ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 16
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

උත්පත්ති පොතේ සාරාංශයක්

      • හාගර් සහ ඉෂ්මායෙල් (1-16)

උත්පත්ති 16:1

හරස් යොමු දැක්වීම්

  • +උත් 15:2, 3
  • +ගලා 4:25

උත්පත්ති 16:2

පාදසටහන්

  • *

    හෝ, “ලිංගික සම්බන්ධකම් පවත්වන්න.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 30:1, 3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පොදු),

    අංක 5 2017 12-13 පි.

    මුරටැඹ,

    1/15/2004, 27 පි.

උත්පත්ති 16:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පොදු),

    අංක 5 2017 13-14 පි.

උත්පත්ති 16:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පොදු),

    අංක 5 2017 13-14 පි.

උත්පත්ති 16:7

හරස් යොමු දැක්වීම්

  • +උත් 25:17, 18; නික් 15:22

උත්පත්ති 16:10

හරස් යොමු දැක්වීම්

  • +උත් 17:20; 25:13-16; 1ලේක 1:29-31

උත්පත්ති 16:11

පාදසටහන්

  • *

    තේරුම, “දෙවියන් සවන් දෙනවා.”

උත්පත්ති 16:12

පාදසටහන්

  • *

    සමහරු හිතනවා මෙතන කතා කරන්නේ සීබ්‍රා ගැන කියලා. ඒ විදිහට එයා ගැන කතා කරලා තියෙන්නේ එයා ස්වාධීනව වැඩ කරනවා කියලා පෙන්නන්න වෙන්න පුළුවන්.

  • *

    හෝ සමහරවිට, “සහෝදරයන්ට හතුරුකම් කරමින් ජීවත් වෙනවා.”

උත්පත්ති 16:13

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 15:3

උත්පත්ති 16:14

පාදසටහන්

  • *

    තේරුම, “මං දිහා බලාගෙන ඉන්න ජීවමාන තැනැත්තාට අයිති ළිඳ.”

උත්පත්ති 16:15

හරස් යොමු දැක්වීම්

  • +උත් 21:9; ගලා 4:22, 24

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

උත්. 16:1උත් 15:2, 3
උත්. 16:1ගලා 4:25
උත්. 16:2උත් 30:1, 3
උත්. 16:7උත් 25:17, 18; නික් 15:22
උත්. 16:10උත් 17:20; 25:13-16; 1ලේක 1:29-31
උත්. 16:13හිතෝ 15:3
උත්. 16:15උත් 21:9; ගලා 4:22, 24
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
උත්පත්ති 16:1-16

උත්පත්ති

16 ආබ්‍රම්ගේ බිරිඳ වුණ සාරයිට ඒ වෙද්දීත් දරුවෙක් හිටියේ නැහැ.+ සාරයිට හාගර්+ කියලා ඊජිප්තු ජාතික සේවිකාවක් හිටියා. 2 සාරයි ආබ්‍රම්ට මෙහෙම කිව්වා. “අනේ, මම කියන දේ පොඩ්ඩක් අහන්නකෝ. දරුවන් බිහි කරන ආශීර්වාදය යෙහෝවා දෙවියන් මට දීලා නැහැ. ඉතින් මගේ සේවිකාව එක්ක එකට ඉන්න.* එතකොට එයාගෙන්වත් මට දරුවෙක් ලැබෙයි.”+ ආබ්‍රම් සාරයිගේ ඉල්ලීමට එකඟ වුණා. 3 ඊටපස්සේ ආබ්‍රම්ගේ බිරිඳ වුණ සාරයි එයාගේ ඊජිප්තු ජාතික සේවිකාව වුණ හාගර්ව එයාගේ ස්වාමිපුරුෂයාට බිරිඳක් විදිහට දුන්නා. ඒ වෙද්දී ආබ්‍රම් කානාන් දේශයේ අවුරුදු දහයක් ජීවත් වෙලා තිබුණා. 4 ආබ්‍රම් හාගර් එක්ක ලිංගික සම්බන්ධකම් පැවැත්තුවා. පස්සේ එයා ගැබ්ගත්තා. එයාට දරුවෙක් හම්බ වෙන්න ඉන්නවා කියලා දැනගත්තාම හාගර් එයාගේ ස්වාමිදුවව පහත් කරලා සලකන්න පටන්ගත්තා.

