ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ක්‍රියා 4
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ක්‍රියා පොතේ සාරාංශයක්

      • පේතෘස්වයි, යොහන්වයි අත්අඩංගුවට ගනියි (1-4)

        • විශ්වාසයක් ඇති වුණ පුරුෂයන්ගේ ගාණ 5,000ක් දක්වා වැඩි වෙයි (4)

      • මන්ත්‍රණ සභාව ඉස්සරහා තිබුණ නඩුව (5-22)

        • “කතා කරන එක නවත්තන්න නම් අපිට බැහැ” (20)

      • නිර්භීතකම ඉල්ලලා කරපු යාච්ඤාවක් (23-31)

      • ගෝලයන් එකිනෙකා අතරේ දේවල් බෙදාගන්නවා (32-37)

ක්‍රියා 4:1

පාදසටහන්

  • *

    “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 23:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 33-35 පි.

    මුරටැඹ (පාඩම්),

    3/2020, 31 පි.

    මුරටැඹ,

    10/1/2009, 28 පි.

ක්‍රියා 4:2

පාදසටහන්

  • *

    හෝ, “යේසුස්ගේ නැවත නැඟිටීම උදාහරණෙකට අරන් මැරුණු අයව නැඟිට්ටවනවා කියලා උගන්වනවා කියලත් එයාලා දැක්කා.”

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 4:33; 17:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 33-35 පි.

ක්‍රියා 4:3

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 21:12

ක්‍රියා 4:4

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 2:41; 6:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 39 පි.

ක්‍රියා 4:5

පාදසටහන්

  • *

    “පැහැදිලි කිරීමක්” බලන්න.

ක්‍රියා 4:6

හරස් යොමු දැක්වීම්

  • +යොහ 18:13
  • +මතෙ 26:57; ලූක් 3:2; යොහ 11:49-51

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    4/1/2012, 9 පි.

ක්‍රියා 4:8

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 7:55

ක්‍රියා 4:9

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 3:7

ක්‍රියා 4:10

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 3:6
  • +ක්‍රියා 2:36
  • +ක්‍රියා 2:24; 5:30

ක්‍රියා 4:11

පාදසටහන්

  • *

    මූ.අ., “ඉහළින්ම තියෙන ප්‍රධාන ගල.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 118:22; යෙසා 28:16; මතෙ 21:42; 1පේතෘ 2:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 11/2018, 4 පි.

    මුරටැඹ,

    8/15/2011, 12-13 පි.

    7/15/2000, 14 පි.

ක්‍රියා 4:12

පාදසටහන්

  • *

    මූ.අ., “ඔහුගේ නම ඇරෙන්න වෙන කිසිම නමක්.”

හරස් යොමු දැක්වීම්

  • +යොහ 1:12; 14:6; 1තිමෝ 2:5, 6
  • +මතෙ 1:21; ක්‍රියා 10:43; ෆිලි 2:9, 10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දෙවිට නමස්කාර කරන්න, 37 පි.

ක්‍රියා 4:13

පාදසටහන්

  • *

    ඒ කියන්නේ එයාලා අකුරු දන්නේ නැහැ කියන එක නෙමෙයි, රබ්බිවරුන්ගේ පාසැල්වල ඉගෙනගෙන තිබුණේ නැහැ කියන එකයි.

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 11:25; 1කොරි 1:26, 27
  • +යොහ 7:14, 15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/1/2008, 15 පි.

    5/15/2008, 30-31 පි.

    5/1/2006, 22-23 පි.

    1998 පිබිදෙව්!,

    3/8/1998, 16 පි.

    “මුළු ශුද්ධ ලියවිල්ල” (මතෙ–කොලො), 13 පි.

ක්‍රියා 4:14

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 3:11
  • +ලූක් 21:15

ක්‍රියා 4:15

පාදසටහන්

  • *

    “පැහැදිලි කිරීමක්” බලන්න.

ක්‍රියා 4:16

හරස් යොමු දැක්වීම්

  • +යොහ 11:47
  • +ක්‍රියා 3:9, 10

ක්‍රියා 4:17

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 5:40

ක්‍රියා 4:20

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 5:29

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 22 පාඩම

ක්‍රියා 4:21

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 22:2; ක්‍රියා 5:26

ක්‍රියා 4:24

හරස් යොමු දැක්වීම්

  • +නික් 20:11; නෙහෙ 9:6; ගීතා 146:6

ක්‍රියා 4:25

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 23:1, 2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2004, 16-17 පි.

