ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 රාජාවලිය 18
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

1 රාජාවලිය පොතේ සාරාංශයක්

      • එලියාට ඔබදියාවයි, ආහබ්වයි හම්බ වෙයි (1-18)

      • කර්මෙල් කන්දේදී එලියා බාල්ගේ අනාගතවක්තෘවරුන්ට අභියෝග කරයි (19-40)

        • “දෙපැත්තට වැනිවැනී ඉන්නවාද?” (21)

      • අවුරුදු තුනහමාරක් තිබුණ නියඟය අවසන් වෙයි (41-46)

1 රාජාවලිය 18:1

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 4:25; යාකො 5:17
  • +ගීතා 65:9, 10; යෙරෙ 14:22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    4/1/2008, 19 පි.

    9/1/1992, 17 පි.

1 රාජාවලිය 18:2

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 26:26; ද්වි 28:24

1 රාජාවලිය 18:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/1/2006, 20 පි.

1 රාජාවලිය 18:4

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 16:31

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/1/2006, 20 පි.

1 රාජාවලිය 18:7

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 1:8

1 රාජාවලිය 18:10

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 17:2, 3

1 රාජාවලිය 18:12

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 2:15, 16; මතෙ 4:1; ක්‍රියා 8:39

1 රාජාවලිය 18:13

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 18:4

1 රාජාවලිය 18:18

හරස් යොමු දැක්වීම්

  • +නික් 20:4; 1රාජා 9:9; 16:30-33

1 රාජාවලිය 18:19

පාදසටහන්

  • *

    “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 19:26, 31
  • +1රාජා 16:33

1 රාජාවලිය 18:21

පාදසටහන්

  • *

    මූ.අ., “කල්පනා දෙකක් අතරේ.” හෝ, “කිහිලිකරු දෙකම අල්ලගෙන.”

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 2:11; හොෂෙ 10:2; මතෙ 12:30; 1කොරි 10:21; 2කොරි 6:14, 15
  • +නික් 20:5; යොෂු 24:15; 1සාමු 7:3; ගීතා 100:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 46 පාඩම

    මුරටැඹ (පාඩම්),

    3/2017, 14-15 පි.

    විශ්වාසය ආදර්ශයක්, 86-87 පි.

    මුරටැඹ,

    1/1/2008, 19 පි.

    12/15/2005, 24-29 පි.

    7/1/2005, 30-31 පි.

    1/1/1998, 30 පි.

1 රාජාවලිය 18:22

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 19:9, 10

1 රාජාවලිය 18:23

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    විශ්වාසය ආදර්ශයක්, 88 පි.

    මුරටැඹ,

    1/1/2008, 19 පි.

1 රාජාවලිය 18:24

හරස් යොමු දැක්වීම්

  • +විනි 6:31
  • +ලෙවී 9:23, 24; ද්වි 4:24; විනි 6:21; 1ලේක 21:26; 2ලේක 7:1

1 රාජාවලිය 18:26

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 45:20; යෙරෙ 10:5; දානි 5:23; හබ 2:18, 19; 1කොරි 8:4

1 රාජාවලිය 18:27

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “එයා ගමනක් ගිහින් ඇති.”

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 41:23

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    විශ්වාසය ආදර්ශයක්, 88 පි.

    මුරටැඹ,

    1/1/2008, 20 පි.

1 රාජාවලිය 18:28

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/1/1998, 30 පි.

1 රාජාවලිය 18:29

පාදසටහන්

  • *

    හෝ, “අනාගතවක්තෘවරුන් වගේ.”

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 44:19, 20

1 රාජාවලිය 18:30

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 19:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    විශ්වාසය ආදර්ශයක්, 88-90 පි.

    මුරටැඹ,

    1/1/2008, 20 පි.

    12/15/2005, 26 පි.

1 රාජාවලිය 18:31

හරස් යොමු දැක්වීම්

  • +උත් 32:28, 30; 35:10; යෙසා 48:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    විශ්වාසය ආදර්ශයක්, 88-90 පි.

    මුරටැඹ,

    1/1/2008, 20 පි.

