ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ක්‍රියා 5
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ක්‍රියා පොතේ සාරාංශයක්

      • අනනියස් සහ සෆීරා (1-11)

      • නියෝජිතයන් හුඟක් ලකුණු පෙන්නුවා (12-16)

      • අත්අඩංගුවට අරන් පස්සේ නිදහස් කරයි (17-21අ)

      • ආයෙත් මන්ත්‍රණ සභාව ඉස්සරහට අරන් යයි (21ආ-32)

        • “අපි කීකරු වෙන්න ඕනෙ මිනිස්සුන්ට නෙමෙයි දෙවියන්ට” (29)

      • ගමාලියෙල් දුන්න උපදෙස (33-40)

      • ගෙයින් ගෙට ගිහින් දේශනා කරයි (41, 42)

ක්‍රියා 5:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/15/2008, 6 පි.

    6/15/2006, 27 පි.

ක්‍රියා 5:2

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 4:34, 35

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 39 පි.

    මුරටැඹ,

    10/15/2008, 6 පි.

    6/15/2006, 27 පි.

ක්‍රියා 5:3

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 5:9
  • +ගීතා 101:7; එෆී 4:25; කොලො 3:9

ක්‍රියා 5:9

පාදසටහන්

  • *

    උප. A5 බලන්න.

ක්‍රියා 5:12

පාදසටහන්

  • *

    හෝ, “දෙපැත්තේම කුලුනු තිබුණ විවෘත ප්‍රදේශයේ.”

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 4:29, 30; 6:8; 14:3; 15:12; රෝම 15:18, 19; 2කොරි 12:12
  • +යොහ 10:23; ක්‍රියා 3:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 41-42 පි.

ක්‍රියා 5:14

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 6:7

ක්‍රියා 5:15

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 9:20, 21

ක්‍රියා 5:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 42 පි.

ක්‍රියා 5:18

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 21:12

ක්‍රියා 5:19

පාදසටහන්

  • *

    උප. A5 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 34:7; ක්‍රියා 12:7; 16:26; හෙබ්‍රෙ 1:7, 14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 42-43 පි.

ක්‍රියා 5:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 42-43 පි.

ක්‍රියා 5:21

පාදසටහන්

  • *

    “පැහැදිලි කිරීමක්” බලන්න.

ක්‍රියා 5:22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    3/2020, 31 පි.

ක්‍රියා 5:26

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 20:19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    3/2020, 31 පි.

ක්‍රියා 5:27

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 40, 43 පි.

ක්‍රියා 5:28

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 4:18
  • +මතෙ 27:25; ක්‍රියා 3:14, 15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 41 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 21 පාඩම

ක්‍රියා 5:29

පාදසටහන්

  • *

    හෝ, “පාලකයා විදිහට අපි කීකරු වෙන්න ඕනෙ මිනිස්සුන්ට නෙමෙයි දෙවියන්ට.”

හරස් යොමු දැක්වීම්

  • +දානි 3:17, 18; ක්‍රියා 4:19, 20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 43-44 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 21 පාඩම

    මුරටැඹ,

    9/15/2006, 8-9 පි.

    12/15/2005, 19-20 පි.

    11/1/2002, 18-19 පි.

    පිබිදෙව්!,

    10/8/1996, 3-4 පි.

    “මුළු ශුද්ධ ලියවිල්ල” (මතෙ–කොලො), 17 පි.

ක්‍රියා 5:30

පාදසටහන්

  • *

    හෝ, “ගහක.”

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 2:23, 24

ක්‍රියා 5:31

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 2:32, 33; ෆිලි 2:9
  • +ක්‍රියා 3:15
  • +මතෙ 1:21; හෙබ්‍රෙ 2:10
  • +යෙසා 53:11; ක්‍රියා 2:38; 10:43

ක්‍රියා 5:32

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 24:46-48; ක්‍රියා 1:8
  • +යොහ 15:26

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    රාජ්‍ය සේවාව,

    3/2001, 3 පි.

ක්‍රියා 5:34

පාදසටහන්

  • *

    “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 22:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 44 පි.

    මුරටැඹ,

    5/15/2008, 31 පි.

    9/15/2006, 9 පි.

ක්‍රියා 5:37

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ, 2/15/1998, 30 පි.

    මුරටැඹ,

    6/1/1991, 12 පි.

ක්‍රියා 5:38

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 44-45 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 21 පාඩම

ක්‍රියා 5:39

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 21:30
  • +ක්‍රියා 26:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 44-45 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 21 පාඩම

    මුරටැඹ,

    12/15/2005, 20-24 පි.

