ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • විනිශ්චයකරුවෝ 14
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

විනිශ්චයකරුවෝ පොතේ සාරාංශයක්

      • සැම්සන් පිලිස්තිය තරුණියක්ව විවාහ කරගන්න යයි (1-4)

      • යෙහෝවාගේ උදව්වෙන් සැම්සන් සිංහයෙක්ව මරයි (5-9)

      • සැම්සන් කියපු තේරවිල්ල (10-19)

      • සැම්සන්ගේ බිරිඳව වෙනත් කෙනෙක්ට දෙයි (20)

විනිශ්චයකරුවෝ 14:3

පාදසටහන්

  • *

    මූ.අ., “අචර්මච්ඡේදිත.”

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 7:3

විනිශ්චයකරුවෝ 14:4

පාදසටහන්

  • *

    මෙතන කතා කරන්නේ දෙවියන් ගැන වෙන්න පුළුවන්.

හරස් යොමු දැක්වීම්

  • +විනි 13:1

විනිශ්චයකරුවෝ 14:5

පාදසටහන්

  • *

    හෝ, “තරුණ, කේශර සිංහයෙක්.”

විනිශ්චයකරුවෝ 14:6

හරස් යොමු දැක්වීම්

  • +විනි 13:24, 25

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/2005, 31 පි.

විනිශ්චයකරුවෝ 14:7

හරස් යොමු දැක්වීම්

  • +විනි 14:2

විනිශ්චයකරුවෝ 14:8

හරස් යොමු දැක්වීම්

  • +උත් 24:67; මතෙ 1:24

විනිශ්චයකරුවෝ 14:14

හරස් යොමු දැක්වීම්

  • +විනි 14:8, 9

විනිශ්චයකරුවෝ 14:15

පාදසටහන්

  • *

    හෙබ්‍රෙව් චාරිත්‍රයට අනුව විවාහ ගිවිසගෙන හිටපු තරුණියව සැලකුවේ බිරිඳ විදිහටයි.

හරස් යොමු දැක්වීම්

  • +විනි 16:5

විනිශ්චයකරුවෝ 14:16

හරස් යොමු දැක්වීම්

  • +විනි 16:15

විනිශ්චයකරුවෝ 14:17

හරස් යොමු දැක්වීම්

  • +විනි 16:16, 18

විනිශ්චයකරුවෝ 14:18

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “එයා නිදන කාමරේට යන්න කලින්.”

හරස් යොමු දැක්වීම්

  • +විනි 14:14
  • +විනි 14:15

විනිශ්චයකරුවෝ 14:19

හරස් යොමු දැක්වීම්

  • +විනි 13:24, 25; 14:6; 15:14
  • +යොෂු 13:2, 3; විනි 1:18
  • +විනි 14:12

විනිශ්චයකරුවෝ 14:20

හරස් යොමු දැක්වීම්

  • +විනි 14:2
  • +විනි 14:11; 15:1, 2

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

විනි. 14:3ද්වි 7:3
විනි. 14:4විනි 13:1
විනි. 14:6විනි 13:24, 25
විනි. 14:7විනි 14:2
විනි. 14:8උත් 24:67; මතෙ 1:24
විනි. 14:14විනි 14:8, 9
විනි. 14:15විනි 16:5
විනි. 14:16විනි 16:15
විනි. 14:17විනි 16:16, 18
විනි. 14:18විනි 14:14
විනි. 14:18විනි 14:15
විනි. 14:19විනි 13:24, 25; 14:6; 15:14
විනි. 14:19යොෂු 13:2, 3; විනි 1:18
විනි. 14:19විනි 14:12
විනි. 14:20විනි 14:2
විනි. 14:20විනි 14:11; 15:1, 2
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
විනිශ්චයකරුවෝ 14:1-20

