ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 සාමුවෙල් 13
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

1 සාමුවෙල් පොතේ සාරාංශයක්

      • සාවුල් හමුදාවට පුරුෂයන්ව තෝරගනියි (1-4)

      • සාවුල් හිතුමනාපෙට වැඩ කරයි (5-9)

      • සාමුවෙල් සාවුල්ට තදින් උපදෙස් දෙයි (10-14)

      • ඊශ්‍රායෙල්වරු ළඟ ආයුධ තිබුණේ නැහැ (15-23)

1 සාමුවෙල් 13:1

පාදසටහන්

  • *

    මුල් හෙබ්‍රෙව් පිටපතේ අවුරුදු ගාණ සඳහන් වෙලා නැහැ.

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 13:21

1 සාමුවෙල් 13:2

පාදසටහන්

  • *

    මූ.අ., “කූඩාරම්වලට.”

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 18:1; 2සාමු 1:4; 21:7
  • +යොෂු 18:28; 1සාමු 10:26

1 සාමුවෙල් 13:3

පාදසටහන්

  • *

    හෝ, “මුරපොළකට.”

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 21:8, 17
  • +යොෂු 13:2, 3; 1සාමු 9:16
  • +විනි 3:26, 27; 6:34; 2සාමු 2:28

1 සාමුවෙල් 13:4

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 5:9; 1සාමු 11:14

1 සාමුවෙල් 13:5

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 20:1
  • +යොෂු 7:2; 18:11, 12; 1සාමු 14:23

1 සාමුවෙල් 13:6

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 14:11

1 සාමුවෙල් 13:7

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 32:1, 33; යොෂු 13:24, 25

1 සාමුවෙල් 13:9

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 15:22, 23

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    1/2017, 17 පි.

1 සාමුවෙල් 13:10

පාදසටහන්

  • *

    මූ.අ., “ආශීර්වාද.”

1 සාමුවෙල් 13:11

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 13:5
  • +1සාමු 13:6, 8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/1/2000, 12-13 පි.

1 සාමුවෙල් 13:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/1/2000, 12-13 පි.

1 සාමුවෙල් 13:13

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 15:11

1 සාමුවෙල් 13:14

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 15:28
  • +හිතෝ 11:2
  • +1සාමු 16:1; 2සාමු 7:15; ගීතා 78:70; ක්‍රියා 13:22
  • +උත් 49:10; 2සාමු 5:2; 7:8; 1ලේක 28:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/1/2011, 26-29 පි.

1 සාමුවෙල් 13:15

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 13:7; 14:2

1 සාමුවෙල් 13:16

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 13:3
  • +1සාමු 13:2

1 සාමුවෙල් 13:18

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 10:11

1 සාමුවෙල් 13:21

පාදසටහන්

  • *

    මූ.අ., “පිම් එකක්.” ඒ කියන්නේ, ෂෙකෙලයකින් තුනෙන් දෙකක් විතර.

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2005, 29 පි.

1 සාමුවෙල් 13:22

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 17:47, 50

1 සාමුවෙල් 13:23

පාදසටහන්

  • *

    හෝ, “මුරපොළකින්.”

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 13:2; 14:4, 5

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

1 සාමු. 13:1ක්‍රියා 13:21
1 සාමු. 13:21සාමු 18:1; 2සාමු 1:4; 21:7
1 සාමු. 13:2යොෂු 18:28; 1සාමු 10:26
1 සාමු. 13:3යොෂු 21:8, 17
1 සාමු. 13:3යොෂු 13:2, 3; 1සාමු 9:16
1 සාමු. 13:3විනි 3:26, 27; 6:34; 2සාමු 2:28
1 සාමු. 13:4යොෂු 5:9; 1සාමු 11:14
1 සාමු. 13:5ද්වි 20:1
1 සාමු. 13:5යොෂු 7:2; 18:11, 12; 1සාමු 14:23
1 සාමු. 13:61සාමු 14:11
1 සාමු. 13:7ගණන් 32:1, 33; යොෂු 13:24, 25
1 සාමු. 13:91සාමු 15:22, 23
1 සාමු. 13:111සාමු 13:5
1 සාමු. 13:111සාමු 13:6, 8
1 සාමු. 13:131සාමු 15:11
1 සාමු. 13:141සාමු 15:28
1 සාමු. 13:14හිතෝ 11:2
1 සාමු. 13:141සාමු 16:1; 2සාමු 7:15; ගීතා 78:70; ක්‍රියා 13:22
1 සාමු. 13:14උත් 49:10; 2සාමු 5:2; 7:8; 1ලේක 28:4
1 සාමු. 13:151සාමු 13:7; 14:2
1 සාමු. 13:161සාමු 13:3
1 සාමු. 13:161සාමු 13:2
1 සාමු. 13:18යොෂු 10:11
1 සාමු. 13:221සාමු 17:47, 50
1 සාමු. 13:231සාමු 13:2; 14:4, 5
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
1 සාමුවෙල් 13:1-23