ක්‍රියා 5:40

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 10:17; මාක් 13:9

ක්‍රියා 5:41

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 5:12; ක්‍රියා 16:25; රෝම 5:3; 2කොරි 12:10; ෆිලි 1:29; හෙබ්‍රෙ 10:34; 1පේතෘ 4:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 45 පි.

    දෙවිගේ රාජ්‍යයේ පාලනය ඇරඹිලා!, 135 පි.

ක්‍රියා 5:42

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 20:20
  • +ක්‍රියා 4:31

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 45-46 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 18 පාඩම

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ක්‍රියා 5:2ක්‍රියා 4:34, 35
ක්‍රියා 5:3ක්‍රියා 5:9
ක්‍රියා 5:3ගීතා 101:7; එෆී 4:25; කොලො 3:9
ක්‍රියා 5:12ක්‍රියා 4:29, 30; 6:8; 14:3; 15:12; රෝම 15:18, 19; 2කොරි 12:12
ක්‍රියා 5:12යොහ 10:23; ක්‍රියා 3:11
ක්‍රියා 5:14ක්‍රියා 6:7
ක්‍රියා 5:15මතෙ 9:20, 21
ක්‍රියා 5:18ලූක් 21:12
ක්‍රියා 5:19ගීතා 34:7; ක්‍රියා 12:7; 16:26; හෙබ්‍රෙ 1:7, 14
ක්‍රියා 5:26ලූක් 20:19
ක්‍රියා 5:28ක්‍රියා 4:18
ක්‍රියා 5:28මතෙ 27:25; ක්‍රියා 3:14, 15
ක්‍රියා 5:29දානි 3:17, 18; ක්‍රියා 4:19, 20
ක්‍රියා 5:30ක්‍රියා 2:23, 24
ක්‍රියා 5:31ක්‍රියා 2:32, 33; ෆිලි 2:9
ක්‍රියා 5:31ක්‍රියා 3:15
ක්‍රියා 5:31මතෙ 1:21; හෙබ්‍රෙ 2:10
ක්‍රියා 5:31යෙසා 53:11; ක්‍රියා 2:38; 10:43
ක්‍රියා 5:32ලූක් 24:46-48; ක්‍රියා 1:8
ක්‍රියා 5:32යොහ 15:26
ක්‍රියා 5:34ක්‍රියා 22:3
ක්‍රියා 5:39හිතෝ 21:30
ක්‍රියා 5:39ක්‍රියා 26:14
ක්‍රියා 5:40මතෙ 10:17; මාක් 13:9
ක්‍රියා 5:41මතෙ 5:12; ක්‍රියා 16:25; රෝම 5:3; 2කොරි 12:10; ෆිලි 1:29; හෙබ්‍රෙ 10:34; 1පේතෘ 4:13
ක්‍රියා 5:42ක්‍රියා 20:20
ක්‍රියා 5:42ක්‍රියා 4:31
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
  • 35
  • 36
  • 37
  • 38
  • 39
  • 40
  • 41
  • 42
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ක්‍රියා 5:1-42

යේසුස්ගේ නියෝජිතයන්ගේ ක්‍රියා

5 අනනියස් කියලා කෙනෙක් හිටියා. එයාගේ බිරිඳගේ නම සෆීරා. එයාලා දෙන්නාත් එයාලට අයිති ඉඩමක් විකුණුවා. 2 අනනියස් කාටවත් නොකියා එයාට ලැබුණ සල්ලිවලින් කොටසක් එයා ළඟ තියාගත්තා. ඒ ගැන දැනගෙන හිටියේ එයාගේ බිරිඳ විතරයි. අනනියස් ඉතුරු සල්ලි ටික යේසුස්ගේ නියෝජිතයන්ට භාර දුන්නා.+ 3 ඒත් පේතෘස් මෙහෙම කිව්වා. “අනනියස්, ඇයි ඔයා කිසිම බයක් නැතුව දෙවියන්ගේ බලයට+ විරුද්ධව ගිහින් මේ තරම් ලොකු බොරුවක් කිව්වේ?+ ඔයාව පාලනය කරන්න ඇයි ඔයා සාතන්ට ඉඩ දුන්නේ? ඉඩමෙන් හම්බ වුණ සල්ලිවලින් කොටසක් ඔයා හංගගත්තේ ඇයි? 4 ඒ ඉඩම කොහොමටත් අයිති ඔයාටනේ. ඒක විකුණුවාට පස්සෙත් ඔයාට ඕනෙ විදිහට ඒ සල්ලි පාවිච්චි කරන්න ඔයාට අයිතියක් තිබුණා. එහෙනම් මේ වගේ දෙයක් කරන්න ඔයා හිතුවේ ඇයි? ඔයා බොරු කළේ මිනිස්සුන්ට නෙමෙයි දෙවියන්ට.” 5 ඒක අහපු ගමන්ම අනනියස් බිම ඇදගෙන වැටිලා මැරුණා. ඒ ගැන ආරංචි වුණ හැමෝටම ලොකු බයක් ඇති වුණා. 6 එතන හිටපු තරුණයන් කීපදෙනෙක් එයාගේ මළ සිරුර රෙදිවලින් ඔතලා ඒක එළියට අරන් ගිහින් තැන්පත් කළා.

