ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 22
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ද්විතීය කතාව පොතේ සාරාංශයක්

      • අසල්වැසියාගේ සත්තුන්ට හොඳින් සලකන්න (1-4)

      • විරුද්ධ ලිංගයේ අයගේ ඇඳුම් අඳින එක (5)

      • සත්තු ගැන හිතන්න (6, 7)

      • පැතලි වහලේ වටේට තාප්පයක් (8)

      • මිශ්‍ර කරන එක තහනම් (9-11)

      • සළුවේ නූල් රටාවකට ඔතන්න (12)

      • අයුතු විදිහේ ලිංගික සම්බන්ධකම් (13-30)

ද්විතීය කතාව 22:1

හරස් යොමු දැක්වීම්

  • +නික් 23:4

ද්විතීය කතාව 22:2

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 7:12

ද්විතීය කතාව 22:4

හරස් යොමු දැක්වීම්

  • +නික් 23:5; ලෙවී 19:18; ලූක් 10:27; ගලා 6:10

ද්විතීය කතාව 22:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 52 පාඩම

    මුරටැඹ (පාඩම්),

    9/2016, 18 පි.

ද්විතීය කතාව 22:6

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 22:28; ගීතා 145:9; හිතෝ 12:10; මතෙ 10:29

ද්විතීය කතාව 22:8

පාදසටහන්

  • *

    ඒ කාලේ ගොඩක් ගෙවල්වල පැතලි වහලක් තිබුණා. සමහර අය නිදාගන්න, අමුත්තන් එක්ක එකට කෑම වේලක් ගන්න ඒක පාවිච්චි කළා.

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 11:2; ක්‍රියා 10:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    4/1/2013, 10 පි.

    2/1/2001, 4-5 පි.

ද්විතීය කතාව 22:9

පාදසටහන්

  • *

    මූ.අ., “ඔයාලට අයිති මිදිවත්තක බීජ වර්ග දෙකක් වපුරන්න ඔයාලට අවසර නැහැ.”

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 19:19

ද්විතීය කතාව 22:10

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 12:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/15/2003, 32 පි.

    11/15/1995, 31 පි.

ද්විතීය කතාව 22:11

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 19:19

ද්විතීය කතාව 22:12

පාදසටහන්

  • *

    ඒ කියන්නේ කොන් හතරේ ටසල් හදාගන්න.

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 15:38; මතෙ 23:2, 5

ද්විතීය කතාව 22:13

පාදසටහන්

  • *

    හෝ, “බිරිඳ විදිහට තියාගන්න අකමැති වුණා.”

ද්විතීය කතාව 22:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 7/2021, 4 පි.

ද්විතීය කතාව 22:18

හරස් යොමු දැක්වීම්

  • +නික් 18:21; ද්වි 1:13; 16:18
  • +ද්වි 25:2; හිතෝ 10:13; 19:29

ද්විතීය කතාව 22:19

පාදසටහන්

  • *

    ෂෙකෙලයක් කියන්නේ ග්‍රෑම් 11.4ක්. උප. B14 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +මලා 2:16

ද්විතීය කතාව 22:21

පාදසටහන්

  • *

    හෝ, “ගණිකාවක් වගේ හැසිරිලා.”

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 21:9
  • +හෙබ්‍රෙ 13:4
  • +ලෙවී 11:45; 1කොරි 5:13

ද්විතීය කතාව 22:22

හරස් යොමු දැක්වීම්

  • +උත් 20:3; නික් 20:14; ලෙවී 20:10; 1කොරි 6:9, 10, 18

ද්විතීය කතාව 22:23

පාදසටහන්

  • *

    මූ.අ., “කන්‍යාවක්ව.”

ද්විතීය කතාව 22:24

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 20:10; ද්වි 5:18; 1තෙස 4:3, 6; හෙබ්‍රෙ 13:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    12/2019, 14 පි.

ද්විතීය කතාව 22:25

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    12/2019, 14 පි.

ද්විතීය කතාව 22:26

හරස් යොමු දැක්වීම්

  • +උත් 4:8; ගණන් 35:20, 21; යාකො 2:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    12/2019, 14 පි.

ද්විතීය කතාව 22:27

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    12/2019, 14 පි.