ක්‍රියා 4:26

පාදසටහන්

  • *

    උප. A5 බලන්න.

  • *

    හෝ, “ඔහුගේ ක්‍රිස්තුස්ටත්.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 2:1, 2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2004, 16-17 පි.

ක්‍රියා 4:27

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 23:12
  • +ගීතා 45:7; ක්‍රියා 10:38

ක්‍රියා 4:28

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 53:10; ලූක් 24:44; ක්‍රියා 2:23; 1පේතෘ 1:20

ක්‍රියා 4:29

පාදසටහන්

  • *

    උප. A5 බලන්න.

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 38 පි.

ක්‍රියා 4:30

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 3:16
  • +ක්‍රියා 2:43; 5:12

ක්‍රියා 4:31

පාදසටහන්

  • *

    හෝ, “ලොකු උනන්දුවකින් යාච්ඤා කළාට.”

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 2:2, 4
  • +1තෙස 2:2

ක්‍රියා 4:32

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 2:44, 45

ක්‍රියා 4:33

පාදසටහන්

  • *

    හෝ, “ලබන්න නොවටිනා කරුණාව.” “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 1:21, 22; 4:2

ක්‍රියා 4:34

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 2:44, 45

ක්‍රියා 4:35

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 5:1, 2
  • +ක්‍රියා 6:1

ක්‍රියා 4:36

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 11:22; 12:25

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    4/15/1998, 20 පි.

ක්‍රියා 4:37

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 12:33

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    4/15/1998, 20 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ක්‍රියා 4:1ක්‍රියා 23:8
ක්‍රියා 4:2ක්‍රියා 4:33; 17:18
ක්‍රියා 4:3ලූක් 21:12
ක්‍රියා 4:4ක්‍රියා 2:41; 6:7
ක්‍රියා 4:6යොහ 18:13
ක්‍රියා 4:6මතෙ 26:57; ලූක් 3:2; යොහ 11:49-51
ක්‍රියා 4:8ක්‍රියා 7:55
ක්‍රියා 4:9ක්‍රියා 3:7
ක්‍රියා 4:10ක්‍රියා 3:6
ක්‍රියා 4:10ක්‍රියා 2:36
ක්‍රියා 4:10ක්‍රියා 2:24; 5:30
ක්‍රියා 4:11ගීතා 118:22; යෙසා 28:16; මතෙ 21:42; 1පේතෘ 2:7
ක්‍රියා 4:12යොහ 1:12; 14:6; 1තිමෝ 2:5, 6
ක්‍රියා 4:12මතෙ 1:21; ක්‍රියා 10:43; ෆිලි 2:9, 10
ක්‍රියා 4:13මතෙ 11:25; 1කොරි 1:26, 27
ක්‍රියා 4:13යොහ 7:14, 15
ක්‍රියා 4:14ක්‍රියා 3:11
ක්‍රියා 4:14ලූක් 21:15
ක්‍රියා 4:16යොහ 11:47
ක්‍රියා 4:16ක්‍රියා 3:9, 10
ක්‍රියා 4:17ක්‍රියා 5:40
ක්‍රියා 4:20ක්‍රියා 5:29
ක්‍රියා 4:21ලූක් 22:2; ක්‍රියා 5:26
ක්‍රියා 4:24නික් 20:11; නෙහෙ 9:6; ගීතා 146:6
ක්‍රියා 4:252සාමු 23:1, 2
ක්‍රියා 4:26ගීතා 2:1, 2
ක්‍රියා 4:27ලූක් 23:12
ක්‍රියා 4:27ගීතා 45:7; ක්‍රියා 10:38
ක්‍රියා 4:28යෙසා 53:10; ලූක් 24:44; ක්‍රියා 2:23; 1පේතෘ 1:20
ක්‍රියා 4:30ක්‍රියා 3:16
ක්‍රියා 4:30ක්‍රියා 2:43; 5:12
ක්‍රියා 4:31ක්‍රියා 2:2, 4
ක්‍රියා 4:311තෙස 2:2
ක්‍රියා 4:32ක්‍රියා 2:44, 45
ක්‍රියා 4:33ක්‍රියා 1:21, 22; 4:2
ක්‍රියා 4:34ක්‍රියා 2:44, 45
ක්‍රියා 4:35ක්‍රියා 5:1, 2
ක්‍රියා 4:35ක්‍රියා 6:1
ක්‍රියා 4:36ක්‍රියා 11:22; 12:25
ක්‍රියා 4:37ලූක් 12:33
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
  • 35
  • 36
  • 37
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ක්‍රියා 4:1-37