විනිශ්චයකරුවෝ

14 ඊටපස්සේ සැම්සන් තිම්නාහ්වලට ගියා. එහෙදී පිලිස්තිය ජාතික තරුණියක්ව එයා දැක්කා. 2 එයා ආපහු ගෙදර ගිහින් එයාගේ දෙමාපියන්ට මෙහෙම කිව්වා. “තිම්නාහ්වලදී පිලිස්තිය ජාතික තරුණියක්ව මං දැක්කා. මට එයාව බන්දලා දෙන්න.” 3 එතකොට එයාගේ දෙමාපියන් එයාට මෙහෙම කිව්වා. “ඇයි අපේ නෑදෑයන් අතරේවත් අඩුම ගාණේ ඊශ්‍රායෙල් සෙනඟ අතරේවත් ගෑනු ළමයෙක් නැද්ද?+ ඒකද ඔයා දෙවියන්ට සේවය කරන්නේ නැති* මේ පිලිස්තිවරුන්ගෙන් කෙනෙක්ව ගන්න හදන්නේ?” ඒත් සැම්සන් එයාගේ තාත්තාට මෙහෙම කිව්වා. “එයා තමයි මට හරි යන කෙනා. මට එයාව බන්දලා දෙන්න.” 4 එයා එහෙම කරන්න හිතුවේ යෙහෝවා දෙවියන්ගේ මඟ පෙන්වීමට අනුව කියලා සැම්සන්ගේ දෙමාපියන් දැනන් හිටියේ නැහැ. මොකද ඒ කාලේදී ඊශ්‍රායෙල්වරුන්ව පාලනය කරපු පිලිස්තිවරුන්ට+ පහර දෙන්න අවස්ථාවක් එන කල් ඔහු* බලාගෙනයි හිටියේ.

5 ඉතින් සැම්සන් එයාගේ අම්මායි, තාත්තායි එක්ක තිම්නාහ්වලට යන්න පිටත් වුණා. එයා එහේ තිබුණ මිදිවතුවලට කිට්ටු වෙද්දී එකපාරටම සිංහයෙක්* ගොරවගෙන එයා ඉස්සරහට කඩාගෙන පැන්නා. 6 ඒ වෙලාවේ යෙහෝවා ඔහුගේ බලය දීලා සැම්සන්ව බලවත් කළා.+ ඉතින් සැම්සන් එළු පැටියෙක්ව ඉරලා දානවා වගේ එයාගේ අත් දෙකෙන් ඒ සිංහයාව ඉරලා දැම්මා. ඒත් එයා ඒ ගැන කිසිම දෙයක් එයාගේ අම්මාටවත් තාත්තාටවත් කිව්වේ නැහැ. 7 ඊටපස්සේ එයා තිම්නාහ්වලට ගිහින් තරුණියව හම්බ වෙලා එයාත් එක්ක කතා කළා. එයා තාමත් ඒ තරුණියට කැමතියි කියලා සැම්සන්ට තේරුණා.+

8 පස්සේ දවසක ඒ තරුණියව එක්කගෙන එන්න සැම්සන් ආපහු එහෙට යද්දී+ සිංහයාගේ මළ කුණ බලන්න එයා ටිකකට නතර වුණා. ඒ සිංහයාගේ මළ කුණ ඇතුළේ මීමැසි රංචුවක් ඉන්නවා එයා දැක්කා. ඒ මීවදේ මීපැණිත් තිබුණා. 9 එයා මීවදෙන් මීපැණි අතට අරගෙන මඟ දිගේ කකා ගියා. එයාගේ අම්මාවයි, තාත්තාවයි හම්බ වුණාම එයාලටත් මීපැණි දුන්නා. ඒත් ඒ මීපැණි ගත්තේ සිංහයෙක්ගේ මළ කුණක තිබුණ මීවදයකින් කියලා එයා අම්මාටයි, තාත්තාටයි කිව්වේ නැහැ.

10 සැම්සන් එයාගේ තාත්තාත් එක්ක තරුණියව හම්බ වෙන්න ගිහින් එහෙදී උත්සවයක් ලෑස්ති කළා. ඒ කාලේ මනමාලයා ඒ වගේ උත්සවයක් ලෑස්ති කරන එක සාමාන්‍ය දෙයක්. 11 එයාලා සැම්සන්ව දැක්ක ගමන් එයාගේ උදව්වට තරුණයන් 30දෙනෙක්ව ලෑස්ති කරලා දුන්නා. 12 සැම්සන් ඒ තරුණයන්ට මෙහෙම කිව්වා. “මම ඔයාලට තේරවිල්ලක් කියන්නම්. උත්සවය තියන දවස් හත ඇතුළත ඔයාලා ඒ තේරවිල්ල තෝරලා දුන්නොත් මං ඔයාලට ලිනන් ඇඳුම් 30කුයි, තවත් ඇඳුම් කට්ටල 30කුයි දෙනවා. 13 ඒත් ඔයාලට ඒක තෝරලා දෙන්න බැරි වුණොත් ඔයාලා මට ලිනන් ඇඳුම් 30කුයි, තවත් ඇඳුම් කට්ටල 30කුයි දෙන්න ඕනේ.” එතකොට එයාලා “කියන්නකෝ බලන්න ඔයාගේ තේරවිල්ල” කියලා කිව්වා. 14 ඉතින් සැම්සන් මෙහෙම කිව්වා.

