ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නෙහෙමියා 8
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

නෙහෙමියා පොතේ සාරාංශයක්

      • නීතිය කියවලා සෙනඟට පැහැදිලි කරලා දෙයි (1-12)

      • පැල් උත්සවය සමරයි (13-18)

නෙහෙමියා 8:1

පාදසටහන්

  • *

    හෝ, “ලේකම්වරයෙක්.”

හරස් යොමු දැක්වීම්

  • +නෙහෙ 3:26; 12:37
  • +එස්රා 7:6
  • +ලෙවී 27:34
  • +ද්වි 31:9; යොෂු 1:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    ජීවිතය සහ දේවසේවය වැඩපොත,

    2/2016, 3 පි.

නෙහෙමියා 8:2

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 31:12; 2ලේක 17:8, 9; මලා 2:7
  • +ලෙවී 23:24; 1රාජා 8:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/15/1998, 20 පි.

නෙහෙමියා 8:3

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 13:15; 15:21
  • +ක්‍රියා 16:14; 17:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/15/2013, 21 පි.

නෙහෙමියා 8:4

පාදසටහන්

  • *

    හෝ, “ලේකම්වරයෙක්.”

හරස් යොමු දැක්වීම්

  • +නෙහෙ 12:40, 42

නෙහෙමියා 8:6

පාදසටහන්

  • *

    හෝ, “එසේම වේවා! එසේම වේවා!”

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 27:26

නෙහෙමියා 8:7

හරස් යොමු දැක්වීම්

  • +නෙහෙ 9:4
  • +එස්රා 8:33; නෙහෙ 11:16
  • +ද්වි 33:8, 10

නෙහෙමියා 8:8

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 24:27; ක්‍රියා 8:30, 31

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 10 පාඩම

    මුරටැඹ,

    2/1/2006, 11 පි.

    5/15/1996, 16 පි.

නෙහෙමියා 8:9

පාදසටහන්

  • *

    හෝ, “තිර්ෂාතා.” පර්සියානු භාෂාවෙන් පළාත් ආණ්ඩුකාරයාව හැඳින්නුවේ එහෙමයි.

  • *

    හෝ, “ලේකම්වරයෙක්.”

හරස් යොමු දැක්වීම්

  • +එස්රා 7:11
  • +ලෙවී 23:24

නෙහෙමියා 8:10

පාදසටහන්

  • *

    හෝ, “ශක්තියක් වෙයි.”

හරස් යොමු දැක්වීම්

  • +එස්ත 9:19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    ජීවිතය සහ දේවසේවය වැඩපොත,

    7/2023, 10 පි.

    මුරටැඹ,

    10/15/2013, 21-22 පි.

    12/15/2008, 32 පි.

    10/15/1998, 20 පි.

    1/15/1995, 11 පි.

    9/1/1994, 13-14 පි.

    7/15/1992, 19 පි.

නෙහෙමියා 8:12

හරස් යොමු දැක්වීම්

  • +නෙහෙ 8:8
  • +ගීතා 126:1-3

නෙහෙමියා 8:13

පාදසටහන්

  • *

    හෝ, “ලේකම්වරයෙක්.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/15/1998, 21 පි.

නෙහෙමියා 8:14

පාදසටහන්

  • *

    හෝ, “තාවකාලික මඩු.”

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 23:34, 42; ද්වි 16:13, 16; යොහ 7:2

නෙහෙමියා 8:15

පාදසටහන්

  • *

    මූ.අ., “තෙල් ලීය.” සමහරවිට “අලෙප්පෝ” පයින් ලීය.

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 23:4

නෙහෙමියා 8:16

පාදසටහන්

  • *

    ඒ කාලේ ගොඩක් ගෙවල්වල පැතලි වහලක් තිබුණා. සමහර අය නිදාගන්න, අමුත්තන් එක්ක එකට කෑම වේලක් ගන්න ඒක පාවිච්චි කළා.

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 6:36; 7:12; 2ලේක 4:9; 20:5
  • +නෙහෙ 3:26; 8:1, 3
  • +2රාජා 14:13; නෙහෙ 12:38, 39

නෙහෙමියා 8:17

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 1:1
  • +ද්වි 16:14, 15

නෙහෙමියා 8:18

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 31:10-12
  • +ලෙවී 23:34, 36

