ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • දේශනාකාරයා 4
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

දේශනාකාරයා පොතේ සාරාංශයක්

      • පීඩා විඳිනවාට වඩා මැරෙන එක හොඳයි (1-3)

      • වැඩ ගැන හිතන්න ඕනෙ විදිහ (4-6)

      • යාළුවෙක්ගේ වටිනාකම (7-12)

        • එක් කෙනෙක්ට වඩා දෙන්නෙක් හොඳයි (9)

      • පාලකයෙක්ගේ ජීවිතෙත් නිෂ්ඵල වෙන්න පුළුවන් (13-16)

දේශනාකාරයා 4:1

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 69:20; 142:4

දේශනාකාරයා 4:2

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 3:17; දේශ 2:17

දේශනාකාරයා 4:3

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 20:18
  • +දේශ 1:14

දේශනාකාරයා 4:4

හරස් යොමු දැක්වීම්

  • +ගලා 5:26

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ, 3/1/2008, 31 පි.

    මුරටැඹ,

    11/1/2006, 14 පි.

    11/1/1999, 32 පි.

    2/15/1997, 15-16 පි.

    සතුටින් පිරි ජීවිතය, 8 පි.

    පිබිදෙව්!,

    1/8/1995, 28 පි.

දේශනාකාරයා 4:5

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 6:10, 11; 20:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/1/1999, 32 පි.

දේශනාකාරයා 4:6

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 37:16; හිතෝ 15:16; 16:8; 17:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    පිබිදෙව්!,

    අංක 1 2020 10 පි.

    2/2014, 8 පි.

    මුරටැඹ,

    11/1/1999, 32 පි.

දේශනාකාරයා 4:8

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 27:20; දේශ 5:10
  • +ගීතා 39:6; ලූක් 12:18-20
  • +දේශ 2:22, 23

දේශනාකාරයා 4:9

පාදසටහන්

  • *

    හෝ, “වැඩියෙන් ප්‍රයෝජන ලැබෙනවා.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 2:18; හිතෝ 27:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 42 පාඩම

දේශනාකාරයා 4:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දෙවියන්ගේ ආදරය ලබාගනිමු, 133-134 පි.

    “දෙවිගේ ප්‍රේමය”, 126-127 පි.

    මුරටැඹ,

    10/15/2009, 18 පි.

    12/15/2008, 30 පි.

දේශනාකාරයා 4:13

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 22:8; 2ලේක 25:15, 16
  • +හිතෝ 19:1; 28:6, 16

දේශනාකාරයා 4:14

පාදසටහන්

  • *

    සමහරවිට මේකෙන් අදහස් කරන්නේ ප්‍රඥාවන්ත දරුවා ගැන වෙන්න ඇති.

හරස් යොමු දැක්වීම්

  • +උත් 41:14, 40
  • +2සාමු 7:8; යෝබ් 5:11

දේශනාකාරයා 4:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/1/2006, 14 පි.

දේශනාකාරයා 4:16

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 20:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/1/2006, 14 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

දේශ. 4:1ගීතා 69:20; 142:4
දේශ. 4:2යෝබ් 3:17; දේශ 2:17
දේශ. 4:3යෙරෙ 20:18
දේශ. 4:3දේශ 1:14
දේශ. 4:4ගලා 5:26
දේශ. 4:5හිතෝ 6:10, 11; 20:4
දේශ. 4:6ගීතා 37:16; හිතෝ 15:16; 16:8; 17:1
දේශ. 4:8හිතෝ 27:20; දේශ 5:10
දේශ. 4:8ගීතා 39:6; ලූක් 12:18-20
දේශ. 4:8දේශ 2:22, 23
දේශ. 4:9උත් 2:18; හිතෝ 27:17
දේශ. 4:131රාජා 22:8; 2ලේක 25:15, 16
දේශ. 4:13හිතෝ 19:1; 28:6, 16
දේශ. 4:14උත් 41:14, 40
දේශ. 4:142සාමු 7:8; යෝබ් 5:11
දේශ. 4:162සාමු 20:1
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
දේශනාකාරයා 4:1-16