“මස් කන්නෙක්ගෙන් කෑමක්.

බලවන්තයෙක්ගෙන් මිහිරි දෙයක්.+ මොකක්ද ඒ?”

දවස් තුනක් ගියත් එයාලට ඒ තේරවිල්ල තෝරලා දෙන්න බැරි වුණා. 15 හතරවෙනි දවසේදී එයාලා සැම්සන්ගේ බිරිඳට* මෙහෙම කිව්වා. “මේ උත්සවේට අපිට එන්න කිව්වේ මේකටද? අපිට බැහැ පාඩු විඳින්න. දැන් කොහොමහරි එයාව රවට්ටලා+ තේරවිල්ල ගැන අහගෙන අපිට කියන්න. නැත්නම් අපි ඔයාවයි, ඔයාගේ තාත්තාගේ ගෙදර අයවයි පුච්චලා දානවා.” 16 ඉතින් සැම්සන්ගේ බිරිඳ එයාගේ කරේ එල්ලීගෙන අඬඅඬ මෙහෙම කිව්වා. “ඔයා මට පොඩ්ඩක්වත් ආදරේ නෑ. ඇත්තටම ඔයා මට වෛර කරනවා.+ ඒකනේ ඔයා මගේ නෑදෑයන්ට කියපු තේරවිල්ල ගැන මට කියන්නේ නැත්තේ.” එතකොට සැම්සන් එයාට මෙහෙම කිව්වා. “ඔයාට පිස්සුද! මං මගේ අම්මා තාත්තාටවත් කිව්වේ නැති එක ඔයාට කියන්නේ මොකටද?” 17 උත්සවය තිබුණ ඉතුරු දවස් ටික පුරාම එයා සැම්සන්ගේ කරේ එල්ලීගෙන අඬඅඬ තේරවිල්ල ගැන කියන්න කියලා එයාට කරදර කළා. එයාගේ කරදරයෙන් බේරෙන්න බැරිම තැන හත්වෙනි දවසේදී සැම්සන් තේරවිල්ල ගැන එයාට කිව්වා. ඒක දැනගත්ත ගමන්ම එයා ගිහින් එයාගේ නෑදෑයන්ට උත්තරේ කිව්වා.+ 18 හත්වෙනි දවසේ ඉර බහින්නත් කලින්* නගරයේ හිටපු මිනිස්සු සැම්සන්ට මෙහෙම කිව්වා.

“මීපැණිවලට වඩා මිහිරි දෙයක් තියෙනවාද?

සිංහයෙක්ට වඩා බලවන්තයෙක් ඉන්නවාද?”+

එතකොට සැම්සන් එයාලට මෙහෙම කිව්වා.

“ඔයාලා සීසාන්න මගේ වැස්සිව ගත්තේ නැත්නම්,+

කවදාවත් ඔයාලට මේ තේරවිල්ල තෝරලා දෙන්න නම් හම්බ වෙන්නේ නැහැ.”

19 එතකොට යෙහෝවා ඔහුගේ බලය දීලා+ සැම්සන්ව බලවත් කළා. ඉතින් එයා අෂ්කෙලොන්වලට+ ගිහිල්ලා එහේ හිටපු මිනිස්සු 30දෙනෙක්ව මරලා එයාලාගේ ඇඳුම් අරන් ඇවිත් තේරවිල්ල තෝරපු අයට ඒවා දුන්නා.+ ඊටපස්සේ එයා කේන්තියෙන් පුපුර පුපුර එයාගේ තාත්තාගේ ගෙදරට හැරිලා ගියා.

20 අන්තිමේදී උත්සවය තිබුණ දවස්වල සැම්සන්ගේ උදව්වට හිටපු තරුණයන්ගෙන් කෙනෙක්ට සැම්සන්ගේ බිරිඳව+ විවාහ කරලා දුන්නා.+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න