ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 රාජාවලිය 4
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

2 රාජාවලිය පොතේ සාරාංශයක්

      • එලිෂා වැන්දඹුවකට තිබුණ තෙල් ප්‍රමාණය වැඩි කරයි (1-7)

      • ෂුනෙම් ජාතික කාන්තාවක් ආගන්තුක සත්කාරය පෙන්නයි (8-16)

      • ඒ කාන්තාවට පුතෙක් ඉපදෙයි; ඒ පුතා මැරෙයි (17-31)

      • එලිෂා ඒ පුතාව නැවත නැඟිටුවයි (32-37)

      • එලිෂා කෑමවල විස අයින් කරයි (38-41)

      • එලිෂා රොටි ප්‍රමාණය වැඩි කරයි (42-44)

2 රාජාවලිය 4:1

පාදසටහන්

  • *

    මේ යෙදුම පාවිච්චි කරලා තියෙන්නේ අනාගතවක්තෘවරුන්ගෙන් උපදෙස් ලබපු කට්ටියක්ව නැත්නම් අනාගතවක්තෘවරුන් එක්ක සේවය කරපු කට්ටියක්ව විස්තර කරන්නයි.

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 2:3, 5
  • +1රාජා 19:18

2 රාජාවලිය 4:2

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 17:9, 12

2 රාජාවලිය 4:5

හරස් යොමු දැක්වීම්

  • +මාක් 6:41; 8:6-8; යොහ 2:7-9

2 රාජාවලිය 4:6

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 14:19
  • +යොෂු 5:12; 1රාජා 17:14

2 රාජාවලිය 4:8

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 19:17, 18
  • +උත් 19:1-3; විනි 13:15

2 රාජාවලිය 4:9

පාදසටහන්

  • *

    මූ.අ., “දෙවියන්ගේ ශුද්ධ මනුස්සයෙක්.”

2 රාජාවලිය 4:10

පාදසටහන්

  • *

    හෝ, “පැතලි වහලේ.” ඒ කාලේ ගොඩක් ගෙවල්වල පැතලි වහලක් තිබුණා. සමහර අය නිදාගන්න, අමුත්තන් එක්ක එකට කෑම වේලක් ගන්න ඒක පාවිච්චි කළා.

හරස් යොමු දැක්වීම්

  • +විනි 3:20; 1රාජා 17:19
  • +මතෙ 10:41; රෝම 12:13; හෙබ්‍රෙ 13:2

2 රාජාවලිය 4:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/1/1997, 30 පි.

2 රාජාවලිය 4:12

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 5:25-27; 8:4
  • +යොෂු 19:17, 18

2 රාජාවලිය 4:13

හරස් යොමු දැක්වීම්

  • +රෝම 16:6
  • +2රාජා 4:1, 2; හෙබ්‍රෙ 6:10
  • +2රාජා 8:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/1/1997, 30 පි.

2 රාජාවලිය 4:14

හරස් යොමු දැක්වීම්

  • +උත් 15:2; 30:1

2 රාජාවලිය 4:16

හරස් යොමු දැක්වීම්

  • +උත් 18:10

2 රාජාවලිය 4:20

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 17:17

2 රාජාවලිය 4:21

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 4:9, 10

2 රාජාවලිය 4:23

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 10:10; 28:11

2 රාජාවලිය 4:27

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 28:9

2 රාජාවලිය 4:28

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 4:16

2 රාජාවලිය 4:29

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 18:46

2 රාජාවලිය 4:30

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 15:22, 28

2 රාජාවලිය 4:31

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 17:15, 16; මාක් 9:17, 18

2 රාජාවලිය 4:32

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 4:21

2 රාජාවලිය 4:33

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 17:19, 20; යොහ 11:41; ක්‍රියා 9:40

2 රාජාවලිය 4:34

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 17:21, 22; ක්‍රියා 20:9, 10

2 රාජාවලිය 4:35

පාදසටහන්

  • *

    හෝ, “කාමරේ.”

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 8:1, 5

2 රාජාවලිය 4:36

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 11:35

2 රාජාවලිය 4:38

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 28:23, 24; 2රාජා 8:1; එස 14:13
  • +2රාජා 2:3, 5
  • +2රාජා 4:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 9/2022, 1-2 පි.