දේශනාකාරයා

4 ඉර යට ජීවත් වෙන මිනිස්සුන්ට කරන හැම තාඩන පීඩනයක් ගැනම මම ආපහු කල්පනා කරලා බැලුවා. පීඩාවට පත් වුණ අයගේ කඳුළු මම දැක්කා. එයාලව සනසන්න කවුරුත් හිටියේ නැහැ.+ එයාලට පීඩා කරන අයට බලය තිබුණා. ඇත්තටම එයාලව සනසන්න කවුරුත්ම හිටියේ නැහැ. 2 ඉතින් ජීවත් වෙන එකට වඩා මැරිලා ඉන්න එක හොඳයි කියලා මට හිතුණා.+ 3 ඇත්තටම ඒ දෙකටම වඩා ඉපදුණේ නැත්නම් හොඳයි.+ මොකද ඉපදිලා නැති කෙනා ඉර යට සිද්ධ වෙන දුක් කරදර දකින්නේ නැහැ.+

4 තරඟකාරිත්වය නිසා ගොඩක් මහන්සි වෙලා වැඩ කරන්නත් දක්ෂතා දියුණු කරගන්නත් මිනිස්සු පෙලඹෙන විදිහ මං දැකලා තියෙනවා.+ ඒකත් හුළඟ පස්සේ එළවගෙන යනවා වගේ කිසි තේරුමක් නැති වැඩක්.

5 අත් දෙක බැඳගෙන ඔහේ බලාගෙන ඉන්න මෝඩයා තමන්වම විනාශ කරගන්නවා.+

6 වැඩ කන්දරාවක් කරලා හුළඟ පස්සේ එළවගෙන යනවාට වඩා පොඩි විවේකයක් ගන්න එක හොඳයි.+

7 ඉර යට කරන කිසි තේරුමක් නැති තවත් දෙයක් ගැන මං කල්පනා කළා. 8 එක මනුස්සයෙක් ඉන්නවා. එයා ඉන්නේ තනියම. එයාට යාළුවෙක්වත් පුතෙක්වත් සහෝදරයෙක්වත් නැහැ. ඒත් එයා ඉවරයක් නැතුව මැරීගෙන වැඩ කරනවා. එයා කොච්චර සල්ලි හම්බ කළත් සෑහීමට පත් වෙන්නේ නැහැ.+ ‘මං සැප විඳින්නෙවත් නැතුව මෙච්චර මැරීගෙන වැඩ කරන්නේ කවුරු වෙනුවෙන්ද’ කියලා එයා පොඩ්ඩකට නතර වෙලා හිතන්නේ නැහැ.+ එයාගේ ජීවිතේ කිසි තේරුමක් නැහැ. ඉතුරු වෙන්නේ කලකිරීමක් විතරයි.+

9 එක් කෙනෙක්ට වඩා දෙන්නෙක් හොඳයි.+ මොකද ඒ දෙන්නාගේ වෙහෙසට හොඳ ප්‍රතිඵල ලැබෙනවා.* 10 එයාලාගෙන් එක් කෙනෙක් වැටුණොත් අනිත් කෙනාට පුළුවන් එයාව නැඟිට්ටවන්න. ඒත් තනියම ඉන්න කෙනෙක් වැටුණොත් එයාට මොනවා වෙයිද?

11 දෙන්නෙක් එක ළඟ නිදාගත්තොත් එයාලට උණුසුම ලැබෙනවා. ඒත් තනියම ඉන්න කෙනෙක් උණුසුම ලබාගන්නේ කොහොමද? 12 තනියම ඉන්න කෙනෙක්ව පරද්දන්න තව කෙනෙක්ට පුළුවන්. ඒත් දෙන්නෙක්ට පුළුවන් ඒ කෙනාට විරුද්ධව ඉන්න. තුන්පට ලණුවක් ලේසියෙන් දෙකට කඩන්න බැහැ.

13 අවවාදයක් හිතට ගන්න කිසිම වුවමනාවක් නැති+ මෝඩ, මහලු රජෙක්ට වඩා දුප්පත් වුණත් ප්‍රඥාවන්ත දරුවෙක් හොඳයි.+ 14 කෙනෙක්* හිරෙන් නිදහස් වෙලා රජකම භාරගන්න ගියා.+ එයා, රජ පාලනය කරපු කාලේ දුප්පත් පවුලක ඉපදුණ දරුවෙක්.+ 15 ඉර යට ජීවත් වෙන හැම කෙනෙක් ගැනම මං හිතුවා. කලින් හිටපු රජ වෙනුවට අලුතින් රජ වෙන තරුණයාට වෙන දේ ගැනත් මං කල්පනා කළා. 16 එයාට සහය දෙන්න වැල නොකැඩී මිනිස්සු එනවා. ඒත් පස්සේ කාලෙක මිනිස්සු එයා ගැන සතුටු වෙන්නෙත් නැහැ.+ ඒකත් හුළඟ පස්සේ එළවගෙන යනවා වගේ කිසි තේරුමක් නැති වැඩක්.

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න