1 රාජාවලිය 18:32

පාදසටහන්

  • *

    සෙයා මිනුමක් කියන්නේ ලීටර් 7.33ක්. සෙයා මිනුම් දෙකකට ධාන්‍ය කි.ග්‍රෑ. 10ක් විතර අල්ලනවා. උප. B14 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +නික් 20:25; ද්වි 27:6

1 රාජාවලිය 18:33

හරස් යොමු දැක්වීම්

  • +උත් 22:9; ලෙවී 1:7, 8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/1/1998, 30-31 පි.

    සියලුම ජනයා සඳහා පොතක්, 17 පි.

1 රාජාවලිය 18:34

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සියලුම ජනයා සඳහා පොතක්, 17 පි.

1 රාජාවලිය 18:35

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සියලුම ජනයා සඳහා පොතක්, 17 පි.

1 රාජාවලිය 18:36

හරස් යොමු දැක්වීම්

  • +නික් 29:41
  • +උත් 26:24
  • +උත් 28:13
  • +ගණන් 16:28; යොහ 11:42

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    විශ්වාසය ආදර්ශයක්, 90 පි.

    මුරටැඹ,

    10/1/2010, 4 පි.

    1/1/2008, 20 පි.

1 රාජාවලිය 18:37

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 31:18; එස 33:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    විශ්වාසය ආදර්ශයක්, 90 පි.

    මුරටැඹ,

    10/1/2010, 4 පි.

    1/1/2008, 20 පි.

1 රාජාවලිය 18:38

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 9:23, 24; විනි 6:21; 2ලේක 7:1
  • +1රාජා 18:23, 24

1 රාජාවලිය 18:40

හරස් යොමු දැක්වීම්

  • +විනි 5:20, 21; ගීතා 83:9
  • +ද්වි 13:1-5; 18:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    විශ්වාසය ආදර්ශයක්, 90-91 පි.

    මුරටැඹ,

    1/1/2008, 20-21 පි.

1 රාජාවලිය 18:41

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 17:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    විශ්වාසය ආදර්ශයක්, 93, 94-95 පි.

    මුරටැඹ,

    4/1/2008, 17-18 පි.

1 රාජාවලිය 18:42

හරස් යොමු දැක්වීම්

  • +යාකො 5:17, 18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    විශ්වාසය ආදර්ශයක්, 93-94 පි.

    මුරටැඹ,

    4/1/2008, 17-18 පි.

1 රාජාවලිය 18:43

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    විශ්වාසය ආදර්ශයක්, 94-95 පි.

    මුරටැඹ,

    4/1/2008, 18-19 පි.

1 රාජාවලිය 18:44

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    විශ්වාසය ආදර්ශයක්, 95-97 පි.

    මුරටැඹ,

    1/1/2009, 15-16 පි.

    4/1/2008, 19-20 පි.

1 රාජාවලිය 18:45

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 12:18; යෝබ් 38:37
  • +යොෂු 19:17, 18; 1රාජා 21:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    විශ්වාසය ආදර්ශයක්, 97 පි.

    මුරටැඹ,

    4/1/2008, 20 පි.

1 රාජාවලිය 18:46

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    විශ්වාසය ආදර්ශයක්, 97-99 පි.

    මුරටැඹ,

    7/1/2011, 18 පි.

