ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 21
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

නික්මයාම පොතේ සාරාංශයක්

      • ඊශ්‍රායෙල්වරු පිළිපදින්න ඕනෙ නීති (1-36)

        • හෙබ්‍රෙව් ජාතික දාසයන් ගැන (2-11)

        • කෙනෙක් තවත් කෙනෙක්ට හානියක් කරද්දී (12-27)

        • සත්තු ගැන (28-36)

නික්මයාම 21:1

හරස් යොමු දැක්වීම්

  • +නික් 24:3; ද්වි 4:14

නික්මයාම 21:2

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 25:39, 40
  • +ද්වි 15:12

නික්මයාම 21:4

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 15:12

නික්මයාම 21:5

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 15:16, 17

නික්මයාම 21:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/2010, 4 පි.

නික්මයාම 21:10

පාදසටහන්

  • *

    ඒ කියන්නේ ඇයව විවාහ කරගන්න කෙනා. ඒ, ස්වාමියා හරි පුතා හරි වෙන්න පුළුවන්.

  • *

    මෙතන කතා කරන්නේ ලිංගික සම්බන්ධකම් ගැනයි.

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 7:3

නික්මයාම 21:12

හරස් යොමු දැක්වීම්

  • +උත් 9:6; ගණන් 35:30; මතෙ 5:21

නික්මයාම 21:13

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 35:11, 22-25; ද්වි 4:42; 19:3-5; යොෂු 20:7-9

නික්මයාම 21:14

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 15:30
  • +ද්වි 19:11, 12; 1රාජා 1:50; 2:29; 1යොහ 3:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 8/2020, 5 පි.

නික්මයාම 21:15

හරස් යොමු දැක්වීම්

  • +නික් 20:12

නික්මයාම 21:16

හරස් යොමු දැක්වීම්

  • +උත් 40:15
  • +උත් 37:28
  • +ද්වි 24:7

නික්මයාම 21:17

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 20:9; හිතෝ 20:20; 30:11, 17; මතෙ 15:4

නික්මයාම 21:18

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “ආයුධයකින්.”

නික්මයාම 21:20

හරස් යොමු දැක්වීම්

  • +උත් 9:5, 6; ලෙවී 24:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 8/2020, 4-5 පි.

නික්මයාම 21:21

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 8/2020, 4-5 පි.

නික්මයාම 21:22

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 139:16; යෙරෙ 1:5
  • +නික් 18:25, 26; ද්වි 16:18; 17:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 162 ලිපිය

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 38 පාඩම

    දෙවියන්ගේ ආදරය ලබාගනිමු, 95 පි.

    “දෙවිගේ ප්‍රේමය”, 91 පි.

    පිබිදෙව්!,

    12/8/2002, 30 පි.

නික්මයාම 21:23

හරස් යොමු දැක්වීම්

  • +උත් 9:6; ලෙවී 24:17; ගණන් 35:31; එළි 21:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 162 ලිපිය

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 38 පාඩම

    දෙවියන්ගේ ආදරය ලබාගනිමු, 95 පි.

    “දෙවිගේ ප්‍රේමය”, 91 පි.

    පිබිදෙව්!,

    12/8/2002, 30 පි.

නික්මයාම 21:24

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 24:20; මතෙ 5:38

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 149 ලිපිය

    මුරටැඹ,

    9/1/2014, 8-9 පි.

    පිබිදෙව්!,

    9/2010, 10 පි.

නික්මයාම 21:26

හරස් යොමු දැක්වීම්

  • +එෆී 6:9; කොලො 4:1

නික්මයාම 21:28

හරස් යොමු දැක්වීම්

  • +උත් 9:5; ගණන් 35:33

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    4/15/2010, 29 පි.

නික්මයාම 21:29

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    4/15/2010, 29 පි.

නික්මයාම 21:32

පාදසටහන්

  • *

    ෂෙකෙලයක් කියන්නේ ග්‍රෑම් 11.4ක්. උප. B14 බලන්න.