යේසුස්ගේ නියෝජිතයන්ගේ ක්‍රියා

4 ඒ දෙන්නා සෙනඟ එක්ක කතා කරකර ඉද්දී නායක පූජකයෝයි, දේවමාලිගාවේ ප්‍රධානියායි, සද්දුසිවරුයි*+ එතනට ආවා. 2 ඒ අය හිටියේ හුඟක් කේන්තියෙන්. මොකද එයාලා දැක්කා යේසුස්ගේ නියෝජිතයන් සෙනඟට උගන්වනවා. ඒ වගේම යේසුස්ව මරණයෙන් නැඟිට්ටවලා කියලා හැමෝටම කියනවා කියලත් එයාලා දැක්කා.*+ 3 ඉතින් එයාලා ඒ දෙන්නාව අල්ලගත්තා. ඒ වෙනකොට හවස් වෙලා තිබුණ නිසා එයාලා ඒ දෙන්නාව පහුවෙනිදා වෙන කල් අත්අඩංගුවේ තියාගෙන හිටියා.+ 4 ඒත් ඒ දෙන්නා කියපු දේවල් අහගෙන හිටපු හුඟක් අය එයාලව විශ්වාස කළා. විශ්වාසයක් ඇති වුණ පුරුෂයන්ගේ ගාණ 5,000ක් දක්වා වැඩි වුණා.+

5 පහුවෙනිදා යුදෙව් පාලකයෝයි, වැඩිමහල්ලනුයි, නීතිය පිටපත් කරන අයයි* යෙරුසලමේදී රැස් වුණා. 6 ඒ රැස්වීමට නායක පූජකයා වුණ අන්නස්,+ කායෆස්,+ යොහන්, ඇලෙක්සැන්ඩර් සහ නායක පූජකයාගේ නෑදෑයෝ හැමෝමත් සහභාගි වුණා. 7 එයාලා පේතෘස්වයි, යොහන්වයි එයාලා ඉස්සරහට ගෙන්නලා “ඔයාලා මේක කළේ කාගේ අවසරයෙන්ද? කාගේ නමින්ද” කියලා ඇහුවා. 8 එතකොට පේතෘස් තුළ දෙවියන්ගේ බලය ක්‍රියාත්මක වෙලා+ එයා මෙහෙම කිව්වා.

“පාලකයෙනි, වැඩිමහල්ලෙනි, 9 අද ඔයාලා අපෙන් ප්‍රශ්න කරන්නේ ඇවිදින්න බැරි කෙනෙක්ට යහපත් දෙයක් කරපු නිසාද?+ නැත්නම් එයාව සුව කළේ කවුද කියලා දැනගන්න ඕනෙ නිසාද? 10 එහෙනම් ඔයාලා හැමෝමත් මුළු ඊශ්‍රායෙල් සෙනඟත් මේ දේ දැනගන්න ඕනේ. ඔයාලා ඉස්සරහා ඉන්න මේ මිනිසාව සුව කළේ නාසරෙත් ඉඳන් ආපු යේසුස් ක්‍රිස්තුස්ගේ නමින්.+ ඔයාලා කණුවක ඇණ ගහලා මරලා දාපු+ යේසුස්ව දෙවියන් දැන් මරණයෙන් නැඟිට්ටවලා.+ 11 ඔහු තමයි ‘ඉදි කරන්නන් වන ඔයාලා කිසි වැඩකට නැහැ කියලා සලකපු ගල. ඒ ගල දැන් ප්‍රධාන ගල* වෙලා.’+ 12 ඇත්තටම වෙන කිසිම කෙනෙක් මාර්ගයෙන් ගැලවීම ලබාගන්න බැහැ.+ මොකද අපිව ගලවගන්න මිනිස්සුන් අතරින් ඔහු ඇරෙන්න වෙන කිසිම කෙනෙක්ව*+ දෙවියන් තෝරගෙන නැහැ.”