    4/1/2008, 20 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

1 රාජා. 18:1ලූක් 4:25; යාකො 5:17
1 රාජා. 18:1ගීතා 65:9, 10; යෙරෙ 14:22
1 රාජා. 18:2ලෙවී 26:26; ද්වි 28:24
1 රාජා. 18:41රාජා 16:31
1 රාජා. 18:72රාජා 1:8
1 රාජා. 18:101රාජා 17:2, 3
1 රාජා. 18:122රාජා 2:15, 16; මතෙ 4:1; ක්‍රියා 8:39
1 රාජා. 18:131රාජා 18:4
1 රාජා. 18:18නික් 20:4; 1රාජා 9:9; 16:30-33
1 රාජා. 18:19යොෂු 19:26, 31
1 රාජා. 18:191රාජා 16:33
1 රාජා. 18:21යෙරෙ 2:11; හොෂෙ 10:2; මතෙ 12:30; 1කොරි 10:21; 2කොරි 6:14, 15
1 රාජා. 18:21නික් 20:5; යොෂු 24:15; 1සාමු 7:3; ගීතා 100:3
1 රාජා. 18:221රාජා 19:9, 10
1 රාජා. 18:24විනි 6:31
1 රාජා. 18:24ලෙවී 9:23, 24; ද්වි 4:24; විනි 6:21; 1ලේක 21:26; 2ලේක 7:1
1 රාජා. 18:26යෙසා 45:20; යෙරෙ 10:5; දානි 5:23; හබ 2:18, 19; 1කොරි 8:4
1 රාජා. 18:27යෙසා 41:23
1 රාජා. 18:29යෙසා 44:19, 20
1 රාජා. 18:301රාජා 19:14
1 රාජා. 18:31උත් 32:28, 30; 35:10; යෙසා 48:1
1 රාජා. 18:32නික් 20:25; ද්වි 27:6
1 රාජා. 18:33උත් 22:9; ලෙවී 1:7, 8
1 රාජා. 18:36නික් 29:41
1 රාජා. 18:36උත් 26:24
1 රාජා. 18:36උත් 28:13
1 රාජා. 18:36ගණන් 16:28; යොහ 11:42
1 රාජා. 18:37යෙරෙ 31:18; එස 33:11
1 රාජා. 18:38ලෙවී 9:23, 24; විනි 6:21; 2ලේක 7:1
1 රාජා. 18:381රාජා 18:23, 24
1 රාජා. 18:40විනි 5:20, 21; ගීතා 83:9
1 රාජා. 18:40ද්වි 13:1-5; 18:20
1 රාජා. 18:411රාජා 17:1
1 රාජා. 18:42යාකො 5:17, 18
1 රාජා. 18:451සාමු 12:18; යෝබ් 38:37
1 රාජා. 18:45යොෂු 19:17, 18; 1රාජා 21:1
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
  • 35
  • 36
  • 37
  • 38
  • 39
  • 40
  • 41
  • 42
  • 43
  • 44
  • 45
  • 46
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
1 රාජාවලිය 18:1-46

පළවෙනි රාජාවලිය

18 කාලයක් ගියාට පස්සේ ඒ කියන්නේ තුන්වෙනි අවුරුද්දේ+ යෙහෝවා දෙවියන් එලියාට මෙහෙම කිව්වා. “ගිහින් ආහබ්ව හම්බ වෙන්න. මම ආයෙත් දේශයට වැස්ස ලබා දෙනවා.”+ 2 ඉතින් එලියා ආහබ්ව හම්බ වෙන්න ගියා. ඒ වෙද්දී සමාරියේ තිබුණ සාගතය ගොඩක් දරුණු වෙලයි තිබුණේ.+

3 ඔය අතරේ ආහබ් රජමාලිගාව බලාගත්ත ඔබදියාට එන්න කියලා කිව්වා. (ඔබදියා කියන්නේ යෙහෝවාට ගොඩක් ගරුබිය දක්වපු කෙනෙක්. 4 යෙසබෙල්+ යෙහෝවාගේ අනාගතවක්තෘවරුන්ව මරලා දාන්න පටන්ගත්තාම ඔබදියා අනාගතවක්තෘවරු 100දෙනෙක්ව එක්කගෙන ගිහින් 50 ගාණේ ගුහා දෙකක හැංගුවා. එයා එයාලට අවශ්‍ය කෑමයි, වතුරයි දුන්නා.) 5 ඔබදියා ආවාම ආහබ් එයාට මෙහෙම කිව්වා. “දේශය පුරාම තියෙන දිය උල්පත් සහ නිම්න ළඟට ගිහිල්ලා බලන්න ඒ අවටින් හරි අශ්වයන්ටයි, කොටළුවන්ටයි දෙන්න තණකොළ හොයාගන්න පුළුවන්ද කියලා. නැත්තං අපේ සත්තු ඔක්කොම මැරිලා යයි.” 6 ඉතින් ඒ දෙන්නා වෙන වෙනම ගිහින් දේශයේ තියෙන තැන් බලන්න තීරණය කළා. ආහබ් එක පැත්තක් බලන්න තනියම ගියා. ඔබදියා තවත් පැත්තකට තනියම ගියා.