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

නෙහෙ. 8:1නෙහෙ 3:26; 12:37
නෙහෙ. 8:1එස්රා 7:6
නෙහෙ. 8:1ලෙවී 27:34
නෙහෙ. 8:1ද්වි 31:9; යොෂු 1:8
නෙහෙ. 8:2ද්වි 31:12; 2ලේක 17:8, 9; මලා 2:7
නෙහෙ. 8:2ලෙවී 23:24; 1රාජා 8:2
නෙහෙ. 8:3ක්‍රියා 13:15; 15:21
නෙහෙ. 8:3ක්‍රියා 16:14; 17:11
නෙහෙ. 8:4නෙහෙ 12:40, 42
නෙහෙ. 8:6ද්වි 27:26
නෙහෙ. 8:7නෙහෙ 9:4
නෙහෙ. 8:7එස්රා 8:33; නෙහෙ 11:16
නෙහෙ. 8:7ද්වි 33:8, 10
නෙහෙ. 8:8ලූක් 24:27; ක්‍රියා 8:30, 31
නෙහෙ. 8:9එස්රා 7:11
නෙහෙ. 8:9ලෙවී 23:24
නෙහෙ. 8:10එස්ත 9:19
නෙහෙ. 8:12නෙහෙ 8:8
නෙහෙ. 8:12ගීතා 126:1-3
නෙහෙ. 8:14ලෙවී 23:34, 42; ද්වි 16:13, 16; යොහ 7:2
නෙහෙ. 8:15ලෙවී 23:4
නෙහෙ. 8:161රාජා 6:36; 7:12; 2ලේක 4:9; 20:5
නෙහෙ. 8:16නෙහෙ 3:26; 8:1, 3
නෙහෙ. 8:162රාජා 14:13; නෙහෙ 12:38, 39
නෙහෙ. 8:17යොෂු 1:1
නෙහෙ. 8:17ද්වි 16:14, 15
නෙහෙ. 8:18ද්වි 31:10-12
නෙහෙ. 8:18ලෙවී 23:34, 36
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
නෙහෙමියා 8:1-18

නෙහෙමියා

8 සෙනඟ හැමෝම එකා මෙන් ජල දොරටුව+ ඉස්සරහා තියෙන ප්‍රධාන හන්දියේ රැස් වුණා. ඊටපස්සේ එයාලා පිටපත්කරුවෙක්* වුණ එස්රාට+ කිව්වා යෙහෝවා දෙවියන් මෝසෙස් මාර්ගයෙන් ඊශ්‍රායෙල් ජාතියට දුන්න+ නීතිය+ සඳහන් ලියවිල්ල අරන් එන්න කියලා. 2 ඉතින් පූජක එස්රා එතනට නීතිය සඳහන් ලියවිල්ල අරන් ආවා.+ පුරුෂයන්, ස්ත්‍රීන් සහ තේරුම්ගැනීමේ හැකියාව තියෙන හැමෝම එතන හිටියා. ඒ දේ වුණේ අවුරුද්දේ හත්වෙනි මාසයේ පළවෙනි දවසේදී.+ 3 එස්රා උදේ පාන්දර ඉඳන් ඉර මුදුන් වෙන කල් ජල දොරටුව ඉස්සරහා තියෙන ප්‍රධාන හන්දියේ හිටපු පුරුෂයන්ට, ස්ත්‍රීන්ට සහ තේරුම්ගන්න පුළුවන් වයසක හිටපු හැමෝටම ඇහෙන්න ලියවිල්ල කියෙව්වා.+ නීතියේ තියෙන දේවල් කියවද්දී සෙනඟ හොඳට අහගෙන හිටියා.+ 4 පිටපත්කරු* වුණ එස්රා හිටගෙන හිටියේ ඒ අවස්ථාව වෙනුවෙන්ම හදපු ලී වේදිකාවක් උඩ. මත්තිතියා, ෂෙමා, අනායා, උරියා, හිල්කියා සහ මයසේයා එයාගේ දකුණු පැත්තේ හිටගෙන හිටියා. එයාගේ වම් පැත්තේ හිටියේ පෙදායා, මිෂායෙල්, මල්කියා,+ හාෂුම්, හෂ්බද්දානා, සෙකරියා සහ මෙෂල්ලම්.

5 රැස් වෙලා හිටපු සෙනඟට ටිකක් ඉහළට වෙන්න හිටගෙන හිටපු එස්රා ලියවිල්ල දිගහැරියා. එතකොට එතන හිටපු හැමෝම නැඟිට්ටා. 6 ඊටපස්සේ එස්රා ශ්‍රේෂ්ඨ, එකම සැබෑ දෙවියන් වන යෙහෝවාට ප්‍රශංසා කළා. ඒ වෙලාවේ හැමෝම එයාලාගේ අත් උඩට උස්සලා “ආමෙන්! ආමෙන්”*+ කියලා දණින් වැටිලා පොළොව දිහාවට ඔළුව පහත් කරලා යෙහෝවාට නමස්කාර කළා. 7 ඊටපස්සේ සෙනඟ හිටගෙන ඉද්දී ලෙවීවරුන් වුණ යේෂුවා, බානි, ෂෙරෙබියා,+ යාමින්, අක්කුබ්, ෂබ්බෙතයි, හෝදියා, මයසේයා, කෙලීටා, අෂරියා, යෝෂාබාද්,+ හානාන් සහ පෙලායා නීතියේ තියෙන දේවල් එයාලට පැහැදිලි කරලා දුන්නා.+ 8 ඒ අය දිගටම හැමෝටම ඇහෙන්න සැබෑ දෙවියන්ගේ නීතිය සඳහන් ලියවිල්ල කියවලා ඒකේ තියෙන දේවල් පැහැදිලි කරලා දුන්නා. ඒ දේවල්වල නියම අර්ථය තේරුම්ගන්න එයාලා සෙනඟට උදව් කළා.+