පළවෙනි සාමුවෙල්

13 සාවුල් රජකම් කරන්න පටන්ගද්දී එයාගේ වයස අවුරුදු . . . යි.*+ එයා ඊශ්‍රායෙල් දේශයේ රජකම් කරන්න පටන් අරන් අවුරුදු දෙකක් ගත වුණා. 2 දවසක් සාවුල් ඊශ්‍රායෙල් පුරුෂයන් අතරින් 3,000ක් තෝරගත්තා. ඒ අයගෙන් 2,000ක් සාවුල් එක්ක මික්මාෂ්වලත් බෙතෙල්වල කඳුකර ප්‍රදේශයෙත් හිටියා. ඉතුරු 1,000 හිටියේ යොනාතාන්+ එක්ක බෙන්ජමින්වරුන්ගේ දේශයේ තියෙන ගිබෙයා+ නගරයේ. සාවුල් හමුදාවේ හිටපු අනිත් අයව එයාලාගේ ගෙවල්වලට* පිටත් කරලා ඇරියා. 3 ඔය කාලේ යොනාතාන් ගෙබාවල+ තිබුණ පිලිස්තිවරුන්ගේ කඳවුරකට* පහර දීලා ඒක යටත් කරගත්තා.+ ඒ ගැන පිලිස්තිවරුන්ට ආරංචි වුණා. ඊටපස්සේ සාවුල් එයාගේ මිනිස්සුන්ට කිව්වා “දේශය පුරාම ගිහින් හොරණෑව පිඹලා+ වෙච්ච දේ ගැන හෙබ්‍රෙව්වරුන්ට දන්වන්න” කියලා. 4 ඒ නිසා ඊශ්‍රායෙල්වරු හැමෝම අතරේ මේ වගේ ආරංචියක් පැතිරුණා. “සාවුල් පිලිස්තිවරුන්ගේ භට පිරිසකට පහර දීලා. දැන් ඉතින් පිලිස්තිවරු අපිට වෛර කරයි.” ඊටපස්සේ ගිල්ගාල්වල+ සාවුල් හිටපු තැනට සෙනඟව ගෙන්නගෙන එයාලව සටනට සූදානම් කළා.

5 පිලිස්තිවරුත් ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව සටන් කරන්න සූදානම් වුණා. අශ්ව රථ 30,000කුත් අසරුවන් 6,000කුත් මුහුදු වෙරළේ වැලි වගේ ගණන් කරන්න බැරි තරම් භට පිරිසකුත් එයාලා රැස් කරගත්තා.+ ඊටපස්සේ එයාලා බෙත්ආවෙන්වලට+ නැඟෙනහිරෙන් තියෙන මික්මාෂ්වලට ගිහින් කඳවුරු බැඳගත්තා. 6 ඊශ්‍රායෙල්වරු තේරුම්ගත්තා එයාලා ඉන්නේ ලොකු අනතුරක කියලා. ඒ නිසා එයාලා හුඟක් බය වෙලා ගුහාවල,+ කඳු පර්වතවල, උමංවල, වළවල්වල හැංගිලා හිටියා. 7 හෙබ්‍රෙව්වරුන්ගෙන් සමහරදෙනෙක් යොර්දාන් ගඟෙන් එගොඩ වෙලා ගාද් සහ ගිලියද්+ වෙන කල්ම ගියා. ඒත් සාවුල් රජ ගිල්ගාල්වලින් පිට වෙලා ගියේ නැහැ. සාවුල් එක්ක හිටපු සෙනඟ හොඳටම බය වෙලයි හිටියේ. 8 සාමුවෙල් කිව්ව විදිහට සාවුල් දවස් හතක් සාමුවෙල් එන කල් බලන් හිටියා. ඒත් සාමුවෙල් ගිල්ගාල්වලට ආවේ නැහැ. සෙනඟත් සාවුල්ව දාලා යන්න පටන්ගත්තා. 9 බලන් ඉඳලා ඉඳලා අන්තිමට සාවුල් මෙහෙම කිව්වා. “දවන පූජාවයි, හවුල් පූජා ටිකයි මං ළඟට අරන් එන්න.” ඒවා අරන් ආවාම එයා දවන පූජාව ඔප්පු කළා.+

10 සාවුල් දවන පූජාව ඔප්පු කරලා ඉවර වෙනවාත් එක්කම සාමුවෙල් එතනට ආවා. සාවුල් සාමුවෙල් ළඟට ගිහින් එයාට ආචාර* කළා. 11 ඒත් සාමුවෙල් එයාගෙන් ඇහුවා “ඔයා මොනවාද මේ කළේ” කියලා. එතකොට සාවුල් මෙහෙම කිව්වා. “පිලිස්තිවරු අපිට විරුද්ධව මික්මාෂ්වල කඳවුරු බැඳගෙන ඉන්නවා.+ සෙනඟත් මාව දාලා යන්න පටන්ගත්තා.+ අනික ඔයාත් එනවා කියපු දවසේ ආවේ නෑ. 12 මම යෙහෝවා දෙවියන්ගෙන් උදව් ඉල්ලන්නත් ඉස්සෙල්ලා පිලිස්තිවරු ගිල්ගාල්වලට ඇවිත් අපිත් එක්ක සටන් කරයි කියලා මට හිතුණා. ඒ නිසා මමම දවන පූජාව ඔප්පු කළා. මට කරන්න වෙන දෙයක් තිබුණේ නැහැ.”

