ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 19
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ද්විතීය කතාව පොතේ සාරාංශයක්

      • ලේවලට වග කියන්න වෙන අවස්ථා සහ ආරක්ෂාව ලබා දෙන නගර (1-13)

      • මායිම් වෙනස් කරන්න බැහැ (14)

      • නඩු විභාග කරද්දී සාක්ෂිකරුවන් (15-21)

        • සාක්ෂිකරුවන් දෙන්නෙක් හරි තුන්දෙනෙක් හරි ඉන්න ඕනේ (15)

ද්විතීය කතාව 19:1

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 7:1; 9:1

ද්විතීය කතාව 19:2

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 35:14; යොෂු 20:7, 9

ද්විතීය කතාව 19:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    11/2017, 14 පි.

ද්විතීය කතාව 19:4

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 35:15; ද්වි 4:42

ද්විතීය කතාව 19:5

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 35:25

ද්විතීය කතාව 19:6

පාදසටහන්

  • *

    මූ.අ., “ලේවල පළිය ගන්න කෙනා.”

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 20:4, 5
  • +ගණන් 35:12, 19

ද්විතීය කතාව 19:8

හරස් යොමු දැක්වීම්

  • +උත් 15:18; නික් 23:31; ද්වි 11:24
  • +උත් 28:14

ද්විතීය කතාව 19:9

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 11:22, 23
  • +යොෂු 20:7, 8

ද්විතීය කතාව 19:10

පාදසටහන්

  • *

    හෝ, “නිකරුණේ.”

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 6:16, 17
  • +ද්වි 21:6-9

ද්විතීය කතාව 19:11

හරස් යොමු දැක්වීම්

  • +1යොහ 3:15

ද්විතීය කතාව 19:12

හරස් යොමු දැක්වීම්

  • +උත් 9:6; නික් 21:12; ගණන් 35:16; ද්වි 27:24

ද්විතීය කතාව 19:13

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 24:17, 21; ගණන් 35:33; 2සාමු 21:1

ද්විතීය කතාව 19:14

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 27:17

ද්විතීය කතාව 19:15

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 35:30; ද්වි 17:6
  • +මතෙ 18:16; යොහ 8:17; 2කොරි 13:1; 1තිමෝ 5:19

ද්විතීය කතාව 19:16

හරස් යොමු දැක්වීම්

  • +නික් 23:1; 1රාජා 21:13; මාක් 14:56

ද්විතීය කතාව 19:17

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 17:8, 9

ද්විතීය කතාව 19:18

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 13:14; 17:4; 2ලේක 19:6

ද්විතීය කතාව 19:19

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 19:5
  • +ද්වි 21:20, 21; 24:7; 1කොරි 5:13

ද්විතීය කතාව 19:20

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 13:11; 17:13; 1තිමෝ 5:20

ද්විතීය කතාව 19:21

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 19:13
  • +නික් 21:23-25; ලෙවී 24:20; මතෙ 5:38

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 149 ලිපිය

    යෙහෝවාට ළං වන්න, 131-133 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ද්වි. 19:1ද්වි 7:1; 9:1
ද්වි. 19:2ගණන් 35:14; යොෂු 20:7, 9
ද්වි. 19:4ගණන් 35:15; ද්වි 4:42
ද්වි. 19:5ගණන් 35:25
ද්වි. 19:6යොෂු 20:4, 5
ද්වි. 19:6ගණන් 35:12, 19
ද්වි. 19:8උත් 15:18; නික් 23:31; ද්වි 11:24
ද්වි. 19:8උත් 28:14
ද්වි. 19:9ද්වි 11:22, 23
ද්වි. 19:9යොෂු 20:7, 8
ද්වි. 19:10හිතෝ 6:16, 17
ද්වි. 19:10ද්වි 21:6-9
ද්වි. 19:111යොහ 3:15
ද්වි. 19:12උත් 9:6; නික් 21:12; ගණන් 35:16; ද්වි 27:24
ද්වි. 19:13ලෙවී 24:17, 21; ගණන් 35:33; 2සාමු 21:1
ද්වි. 19:14ද්වි 27:17
ද්වි. 19:15ගණන් 35:30; ද්වි 17:6
ද්වි. 19:15මතෙ 18:16; යොහ 8:17; 2කොරි 13:1; 1තිමෝ 5:19
ද්වි. 19:16නික් 23:1; 1රාජා 21:13; මාක් 14:56
ද්වි. 19:17ද්වි 17:8, 9
ද්වි. 19:18ද්වි 13:14; 17:4; 2ලේක 19:6
ද්වි. 19:19හිතෝ 19:5
ද්වි. 19:19ද්වි 21:20, 21; 24:7; 1කොරි 5:13
ද්වි. 19:20ද්වි 13:11; 17:13; 1තිමෝ 5:20
ද්වි. 19:21ද්වි 19:13
ද්වි. 19:21නික් 21:23-25; ලෙවී 24:20; මතෙ 5:38
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ද්විතීය කතාව 19:1-21