7 පැය තුනකට විතර පස්සේ අනනියස්ගේ බිරිඳ එතනට ආවා. වෙච්ච කිසිම දෙයක් එයා දැනන් හිටියේ නැහැ. 8 පේතෘස් එයාගෙන් ඇහුවා “ඔයාලා දෙන්නා ඉඩම වික්කේ මේ ගාණටද” කියලා. “ඔව්, අපිට ලැබුණේ එච්චරයි” කියලා එයා කිව්වා. 9 එතකොට පේතෘස් එයාට මෙහෙම කිව්වා. “ඇයි ඔයාලා දෙන්නා යෙහෝවාගේ* බලයට විරුද්ධව ගිහින් මේ වගේ බොරුවක් කිව්වේ? ඔයාගේ සැමියාව තැන්පත් කරපු අය දැන් ඔයාවත් එළියට අරන් යන්න ඇවිත් ඉන්නවා.” 10 ඒ වෙලාවෙම එයා පේතෘස්ගේ කකුල් ළඟ ඇදන් වැටිලා මැරුණා. තරුණයෝ ඇතුළට ආවාම එයා මැරිලා ඉන්නවා දැකලා එයාවත් උස්සගෙන ගිහින් එයාගේ සැමියා ළඟ තැන්පත් කළා. 11 ඒ සිද්ධිය ගැන ආරංචි වුණ අයගේ සහ සභාවේ ඉන්න අයගේ හිත්වල ඇති වුණේ ලොකු බයක්.

12 යේසුස්ගේ නියෝජිතයන් දිගටම මිනිස්සු අතරේ හුඟක් ලකුණුත් පුදුම දේවලුත් කළා.+ එයාලා හැමෝම නිතරම වගේ හම්බ වුණේ සලමොන්ගේ ශාලාවේ.*+ 13 ඇත්ත, එයාලා එක්ක එකතු වෙන්න තරම් ධෛර්යයක් වෙන කාටවත් තිබුණේ නැහැ. ඒත් පොදුවේ මිනිස්සු එයාලා ගැන කතා කළේ හොඳ හැඟීමකින්. 14 ඔය අතරේ ස්වාමීන් ගැන විශ්වාසයක් ඇති කරගත්ත පුරුෂයන්ගේ සහ ස්ත්‍රීන්ගේ ගාණ එන්න එන්නම වැඩි වුණා.+ 15 මිනිස්සු අසනීපෙන් හිටපු අයව ප්‍රධාන පාරවල්වලට අරන් ඇවිත් එයාලව පොඩි ඇඳන්වලයි, පැදුරුවලයි ඉන්දෙව්වා. එයාලා බලාපොරොත්තු වුණා පේතෘස් එතනින් යද්දී අඩුම තරමින් එයාගේ හෙවණැල්ලවත් අසනීපෙන් හිටපු අය මතට වැටිලා එයාලා සුව වෙයි කියලා.+ 16 ඒ වගේම යෙරුසලම අවට තිබුණ නගරවලිනුත් ලොකු සෙනඟක් අසනීපෙන් හිටපු අයවයි, භූතයන්ගෙන් හිරිහැර විඳින අයවයි සුව කරගන්න එක්කගෙන ආවා. ඒ හැමෝමත් සුව වුණා.