නික්මයාම 21:34

හරස් යොමු දැක්වීම්

  • +නික් 22:6, 14; ද්වි 22:8

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

නික්. 21:1නික් 24:3; ද්වි 4:14
නික්. 21:2ලෙවී 25:39, 40
නික්. 21:2ද්වි 15:12
නික්. 21:4ද්වි 15:12
නික්. 21:5ද්වි 15:16, 17
නික්. 21:101කොරි 7:3
නික්. 21:12උත් 9:6; ගණන් 35:30; මතෙ 5:21
නික්. 21:13ගණන් 35:11, 22-25; ද්වි 4:42; 19:3-5; යොෂු 20:7-9
නික්. 21:14ගණන් 15:30
නික්. 21:14ද්වි 19:11, 12; 1රාජා 1:50; 2:29; 1යොහ 3:15
නික්. 21:15නික් 20:12
නික්. 21:16උත් 40:15
නික්. 21:16උත් 37:28
නික්. 21:16ද්වි 24:7
නික්. 21:17ලෙවී 20:9; හිතෝ 20:20; 30:11, 17; මතෙ 15:4
නික්. 21:20උත් 9:5, 6; ලෙවී 24:17
නික්. 21:22ගීතා 139:16; යෙරෙ 1:5
නික්. 21:22නික් 18:25, 26; ද්වි 16:18; 17:8
නික්. 21:23උත් 9:6; ලෙවී 24:17; ගණන් 35:31; එළි 21:8
නික්. 21:24ලෙවී 24:20; මතෙ 5:38
නික්. 21:26එෆී 6:9; කොලො 4:1
නික්. 21:28උත් 9:5; ගණන් 35:33
නික්. 21:34නික් 22:6, 14; ද්වි 22:8
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
  • 35
  • 36
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
නික්මයාම 21:1-36

නික්මයාම

21 “සෙනඟ පිළිපදින්න ඕනෙ නීති මේවායි.+

2 “ඔබ හෙබ්‍රෙව් ජාතිකයෙක්ව දාසයෙක් විදිහට මිල දී ගන්නවා නම්+ ඔහු අවුරුදු හයක් ඔබට සේවය කළ යුතුයි. හත්වෙනි අවුරුද්දේදී කිසිම මුදලක් ගෙවන්නේ නැතුව ඔහුට නිදහස් වෙලා යන්න පුළුවන්.+ 3 ඔහු දාසකමට ආවේ තනියෙන් නම් ඔහු නිදහස් වෙන වෙලාවේදී තනියෙන් යා යුතුයි. ඔහු දාසකමට ආවේ ඔහුගේ බිරිඳ එක්ක නම් ඇයටත් ඔහු එක්ක යන්න ඉඩ දිය යුතුයි. 4 ඔහුගේ ස්වාමියා ඔහුට බිරිඳක්ව විවාහ කරලා දුන්නොත් ඒ වගේම ඒ දෙන්නාට දරුවන් ලැබුණොත් ඔහුගේ බිරිඳ සහ දරුවන් අයිති වෙන්නේ ඔහුගේ ස්වාමියාටයි. ඒ නිසා ඔහු නිදහස් වෙලා යා යුත්තේ තනියෙන්.+ 5 ඒත් නිදහස් කරන වෙලාවේදී ‘මං මගේ ස්වාමියාටත් මගේ බිරිඳටත් දරුවන්ටත් හුඟක් ආදරෙයි. ඒ නිසා නිදහස් වෙලා යන්න මං කැමති නැහැ’+ කියලා දාසයා කිව්වොත් 6 ස්වාමියා සැබෑ දෙවියන් ඉදිරියේ මේ දේ කළ යුතුයි. ඔහු දාසයාව දොර ළඟට හෝ උළුවහු කණුව ළඟට අරන් ගිහින් විදින කටුවකින් දාසයාගේ කන විදිය යුතුයි. එහෙම කළාට පස්සේ ඔහු හැමදාටම තම ස්වාමියාට අයිතියි.