7 ඔබදියා ඔහොම යද්දී එලියා එයාව හම්බ වෙන්න ආවා. ඔබදියා එයාව දැක්ක ගමන්ම එයාව අඳුරගත්තා. එයා දණින් වැටිලා ඔළුව පහත් කරලා “මගේ ස්වාමීනි එලියා, මේ ඇත්තටම ඔයාද”+ කියලා ඇහුවා. 8 එලියා එයාට මෙහෙම කිව්වා. “ඔව්, මේ මං තමයි. දැන් ගිහින් ඔයාගේ ස්වාමියාට කියන්න මං ඇවිත් ඉන්නවා කියලා.” 9 එතකොට ඔබදියා මෙහෙම කිව්වා. “මං මොන වරදක් කළාටද ඔයා ඒ වගේ දෙයක් කරන්න කියන්නේ? මං ආහබ්ට එහෙම කිව්වොත් එයා මාව මරලා දායි. 10 ඔයාගේ ජීවමාන දෙවි වන යෙහෝවා ඉස්සරහා දිවුරලයි මං මේ දේ කියන්නේ. මගේ ස්වාමියා ඔයාව හොයපු නැති තැනක් නැහැ. ඔයාව හොයන්න හැම රට රාජ්‍යයකටම මිනිස්සුන්ව යැව්වා.+ ඔයා එහේ නැහැ කියලා කිව්වාම ඒ රට රාජ්‍යවල ඉන්න මිනිස්සුන්ට එයාලා කියපු දේ ඇත්ත කියලා දිවුරන්න වුණා. 11 දැන් ඔයා මට කියනවා ඔයා ඇවිල්ලා කියලා මගේ ස්වාමියාට කියන්න කියලා. 12 මං මෙතනින් ගියාම යෙහෝවා ඔහුගේ බලයෙන් මට හොයාගන්න බැරි තැනකට ඔයාව අරන් යයි.+ මං ගිහින් ආහබ්ට ඔයා ගැන කිව්වාම එයා ඔයාව හොයාගෙන එයි. හැබැයි එයාට ඔයාව හොයාගන්න බැරි වුණාම මාව මරලා දායි. ඔයාගේ සේවකයා වන මම පොඩි කාලේ ඉඳන් යෙහෝවා ගැන ගරුබියක් තිබුණ කෙනෙක්. 13 යෙසබෙල් යෙහෝවා දෙවියන්ගේ අනාගතවක්තෘවරුන්ව මරලා දාන්න පටන්ගත්තාම මං කරපු දේ මගේ ස්වාමීන්ට ආරංචි වුණේ නැද්ද? මං යෙහෝවාගේ අනාගතවක්තෘවරු 100දෙනෙක්ව 50දෙනා ගාණේ ගුහා දෙකක හැංගුවා. එයාලට ඕනෙ කරන කෑමයි, වතුරයි මං දිගටම දුන්නා.+ 14 දැන් ඔයා මට කියනවා ‘මට එලියාව හම්බ වුණා’ කියලා මගේ ස්වාමියාට ගිහින් කියන්න කියලා. මං ඒක කළොත් එයා අනිවාර්යයෙන්ම මාව මරලා දායි.” 15 ඒත් එලියා මෙහෙම කිව්වා. “මම සේවය කරන ස්වර්ගයේ සේනාවල අධිපති වන ජීවමාන දෙවි යෙහෝවා ඉස්සරහා දිවුරලා මං මේ දේ කියනවා. අද මං අනිවාර්යයෙන්ම ආහබ්ව හම්බ වෙනවා.”

16 ඉතින් ඔබදියා ආහබ්ව හම්බ වෙලා එලියා කියපු දේ කිව්වා. එතකොට ආහබ් එලියාව හම්බ වෙන්න ගියා.

17 එලියාව දැක්ක ගමන්ම “ආ, මේ ඉන්නේ මුළු ඊශ්‍රායෙල් දේශයටම කරදර ගෙනාපු මිනිහා” කියලා ආහබ් කිව්වා.