17 ඒත් උත්තම පූජකයාටයි, එයාගේ පැත්තේ හිටපු සද්දුසිවරුන්ගේ නිකායට අයිති හැමෝටමයි ඇති වුණේ ලොකු ඊර්ෂ්‍යාවක්. 18 ඒ නිසා එයාලා නියෝජිතයන්ව අල්ලලා හිරේ දැම්මා.+ 19 ඒත් රෑ වෙද්දී යෙහෝවා* දෙවියන්ගේ දූතයා හිරගෙදර දොරවල් ඇරලා+ එයාලව එළියට එක්කගෙන ඇවිත් මෙහෙම කිව්වා. 20 “දැන් ඔයාලා දේවමාලිගාවට ගිහින් ඉස්සරහට ලැබෙන ජීවිතය ගැන මිනිස්සුන්ට දිගටම කියන්න.” 21 ඉතින් එයාලා උදේ වෙච්ච ගමන්ම දේවමාලිගාවට ගිහිල්ලා මිනිස්සුන්ට උගන්නන්න පටන්ගත්තා.

මේ අතරේ උත්තම පූජකයායි, එයාත් එක්ක හිටපු අයයි මන්ත්‍රණ සභාව* එකතු වෙන තැනට ආවා. එයාලා මන්ත්‍රණ සභාවට අයිති අයවයි, ඊශ්‍රායෙල් වැඩිමහල්ලන්වයි රැස් කරලා නිලධාරීන්ට කිව්වා හිරගෙට ගිහින් හිරේ ඉන්න නියෝජිතයන්ව අරන් එන්න කියලා. 22 ඒත් ඒ නිලධාරීන් හිරගෙට ගියාම එයාලා දැක්කා නියෝජිතයන් එතන නැහැ කියලා. ඉතින් එයාලා ආපහු ඇවිත් මෙහෙම කිව්වා. 23 “හිරගෙදර දොරවල්වලට අගුලු දාලයි තිබුණේ. දොරවල් ළඟ මුරකරුවොත් හිටියා. ඒත් දොරවල් ඇරලා බලද්දී ඇතුළේ කවුරුවත් හිටියේ නැහැ.” 24 සිද්ධ වුණ දේ අහලා දේවමාලිගාවේ ප්‍රධානියායි, නායක පූජකයෝයි පුදුම වුණා. ඊළඟට මොනවා වෙයිද කියලා එයාලට හිතාගන්න බැරුවයි හිටියේ. 25 එතකොට කෙනෙක් ඇවිත් එයාලට මෙහෙම කිව්වා. “ඔබතුමන්ලා හිරේට දාපු මිනිස්සු අන්න දේවමාලිගාවට ගිහින් උගන්නනවා!” 26 ඉතින් දේවමාලිගාවේ ප්‍රධානියා එයාගේ සේවකයන් එක්ක ගිහින් නියෝජිතයන්ව එක්කගෙන ආවා. එහෙම එක්කගෙන එද්දී එයාලා නියෝජිතයන්ට කිසිම කරදරයක් කළේ නැහැ. මොකද එහෙම කළොත් සෙනඟ එයාලට ගල් ගහයි කියලා එයාලා බයෙන් හිටියේ.+

27 එයාලා නියෝජිතයන්ව මන්ත්‍රණ සභාව ඉස්සරහට අරන් ගියා. ඊටපස්සේ උත්තම පූජකයා එයාලාගෙන් මෙහෙම ප්‍රශ්න කළා. 28 “ආයෙත් ඒ නමින් උගන්නන්න එපා කියලා අපි පැහැදිලිවම ඔයාලට අණ කළා නේද?+ ඒත් දැන් ඔයාලා උගන්නපු දේවල් යෙරුසලම පුරාම පැතිරිලා. ඒ මිනිහාගේ මරණයට වග කියන්න ඕනෙ අපියි කියකිය ඔයාලා ඒ වැරැද්ද අපේ පිට පටවන්න හදනවා.”+ 29 එතකොට පේතෘස් සහ අනිත් නියෝජිතයන් මෙහෙම උත්තර දුන්නා. “අපි කීකරු වෙන්න ඕනෙ මිනිස්සුන්ට නෙමෙයි දෙවියන්ට.*+ 30 අපේ මුතුන්මිත්තන්ගේ දෙවියන්, ඔයාලා කණුවක* එල්ලලා මරලා දැම්ම යේසුස්ව නැවත නැඟිට්ටවලයි තියෙන්නේ.+ 31 ඔහු දැන් ඉන්නේ දෙවියන්ගේ දකුණු පැත්තේ.+ දෙවියන් ඔහුව උසස් කරලා මිනිස්සුන්ට ජීවනය ලබා දෙන ප්‍රධාන තැනැත්තා විදිහටත්+ ගැලවුම්කරු විදිහටත්+ පත් කරලා තියෙනවා. ඔහු එහෙම කළේ ඊශ්‍රායෙල් සෙනඟට පසුතැවිලි වෙන්නත් පව්වලට සමාව ලබාගන්නත් පුළුවන් වෙන්නයි.+ 32 ඒ හැම දේකටම අපි සාක්ෂිකරුවෝ.+ දෙවියන්ගේ බලයෙනුත් ඒවාට සාක්ෂි ලැබිලයි තියෙන්නේ.+ දෙවියන්ව පාලකයා විදිහට පිළි අරන් ඔහුට කීකරු වෙන හැමෝටම ඔහු ඒ බලය දීලා තියෙනවා.”