2 රාජාවලිය 4:41

හරස් යොමු දැක්වීම්

  • +නික් 15:23-25; 2රාජා 2:19-21

2 රාජාවලිය 4:42

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 9:3, 4
  • +යොහ 6:9
  • +1සාමු 9:6, 7

2 රාජාවලිය 4:43

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 14:17; මාක් 8:4
  • +මතෙ 14:20; මාක් 8:8

2 රාජාවලිය 4:44

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 9:17; යොහ 6:13

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

2 රාජා. 4:12රාජා 2:3, 5
2 රාජා. 4:11රාජා 19:18
2 රාජා. 4:21රාජා 17:9, 12
2 රාජා. 4:5මාක් 6:41; 8:6-8; යොහ 2:7-9
2 රාජා. 4:6මතෙ 14:19
2 රාජා. 4:6යොෂු 5:12; 1රාජා 17:14
2 රාජා. 4:8යොෂු 19:17, 18
2 රාජා. 4:8උත් 19:1-3; විනි 13:15
2 රාජා. 4:10විනි 3:20; 1රාජා 17:19
2 රාජා. 4:10මතෙ 10:41; රෝම 12:13; හෙබ්‍රෙ 13:2
2 රාජා. 4:122රාජා 5:25-27; 8:4
2 රාජා. 4:12යොෂු 19:17, 18
2 රාජා. 4:13රෝම 16:6
2 රාජා. 4:132රාජා 4:1, 2; හෙබ්‍රෙ 6:10
2 රාජා. 4:132රාජා 8:3
2 රාජා. 4:14උත් 15:2; 30:1
2 රාජා. 4:16උත් 18:10
2 රාජා. 4:201රාජා 17:17
2 රාජා. 4:212රාජා 4:9, 10
2 රාජා. 4:23ගණන් 10:10; 28:11
2 රාජා. 4:27මතෙ 28:9
2 රාජා. 4:282රාජා 4:16
2 රාජා. 4:291රාජා 18:46
2 රාජා. 4:30මතෙ 15:22, 28
2 රාජා. 4:31මතෙ 17:15, 16; මාක් 9:17, 18
2 රාජා. 4:322රාජා 4:21
2 රාජා. 4:331රාජා 17:19, 20; යොහ 11:41; ක්‍රියා 9:40
2 රාජා. 4:341රාජා 17:21, 22; ක්‍රියා 20:9, 10
2 රාජා. 4:352රාජා 8:1, 5
2 රාජා. 4:36හෙබ්‍රෙ 11:35
2 රාජා. 4:38ද්වි 28:23, 24; 2රාජා 8:1; එස 14:13
2 රාජා. 4:382රාජා 2:3, 5
2 රාජා. 4:382රාජා 4:12
2 රාජා. 4:41නික් 15:23-25; 2රාජා 2:19-21
2 රාජා. 4:421සාමු 9:3, 4
2 රාජා. 4:42යොහ 6:9
2 රාජා. 4:421සාමු 9:6, 7
2 රාජා. 4:43මතෙ 14:17; මාක් 8:4
2 රාජා. 4:43මතෙ 14:20; මාක් 8:8
2 රාජා. 4:44ලූක් 9:17; යොහ 6:13
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
  • 35
  • 36
  • 37
  • 38
  • 39
  • 40
  • 41
  • 42
  • 43
  • 44
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
2 රාජාවලිය 4:1-44

දෙවෙනි රාජාවලිය

4 දවසක් එලිෂාව හම්බ වෙන්න එක කාන්තාවක් ආවා. එයා අනාගතවක්තෘවරුන්ගේ පුතාලට*+ අයිති කෙනෙක්ගේ බිරිඳක්. එයා එලිෂාට හරිම දුකෙන් මෙහෙම කිව්වා. “ඔයාගේ සේවකයා වුණ මගේ මහත්තයා මැරුණා. ඔයා හොඳට දන්නවා එයා හැම තිස්සේම යෙහෝවාට ලොකු ගෞරවයකින්, බයකින් වැඩ කළා කියලා.+ ඒත් මගේ මහත්තයා මැරුණාට පස්සේ අපි ණය ගත්ත මනුස්සයා ඇවිත් මගේ ළමයි දෙන්නාව දාසකමට අරන් යන්න හදනවා.” 2 එතකොට එලිෂා එයාට මෙහෙම කිව්වා. “මට ඔයා වෙනුවෙන් මොනවාද කරන්න පුළුවන්? දැනට ඔයාගේ ගෙදර තියෙන්නේ මොනවාද කියලා කියන්නකෝ.” ඒ කාන්තාව “ඔයාගේ සේවිකාව වන මගේ ගෙදර තෙල් බඳුනක් ඇරෙන්න වෙන මුකුත් නැහැ”+ කියලා උත්තර දුන්නා. 3 එතකොට එලිෂා මෙහෙම කිව්වා. “දැන් ගිහින් ඔයාගේ අසල්වැසියන් හැමෝගෙන්ම හිස් භාජන ඉල්ලගන්න. හිස් භාජන පුළුවන් තරම් ප්‍රමාණයක් ඉල්ලගන්න. 4 ඊටපස්සේ ඔයායි, ඔයාගේ පුතාලයි ගේ ඇතුළට ගිහින් දොර වහගෙන ඒ හිස් භාජනවලට තෙල් පුරවන්න. තෙල් පුරවපු භාජන ටික වෙනම තියන්න.” 5 ඉතින් ඒ කාන්තාව එතනින් ගියා.