5 සාරයි ආබ්‍රම්ට මෙහෙම කිව්වා. “මගේ සේවිකාව වන හාගර්ව ඔයාට දුන්නේ මමයි. ඒත් දරුවෙක් හම්බ වෙන්න යනවා කියලා දැනගත්තාට පස්සේ එයා මාව පහත් කරලා සලකනවා. මට වෙච්ච මේ අසාධාරණයට වග කියන්න ඕනෙ ඔයායි. ඔයාද හරි මමද හරි කියලා යෙහෝවාම විනිශ්චය කරයි!” 6 ඉතින් ආබ්‍රම් සාරයිට මෙහෙම කිව්වා. “ඔයාගේ සේවිකාව ඔයාට භාරයි. ඉතින් ඔයාට හොඳයි කියලා හිතෙන දෙයක් කරන්න.” ඊටපස්සේ සාරයි හාගර්ට පහත් විදිහට සලකන්න පටන්ගත්තා. ඒ නිසා හාගර් සාරයිගෙන් පලා ගියා.

7 ඊටපස්සේ කාන්තාරයේ ෂුර්වලට+ යද්දී තියෙන දිය උල්පත ළඟදී යෙහෝවා දෙවියන්ගේ දූතයාට හාගර්ව හම්බ වුණා. 8 දේවදූතයා එයාගෙන් මෙහෙම ඇහුවා. “සාරයිගේ සේවිකාව වන හාගර්, ඔයා ආවේ කොහේ ඉඳන්ද? ඔයා යන්නේ කොහෙටද?” එතකොට හාගර් මෙහෙම උත්තර දුන්නා. “මම මගේ ස්වාමිදුවගෙන් පලා යනවා.” 9 යෙහෝවාගේ දූතයා “ඔයාගේ ස්වාමිදුව ළඟට ආපහු යන්න. නිහතමානී වෙලා එයා කියන විදිහට වැඩ කරන්න” කියලා එයාට කිව්වා. 10 “මම ඔයාගෙන් පැවතෙන අයව ගණන් කරන්න බැරි තරමට වැඩි කරනවා”+ කියලත් යෙහෝවාගේ දූතයා කිව්වා. 11 යෙහෝවා දෙවියන්ගේ දූතයා මෙහෙමත් කිව්වා. “දැන් ඔයාට දරුවෙක් ලැබෙන්නයි ඉන්නේ. ඔයාට ඉපදෙන්නේ පුතෙක්. එයාට ඉෂ්මායෙල්* කියන නම තියන්න. මොකද දුකේදී ඔයා කරපු කන්නලව්වලට යෙහෝවා ඇහුම්කන් දුන්නා. 12 ඉෂ්මායෙල් හීලෑ නැති බූරුවෙක්* වගේ වෙනවා. එයා හැමෝටම විරුද්ධව වැඩ කරනවා. හැමෝම එයාටත් විරුද්ධ වෙනවා. එයා එයාගේ සහෝදරයන්ගෙන් වෙන් වෙලා ජීවත් වෙනවා.”*

13 ඊටපස්සේ හාගර් යෙහෝවා කියන දෙවියන්ගේ නමට ප්‍රශංසා කළා. “මං දිහා බලාගෙන ඉන්න තැනැත්තාව මම ඇස් දෙකෙන්ම දැක්කා නේද” කියලා හිතපු හාගර් එයා එක්ක කතා කරපු දෙවියන්ට මෙහෙම කිව්වා. “ඔබ හැම දෙයක්ම දකින දෙවි කෙනෙක්.”+ 14 එතන තියෙන ළිඳට බෙයර්ලහයිරොයි* කියන නම දාලා තියෙන්නේ ඒ නිසයි. ඒ ළිඳ තියෙන්නේ කාදෙෂ් සහ බෙරෙද් අතරයි. 15 පස්සේ හාගර් පුතෙක් බිහි කළා. ආබ්‍රම් එයාගේ පුතාට ඉෂ්මායෙල්+ කියන නම තිබ්බා. 16 ඉෂ්මායෙල් ඉපදෙද්දී ආබ්‍රම්ට වයස අවුරුදු 86යි.

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න