7 “කෙනෙක් තමන්ගේ දුවව දාසකමට විකුණුවොත් ස්වාමියා පිළිපැදිය යුතු නීති මේවායි. දාසයෙක්ව නිදහස් කරලා යවන විදිහට ඇයව නිදහස් කරලා යවන්න ස්වාමියාට බැහැ. 8 ස්වාමියා ඇයව උපභාර්යාවක් විදිහට භාරගන්න අකමැති වෙලා ඇයව වෙන කෙනෙක්ට විකුණන්න තීරණය කළොත් ඔහු ඇයට කරන්නේ ද්‍රෝහිකමක්. ඒ නිසා ඇයව විදේශිකයෙක්ට විකුණන්න ඔහුට අයිතියක් නැහැ. 9 ඒත් ස්වාමියා ඒ දාසියව තමන්ගේ පුතාට විවාහ කරලා දුන්නොත් දුවෙක්ට ලැබිය යුතු අයිතිවාසිකම් ඇයටත් දිය යුතුයි. 10 ඔහු* ඇයට අමතරව වෙනත් ස්ත්‍රියක්ව විවාහ කරගත්තත් ඔහුගේ මුල් බිරිඳට කිසි අඩුවක් නැතුව කෑම බීම සහ ඇඳුම් පැලඳුම් ලබා දිය යුතුයි. ඔහු ස්වාමිපුරුෂයෙක්ගේ යුතුකම්ද ඇය වෙනුවෙන් ඉටු කළ යුතුයි.*+ 11 ඔහු ඒ වගකීම් තුන පැහැරහැරියොත් කිසිම මුදලක් ගෙවන්නේ නැතුව නිදහස් වෙලා යන්න ඇයට පුළුවන්.

12 “කෙනෙක් තව කෙනෙක්ට පහර දීලා ඒ කෙනාව මැරුවොත් පහර දුන් කෙනාව අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි.+ 13 ඒත් අත්වැරදීමක් නිසා කෙනෙක් අතින් තව කෙනෙක් මැරුණොත් වරද කළ කෙනාට පලා යන්න තැනක් මම නියම කරනවා.+ මොකද ඔහු ඒ කෙනාව මැරුවේ හිතාමතා නෙමෙයි. ඒ වගේ දෙයක් වෙන්න සැබෑ දෙවියන් ඉඩහැරියා. 14 කෙනෙක් ලොකු කේන්තියකින්, සැලසුම්සහගතව තව කෙනෙක්ව මරලා+ ආරක්ෂාව පතා මගේ පූජාසනය ළඟට දිව්වත් ඔහුව මරා දැමිය යුතුයි.+ 15 කෙනෙක් තම මවට හෝ පියාට පහර දුන්නොත් ඔහුව අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි.+

16 “කෙනෙක් මිනිසෙක්ව පැහැරගෙන+ වෙනත් කෙනෙක්ට විකුණුවොත් එහෙම නැත්නම් පැහැරගත්ත කෙනාව ඔහු ළඟ ඉඳලා අහු වුණොත්+ ඔහුව මරා දැමිය යුතුයි.+

17 “කෙනෙක් තමන්ගේ මවට හෝ පියාට ශාප කළොත් ඔහුව අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි.+

18 “මිනිසුන් දෙන්නෙක් රණ්ඩු කරද්දී එක් කෙනෙක් අනිත් කෙනාට ගලකින් හෝ අතින්* පහර දීලා පහර ලබපු කෙනා මිය යන්නේ නැතුව ඔත්පළ වුණොත් ඔබ කළ යුත්තේ මෙයයි. 19 ඔහු ඔත්පළව හිටියත් හැරමිටියක උදව්වෙන් ඔහුට ඇවිදින්න පුළුවන් නම් පහර දුන්න කෙනා දඬුවමින් නිදහස්. ඒත් සම්පූර්ණ සුවයක් ලබන කල් ඔහුට කිසිම වැඩක් කරන්න බැරි නිසා ඔහු විඳින පාඩුව වෙනුවෙන් ඔහුට වන්දියක් ගෙවිය යුතුයි.

20 “මිනිසෙක් තමන්ගේ දාසයාට නැත්නම් දාසියට පොල්ලකින් පහර දීලා ඒ කෙනා මැරුණොත් ඒ මිනිසාට අනිවාර්යයෙන්ම දඬුවම් කළ යුතුයි.+ 21 ඒත් ඒ දාසයා නැත්නම් දාසිය දවස් දෙක තුනක් ජීවත් වෙලා මැරුණොත් ඒ මිනිසාට දඬුවම් නොකළ යුතුයි. මොකද ඔහුගේ මුදලින් මිල දී ගත්ත ඒ දාසයාව නැත්නම් දාසියව ඒ වෙද්දී ඔහුට අහිමි වී තිබෙනවා.