එයායි, එයාගේ පුතාලයි ගේ ඇතුළට ගිහින් දොර වැහුවාට පස්සේ එයාගේ පුතාලා ඒ භාජන එකින් එක එයාට ගෙනත් දුන්නා. එයා ඒවාට තෙල් පිරෙව්වා.+ 6 භාජනවලට තෙල් පුරවලා ඉවර වුණාට පස්සේ එයා එයාගේ එක පුතෙක්ට කිව්වා “තව භාජනයක් මට ගෙනත් දෙන්න”+ කියලා. එතකොට පුතා මෙහෙම කිව්වා. “භාජන ඔක්කොම ඉවරයි.” ඒ වෙලාවෙම එයාගේ බඳුනෙන් තෙල් ගලාගෙන එන එක නතර වුණා.+ 7 ඊටපස්සේ එයා ගිහින් සැබෑ දෙවියන්ගේ පණිවිඩකරුට ඒ ගැන කිව්වා. එතකොට එලිෂා “දැන් ගිහින් තෙල් ටික විකුණලා ඔයාලාගේ ණය ගෙවන්න. ඉතුරු සල්ලිවලින් ඔයාටයි, ඔයාගේ පුතාලටයි ජීවත් වෙන්න පුළුවන්” කියලා එයාට කිව්වා.

8 දවසක් එලිෂා ෂුනෙම්වලට+ ගියා. සමාජයේ හොඳ තැනක් තිබුණ කාන්තාවක් එයාගේ ගෙදරට ඇවිත් කෑම කන්න කියලා එලිෂාට ආරාධනා කළා.+ එලිෂා ඒ පැත්තෙන් යන එන වෙලාවලදී ඒ කාන්තාවගේ ගෙදරට ගිහින් කෑම කෑවා. 9 ඉතින් ඒ කාන්තාව එයාගේ සැමියාට මෙහෙම කිව්වා. “මේ පැත්තෙන් නිතරම යන එන මේ කෙනා දෙවියන්ගේ විශේෂ සේවකයෙක්* කියලා මට තේරෙනවා. 10 අනේ, අපි උඩ තට්ටුවේ* එයාට පොඩි කාමරයක් හදලා දෙමු.+ ඇඳකුයි, මේසෙකුයි, පුටුවකුයි, පහන් රුකකුයි අපි ඒකෙන් තියමු. එතකොට අපේ ගෙදර ආවාම එයාට පුළුවන් ඒකේ ඉන්න.”+