13 පේතෘස් සහ යොහන් බය නැතුව කතා කරනවා දැක්කාමත් ඒ දෙන්නා ඒ තරම් අධ්‍යාපනයක් ලබලා* නැති සාමාන්‍ය අය+ කියලා දැනගත්තාමත් එයාලා පුදුම වුණා. ඊටපස්සේ තමයි එයාලට තේරුණේ ඒ දෙන්නා යේසුස් එක්ක හිටපු අය කියලා.+ 14 ඒ වෙලාවේ සුවය ලබපු කෙනා එයාලාගේ ඇස් ඉස්සරහම හිටගෙන හිටිය නිසා+ පේතෘස්ට උත්තරයක් දෙන්න එයාලට බැරි වුණා.+ 15 ඉතින් මන්ත්‍රණ සභාව* රැස් වෙන ශාලාවෙන් එළියට යන්න කියලා එයාලා ඒ දෙන්නාට අණ කළා. ඊටපස්සේ එයාලා 16 මෙහෙම කතා වුණා. “අපි මොනවාද මේ මිනිස්සුන්ට කරන්නේ?+ එයාලා ඇත්තටම කළේ හරිම පුදුම දෙයක්. යෙරුසලමේ ඉන්න හැමෝටම ඒක හොඳටම පේන්න තියෙනවා.+ ඒ නිසා ඒක වුණේ නැහැ කියලා අපිට කියන්න බැහැ. 17 හැබැයි මේ ගැන සෙනඟ අතරේ තව තවත් පැතිරෙන එක නම් නවත්තන්න ඕනේ. ඒ නිසා අපි එයාලට තර්ජනය කරලා කියමු ඒ නමින් ආයෙත් කිසිම කෙනෙක්ට කතා කරන්න එපා කියලා.”+

18 ඊටපස්සේ එයාලා ඒ දෙන්නාට එන්න කියලා එයාලට අණ කළා ආයේ කිසිම තැනක යේසුස්ගේ නම ගැන කතා කරන්නවත් උගන්වන්නවත් එපා කියලා. 19 ඒත් පේතෘස් සහ යොහන් එයාලට මෙහෙම කිව්වා. “දෙවියන් කියන දේ අහන්නේ නැතුව ඔයාලා කියන දේ අහන එක දෙවියන් ඉස්සරහා හරිද කියලා ඔයාලම තීරණය කරන්න. 20 ඒත් අපි අහපු දැකපු දේවල් ගැන කතා කරන එක නවත්තන්න නම් අපිට බැහැ.”+ 21 ඊටපස්සේ එයාලා ඒ දෙන්නාට ආයෙත් තර්ජනය කරලා එයාලව නිදහස් කළා. මොකද ඒ දෙන්නාට දඬුවම් කරන්න කිසිම හේතුවක් හොයාගන්න එයාලට බැරි වුණා. ඒ වගේම එයාලා හිටියේ සෙනඟට බයෙන්.+ මොකද හැමෝම වගේ වෙච්ච දේ ගැන දෙවියන්ට ප්‍රශංසා කරකර හිටියේ. 22 ඒ ආශ්චර්යයෙන් සුව වුණ කෙනා අවුරුදු 40ට වඩා වැඩි කෙනෙක්.

23 නිදහස් වුණාට පස්සේ ඒ දෙන්නා අනිත් ගෝලයන් ළඟට ගිහින් නායක පූජකයනුයි, වැඩිමහල්ලනුයි කියපු දේවල් ගැන කිව්වා. 24 ඒක ඇහුවාම ඒ හැම කෙනෙක්ම එකට එකතු වෙලා මේ විදිහට යාච්ඤා කළා.