18 එතකොට එලියා මෙහෙම උත්තර දුන්නා. “ඊශ්‍රායෙල් දේශයට මේ කරදර ගෙනාවේ මං නෙමෙයි, ඔයායි, ඔයාගේ තාත්තාගේ පවුලේ අයයි. ඔයාලා තමයි යෙහෝවාගේ ආඥාවලට පිටුපාලා බාල් දෙවිගොල්ලන් පස්සේ යන්නේ.+ 19 දැන් ඊශ්‍රායෙල්වරු හැමෝටම කර්මෙල් කන්දට+ රැස් වෙන්න කියන්න. බාල්ගේ අනාගතවක්තෘවරු 450දෙනාටයි, නමස්කාරයට හදලා තියෙන කණුව*+ ළඟ සේවය කරන අනාගතවක්තෘවරු 400දෙනාටයි එහෙට එන්න කියන්න. යෙසබෙල්ගේ මේසයේ ඉඳගෙන කෑම කන ඒ හැමෝටම එන්න කියන්න.” 20 ඉතින් ආහබ් පණිවිඩයක් යවලා මුළු ඊශ්‍රායෙල් සෙනඟවයි, අනාගතවක්තෘවරුන්වයි කර්මෙල් කන්දට රැස් කළා.

21 ඊටපස්සේ එලියා රැස් වෙලා හිටපු සෙනඟ ළඟට ගිහිල්ලා මෙහෙම කිව්වා. “ඔයාලා තව කොච්චර කාලයක් මේ විදිහට දෙපැත්තට වැනිවැනී* ඉන්නවාද?+ යෙහෝවා සැබෑ දෙවියන් කියලා ඔයාලට විශ්වාසයි නම් ඔහුට සේවය කරන්න.+ හැබැයි බාල් සැබෑ දෙවියන් කියලා හිතනවා නම් එයාට සේවය කරන්න.” ඒත් සෙනඟ එයාට වචනයක්වත් කිව්වේ නැහැ. 22 එලියා සෙනඟට මෙහෙමත් කිව්වා. “යෙහෝවාගේ අනාගතවක්තෘවරයෙක්ට කියලා ඉතුරු වෙලා ඉන්නේ මං විතරයි.+ බාල්ගේ අනාගතවක්තෘවරුන් නම් 450දෙනෙක් ඉන්නවා. 23 දැන් වස්සන් දෙන්නෙක්ව ගේන්න කියලා සෙනඟට කියන්න. උන්ගෙන් එකෙක්ව තෝරගෙන ඌව කෑලිවලට කපලා දර උඩින් තියන්න කියලා අනාගතවක්තෘවරුන්ට කියන්න. ඒත් ඒකට ගින්දර පත්තු කරන්න එපා කියලා කියන්න. මං අනිත් වස්සාව අරන් ලෑස්ති කරලා දර උඩින් තියන්නම්. මාත් ඒකට ගින්දර පත්තු කරන්නේ නෑ. 24 ඊටපස්සේ ඔයාලා ඔයාලාගේ දෙවියන්ට එයාගේ නම කියලා කන්නලව් කරන්න.+ මං යෙහෝවාට ඔහුගේ නම කියලා කන්නලව් කරන්නම්. ගින්නක් එවලා ඒ කන්නලව්වට උත්තර දෙන දෙවියන් තමයි සැබෑ දෙවියන්.”+ එතකොට මුළු සෙනඟම “ඒක හොඳයි” කියලා කිව්වා.