ද්විතීය කතාව 22:28

පාදසටහන්

  • *

    හෝ, “එයාව රවට්ටගෙන.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 34:2, 5

ද්විතීය කතාව 22:29

හරස් යොමු දැක්වීම්

  • +උත් 34:11, 12; නික් 22:16

ද්විතීය කතාව 22:30

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 18:8; 20:11; ද්වි 27:20; 1කොරි 5:1

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ද්වි. 22:1නික් 23:4
ද්වි. 22:2මතෙ 7:12
ද්වි. 22:4නික් 23:5; ලෙවී 19:18; ලූක් 10:27; ගලා 6:10
ද්වි. 22:6ලෙවී 22:28; ගීතා 145:9; හිතෝ 12:10; මතෙ 10:29
ද්වි. 22:82සාමු 11:2; ක්‍රියා 10:9
ද්වි. 22:9ලෙවී 19:19
ද්වි. 22:10හිතෝ 12:10
ද්වි. 22:11ලෙවී 19:19
ද්වි. 22:12ගණන් 15:38; මතෙ 23:2, 5
ද්වි. 22:18නික් 18:21; ද්වි 1:13; 16:18
ද්වි. 22:18ද්වි 25:2; හිතෝ 10:13; 19:29
ද්වි. 22:19මලා 2:16
ද්වි. 22:21ලෙවී 21:9
ද්වි. 22:21හෙබ්‍රෙ 13:4
ද්වි. 22:21ලෙවී 11:45; 1කොරි 5:13
ද්වි. 22:22උත් 20:3; නික් 20:14; ලෙවී 20:10; 1කොරි 6:9, 10, 18
ද්වි. 22:24ලෙවී 20:10; ද්වි 5:18; 1තෙස 4:3, 6; හෙබ්‍රෙ 13:4
ද්වි. 22:26උත් 4:8; ගණන් 35:20, 21; යාකො 2:11
ද්වි. 22:28උත් 34:2, 5
ද්වි. 22:29උත් 34:11, 12; නික් 22:16
ද්වි. 22:30ලෙවී 18:8; 20:11; ද්වි 27:20; 1කොරි 5:1
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ද්විතීය කතාව 22:1-30

ද්විතීය කතාව

22 “ඔයාලාගේ සහෝදරයෙක්ගේ ගවයා හරි බැටළුවා හරි ඉබාගාතේ යනවා දැක්කොත් අහක බලාගෙන යන්න එපා.+ ඒ සතාව අරන් ගිහින් අයිතිකරුට භාර දෙන්න. 2 අයිතිකරු කවුද කියලා දන්නේ නැත්නම් හරි එයා ළඟපාතක ඉන්න කෙනෙක් නෙමෙයි නම් හරි ඒ සතාව ඔයාගේ ගෙදර ගෙනියන්න. අයිතිකරු සතාව හොයාගෙන එන කල් ඌව ඔයා ළඟ තියාගන්න. ඊටපස්සේ ඌව අයිතිකරුට භාර දෙන්න.+ 3 සහෝදරයෙක්ට අයිති බූරුවෙක් හරි ඇඳුමක් හරි එයාට අයිති වෙන ඕනෙම දෙයක් හරි නැති වෙලා ඒක ඔයාට හම්බ වුණොත් කරන්න ඕනෙ ඒකයි. ඒ වගේ වෙලාවක මුකුත් නොකර ඉන්න එපා.

4 “සහෝදරයෙක්ට අයිති බූරුවෙක් හරි ගවයෙක් හරි පාරේ වැටිලා ඉන්නවා ඔයා දැක්කොත් අහක බලාගෙන යන්න එපා. වැටුණු සතාව නැඟිට්ටවන්න සහෝදරයාට උදව් කරන්න.+

5 “පුරුෂයෙක් අඳින ඇඳුමක් අඳින්න ස්ත්‍රියකට අවසර නැහැ. ඒ වගේම ස්ත්‍රියක් අඳින ඇඳුමක් අඳින්න පුරුෂයෙක්ටත් අවසර නැහැ. ඒ වගේ දෙයක් කරන හැම කෙනෙක්ම ඔයාලාගේ දෙවි වන යෙහෝවාට පිළිකුලක්.

6 “හිතන්න, පාර අයිනේ තියෙන ගහක නැත්නම් බිම කුරුලු කූඩුවක් තියෙනවා ඔයාලා දැක්කා කියලා. ඒකේ ඉන්න කිරිල්ලි බිත්තර රකිනවා නම් හරි පැටව් ටික තටුවලින් වහගෙන ඉන්නවා නම් හරි පැටව් එක්ක කිරිල්ලිව අරගෙන යන්න එපා.+ 7 පැටව් ටික ගන්න ඔයාලට පුළුවන්. ඒත් ඒ කිරිල්ලිව නිදහස් කරලා යවන්න. එහෙම කළොත් ඔයාලට යහපතක් වෙයි. ඔයාලට ගොඩක් කල් ජීවත් වෙන්නත් පුළුවන් වෙයි.

