යෝබ්
4 එතකොට තේමාන් දේශයෙන් ආපු එලිෆස්+ මෙහෙම කිව්වා.
2 “කෙනෙක් ඔයාත් එක්ක කතා කරන්න හැදුවොත් ඔයා ඉවසීමෙන් අහගෙන ඉඳියිද?
ඒත් මං කොහොමද කතා නොකර ඉන්නේ?
3 ඔයා හුඟදෙනෙක්ට නිවැරදි මාර්ගය පෙන්නලා තියෙනවා.
දුර්වල අයව ශක්තිමත් කරලා තියෙනවා.
4 වැටෙන්න ගිය අයව ඔයාගේ වචනවලින් දිරිමත් කළා.
වෙවුලන පාද සවිමත් කළා.
5 ඒත් දැන් ඔයාත් ඒ තත්වයටම වැටිලා දුක දරාගන්න බැරුව ඉන්නවා.*
දුක් පීඩාවලට මුහුණ දෙන්න වුණාම ඔයා හොඳටම අධෛර්යය වෙලා!
6 ඔයාට දෙවියන් ගැන ලොකු ගෞරවයක්* තියෙනවා නම් ඇයි ඔයාට ඔහු ගැන නිසැකකමක් නැත්තේ?
ඔයා දෙවියන්ට විශ්වාසවන්තව+ ඉන්නවා නම් ඇයි ඔයාට කිසි බලාපොරොත්තුවක් නැත්තේ?
7 දැන් මේ ගැන හිතන්න. නිර්දෝෂ කෙනෙක් කවදාවත් විනාශ වෙලා තියෙනවාද?
ප්රතිපත්ති රකින අය කවදා හරි නැති වෙලා ගිහින් තියෙනවාද?
8 මගේ අද්දැකීමට අනුව නම් නපුරු දේ වපුරන අයට කපාගන්න වෙන්නේ නපුරු දේමයි.
දුෂ්ට දේවල් සැලසුම් කරන* අයට නෙළාගන්න වෙන්නේ දුෂ්ට ප්රතිඵලමයි.
9 දෙවියන්ගේ එක හුස්මකින් ඒ අය වැනසිලා යනවා.
ඔහුගේ උදහසින් එයාලාගේ දිවි කෙළවර වෙනවා.
10 සිංහයා ගර්ජනා කරයි. තරුණ සිංහයාගේ හඬ ඇසෙයි.
ඒත් දවසක කේශර සිංහයාගේ දත් පවා කඩා දමයි.
11 ගොදුරක් නැතුව සිංහයා මිය යයි.
සිංහධේනුවගේ පැටව් සීසීකඩ විසිර යයි.
12 කෙනෙක් රහසින් ඇවිත් මට යමක් කිව්වා.
සිහින් හඬින් කොඳුරා මට රහසක් කිව්වා.
13 රෑ යාමේ මිනිසුන් නිදි සුව විඳිද්දී
මං සිත කලඹවන දර්ශනයක් දැක්කා.
14 මම බියෙන් සලිත වුණා.
මගේ මුළු ඇඟම* කිලිපොළා ගියා.
16 ඒක මං ඉස්සරහා නැවතුණා.
ඒත් මට බැරි වුණා ඒ මොකක්ද කියලා තේරුම්ගන්න.
මගේ ඉස්සරහා ඡායාවක් පේන්න තිබුණා. මුළු වටපිටාවම නිහඬ වුණා.
එකපාරටම කටහඬක් මට මෙහෙම කියනවා ඇහුණා.
17 ‘දූවිල්ලට හැරිලා යන මිනිසෙක්ට පුළුවන්ද දෙවියන්ට වඩා ධර්මිෂ්ඨ වෙන්න?
මිනිසෙක්ට පුළුවන්ද එයාව නිර්මාණය කරපු කෙනාට වඩා ශුද්ධ වෙන්න?’
19 එහෙමනම් මැටි ගෙවල්වල ඉන්න,
කාවුන් වගේ ලේසියෙන්ම පොඩි කරලා දාන්න පුළුවන්
දූවිල්ලෙන් හදපු* මිනිසුන්ට+ ඔහු ඊට වඩා කොච්චර දොස් කියනවා ඇද්ද?
20 උදේ ඉඳන් හවස් වෙන කල්ම එයාලව පොඩි කරලා දැම්මත්
එයාලා සදහටම මෙලොවෙන් සමුගත්තත් කිසි කෙනෙක්ට ගාණක්වත් නැහැ.
21 ලණු බුරුල් කරපු කූඩාරමක් ඇකිළී යනවා වගේ
කිසිම ප්රඥාවක් නැතුව එයාලා ඉක්මනින්ම මැරිලා යයි.