25 ඉතින් එලියා බාල්ගේ අනාගතවක්තෘවරුන්ට මෙහෙම කිව්වා. “වැඩිදෙනෙක් ඉන්නේ ඔයාලාගේ පැත්තේ නිසා ඔයාලා කැමති වස්සෙක්ව තෝරගෙන ඌව ලෑස්ති කරන්න. ඊටපස්සේ ඔයාලාගේ දෙවියන්ට එයාගේ නම කියලා කන්නලව් කරන්න. ඒත් ඒකට ගින්දර පත්තු කරන්න එපා.” 26 එයාලා වස්සෙක්ව තෝරගෙන ඌව ලෑස්ති කළා. ඊටපස්සේ එයාලා උදේ ඉඳන් දවල් වෙන කල්ම දිගටම බාල්ගේ නම කියලා මෙහෙම කන්නලව් කළා. “අනේ බාල්, අපිට උත්තර දෙන්න.” ඒත් එයාලට කිසිම උත්තරයක් හම්බ වුණේ නැහැ.+ හදාගත්ත පූජාසනය වටේ එයාලා තනි කකුලෙන් පැනපැන නැටුවා. 27 දවල් වෙද්දී එලියා එයාලට මෙහෙම කියකිය හිනා වුණා. “තව හයියෙන් කෑගහන්න. එයාත් දෙවි කෙනෙක්නේ.+ එයා බර කල්පනාවක වෙන්න ඇති. නැත්තං වැසිකිළියට ගිහින් ඇති.* නැත්තං නිදිද දන්නෙත් නෑනේ. කාට හරි එයාව ඇහැරවන්න වෙයි!” 28 ඉතින් එයාලා යටි ගිරියෙන් කෑගගහා එයාලා සාමාන්‍යයෙන් කරන විදිහට ලේ වැක්කෙරෙන කල් කිනිසිවලින් ඇඟ කපාගත්තා. හෙල්ලවලින් ඇඟට ඇනගත්තා. 29 දවාල පහු වෙලා හවස ධාන්‍ය පූජාව ඔප්පු කරන වෙලාව වෙන කල්ම එයාලා දිගටම පිස්සුවෙන් වගේ* හැසිරුණා. ඒත් එයාලට උත්තරයක් නම් හම්බ වුණේ නැහැ. එයාලා දිහා බලන්න කවුරුත් හිටියේ නැහැ.+

30 ටික වෙලාවකට පස්සේ එලියා සෙනඟට මෙහෙම කිව්වා. “දැන් මං ළඟට එන්න.” ඉතින් සෙනඟ එයා හිටපු තැනට ගියා. එතකොට එලියා කඩලා දාලා තිබුණ යෙහෝවාගේ පූජාසනය ආයෙත් හැදුවා.+ 31 ඊටපස්සේ එලියා යාකොබ්ගේ පුතාලා 12දෙනාගෙන් එන ගෝත්‍ර 12 නියෝජනය කරන්න ගල් 12ක් ගත්තා. යාකොබ්ට යෙහෝවා මෙහෙම කියලා තිබුණා. “ඔයාගේ නම ඊශ්‍රායෙල්.”+ 32 ඒ ගල්වලින් එයා යෙහෝවා වෙනුවෙන් පූජාසනයක් හැදුවා.+ ඊටපස්සේ එයා ඒ පූජාසනය වටේ අගලක් කැපුවා. ධාන්‍ය සෙයා මිනුම්* දෙකක් පැළ කරන්න පුළුවන් බිම් කොටසක් ඒ අගලෙන් වට වෙලා තිබුණා. 33 ඊටපස්සේ එයා දර ටික පිළිවෙළට තියලා, වස්සාව කෑලිවලට කපලා ඒ කෑලි ටික දර උඩින් තිබ්බා.+ ඊළඟට එයා මෙහෙම කිව්වා. “ලොකු භාජන හතරකට වතුර පුරවගෙන ඇවිත් ඔප්පු කරන්න යන මේ පූජාව උඩටයි, දර උඩටයි වක් කරන්න.” 34 ඊටපස්සේ එයා මෙහෙම කිව්වා. “ආයෙත් වතුර ගෙනල්ලා වක් කරන්න.” ඉතින් එයාලා එහෙම කළා. ඊටපස්සේ එයා “තුන්වෙනි සැරේටත් වතුර වක් කරන්න” කියලා කිව්වා. ඉතින් එයාලා තුන්වෙනි සැරේටත් එහෙම කළා. 35 පූජාසනය වටේට වතුර ගලාගෙන ගියා. එයා අගලත් වතුරෙන් පිරෙව්වා.

