ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 කොරින්ති 9
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

1 කොරින්ති පොතේ සාරාංශයක්

      • නියෝජිතයෙක් විදිහට පාවුල්ගේ ආදර්ශය (1-27)

        • “ගවයෙක්ගේ කට බඳින්න එපා” (9)

        • ‘ශුභාරංචිය දේශනා කරන්නේ නැත්නම් මට වෙන්නේ කොච්චර නරකක්ද!’ (16)

        • හැම පසුබිමකම ඉන්න අයව දිනාගන්න පුළුවන් හැම දේම කළා (19-23)

        • ජීවනයට යන ධාවන තරඟයේදී තමන්ව පාලනය කරගන්න (24-27)

1 කොරින්ති 9:1

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 9:3-5; 1කොරි 15:7, 8

1 කොරින්ති 9:5

පාදසටහන්

  • *

    හෝ, “ස්වාමීන් ගැන විශ්වාසයක් තියෙන කාන්තාවක්.”

  • *

    පේතෘස් කියලත් හඳුන්වනවා.

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 19:11
  • +මතෙ 13:55; ගලා 1:19
  • +යොහ 1:42

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සියලුම ජනයා සඳහා පොතක්, 16 පි.

    මුරටැඹ,

    10/15/1996, 20 පි.

1 කොරින්ති 9:6

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 13:2

1 කොරින්ති 9:7

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 20:6; හිතෝ 27:18

1 කොරින්ති 9:9

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 25:4; 1තිමෝ 5:18

1 කොරින්ති 9:11

හරස් යොමු දැක්වීම්

  • +රෝම 15:26, 27; ගලා 6:6; ෆිලි 4:15-17

1 කොරින්ති 9:12

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 18:3; 20:34; 2තෙස 3:7, 8
  • +2කොරි 6:3; 11:7

1 කොරින්ති 9:13

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 6:14, 16; ගණන් 18:30, 31; ද්වි 18:1

1 කොරින්ති 9:14

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 10:9, 10; ලූක් 10:7, 8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    “මුළු ශුද්ධ ලියවිල්ල” (මතෙ–කොලො), 21 පි.

1 කොරින්ති 9:15

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 18:3; 20:34; 1කොරි 4:11, 12; 2තෙස 3:8
  • +2කොරි 11:8-10

1 කොරින්ති 9:16

හරස් යොමු දැක්වීම්

  • +එස 3:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    පිබිදෙව්!,

    8/8/2001, 25 පි.

    මුරටැඹ,

    9/15/1996, 17-18 පි.

1 කොරින්ති 9:17

හරස් යොමු දැක්වීම්

  • +ගලා 2:7; එෆී 3:1, 2; කොලො 1:25

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    3/2024, 11-12 පි.

1 කොරින්ති 9:20

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 16:3; 18:18
  • +ක්‍රියා 21:24, 26

1 කොරින්ති 9:21

හරස් යොමු දැක්වීම්

  • +යොහ 13:34; ගලා 6:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/1/1996, 14-19 පි.

1 කොරින්ති 9:22

හරස් යොමු දැක්වීම්

  • +රෝම 14:1; 15:1; 2කොරි 11:29

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/1/2005, 27-31 පි.

1 කොරින්ති 9:23

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 19:26; 1තෙස 2:8

1 කොරින්ති 9:24

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 10:22; ෆිලි 3:14; 2තිමෝ 4:7, 8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 169 පි.

    මුරටැඹ,

    9/15/2011, 16, 24 පි.

    5/1/2004, 29 පි.

    10/1/1999, 18 පි.

    11/15/1992, 13 පි.

1 කොරින්ති 9:25

හරස් යොමු දැක්වීම්

  • +2තිමෝ 2:5
  • +යාකො 1:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 169 පි.

    මුරටැඹ,

    5/1/2004, 29-30 පි.

    10/15/2003, 18-21 පි.

    10/1/2002, 30 පි.

    1/1/2001, 30-31 පි.

    10/1/1999, 18, 20-21 පි.

    11/15/1992, 13 පි.

1 කොරින්ති 9:26

හරස් යොමු දැක්වීම්

  • +ගලා 2:2; ෆිලි 2:16; හෙබ්‍රෙ 12:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    9/2016, 9 පි.

