ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • සලමොන්ගේ ගීතිකාව 8
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

සලමොන්ගේ ගීතිකාව පොතේ සාරාංශයක්

    • යෙරුසලමේ ඉන්න ෂූලම්මීය තරුණිය (3:6–8:4)

    • ෂූලම්මීය තරුණිය ආපහු එනවා, ඇගේ විශ්වාසවන්තකම ඔප්පු වෙයි (8:5-14)

        • තරුණියගේ සහෝදරයන් (5අ)

          • ‘පෙම්වතාට තුරුල් වෙලා එන මේ තැනැත්තිය කවුද?’

        • තරුණිය (5ආ-7)

          • “ආදරය මරණය තරම්ම ප්‍රබලයි” (6)

        • තරුණියගේ සහෝදරයන් (8, 9)

          • “ඇය පවුරක් වගේ හිටියොත් . . . ඒත් ඇය දොරක් වගේ වුණොත් . . .” (9)

        • තරුණිය (10-12)

          • “මම පවුරක්” (10)

        • එඬේරා (13)

          • ‘ඔබේ හඬ අහන්න මට ඉඩ දෙන්න’

        • තරුණිය (14)

          • “මුවෙක් වගේ වේගයෙන් දුවගෙන එන්න”

සලමොන්ගේ ගීතිකාව 8:1

හරස් යොමු දැක්වීම්

  • +සල 1:2

සලමොන්ගේ ගීතිකාව 8:2

හරස් යොමු දැක්වීම්

  • +සල 3:4

සලමොන්ගේ ගීතිකාව 8:3

හරස් යොමු දැක්වීම්

  • +සල 2:6

සලමොන්ගේ ගීතිකාව 8:4

හරස් යොමු දැක්වීම්

  • +සල 2:7; 3:5

සලමොන්ගේ ගීතිකාව 8:6

පාදසටහන්

  • *

    “යාහ්” කියන්නේ යෙහෝවා කියන නම කෙටියෙන් කියන විදිහක්.

හරස් යොමු දැක්වීම්

  • +යොහ 15:13; එෆී 5:25; එළි 12:11
  • +ද්වි 4:24; 1යොහ 4:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    5/2023, 20 පි.

    මුරටැඹ,

    1/15/2015, 29 පි.

    5/15/2012, 4 පි.

    11/15/2006, 20 පි.

සලමොන්ගේ ගීතිකාව 8:7

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “ඔහුව.”

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 13:8, 13
  • +රෝම 8:38, 39

සලමොන්ගේ ගීතිකාව 8:8

හරස් යොමු දැක්වීම්

  • +සල 1:6

සලමොන්ගේ ගීතිකාව 8:11

හරස් යොමු දැක්වීම්

  • +දේශ 2:4

සලමොන්ගේ ගීතිකාව 8:13

හරස් යොමු දැක්වීම්

  • +සල 1:6; 6:11
  • +සල 2:14

සලමොන්ගේ ගීතිකාව 8:14

හරස් යොමු දැක්වීම්

  • +සල 2:9, 17

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

සල. 8:1සල 1:2
සල. 8:2සල 3:4
සල. 8:3සල 2:6
සල. 8:4සල 2:7; 3:5
සල. 8:6යොහ 15:13; එෆී 5:25; එළි 12:11
සල. 8:6ද්වි 4:24; 1යොහ 4:8
සල. 8:71කොරි 13:8, 13
සල. 8:7රෝම 8:38, 39
සල. 8:8සල 1:6
සල. 8:11දේශ 2:4
සල. 8:13සල 1:6; 6:11
සල. 8:13සල 2:14
සල. 8:14සල 2:9, 17
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
සලමොන්ගේ ගීතිකාව 8:1-14

සලමොන්ගේ ගීතිකාව

8 “ඔබ මගේම සහෝදරයෙක් වුණා නම්,

මගේ මවගෙන් කිරි බිව්ව මගේම සහෝදරයෙක් වුණා නම්,

එළිමහනේදී මට ඔබව හමු වුණාම මට ඔබව සිපගන්න තිබුණා.+

එහෙම වුණා නම් කවුරුත් මට නින්දා කරන එකක් නැහැ.

 2 මට හොඳ නරක කියලා දුන්න තැනැත්තියගේ නිවසට,

මගේ මවගේ නිවසට

මම ඔබව එක්කගෙන යනවා.+

මම ඔබට රස ගැන්වූ වයිනුත්

නැවුම් දෙළුම් යුෂත් බොන්න දෙනවා.