33 ඒක ඇහුවාම එයාලට හොඳටම කේන්ති ගියා. එයාලට ඕනෙ වුණේ නියෝජිතයන්ව කොහොමහරි මරලා දාන්න. 34 ඒත් පරිසිවරයෙක්* වුණ ගමාලියෙල්+ මන්ත්‍රණ සභාවේ හිටපු හැමෝම ඉස්සරහා නැඟිටලා ඒ මිනිස්සුන්ව ටික වෙලාවකට එළියට අරන් යන්න කියලා කිව්වා. ගමාලියෙල් කියන්නේ හැමෝම ගෞරවයෙන් සලකපු නීතිය උගන්නපු කෙනෙක්. 35 එයා මෙහෙම කිව්වා. “ඊශ්‍රායෙල් පුරුෂයෙනි, ඔයාලා මේ මිනිස්සුන්ට මොනවා හරි කරන්න හිතන් ඉන්නවා නම් ඒ ගැන පරෙස්සම් වෙන්න. 36 ඔයාලට මතකද මීට ටික කාලෙකට කලින් තියුඩස් ඇවිත් එයා හරිම වැදගත් කෙනෙක් කියලා කිව්වා? මිනිස්සු 400ක් විතර එයාගේ පක්ෂයට බැඳුණා. ඒත් එයාව අන්තිමට මරලා දැම්මා. එයාගේ පැත්තේ හිටපු හැමෝම විසිරිලා ගිහින් අතුරුදහන් වෙලාම ගියා. 37 ඒ වගේම සෙනඟව ලියාපදිංචි කරපු කාලයේදී ගලීලයෙන් යූදස් කියලා කෙනෙක් ආවා. එයාගේ පස්සෙත් මිනිස්සු ගියා. ඒත් එයාත් මැරුණා. ඊටපස්සේ එයාගේ පැත්තේ හිටපු හැමෝමත් විසිරිලා ගියා. 38 ඉතින් වෙච්ච දේවල් එක්ක බලද්දී මං ඔයාලට කියන්නේ මේ මිනිස්සුන්ගේ වැඩවලට ඇඟිලි ගහන්න එපා කියලයි. එයාලට ඉන්න දෙන්න. එයාලාගේ සැලසුම් පිටිපස්සෙත් එයාලාගේ වැඩේ පිටිපස්සෙත් ඉන්නේ මිනිස්සු නම් ඒක කවදාවත් සාර්ථක වෙන්නේ නැහැ. 39 ඒත් ඒක පිටිපස්සේ ඉන්නේ දෙවියන් නම් ඔයාලා මොනවා කළත් එයාලව නවත්තන්න ඔයාලට බැහැ.+ පරෙස්සම් වෙන්න. නැත්නම් දන්නෙම නැතුව ඔයාලා දෙවියන්ට විරුද්ධව සටන් කරන අය වෙයි.”+ 40 ඉතින් එයාලා ගාමාලියෙල් කියපු දේ අහලා නියෝජිතයන්ට එන්න කිව්වා. ඊටපස්සේ එයාලට කසයෙන් ගහලා+ යේසුස්ගේ නමින් ආයෙත් කතා කරන්න එපා කියලා අණ කරලා එයාලව නිදහස් කළා.

41 එයාලා මන්ත්‍රණ සභාවෙන් එළියට ආවේ හරිම සතුටින්.+ මොකද යේසුස්ගේ නම දරන නිසා නින්දා විඳින්න ලැබුණ එක එයාලා සැලකුවේ ලොකු ගෞරවයක් විදිහටයි. 42 එයාලා හැමදාම දේවමාලිගාවටත් ගෙයින් ගෙටත් ගිහින්+ අත්හරින්නේ නැතුව දිගටම ඉගැන්නුවා. ක්‍රිස්තුස් යේසුස් ගැන ශුභාරංචිය දිගටම දේශනා කළා.+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න