22 “මිනිසුන් දෙන්නෙක් පොරබදිද්දී ගැබිනි මවකට පහරක් වැදිලා දරුවා අඩු වයසින් බිහි වුණොත්+ ඔබ කළ යුත්තේ මෙයයි. දරුවාට හෝ මවට දරුණු අනතුරක් සිදු වුණේ නැතත් ඒ ස්ත්‍රියගේ පුරුෂයා නියම කරන වන්දිය වරදකරු ගෙවිය යුතුයි. විනිශ්චයකරුවන් අනුමත කරන මුදල ඔහු ගෙවිය යුතුයි.+ 23 ඒත් මවට නැත්නම් දරුවාට දරුණු අනතුරක් වුණොත් ජීවිතයකට ජීවිතයක්,+ 24 ඇසකට ඇසක්, දතකට දතක්, අතකට අතක්, පයකට පයක්,+ 25 පිලිස්සීමකට පිලිස්සීමක්, තුවාලයකට තුවාලයක්, පහරකට පහරක් වන්දියක් විදිහට දිය යුතුයි.

26 “මිනිසෙක් තමන්ගේ දාසයාගේ නැත්නම් දාසියගේ ඇසට පහර දීලා ඒ ඇස අන්ධ වුණොත් ඇසට වන්දියක් විදිහට ඒ දාසයාව හෝ දාසියව නිදහස් කළ යුතුයි.+ 27 ඔහු තම දාසයාගේ නැත්නම් දාසියගේ දතක් ගැලවෙන්නම පහර දුන්නොත් දතට වන්දියක් විදිහට ඒ කෙනාව නිදහස් කළ යුතුයි.

28 “ගවයෙක් පුරුෂයෙක්ට නැත්නම් ස්ත්‍රියකට ඇනලා මැරුවොත් ඒ ගවයාට ගල් ගහලා මැරිය යුතුයි.+ උගේ මස් කන්න එපා. උගේ අයිතිකරු දඬුවමෙන් නිදහස්. 29 ඒත් ගවයා කලිනුත් මිනිසුන්ට අනින්න පුරුදු වෙලා හිටියා නම් ඒ වගේම අයිතිකරුට ඒ ගැන දන්වලා තිබුණත් ඔහු ඒ ගැන කිසිම දෙයක් කරලා තිබුණේ නැත්නම් අයිතිකරුව මරා දැමිය යුතුයි. ගවයාවත් ගල් ගහලා මැරිය යුතුයි. 30 ඒත් අයිතිකරුට ඔහුගේ ජීවිතය බේරගන්න වන්දියක් ගෙවන්න කියලා කිව්වොත් නියම කරන ඒ මුළු මුදලම ඔහු ගෙවිය යුතුයි. 31 ඒ ගවයා දරුවෙක්ට හෝ දැරියකට ඇන්නත් ඒ නීතියම අදාළයි. 32 ඌ කෙනෙක්ගේ දාසයෙක්ට හෝ දාසියකට ඇනලා මැරුවොත් අයිතිකරු දාසයාගේ හෝ දාසියගේ ස්වාමියාට ෂෙකෙල්* 30ක් ගෙවිය යුතුයි. ගවයාට ගල් ගහලා මැරිය යුතුයි.

33 “කෙනෙක් වළක් හෑරුවාට පස්සේ ඒක ආවරණය කළේ නැති නිසා එහෙම නැත්නම් වහලා තිබුණ වළක ආවරණය අයින් කරපු නිසා ඒ වළට ගවයෙක් හෝ බූරුවෙක් වැටුණොත් 34 වළේ අයිතිකරු ඒකට වග කිව යුතුයි. ඔහු සතාගේ අයිතිකරුට සතාගේ වටිනාකමට අනුව වන්දියක් ගෙවිය යුතුයි.+ මැරුණු සතාගේ මස් ඔහුට ගත හැකියි. 35 කාගේ හරි ගවයෙක් තව කෙනෙක්ගේ ගවයෙක්ට ඇනලා ඌව මැරුවොත් ඒ දෙන්නා පණපිටින් ඉන්න ගවයාව විකුණලා මුදල සම සේ බෙදාගත යුතුයි. මැරුණ සතාවත් ඔවුන් බෙදාගත යුතුයි. 36 ඒත් ගවයා කලිනුත් අනිත් සත්තුන්ට අනින්න පුරුදු වෙලා හිටියා නම් ඒ වගේම උගේ අයිතිකරු ඒ ගැන කිසිම දෙයක් කළේ නැත්නම් ඔහු මිය ගිය සතා වෙනුවෙන් වන්දියක් ගෙවිය යුතුයි. ඔහු මැරුණු ගවයා වෙනුවට තව ගවයෙක්ව දිය යුතුයි. මැරුණු සතාගේ මස් ඔහුට ගත හැකියි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න