ද්විතීය කතාව

19 “ඔයාලාගේ දෙවි වන යෙහෝවා දේශයේ ජීවත් වෙන ජාතීන්ව විනාශ කළාම ඔයාලා ඒ දේශය අයිති කරගන්නවා. යෙහෝවා දෙවියන් ඔයාලට දෙන දේශයේ ඒ ජාතීන් හිටිය නගරවල, එයාලාගේ ගෙවල්වල ඔයාලා පදිංචි වෙයි.+ 2 ඔයාලාගේ දෙවි වන යෙහෝවා දෙන දේශයේ ඔයාලා පදිංචි වුණාම නගර තුනක් ඔයාලා වෙන් කරන්න ඕනේ.+ 3 ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලට දෙන දේශය කොටස් තුනකට බෙදන්න. ඒ හැම කොටසකම එක නගරයක් ගාණේ වෙන් කරලා තියෙන්න ඕනේ. ඒවාට පහසුවෙන්ම යන්න පුළුවන් වෙන විදිහට පාරවලුත් හදන්න. එතකොට කෙනෙක් අතින් කවුරු හරි මනුස්සයෙක් මැරුණොත් ඒ කෙනාට පුළුවන් ඒ එක නගරෙකට පලා යන්න.

4 “කෙනෙක් අතින් කවුරු හරි මනුස්සයෙක් මැරුණොත් ඒ කෙනාගේ ජීවිතේ බේරගන්න එයා කරන්න ඕනෙ මේකයි. ඒක වුණේ අත්වැරදීමකින් නම් ඒ වගේම මැරුණ කෙනා එක්ක එයාට කලින් කිසිම අමනාපයක් තිබුණේ නැත්නම් එයා ඒ එක නගරෙකට පලා යන්න ඕනේ.+ 5 හිතන්න, කෙනෙක් තව කෙනෙක් එක්ක දර කපන්න කැලෑවට යනවා කියලා. දර කපන්න පොරෝ පහරක් ගහද්දී පොරෝ තලය ගැලවිලා ගිහින් අනිත් කෙනාගේ වැදිලා එයා මැරුණොත් පොරෝ පහර ගහපු කෙනා ජීවිතේ බේරගන්න ඒ එක නගරෙකට පලා යන්න ඕනේ.+ 6 එයාට මැරුණ කෙනා එක්ක කලින් කිසිම අමනාපයක් තිබුණේ නැති නිසා මරණය ලබන්න තරම් වරදක් එයා කළේ නැහැ.+ ඒත් ඔයාලා වෙන් කරන නගර ගොඩක් ඈතින් තිබුණොත් එයා ඒ නගරෙකට පලා යන්න ඉස්සෙල්ලා එයාව මරන්න අයිතිය තියෙන කෙනා*+ කේන්තියෙන් එයාගේ පස්සේ එළවගෙන ඇවිත් එයාව මරලා දායි. 7 ‘නගර තුනක් වෙන් කරන්න’ කියලා මම ඔයාලට අණ කරන්නේ ඒ නිසයි.

8 “ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලාගේ මුතුන්මිත්තන්ට පොරොන්දු වුණ විදිහටම ඔයාලාගේ දේශ සීමා තව පුළුල් කරයි.+ ඔයාලාගේ මුතුන්මිත්තන්ට දෙන්න පොරොන්දු වුණ සම්පූර්ණ දේශයම ඔහු ඔයාලට ලබා දෙයි.+ 9 ඒත් ඔහු එහෙම කරන්නේ මම අද ඔයාලට කියලා දෙන මේ හැම ආඥාවක්ම ඔයාලා ඒ විදිහටම පිළිපදිනවා නම් විතරයි. ඒ කියන්නේ ඔයාලා ඔයාලාගේ දෙවි වන යෙහෝවාට ආදරේ කරලා ඔහුගේ මඟ පෙන්වීම්වලට එකඟව ජීවත් වෙනවා නම් විතරයි.+ ඔහු ඔයාලාගේ දේශ සීමා පුළුල් කළාම මුල් නගර තුනට අමතරව තවත් නගර තුනක් ඔයාලා වෙන් කරන්න ඕනේ.+ 10 ඒකෙන් ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලට උරුමයක් හැටියට ලබා දෙන දේශයේදී අහිංසක කෙනෙක්ගේ* ලේ හලන එක+ වැළකෙනවා වගේම එයාගේ ලේවලට ඔයාලට වග කියන්න වෙන්නෙත් නැහැ.+