13 එතකොට සාමුවෙල් සාවුල්ට මෙහෙම කිව්වා. “ඔයා කරලා තියෙන්නේ හරිම මෝඩ වැඩක්! ඔයාගේ දෙවි යෙහෝවා ඔයාට කරන්න කියපු දේට ඔයා අකීකරු වුණා.+ යෙහෝවා කරන්න කියපු විදිහටම ඔයා කළා නම් ඔහු අනිවාර්යයෙන්ම ඔයාගේ රජකම ස්ථිර කරනවා. එතකොට ඔයාටත් ඔයාගේ පවුලේ අයටත් හැමදාටම ඊශ්‍රායෙල්වරුන්ව පාලනය කරන්න තිබ්බා. 14 ඒත් දැන් ඔයාගේ රජකම වැඩි කල් තියෙන්නේ නැහැ.+ ඔයා යෙහෝවාට අකීකරු වුණ නිසා+ යෙහෝවා ඔහුගේ හිත සතුටු කරන කෙනෙක්ව තෝරගන්නවා.+ යෙහෝවා ඔහුගේ සෙනඟව පාලනය කරන්න පත් කරන්නේ ඒ කෙනාවයි.”+

15 ඊටපස්සේ සාමුවෙල් ගිල්ගාල්වලින් පිටත් වෙලා බෙන්ජමින්වරුන්ගේ දේශයේ තියෙන ගිබෙයාවලට ගියා. සාවුල් එයාත් එක්ක හිටිය අයව ගණන් කරලා බලද්දී එතන මිනිස්සු 600ක් විතර හිටියා.+ 16 සාවුල් රජයි, එයාගේ පුතා වුණ යොනාතානුයි, එයා එක්ක හිටිය මිනිස්සුයි කඳවුරු බැඳගෙන හිටියේ බෙන්ජමින්වරුන්ගේ දේශයට අයිති ගෙබාවල.+ පිලිස්තිවරු කඳවුරු බැඳගෙන හිටියේ මික්මාෂ්වල.+ 17 පිලිස්තිවරුන්ගේ කඳවුරේ ඉඳන් සෙබළු කණ්ඩායම් තුනක් ඊශ්‍රායෙල්වරු එක්ක සටන් කරන්න ආවා. එක කණ්ඩායමක් ඔෆ්රා නගරයට යන පාර දිගේ ෂුවාල් දේශය පැත්තට ගියා. 18 දෙවෙනි කණ්ඩායම ගියේ බෙත්හෝරොන්වලට+ යන පාරේ. තුන්වෙනි කණ්ඩායම පාළුකරය පැත්තට ගියා. එයාලා ගියේ දේශ සීමාවට යන පාරේ. ඒ දේශ සීමාවේ ඉඳන් බලද්දී පහළින් තියෙන ෂෙබෝයිම් නිම්නය පේනවා.

19 ඒ කාලේ පිලිස්තිවරු කියලා තිබුණා “හෙබ්‍රෙව්වරුන්ට කඩුවක්වත් හෙල්ලයක්වත් හදන්න දෙන්න හොඳ නැහැ” කියලා. ඒ නිසා ඊශ්‍රායෙල් දේශයේ කොහෙවත් කම්මල්කරුවෙක් හිටියේ නැහැ. 20 ඉතින් ඊශ්‍රායෙල්වරු හැමෝටම වගේ සිද්ධ වුණා එයාලාගේ නගුල් තල, උදලු, පොරෝ, දෑකැති මුවහත් කරගන්න පිලිස්තිවරු ළඟට යන්න. 21 පිලිස්තිවරු කෙවිටක් අලුත්වැඩියා කරන්නත් නගුල් තලයක්, උදැල්ලක්, මුල්ලුවක්, පොරොවක් මුවහත් කරන්නත් රිදී ග්‍රෑම් අටක්* අය කළා. 22 සටනට ගිය දවසේ සාවුල් සහ යොනාතාන් එක්ක හිටපු කා ළඟවත් කඩුවක්වත් හෙල්ලයක්වත් තිබුණේ නැහැ. ආයුධ තිබුණේ සාවුල්ටයි, එයාගේ පුතා වන යොනාතාන්ටයි+ විතරයි.

23 ඒ දවස්වල පිලිස්තිවරුන්ගේ කඳවුරකින්* භට පිරිසක් සටනට ලෑස්ති වෙලා මික්මාෂ්වල+ තිබුණ නිම්නය හරහා යන පටු මාර්ගයට ගියා.

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න