 3 ඔහුගේ වමතින් ඔහු මගේ හිස අල්ලයි.

ඔහුගේ දකුණතින් ඔහු මාව වැලඳගනියි.”+

 4 “යෙරුසලමේ දූවරුනි, මගේ හිතේ ආදර හැඟීම් අවදි කරන්න උත්සාහ කරන්න එපා.

නැති ආදරයක් ඇති කරන්න හදන්න එපා.+ ඔබ එහෙම කරන්නේ නැහැ කියලා මට දිවුරලා පොරොන්දු වෙන්න.”

 5 “පෙම්වතාට තුරුල් වෙලා

පාළුකරයේ ඉඳන් එන මේ තැනැත්තිය කවුද?”

“ඇපල් ගහ යට ඉද්දී මම ඔබව අවදි කළා.

ඔබේ මව ඔබව බිහි කළේ එතනදියි.

ඔබේ මව ඔබව බිහි කරන්න මහත් වේදනාවකින් හිටියේ එතනයි.

 6 පපුව මත තියපු මුද්‍රාවක් වගේ ඔබේ හදවතේ මාව රඳවගන්න.

අතේ බැඳලා තියෙන මුද්‍රාවක් වගේ මාව ඔබ ළඟින්ම තියාගන්න.

ආදරය මරණය තරම්ම ප්‍රබලයි.+

තමන් ආදරේ කරන කෙනාට ළැදිව ඉන්න තියෙන කැමැත්ත මිනී වළ තරම්ම ප්‍රබලයි.

ඒ ආදරය ඇවිළෙන ගිනිදලු වගෙයි. ඒ ගිනිදැල්ල එන්නේ යාහ්ගෙන්.*+

 7 මහා ජල කඳකටවත් ආදරය කියන ඒ ගින්න නිවන්න බැහැ.+

ගංවතුරකටවත් ඒක යටපත් කරලා දාන්න බැහැ.+

මිනිසෙක් ආදරේ දිනාගන්න මුළු සේසතම වුණත් දෙන්න පුළුවන්.

ඒත් හැමෝම ඒ දේ* හෙළා දකියි.”

 8 “අපේ නංගි තවම පොඩියි.+

ඇගේ පියයුරු තවම වැඩිලා නැහැ.

අනාගතයේදී ඇයට විවාහ යෝජනාවක් ආවොත්

අපි ඇය වෙනුවෙන් මොනවාද කරන්නේ?”

 9 “ඇය පවුරක් වගේ හිටියොත්

අපි ඇය මත රිදී තාප්පයක් බඳිනවා.

ඒත් ඇය දොරක් වගේ වුණොත්

අපි දේවදාර ලී ගහලා ඇයව වහලා දානවා.”

10 “මම පවුරක්.

මගේ පියයුරු මුරකොටු වගෙයි.

ඔහු මාව දකින්නේ

සන්සුන් හිතක් ඇති කෙනෙක් විදිහටයි.

11 සලමොන්ට අයිති මිදිවත්තක්+ බාල්හාමොන්වල තිබුණා.

ඔහු ඒක රැකවලුන්ට භාර දුන්නා.

ඒකෙන් ලැබෙන පලදාව වෙනුවෙන් ඒ හැමෝම ඔහුට රිදී ෂෙකෙල් දාහ ගාණේ දුන්නා.

12 ඒත් මටත් මිදිවත්තක් තියෙනවා. ඒක අයිති මට විතරයි.

සලමොන් රජතුමනි, රිදී ෂෙකෙල් දාහ අයිති ඔබටයි.

ෂෙකෙල් දෙසීය අයිති වත්ත බලාගන්න රැකවලුන්ටයි.”

13 “උයන්වල කල් ගෙවන තැනැත්තිය,+

යාළුවෝ ඔබේ හඬ අහන්න බලාගෙන ඉන්නවා.

ඔබේ හඬ අහන්න මටත් ඉඩ දෙන්න.”+

14 “මගේ පෙම්වත, ඉක්මනින් එන්න.

සුවඳ පැළෑටි තියෙන කඳුවල ඉන්න මුවෙක් වගේ,+

නාඹර මුවෙක් වගේ,

වේගයෙන් දුවගෙන එන්න.”

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න