    රාජ්‍ය සේවාව,

    1/2012, 1 පි.

    මුරටැඹ,

    10/1/2002, 31 පි.

    11/15/1992, 13 පි.

1 කොරින්ති 9:27

හරස් යොමු දැක්වීම්

  • +රෝම 8:13; කොලො 3:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    5/2023, 29 පි.

    මුරටැඹ,

    4/15/2013, 14 පි.

    11/15/1992, 13 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

1 කොරි. 9:1ක්‍රියා 9:3-5; 1කොරි 15:7, 8
1 කොරි. 9:5මතෙ 19:11
1 කොරි. 9:5මතෙ 13:55; ගලා 1:19
1 කොරි. 9:5යොහ 1:42
1 කොරි. 9:6ක්‍රියා 13:2
1 කොරි. 9:7ද්වි 20:6; හිතෝ 27:18
1 කොරි. 9:9ද්වි 25:4; 1තිමෝ 5:18
1 කොරි. 9:11රෝම 15:26, 27; ගලා 6:6; ෆිලි 4:15-17
1 කොරි. 9:12ක්‍රියා 18:3; 20:34; 2තෙස 3:7, 8
1 කොරි. 9:122කොරි 6:3; 11:7
1 කොරි. 9:13ලෙවී 6:14, 16; ගණන් 18:30, 31; ද්වි 18:1
1 කොරි. 9:14මතෙ 10:9, 10; ලූක් 10:7, 8
1 කොරි. 9:15ක්‍රියා 18:3; 20:34; 1කොරි 4:11, 12; 2තෙස 3:8
1 කොරි. 9:152කොරි 11:8-10
1 කොරි. 9:16එස 3:18
1 කොරි. 9:17ගලා 2:7; එෆී 3:1, 2; කොලො 1:25
1 කොරි. 9:20ක්‍රියා 16:3; 18:18
1 කොරි. 9:20ක්‍රියා 21:24, 26
1 කොරි. 9:21යොහ 13:34; ගලා 6:2
1 කොරි. 9:22රෝම 14:1; 15:1; 2කොරි 11:29
1 කොරි. 9:23ක්‍රියා 19:26; 1තෙස 2:8
1 කොරි. 9:24මතෙ 10:22; ෆිලි 3:14; 2තිමෝ 4:7, 8
1 කොරි. 9:252තිමෝ 2:5
1 කොරි. 9:25යාකො 1:12
1 කොරි. 9:26ගලා 2:2; ෆිලි 2:16; හෙබ්‍රෙ 12:1
1 කොරි. 9:27රෝම 8:13; කොලො 3:5
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
1 කොරින්ති 9:1-27

පළවෙනි කොරින්ති

9 මං කැමති දේ කරන්න මට නිදහස නැද්ද? මං නියෝජිතයෙක් නෙමෙයිද? අපේ ස්වාමීන් වන යේසුස්ව මං දැක්කේ නැද්ද?+ මං ස්වාමීන් වෙනුවෙන් කරපු සේවයට සාක්ෂි ඔයාලා නෙමෙයිද? 2 අනිත් අය මාව නියෝජිතයෙක් විදිහට සැලකුවේ නැතත් ඔයාලා අනිවාර්යයෙන්ම මාව නියෝජිතයෙක් විදිහට සලකනවා. මං ස්වාමීන්ගේ නියෝජිතයෙක් කියන දේ සහතික කරන මුද්‍රාව තමයි ඔයාලා.

3 මගේ වැරදි හොයන අයට මට කියන්න තියෙන්නේ මේකයි. 4 අනිත් අය අපිට දෙන දේවල් කන්න බොන්න අපිට අයිතියක් නැද්ද? 5 සහෝදරියක්* එක්ක විවාහ වෙලා එයාවත් අපේ ගමන්වලට හවුල් කරගන්න අපිට අයිතියක් නැද්ද?+ අනිත් නියෝජිතයනුයි, ස්වාමීන්ගේ සහෝදරයනුයි,+ සීෆසුයි*+ කරනවා වගේ අපිටත් කරන්න බැරිද? 6 ජීවත් වෙන්න මමයි, බානබසුයි+ විතරද රස්සාවල් කරන්න ඕනේ? 7 තමන්ගෙම වියදමින් සේවය කරන හේවායෙක් ඉන්නවාද? මිදිවත්තක් වවලා ඒකේ පලදාව කන්නේ නැති කෙනෙක් ඉන්නවාද?+ සත්ව රැළෙන් ගන්න කිරිවලින් ටිකක් බොන්නේ නැති එඬේරෙක් ඉන්නවාද?