9 ඒ දේවල් අහලා සෙනඟ හොඳටම අඬන්න පටන්ගත්තා. එතකොට ආණ්ඩුකාරයා* වුණ නෙහෙමියා, පිටපත්කරුවෙක්* වගේම පූජකයෙක් වුණ එස්රා+ සහ උගන්වමින් හිටපු ලෙවීවරු සෙනඟට මෙහෙම කිව්වා. “අද දවස ඔයාලාගේ දෙවියන් වන යෙහෝවාට ශුද්ධ දවසක්.+ ඒ නිසා මේ විදිහට දුක් වෙවී අඬා වැලපෙන්න එපා.” 10 නෙහෙමියා එයාලට මෙහෙමත් කිව්වා. “දැන් ගිහින් දිව පිනවන කෑම කාලා රසවත් බීම බොන්න. කෑම බීම නැති අයටත් කෑම පංගුවක් යවන්න.+ මොකද මේ දවස අපේ ස්වාමීන්ට ශුද්ධ දවසක්. ඉතින් දුක් වෙන්න එපා. මොකද යෙහෝවා දෙවියන් දෙන සතුට හරියට ඔයාලට බලකොටුවක් වගේ.”* 11 ඊටපස්සේ ලෙවීවරු සෙනඟව සනසලා මෙහෙම කිව්වා. “දැන් අඬන්න එපා. දුක් වෙන්නත් එපා. මොකද මේ දවස ශුද්ධ දවසක්.” 12 ඉතින් හැමෝම ගිහින් කාලා බීලා, කෑම නැති අයටත් කෑම පංගුවක් යැව්වා. පැහැදිලි කරලා දුන්න දේවල් හැමෝම හොඳින් තේරුම්ගත්ත නිසා+ එයාලට දැනුණේ කියලා නිම කරන්න බැරි සතුටක්.+

13 පහුවෙනිදා පෙළපත්වල ප්‍රධානීන්, පූජකයන් සහ ලෙවීවරුන් පිටපත්කරු* වුණ එස්රාව මුණගැහෙන්න ආවා. එයාලට ඕනෙ වුණේ නීතියේ තියෙන දේවල් තවත් හොඳින් අවබෝධ කරගන්න. 14 මෝසෙස් මාර්ගයෙන් යෙහෝවා දෙවියන් දුන්න නීතිය කියවලා බලද්දී එයාලා තේරුම්ගත්තා හත්වෙනි මාසයේ පවත්වන උත්සවයේදී+ ඊශ්‍රායෙල්වරුන් පැල්* හදාගෙන ඒවාවල ඉන්න ඕනෙ කියලා. 15 ඒ වගේම හැම නගරයකම සහ යෙරුසලම පුරාම මේ වගේ නිවේදනයක්+ කරන්න ඕනෙ කියලත් එයාලා තේරුම්ගත්තා. “කඳුකරයට ගිහින් ඔලීව, පයින්,* මරඳ, තාල සහ කොළ පිරුණු වෙනත් ගස්වලින් අතු කපාගෙන එන්න. ඊටපස්සේ ලියලා තියෙන විදිහට පැල් හදාගන්න.”

16 ඉතින් සෙනඟ ගස්වල අතු කපාගෙන ඇවිත් එයාලාගේ ගෙවල්වල පැතලි වහලෙත්* මිදුලෙත් පැල් හදාගත්තා. ඒ වගේම සැබෑ දෙවියන්ගේ ගෘහයේ මළුවලත්+ ජල දොරටුව+ සහ එෆ්‍රායිම් දොරටුව+ ළඟ තියෙන ප්‍රධාන හන්දිවලත් එයාලා පැල් හැදුවා. 17 වහල්කමින් නිදහස් වෙලා ආපු හැමෝම පැල් හදාගෙන ඒ පැල්වලට වෙලා හිටියා. නූන්ගේ පුත් යොෂුවාගේ+ කාලයේ ඉඳන් ඒ වෙන කල් ඊශ්‍රායෙල්වරු පැල් උත්සවය ඒ විදිහට සමරලා තිබුණේ නැහැ. ඒ නිසා එයාලාගේ හිත් සතුටින් පිරිලා ඉතිරිලා ගියා.+ 18 උත්සවයේ පළවෙනි දවසේ ඉඳන් අන්තිම දවස වෙන කල් හැමදාම සැබෑ දෙවියන්ගේ නීතියෙන් කොටසක් ශබ්ද නඟලා කියෙව්වා.+ දවස් හතක් තිස්සේ උත්සවය පැවැත්තුවා. අටවෙනි දවසේ නීතියේ සඳහන් විදිහට ශුද්ධ එක්රැස්වීමක් පැවැත්තුවා.+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න