8 “ඔයාලා අලුතෙන් ගෙයක් හැදුවොත් ඒකේ තියෙන පැතලි වහලේ* වටේ පොඩි තාප්පයක් බඳින්න ඕනේ.+ එහෙම කළේ නැත්නම් කවුරු හරි කෙනෙක් එතනින් වැටිලා මැරෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒ කෙනාගේ ජීවිතේට වග කියන්න වෙන්නේ ඒ ගෙදර අයටයි.

9 “ඔයාලට අයිති මිදිවත්තක වෙන කිසිම දෙයක් වගා කරන්න ඔයාලට අවසර නැහැ.*+ එහෙම කළොත් ඒ අනිත් වගාවෙන් ලබාගත්ත අස්වැන්නයි, මිදි අස්වැන්නයි දෙකම ශුද්ධස්ථානයට කැප කරන්න ඔයාලට වෙනවා.

10 “ගොනෙක්වයි, බූරුවෙක්වයි එකට බැඳලා හාන්න එපා.+

11 “ලොම් සහ ලිනන් නූල් මිශ්‍ර කරලා හදපු ඇඳුම් අඳින්න එපා.+

12 “ඔයාලා අඳින සළුවේ කොන් හතරේ තියෙන නූල් රටාවකට ඔතලා ඒක පහළට වැටෙන විදිහට ගැටගහන්න.*+

13 “පුරුෂයෙක් තරුණියක්ව විවාහ කරගෙන එයා එක්ක ලිංගික සම්බන්ධකම් පැවැත්තුවාට පස්සේ එයාට ඒ තරුණියව එපා වෙනවා* කියලා හිතන්න. 14 ඒ වගේ අවස්ථාවකදී එයා ඒ තරුණියගේ නමට කැළලක් ඇති කරන අදහසින් මෙහෙම කියන්න ඉඩ තියෙනවා. ‘මම විවාහ කරගත්ත මේ තරුණිය නිර්මල කෙනෙක් නෙමෙයි. එයාගේ නිර්මලකම ඔප්පු කරන්න කිසිම සාක්ෂියක් නැහැ.’ එයා ඒ තරුණියගේ චරිතේ හොඳ නැහැ කියලා චෝදනා කළොත් 15 ඒ තරුණියගේ අම්මායි, තාත්තායි නගරේ දොරටුව ළඟ රැස් වෙන වැඩිමහල්ලන් ළඟට ගිහින් එයාගේ නිර්මලකම ඔප්පු කරන්න තියෙන සාක්ෂි ඉදිරිපත් කරන්න ඕනේ. 16 තරුණියගේ තාත්තා වැඩිමහල්ලන්ට මෙහෙම කියන්න ඕනේ. ‘මම මේ මනුස්සයාට මගේ දුවව බන්දලා දුන්නා. ඒත් දැන් එයාට දුවව එපා වෙලා. 17 දුවගේ චරිතේ හොඳ නැහැ කියලා එයා චෝදනා කරනවා. එයා කියනවා “ඔයාගේ දුවගේ නිර්මලකම ඔප්පු කරන්න කිසිම සාක්ෂියක් නැහැ” කියලා. මගේ දුවගේ නිර්මලකම ඔප්පු කරන්න සාක්ෂි ඉදිරිපත් කරන්න අපි කැමතියි.’ එහෙම කියලා එයාලා නගරේ වැඩිමහල්ලන්ට රෙදිකඩ දිගඇරලා පෙන්නන්න ඕනේ. 18 එතකොට ඒ නගරේ වැඩිමහල්ලන්+ ඒ පුරුෂයාට දඬුවම් කරන්න ඕනේ.+ 19 ඒකට අමතරව ඒ පුරුෂයාගෙන් රිදී ෂෙකෙල්* 100ක දඩයක් අය කරලා ඒ ගාණ තරුණියගේ තාත්තාට දෙන්න. මොකද ඒ පුරුෂයා ඊශ්‍රායෙල් සෙනඟ අතරේ ඉන්න නිර්මල තරුණියක්ගේ නමට කැළලක් ඇති කළා.+ ඒ තරුණියව දිගටම එයාගේ බිරිඳ විදිහට තියාගන්නත් ඕනේ. ඒ පුරුෂයා ජීවත් වෙන තාක් කල් එයාව දික්කසාද කරන්න අවසර නැහැ.