11 “ඒත් හිතන්න, කෙනෙක් තව කෙනෙක්ට වෛර කරන නිසා+ එයාට අනතුරක් කරන්න බලාගෙන හිටියා කියලා. එයා ඒ කෙනාට පහර දීලා ඒ කෙනාව මරලා ඒ එක නගරෙකට පලා ගියොත් 12 එයා කලින් හිටපු නගරේ ඉන්න වැඩිමහල්ලන් එයාව ගෙන්නලා එයාව මරන්න අයිතිය තියෙන කෙනා අතට එයාව භාර දෙන්න ඕනේ. ඒ කෙනා එයාව මරලා දාන්න ඕනේ.+ 13 ඒ වගේ කෙනෙක්ට අනුකම්පාවක් පෙන්නන්න එපා. මොකද අහිංසක කෙනෙක්ගේ ලේ හැලුවොත් ඒ වරදට මුළු ඊශ්‍රායෙල් සෙනඟම වග කියන්න ඕනේ. ඒ වරදින් නිදහස් වෙන්න ඒ කෙනාව මරලා දාන්න.+ ඒකෙන් ඔයාලා හැමෝටම යහපතක් වෙයි.

14 “ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලට ලබා දෙන දේශයේ ඔයාලට උරුම වෙන තැනට ගියාම අසල්වැසියාගේ ඉඩමේ මායිම වෙනස් කරන්න එපා.+ ඒ මායිම් දැම්මේ ඔයාලාගේ මුතුන්මිත්තන් කියලා මතක තියාගන්න.

15 “එක් කෙනෙක්ගේ සාක්ෂියකින් විතරක් කෙනෙක් වරදකරුවෙක් කියලා තීන්දු කරන්න බැහැ.+ කෙනෙක්ව වරදකරුවෙක් කියලා තීන්දු කරන්න නම් සාක්ෂිකරුවන් දෙන්නෙක් හරි තුන්දෙනෙක් හරි ඉන්න ඕනේ.+ 16 කෙනෙක් තව කෙනෙක්ට හානියක් කරන අදහසින් එයා වරදක් කළා කියලා චෝදනා කළොත්+ 17 ඒ දෙන්නා ඒ ප්‍රශ්නේ අරගෙන යෙහෝවා ඉස්සරහට එන්න ඕනේ. ඒ කියන්නේ පූජකයන් සහ ඒ කාලේ විනිශ්චයකරුවන් විදිහට සේවය කරන අය ඉස්සරහට එන්න ඕනේ.+ 18 විනිශ්චයකරුවන් ඒ කාරණය විභාග කරලා ඒ ගැන හොඳට හොයලා බලන්න ඕනේ.+ චෝදනාව කරපු කෙනා එයාගේ සහෝදරයාට විරුද්ධව කරලා තියෙන්නේ බොරු චෝදනාවක් කියලා ඔප්පු වුණොත් 19 එයා තමන්ගේ සහෝදරයාට කරන්න හදපු දේ එයාට කරන්න.+ ඒ විදිහට ඒ දුෂ්ට දේ ඔයාලා අතරින් අයින් කරලා දාන්න.+ 20 ඒ ගැන අනිත් අයට ආරංචි වුණාම එයාලටත් බයක් ඇති වෙයි. එතකොට ඔයාලා අතරේ ඉන්න කිසිම කෙනෙක් ඒ වගේ දුෂ්ට දෙයක් ආයේ කවදාවත් කරන එකක් නැහැ.+ 21 ඒ වගේ කෙනෙක්ට කිසිම අනුකම්පාවක් පෙන්නන්න එපා.+ ජීවිතයකට ජීවිතයක්, ඇසකට ඇසක්, දතකට දතක්, අතකට අතක්, පයකට පයක් කියන නීතියට අනුව වැඩ කරන්න.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න