11 දවසක් එලිෂා ඒ ගෙදරට ඇවිත් ටිකක් හාන්සි වෙන්න උඩුමහල් කාමරේට ගියා. 12 ඊටපස්සේ එලිෂා එයාගේ සේවකයා වුණ ගෙහාසීට+ මෙහෙම කිව්වා. “අර ෂුනෙම් ජාතික කාන්තාවට එන්න කියන්න.”+ ගෙහාසී එයාට එන්න කියලා කිව්වාම එයා ආවා. 13 එලිෂා ගෙහාසීට මෙහෙම කිව්වා. “අනේ, එයාට මෙහෙම කියන්න. ‘ඔයා අපි වෙනුවෙන් ගොඩක් දේවල් කළා.+ දැන් ඔයා වෙනුවෙන් මට මොනවාද කරන්න පුළුවන්?+ ඕනෙ නම් රජතුමා එක්ක හරි හමුදාවේ ප්‍රධානියා එක්ක හරි ඔයා වෙනුවෙන් මට කතා කරන්න පුළුවන්.’”+ එතකොට ඒ කාන්තාව “මං ඉන්නේ දන්න අඳුරන අය එක්කනේ. ඒ නිසා මට කිසි කරදරයක් නැහැ” කියලා කිව්වා. 14 ඉතින් එලිෂා ගෙහාසීගෙන් මෙහෙම ඇහුවා. “එහෙනම් මොනවාද මට එයා වෙනුවෙන් කරන්න පුළුවන්?” එතකොට ගෙහාසී “එයාට පුතෙක් නැහැ.+ එයාගේ මහත්තයාත් වයසයි” කියලා එලිෂාට කිව්වා. 15 ඒක අහපු ගමන්ම එලිෂා “එයාට ආයෙත් එන්න කියන්න” කියලා කිව්වා. ඉතින් එයාට එන්න කියලා කිව්වාම එයා ඇවිත් දොර ළඟ හිටගත්තා. 16 එතකොට එලිෂා එයාට මෙහෙම කිව්වා. “ලබන අවුරුද්දේ මේ කාලේ වෙද්දී ඔයාගේ තුරුලේ පුතෙක් ඉඳියි.”+ ඒත් එයා “මගේ ස්වාමීනි, ඔයා සැබෑ දෙවියන්ගේ පණිවිඩකරුවෙක්. ඔයාගේ සේවිකාව වන මට බොරු බලාපොරොත්තු දෙන්න එපා” කියලා එලිෂාට කිව්වා.

17 ඒත් එලිෂා කියපු විදිහටම ඒ කාන්තාව ගැබ් අරන් ඊළඟ අවුරුද්දේ එලිෂා කිව්ව කාලේදීම පුතෙක් බිහි කළා. 18 දරුවා ටිකෙන් ටික උස් මහත් වුණා. දවසක් එයා කෙතේ අස්වැන්න නෙළන මිනිස්සු එක්ක හිටපු එයාගේ තාත්තා ළඟට ගියා. 19 එතනදී එයා තාත්තාට මෙහෙම කියන්න පටන්ගත්තා. “අනේ මගේ ඔළුව රිදෙනවා.” ඉතින් තාත්තා සේවකයෙක්ට කිව්වා “මෙයාව අම්මා ළඟට එක්කගෙන යන්න” කියලා. 20 සේවකයා දරුවාව වඩාගෙන එයාව අම්මා ළඟට අරගෙන ගියා. දරුවා දවල් වෙන කල්ම අම්මාගේ ඔඩොක්කුවේ හිටියා. ඊටපස්සේ එයා මැරුණා.+ 21 ඉතින් ඒ කාන්තාව දරුවාව සැබෑ දෙවියන්ගේ පණිවිඩකරුගේ ඇඳ උඩින් තියලා+ දොර වහලා ගෙදරින් එළියට ගියා. 22 එයා එයාගේ මහත්තයාට එන්න කියලා මෙහෙම කිව්වා. “අනේ, මට ඉක්මනින්ම සැබෑ දෙවියන්ගේ පණිවිඩකරුව හම්බ වෙන්න යන්න ඕනේ. මට ගිහින් එන්න සේවකයෙක්වයි, බූරුවෙක්වයි ලෑස්ති කරලා දෙන්න පුළුවන්ද?” 23 ඒත් මහත්තයා “අද නව සඳ පායන දවසක්වත්+ සබත් දවසක්වත් නෙමෙයිනේ. ඉතින් ඇයි ඔයා අද එයාව හම්බ වෙන්න යන්නේ” කියලා ඇහුවා. එතකොට ඒ කාන්තාව “කලබල වෙන්න එපා. මුකුත් ප්‍රශ්නයක් වෙන්නේ නෑ” කියලා සැමියාට කිව්වා. 24 ඉතින් එයා බූරුවාව ගමනට ලෑස්ති කරගෙන සේවකයාට මෙහෙම කිව්වා. “මං ගැන හිතන්නේ නැතුව ඉක්මන් කරලා යන්න. මං කිව්වොත් මිසක් හෙමින් යන්න එපා.”

