යන්න බයයි නම්+ එයාටත් ගෙදර යන්න පුළුවන්. නැත්නම් එයා නිසා එයාගේ සහෝදරයනුත් අධෛර්යය වෙයි.’+ 9 එයාලා ඒ දේවල් කිව්වාට පස්සේ සෙබළුන්ට සටනේදී අණ දෙන්න ප්‍රධානීන් කීපදෙනෙක්ව පත් කරන්න ඕනේ.

10 “ඔයාලා නගරෙකට විරුද්ධව සටන් කරන්න ගියාම මුලින්ම මෙහෙම කරන්න. සමාදාන වෙන්න කැමති නම් එයාලා මොනවාද කරන්න ඕනෙ කියලා පැහැදිලිව කියන්න.+ 11 ඔයාලා කියන දේට එකඟ වෙලා එයාලා නගරේ දොරටු විවෘත කළොත් එහේ ඉන්න හැම කෙනෙක්වම මෙහෙකාරකමට ගන්න. එයාලා ඔයාලට සේවය කරයි.+ 12 සමාදාන වෙන්න කැමති වෙනවා වෙනුවට එයාලා යුද්ධ කරන්න ලෑස්ති වෙනවා නම් ඒ නගරේ වටලන්න. 13 ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඒක අනිවාර්යයෙන්ම ඔයාලාගේ අතට භාර දෙයි. ඒකේ ඉන්න හැම පුරුෂයෙක්වම කඩුවෙන් මරලා දාන්න. 14 ඒත් නගරේ ඉන්න ස්ත්‍රීන්, කුඩා දරුවන්, සතුන් සහ වටිනා දේවල් ඇතුළුව නගරේ තියෙන හැම දෙයක්ම ඔයාලට ගන්න පුළුවන්.+ ඔයාලාගේ සතුරන්ට අයිති වටිනා දේවල් ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලට දීලයි තියෙන්නේ. ඒ දේවල් ඔයාලාගේ ප්‍රයෝජනයට ගන්න.+

15 “ළඟපාත ඉන්න ජාතීන්ට අයිති නැති, ගොඩක් ඈතින් තියෙන නගරවලට ඔයාලා කරන්න ඕනෙ ඒ විදිහටයි. 16 ඒත් ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලට උරුම කරලා දෙන දේශයේ නගරවල ඉන්න කිසිම කෙනෙක්ව ඉතුරු කරන්න එපා.+ 17 ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලට අණ කරපු විදිහටම හිත්තීවරුන්, අමෝරිවරුන්, කානානිවරුන්, පෙරිස්සිවරුන්, හිවීයවරුන්, යෙබූසිවරුන්+ කියන ජාතීන්ව සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාන්න. 18 එහෙම කළේ නැත්නම් එයාලාගේ දෙවිවරුන්ට වන්දනාමාන කරද්දී එයාලා කරන පිළිකුල් දේවල් කරන්න එයාලා ඔයාලවත් පොලඹවයි. එතකොට ඔයාලත් යෙහෝවා දෙවියන්ට විරුද්ධව වැරදි දේවල් කරයි.+

19 “නගරයක් අල්ලගන්න දවස් ගාණක් තිස්සේ ඒකට විරුද්ධව සටන් කරලා, ඒක වටලගෙන ඉන්න සිද්ධ වුණොත් ඒකේ තියෙන ගස් කපලා දාන්න එපා. ඒ ගස්වලින් පලතුරු කන්න ඔයාලට පුළුවන්. ඒත් ගස් කපලා දාන්න ඔයාලට අවසර නැහැ.+ සතුරන්ට පහර දෙනවා වගේ ඔයාලා ගස්වලට හානි කරන්නේ මොකටද? 20 ඕනෙ නම් පලතුරු හැදෙන්නේ නැති ගස් කපන්න ඔයාලට පුළුවන්. ඔයාලට විරුද්ධව සටන් කරන නගරේ අල්ලගන්න කල් ඒක වටලන්න ලොකු වැටක් හදන්න ඒ ගස් පාවිච්චි කරන්න පුළුවන්.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න