“ශ්‍රේෂ්ඨතම පාලකයාණෙනි, අහසත් පොළොවත් මුහුදත් ඒවාවල තියෙන හැම දේමත් හැදුවේ ඔබයි.+ 25 අපේ මුතුන්මිත්තෙක් වන ඔබේ සේවක දාවිත්ට ඔබේ බලය දීලා ඔහු මාර්ගයෙන් ඔබ මෙහෙම කිව්වා.+ ‘ජාතීන් කේන්තියෙන් ඇවිස්සුණේ ඇයි? සෙනඟ කිසි වැඩකට නැති දේවල් ගැන කල්පනා කරකර හිටියේ ඇයි? 26 යෙහෝවාටත්* ඔහුගේ අභිෂේක ලත් තැනැත්තාටත්* විරුද්ධව පොළොවේ රජවරු යුද්ධ කරන්න සැරසුණා. පාලකයොත් එකට රැස් වුණා.’+ 27 ඇත්තටම වුණේ ඒ දේයි. මොකද හෙරොද් සහ පොන්තියුස් පිලාත් කියන දෙන්නාම+ වෙනත් ජාතීන් සහ ඊශ්‍රායෙල් සෙනඟ එක්ක එකතු වෙලා ඔබ අභිෂේක කරපු+ ඔබේ ශුද්ධ සේවක යේසුස්ට විරුද්ධව නැඟී ඉන්න මේ නගරයේදී රැස් වුණා. 28 එයාලා එහෙම කළේ ඔබ කලින්ම තීරණය කරලා තිබුණ දේවල් ඉටු වෙන්න ඕනෙ නිසයි. ඒ හැම දෙයක්ම වුණේ ඔබේ මහත් බලයෙන් සහ ඔබේ කැමැත්තට එකඟවයි.+ 29 යෙහෝවා* දෙවියනි, එයාලා කරන තර්ජන දිහා බලන්න. දිගටම ඔබේ පණිවිඩය නිර්භීතව කියන්න ඔබේ දාසයන්ට උදව් කරන්න. 30 දිගටම ඔබේ බලය දීලා ඔබේ ශුද්ධ සේවකයා වන යේසුස්ගේ නමින්+ සුව කිරීම් කරන්න කියලත් පුදුම දේවල් සහ ලකුණු සිද්ධ කරන්න+ කියලත් අපි ඔබෙන් ඉල්ලනවා.”

31 එයාලා කන්නලව් කළාට* පස්සේ එයාලා රැස් වෙලා හිටපු තැන දෙදරුම් කෑවා. එතකොට දෙවියන්ගේ බලය ඒ හැමෝම තුළ ප්‍රබල විදිහට ක්‍රියාත්මක වෙලා+ එයාලා දෙවියන්ගේ පණිවිඩය නිර්භීතව කතා කරන්න පටන්ගත්තා.+

32 විශ්වාසයක් තිබුණ විශාල සෙනඟක් ගෝලයන්ට එකතු වෙලයි හිටියේ. එයාලා එකම විදිහට හිතන, එකමුතුව වැඩ කරන සෙනඟක් වුණා. හැම කෙනෙක්ම තමන් ළඟ තිබුණ දේවල් එකිනෙකා අතරේ බෙදාගත්තා. තමන්ට අයිති දෙයක් තමන්ගේ දෙයක් කියලා කවුරුත්ම කිව්වේ නැහැ.+ 33 මේ අතරේ යේසුස්ගේ නියෝජිතයෝ දිගටම ස්වාමීන් වන යේසුස්ගේ නැවත නැඟිටීම ගැන හැමෝගෙම හිතට දැනෙන විදිහට සාක්ෂි දැරුවා.+ හැම කෙනෙක්ටම දෙවියන්ගේ මහත් කරුණාව* කිසිම අඩුවක් නැතුව අද්දකින්න ලැබුණා. 34 අගහිඟකම් තිබුණ කිසි කෙනෙක් එයාලා අතරේ හිටියේ නැහැ.+ මොකද ගෙවල් දොරවල්, වතුපිටි තිබුණ හැමෝම ඒවා විකුණලා ඒ සල්ලි අරන් ඇවිත්, 35 නියෝජිතයන්ට භාර දුන්නා.+ එයාලා එක් එක් කෙනාගේ අවශ්‍යතාවලට අනුව ඒ සල්ලි බෙදලා දුන්නා.+ 36 ගෝලයන් අතරේ යෝසෙප් කියලා ලෙවීවරයෙක් හිටියා. එයා සයිප්‍රසයේ ඉපදුණ කෙනෙක්. නියෝජිතයන් එයාට කිව්වේ බානබස්+ කියලයි. (ඒකේ තේරුම “සැනසිල්ලේ පුතා“ කියන එකයි). 37 එයාත් එයාට අයිති ඉඩමක් විකුණලා ඒ සල්ලි නියෝජිතයන්ට භාර දුන්නා.+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න