20 “හැබැයි පුරුෂයා කරපු චෝදනාව ඇත්ත නම් ඒ තරුණිය නිර්මල කෙනෙක් කියලා ඔප්පු කරන්න සාක්ෂිත් නැත්නම් 21 වැඩිමහල්ලන් ඒ තරුණියව එයාගේ තාත්තාගේ ගෙදර ඉස්සරහට අරගෙන යන්න ඕනේ. එයා තාත්තාගේ ගෙදර+ හිටිය කාලේ ලිංගික දුරාචාරයේ යෙදිලා* ඊශ්‍රායෙල් සෙනඟ අතරේ හරිම නින්දිත විදිහටයි හැසිරිලා තියෙන්නේ.+ ඒ නිසා එයාගේ නගරේ ඉන්න පුරුෂයන් එයාට ගල් ගහලා මරන්න ඕනේ. එහෙම කරලා දුෂ්ට විදිහට හැසිරුණ ඒ කෙනාව ඔයාලා අතරින් අයින් කරලා දාන්න.+

22 “පුරුෂයෙක් තවත් කෙනෙක්ගේ බිරිඳක් එක්ක අනාචාරයේ යෙදිලා තියෙනවා කියලා ඔප්පු වුණොත් එයාලා දෙන්නාවම මරලා දාන්න ඕනේ.+ ඒ පුරුෂයාවයි, ස්ත්‍රියවයි මරලා ඊශ්‍රායෙල් දේශයෙන් ඒ දුෂ්ට දේ අයින් කරලා දාන්න.

23 “කෙනෙක් තවත් පුරුෂයෙක් එක්ක විවාහ ගිවිසගෙන ඉන්න තරුණියක්ව* නගරේදී දැකලා එයා එක්ක අනාචාරයේ යෙදුණොත් 24 එයාලා දෙන්නාවම ඒ නගරේ දොරටුවෙන් එළියට ගෙනල්ලා ගල් ගහලා මරලා දාන්න ඕනේ. ඒ තරුණිය වරදකාරියක් වෙන්නේ ඒ වෙලාවේ එයා නගරේ ඉන්න අයට ඇහෙන්න කෑගැහුවේ නැති නිසයි. පුරුෂයා වරදකරුවෙක් වෙන්නේ එයා එයාගේ සහෝදරයෙක්ගේ බිරිඳට නින්දා කරපු නිසයි.+ ඒ විදිහට ඔයාලා දුෂ්ට විදිහට හැසිරුණ ඒ දෙන්නාව ඔයාලා අතරින් අයින් කරලා දාන්න.

25 “ඒත් කෙනෙක් තවත් පුරුෂයෙක් එක්ක විවාහ ගිවිසගෙන ඉන්න තරුණියක්ව නගරෙන් පිට තැනකදී දැකලා එයාට බලහත්කාරකම් කළොත් ඒ කෙනාව මරලා දාන්න ඕනේ. 26 තරුණියට කිසිම දඬුවමක් දෙන්න එපා. මොකද මරණ දඬුවම ලබන්න එයා වරදක් කළේ නැහැ. මේ සිද්ධිය හරියට කෙනෙක් තවත් කෙනෙක්ට පහර දීලා මිනී මැරුමක් කරනවා වගේ දෙයක්.+ 27 විවාහ ගිවිසගෙන හිටපු ඒ තරුණියට ඒ පුරුෂයා බලහත්කාරකම් කළේ නගරෙන් පිට තැනකදී නිසා එයා කෑගැහුවත් එයාව බේරගන්න කවුරුත් හිටියේ නැහැ.

28 “කෙනෙක් විවාහ ගිවිසගෙන නැති තරුණියක්ව දැකලා එයාත් එක්ක බලෙන්* ලිංගික සම්බන්ධකම් පැවැත්තුවා කියලා හිතන්න. එයාලාගේ වරද හෙළි වුණාම+ 29 ඒ පුරුෂයා තරුණියගේ තාත්තාට රිදී ෂෙකෙල් 50ක් දීලා එයාව විවාහ කරගන්න ඕනේ.+ එයා ඒ තරුණියව නින්දාවට පත් කරපු නිසා එයා ජීවත් වෙන තාක් කල් ඒ තරුණියව දික්කසාද කරන්න එයාට අවසර නැහැ.

30 “කිසිම කෙනෙක්ට තමන්ගේ තාත්තාගේ බිරිඳ එක්ක විවාහ වෙන්න අවසර නැහැ. එහෙම කරන එක එයාගේ තාත්තාට කරන ලොකු අගෞරවයක්.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න