36 හවස ධාන්‍ය පූජාව ඔප්පු කරන වෙලාවේදී+ විතර අනාගතවක්තෘ එලියා ඉස්සරහට ඇවිල්ලා මෙහෙම යාච්ඤා කළා. “අනේ යෙහෝවා, ආබ්‍රහම්ගෙත්+ ඊසාක්ගෙත්+ ඊශ්‍රායෙල්ගෙත් දෙවියනි, අද හැමෝටම පෙන්නන්න ඊශ්‍රායෙල් දේශයේ දෙවියන් ඔයා කියලා. මම ඔයාගේ සේවකයා කියලත් මං මේ හැම දෙයක්ම කළේ ඔයා අණ කරපු නිසයි කියලත් පෙන්නන්න.+ 37 අනේ යෙහෝවා මට උත්තර දෙන්න. යෙහෝවා, ඔයා තමයි සැබෑ දෙවියන් කියලත් ඔයා ළඟට ආපහු එන්න මේ සෙනඟගේ හිතේ පෙලඹීමක් ඇති කරන්නේ ඔයායි කියලත් එතකොට සෙනඟ තේරුම්ගනියි. ඉතින් මට උත්තර දෙන්න.”+

38 ඒ වෙලාවෙම අහසෙන් ගින්නක් ආවා. යෙහෝවා දෙවියන් එවපු ඒ ගින්නෙන් පූජාවයි,+ දරයි, ගලුයි, දූවිලියි පිච්චිලා ගියා. අගලේ තිබුණ වතුරත් වාෂ්ප වෙලා ගියා.+ 39 ඒක දැක්ක ගමන්ම සෙනඟ දණින් වැටිලා ඔළුව බිමටම පහත් කරලා “යෙහෝවා තමයි සැබෑ දෙවියන්! යෙහෝවා තමයි සැබෑ දෙවියන්” කියලා කිව්වා. 40 ඊටපස්සේ එලියා එයාලට මෙහෙම කිව්වා. “බාල්ගේ අනාගතවක්තෘවරුන්ව අල්ලගන්න! එක් කෙනෙක්ටවත් බේරිලා යන්න දෙන්න එපා!” එයාලා ඉක්මනට ඒ අනාගතවක්තෘවරුන්ව අල්ලගත්තා. එලියා එයාලව කීෂොන් දිය පාර+ ළඟට අරන් ගිහින් මරලා දැම්මා.+

41 ඊටපස්සේ එලියා ආහබ්ට මෙහෙම කිව්වා. “මහ වැස්සක් එන සද්දේ මට ඇහෙනවා.+ ඉතින් දැන් ගිහින් කාලා බීලා සතුටින් ඉන්න.” 42 ඉතින් ආහබ් පිටත් වෙලා ගියා. ඒත් එලියා කර්මෙල් කන්ද මුදුනට ගිහින් දණගහගෙන, දණිස් දෙකේ ඔළුව වදින විදිහට ඔළුව පහත් කරගෙන හිටියා.+ 43 එයාගේ සේවකයාට එයා මෙහෙම කිව්වා. “අනේ, ගිහින් මුහුද පැත්ත බලන්න.” එයා ගිහින් බලලා ඇවිත් මෙහෙම කිව්වා. “මුකුත් නම් පේන්න නෑ.” ඒත් එලියා හත් පාරක්ම “ගිහින් බලන්න” කියලා එයාව යැව්වා. 44 හත්වෙනි සැරේ සේවකයා ඇවිල්ලා මෙහෙම කිව්වා. “අන්න! අතක් තරම් පොඩි වලාකුළක් මුහුද පැත්තෙන් එනවා.” එතකොට එලියා මෙහෙම කිව්වා. “ගිහින් ආහබ්ට කියන්න ‘අශ්ව කරත්තේ ලෑස්ති කරගෙන ඉක්මනින් යන්න නැත්තං මහ වැස්සට අහු වෙයි’ කියලා.” 45 ඔය අතරේ අහස කලු කරලා ලොකු හුළඟක් හමන්න පටන්ගත්තා. ඒත් එක්කම මහ වැස්සක් කඩන් වැටුණා.+ ආහබ් හිටියේ කරත්තේ නැඟලා යෙෂ්‍රෙයෙල්+ දිහාවට යන ගමනුයි. 46 ඒ වෙලාවේ යෙහෝවා ඔහුගේ බලය එලියාට දුන්නා. ඊටපස්සේ එලියා එයාගේ ඇඳුම ඉණ වටේ තදින් ගැටගහගෙන ආහබ්ටත් කලින් යෙෂ්‍රෙයෙල් නගරයට දුවගෙන ගියා.

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න