25 ඔය විදිහට එයා කර්මෙල් කන්දේ හිටපු සැබෑ දෙවියන්ගේ පණිවිඩකරු ළඟට ගියා. එයා එනවා ඈත තියාම දැකලා සැබෑ දෙවියන්ගේ පණිවිඩකරු එයාගේ සේවකයා වන ගෙහාසීට මෙහෙම කිව්වා. “අර බලන්න! ෂුනෙම් ජාතික කාන්තාව මේ පැත්තට එනවා. 26 අනේ, ඉක්මනින් දුවලා ගිහින් ‘ඔයා හොඳින්ද? ඔයාගේ මහත්තයා හොඳින්ද? ඔයාගේ පුතා සනීපෙන්ද’ කියලා එයාගෙන් අහන්න.” ගෙහාසී ඒ කාන්තාවගෙන් එහෙම ඇහුවාම “අපි හොඳින් ඉන්නවා” කියලා එයා උත්තර දුන්නා. 27 ඒ කාන්තාව කන්දේ හිටපු සැබෑ දෙවියන්ගේ පණිවිඩකරු ළඟට ආවාම බිම වැටිලා එයාගේ කකුල් දෙක බදාගත්තා.+ එතකොට ගෙහාසී එයාව තල්ලු කරලා දාන්න ළඟට ආවා. ඒත් සැබෑ දෙවියන්ගේ පණිවිඩකරු මෙහෙම කිව්වා. “එයාට ඉන්න දෙන්න. එයා ඉන්නේ ගොඩක් දුකෙන්. ඒත් ඒ ඇයි කියලා මං දන්නේ නෑ. මොකද යෙහෝවා ඒ ගැන මට මුකුත් කිව්වේ නෑ.” 28 ඊටපස්සේ ඒ කාන්තාව මෙහෙම කිව්වා. “මගේ ස්වාමීනි, මට පුතෙක් දෙන්න කියලා මං ඔයාගෙන් ඉල්ලුවාද? මං ඔයාට කිව්වා නේද ‘මට බොරු බලාපොරොත්තු දෙන්න එපා’ කියලා?”+

29 ඒක අහපු ගමන්ම එලිෂා ගෙහාසීට මෙහෙම කිව්වා. “ඔයාගේ ඇඳුම ඉණ වටේ තදින් ගැටගහගෙන+ මගේ සැරයටියත් අරගෙන ඉක්මනින් යන්න. මඟදී ඔයාට කාව හරි හම්බ වුණොත් එයාට ආචාර කරන්න එපා. කවුරු හරි ඔයාට ආචාර කළොත් එයාට උත්තර දෙන්නත් එපා. ගිහින් මගේ සැරයටිය දරුවාගේ මූණ උඩින් තියන්න.” 30 එතකොට දරුවාගේ අම්මා මෙහෙම කිව්වා. “ජීවමාන දෙවි වන යෙහෝවා ගැනයි, ඔයා ගැනයි දිවුරලා මං මේ දේ කියනවා. ඔයා නැතුව නම් මං මෙතනින් යන්නේ නැහැ.”+ ඉතින් එලිෂා එයා එක්ක ගියා. 31 ගෙහාසී එයාලට කලින් ගියා. එයා දරුවා ළඟට ගිහිල්ලා දරුවාගේ මූණ උඩින් සැරයටිය තිබ්බා. ඒත් දරුවාට පණ ආපු පාටක් පෙනුණේ නැහැ.+ ඉතින් එයා ආපහු එලිෂාව හම්බ වෙන්න ගිහින් මෙහෙම කිව්වා. “දරුවා නැඟිට්ටේ නැහැ.”