8 මං මේ කියන්නේ මිනිස්සුන්ගේ අදහස් නෙමෙයි. නීතියෙත් මේ දේවල් ගැන කතා කරලා තියෙනවා. 9 මෝසෙස්ගේ නීතියේ තියෙනවා “කමතේ කරල් පාගන ගවයෙක්ගේ කට බඳින්න එපා”+ කියලා. දෙවියන් සැලකිලිමත් වෙන්නේ ගවයන් ගැන විතරද? 10 නැත්නම් දෙවියන් එහෙම දෙයක් කිව්වේ අපි ගැනත් හිතලද? ඇත්තටම ඒක ලියලා තියෙන්නේ අපේ ප්‍රයෝජනයට. සීසාන කෙනායි, ධාන්‍ය වෙන් කරන කෙනායි අස්වැන්නෙන් කොටසක් බලාපොරොත්තු වෙන එක වැරදිද?

11 දෙවියන්ගේ බලයෙන් ලැබුණ දේවල් අපි ඔයාලත් එක්ක බෙදාගත්තා නම් අපිට අවශ්‍ය සමහර දේවල් ඔයාලාගෙන් ලබාගන්න එක වැරදිද?+ 12 ඔයාලාගෙන් උදව් ලබාගන්න අනිත් අයට අයිතියක් තියෙනවා නම් ඊට වඩා වැඩි අයිතියක් අපිට නැද්ද? අපිට ඒ අයිතිය තිබුණාට අපි ඔයාලාගෙන් කිසිම දෙයක් ඉල්ලුවේ නැහැ.+ ඒ වෙනුවට අපි හැම අමාරු දෙයක්ම දරාගන්නවා. අපි එහෙම කරන්නේ කිසිම කෙනෙක්ට බාධාවක් නැතුව ක්‍රිස්තුස් ගැන ශුභාරංචිය පිළිගන්න පුළුවන් වෙන්නයි.+ 13 සෙනඟ දේවමාලිගාවට අරන් එන දේවල්වලින් දේවමාලිගාවේ සේවය කරන පුරුෂයන් කනවා කියලා ඔයාලා දන්නවා නේද? ඔප්පු කරන පූජාවෙන් කොටසක් පූජාසනය ළඟ සේවය කරන අයට හම්බ වෙනවා කියලා ඔයාලා දන්නවා නේද?+ 14 ශුභාරංචිය ගැන දේශනා කරන අය ජීවත් වෙන්න ඕනෙ ඒ සේවය කරද්දී ලැබෙන දේවල්වලින් කියලා ස්වාමීන් කිව්වා.+

15 ඒත් මං ඒ කිසිම දේකින් කවදාවත් ප්‍රයෝජන අරන් නැහැ.+ මං මේ දේවල් ලියන්නේ දැන් මට ඔයාලාගෙන් මොනවා හරි දෙයක් ඕනෙ නිසා නෙමෙයි. ඔයාලාගෙන් උදව් ගන්නවාට වඩා මට මැරෙන එක හොඳයි. මට ආඩම්බරයෙන් කතා කරන්න තියෙන හේතුව මගෙන් අයින් කරන්න මං කාටවත් ඉඩ දෙන්නේ නැහැ.+ 16 මම ශුභාරංචිය දේශනා කරනවා නම් ආඩම්බර වෙන්න ඒක මට හේතුවක් නෙමෙයි. මොකද ඒක කරන්න මම බැඳිලා ඉන්නවා. ඇත්තටම මම ශුභාරංචිය දේශනා කරන්නේ නැත්නම් ඒකෙන් මට වෙන්නේ කොච්චර නරකක්ද!+ 17 මං මුළු හදවතින්ම ඒක කළොත් මට තෑග්ගක් ලැබෙයි. මං ඒක කරන්නේ කරන්නන් වාලේ වුණත් මං ඒක කරන්න ඕනේ. මොකද ඒ වැඩේ කරන්න මාව පත් කරලයි තියෙන්නේ.+ 18 එහෙමනම් මට ලැබෙන තෑග්ග මොකක්ද? ඒ තමයි කිසි අය කිරීමක් කරන්නේ නැතුව, කැමැත්තෙන්ම ශුභාරංචිය දේශනා කරන්න ලැබෙන එක. ඒකෙන් මට පුළුවන් වෙනවා ශුභාරංචිය ප්‍රකාශ කරන කෙනෙක් විදිහට මට තියෙන අයිතිය වැරදි විදිහට පාවිච්චි කරන්නේ නැතුව ඉන්න.