32 එලිෂා ගෙදරට ආවාම එයා දැක්කා දරුවාගේ මළ සිරුර එයාගේ ඇඳ උඩ තියලා තියෙනවා.+ 33 එයා තනියම කාමරේ ඇතුළට ගිහින් දොර වහලා යෙහෝවා දෙවියන්ට යාච්ඤා කරන්න පටන්ගත්තා.+ 34 ඊටපස්සේ එයා ඇඳට නැඟලා එයාගේ අත් දරුවාගේ අත් උඩත් එයාගේ කට දරුවාගේ කටටත් එයාගේ ඇස් දරුවාගේ ඇස් උඩත් හිටින විදිහට දරුවා උඩ හාන්සි වුණා. ඊටපස්සේ එයා දරුවාව බදාගත්තා. එතකොට දරුවාගේ ශරීරය උණුසුම් වෙන්න පටන්ගත්තා.+ 35 ඊටපස්සේ එලිෂා ගේ* ඇතුළේ එහෙට මෙහෙට ඇවිද්දා. එයා ආයෙත් ඇඳට නැඟලා දරුවාව බදාගත්තා. එතකොට දරුවා හත් පාරක් කිඹුහුම් ඇරියා. ඊටපස්සේ එයා ඇස් ඇරියා.+ 36 එලිෂා ගෙහාසීට එන්න කියලා මෙහෙම කිව්වා. “ෂුනෙම් ජාතික කාන්තාවට එන්න කියන්න.” එයා ඒ කාන්තාවට එන්න කියලා කිව්වාම එයා ආවා. එතකොට එලිෂා “ඔයාගේ පුතාව වඩාගන්න”+ කියලා එයාට කිව්වා. 37 එයා කාමරේ ඇතුළට ගිහින් එලිෂාගේ කකුල් දෙක ළඟ වැටිලා එයාගේ ඔළුව බිමටම පහත් කළා. ඊටපස්සේ එයා පුතාවත් වඩාගෙන කාමරෙන් එළියට ගියා.

38 එලිෂා ආපහු ගිල්ගාල්වලට ගියා. ඒ කාලේ දේශයේ සාගතයක් තිබුණා.+ දවසක් අනාගතවක්තෘවරුන්ගේ පුතාලා+ එලිෂා ඉස්සරහා වාඩි වෙලා ඉද්දී එලිෂා එයාගේ සේවකයාට මෙහෙම කිව්වා.+ “ලොකු හැළියක් ලිපේ තියලා මේ අයට කන්න කෑම ටිකක් හදලා දෙන්න.” 39 එයාලාගෙන් එක් කෙනෙක් පලා කඩන්න කැලේට ගියා. එහෙදී එයා වැලක ගෙඩි වගයක් තියෙනවා දැකලා ඒවා කඩාගෙන එයාගේ ඇඳුමේ ඔතාගෙන අරන් ආවා. ඊටපස්සේ එයා ඒවා කෑලිවලට කපලා හැළියට දැම්මා. ඒත් ඒ ගෙඩි ජාතිය මොකක්ද කියලා එයා දැනගෙන හිටියේ නැහැ. 40 පස්සේ එයාලා ඒක අනාගතවක්තෘවරුන්ගේ පුතාලට කන්න බෙදලා දුන්නා. ඒත් එයාලා ඒක කාපු ගමන්ම “ස්වාමීනි, මේ කෑමවල විස තියෙනවා” කියලා කෑගහලා කිව්වා. එයාලට ඒක කන්න බැරි වුණා. 41 එතකොට එලිෂා “මට පිටි ටිකක් ගෙනත් දෙන්න” කියලා කිව්වා. එයා ඒ පිටි ටික හැළියට දාලා මෙහෙම කිව්වා. “දැන් මෙයාලට කන්න දෙන්න.” ඊටපස්සේ ඒ කෑම එකේ කිසිම විසක් තිබුණේ නැහැ.+

42 දවසක් බාල්ෂාලිෂාවල+ ඉඳන් කෙනෙක් ආවා. එයා එයාගේ අස්වැන්නෙන් මුලින්ම ගත්ත පලදාවෙන් හදපු බාර්ලි රොටි 20කුයි,+ අලුත් ධාන්‍ය මල්ලකුයි+ ගෙනත් සැබෑ දෙවියන්ගේ පණිවිඩකරුට දුන්නා. ඉතින් එලිෂා “මේ කට්ටියට මේවා කන්න දෙන්න” කියලා කිව්වා. 43 ඒත් එලිෂාගේ සේවකයා මෙහෙම ඇහුවා. “මං කොහොමද 100දෙනෙක්ට මේ කෑම ටික බෙදලා දෙන්නේ?”+ එතකොට එලිෂා සේවකයාට මෙහෙම කිව්වා. “යෙහෝවා කිව්වා ‘එයාලා කෑවාට පස්සේ තව කෑම ඉතුරුත් වෙනවා’+ කියලා. ඉතින් දැන් මේ කෑම ටික එයාලට කන්න දෙන්න.” 44 ඉතින් සේවකයා ඒ කෑම එයාලට කන්න දුන්නා. යෙහෝවා කියපු විදිහටම එයාලා කෑවාට පස්සේ කෑම ඉතුරුත් වුණා.+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න