19 මම නිදහස් කෙනෙක් වුණත් හැම මනුස්සයෙක්ම වෙනුවෙන් මං දාසයෙක් වෙනවා. එහෙම කරන්නේ පුළුවන් තරම් දෙනෙක්ව දිනාගන්නයි. 20 මං යුදෙව්වන් එක්ක ඉද්දී එයාලව දිනාගන්න යුදෙව්වෙක් වගේ වැඩ කළා.+ නීතියට යටත් වෙලා හිටපු අය එක්ක ඉද්දී නීතියට යටත් කෙනෙක් වගේ මමත් වැඩ කළා. මම නීතියට යටත් වෙලා හිටියේ නැති වුණත් එයාලව දිනාගන්නයි එහෙම කළේ.+ 21 නීතිය පිළිපදින්නේ නැති අය එක්ක ඉද්දී මාත් නීතිය පිළිපදින්නේ නැති කෙනෙක් වගේ වැඩ කළා. ඇත්තටම මම දෙවියන්ගේ නීතියයි, ක්‍රිස්තුස්ගේ නීතියයි පිළිපදිනවා.+ ඒත් නීතිය පිළිපදින්නේ නැති කෙනෙක් වගේ මම වැඩ කළේ නීතිය පිළිපදින්නේ නැති අයව දිනාගන්නයි. 22 දුර්වල අය එක්ක ඉද්දී ඒ අයව දිනාගන්න මම දුර්වල කෙනෙක් වගේ වැඩ කළා.+ හැම පසුබිමකම ඉන්න අයට උදව් කරන්න මට පුළුවන් හැම දේම මං කළා. එහෙම කළේ එයාලාගෙන් සමහරදෙනෙක්ව හරි ගලවගන්නයි. 23 ශුභාරංචිය වෙනුවෙන් මට කරන්න පුළුවන් හැම දේම මං කරනවා. මට ඕනෙ අනිත් අය එක්ක ඒ පණිවිඩය බෙදාගන්න.+

24 ඔයාලා දන්නවා ධාවන තරඟයකට සහභාගි වෙන හැමෝම දිව්වත් තෑග්ග හම්බ වෙන්නේ එක් කෙනෙක්ට කියලා. ඉතින් තෑග්ග දිනාගන්න පුළුවන් විදිහට දුවන්න.+ 25 තරඟයකට සහභාගි වෙන ඕනෙම කෙනෙක් හැම පැත්තකින්ම තමන්ව පාලනය කරගන්නවා. එයාලා එහෙම කරන්නේ පර වෙලා යන ඔටුන්නක් දිනාගන්න.+ ඒත් අපි එහෙම කරන්නේ කවදාවත් පර වෙන්නේ නැති ඔටුන්නක් දිනාගන්න.+ 26 මම කිසිම අරමුණක් නැතුව දුවන්නේ නැහැ.+ මං පහර දෙන්නේ හුළඟට නෙමෙයි ඉලක්කයකට. 27 මං මගේ ශරීරයට පහර දීලා+ ඒක යටත් කරගන්නවා. හරියට දාසයෙක්ව යටත් කරගන්නවා වගේ. එහෙම කළේ නැත්නම් මං අනිත් අයට දේශනා කළත් දෙවියන් මාව පිළිගන්න එකක් නැහැ.

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න