ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 තෙසලෝනික 3
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

1 තෙසලෝනික පොතේ සාරාංශයක්

      • ආරංචියක් ලැබෙන කල් පාවුල් ඇතන්ස්වලට වෙලා බලාගෙන හිටියා (1-5)

      • තිමෝතිගෙන් ලැබුණ ආරංචිය නිසා ලොකු සැනසීමක් ලැබුණා (6-10)

      • තෙසලෝනිකවරුන් වෙනුවෙන් යාච්ඤා කරයි (11-13)

1 තෙසලෝනික 3:1

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 17:15

1 තෙසලෝනික 3:2

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “දෙවියන්ගේ හවුල් සේවකයෙක්.”

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 16:1, 2; රෝම 16:21; 1කොරි 16:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2009, 14 පි.

1 තෙසලෝනික 3:3

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 14:22; 1කොරි 4:9; 1පේතෘ 2:21

1 තෙසලෝනික 3:4

හරස් යොමු දැක්වීම්

  • +1තෙස 2:14

1 තෙසලෝනික 3:5

හරස් යොමු දැක්වීම්

  • +1තෙස 3:2
  • +මතෙ 4:3; 2කොරි 11:3

1 තෙසලෝනික 3:6

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 18:5

1 තෙසලෝනික 3:7

පාදසටහන්

  • *

    මූ.අ., “අගහිඟකම්වලට.”

හරස් යොමු දැක්වීම්

  • +2තෙස 1:4

1 තෙසලෝනික 3:10

හරස් යොමු දැක්වීම්

  • +2තෙස 1:3

1 තෙසලෝනික 3:12

හරස් යොමු දැක්වීම්

  • +1තෙස 4:9; 2තෙස 1:3

1 තෙසලෝනික 3:13

පාදසටහන්

  • *

    හෝ, “පැමිණ සිටින කාලයේදී.” “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +1තෙස 2:19; 5:23; 2තෙස 2:1, 2
  • +1කොරි 1:8

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

1 තෙස. 3:1ක්‍රියා 17:15
1 තෙස. 3:2ක්‍රියා 16:1, 2; රෝම 16:21; 1කොරි 16:10
1 තෙස. 3:3ක්‍රියා 14:22; 1කොරි 4:9; 1පේතෘ 2:21
1 තෙස. 3:41තෙස 2:14
1 තෙස. 3:51තෙස 3:2
1 තෙස. 3:5මතෙ 4:3; 2කොරි 11:3
1 තෙස. 3:6ක්‍රියා 18:5
1 තෙස. 3:72තෙස 1:4
1 තෙස. 3:102තෙස 1:3
1 තෙස. 3:121තෙස 4:9; 2තෙස 1:3
1 තෙස. 3:131තෙස 2:19; 5:23; 2තෙස 2:1, 2
1 තෙස. 3:131කොරි 1:8
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
1 තෙසලෝනික 3:1-13

පළවෙනි තෙසලෝනික

3 ඔයාලාගෙන් වෙන් වෙලා ඉන්න එක අපිට තවත් නම් දරාගන්න බැරි වුණා. ඔයාලා ගැන කිසිම ආරංචියක් නැති නිසා අපි තීරණය කළා ඇතන්ස්වල+ නතර වෙලා, 2 අපේ සහෝදරයෙක් වන තිමෝතිව+ ඔයාලා ළඟට එවන්න. එයා ක්‍රිස්තුස් ගැන ශුභාරංචිය දේශනා කරන දේවසේවකයෙක්.* අපි එයාව ඔයාලා ළඟට එව්වේ ඔයාලව සනසවලා ඔයාලව ශක්තිමත් කරන්නයි. ඒකෙන් ඔයාලාගේ විශ්වාසය තව තවත් ස්ථිර කරගන්න පුළුවන් වෙයි කියලා කිසිම සැකයක් නැහැ. 3 ඒ වගේම මේ පීඩා නිසා ඔයාලා කාගෙවත් විශ්වාසය දුර්වල වෙන්නෙත් නැහැ. ඔයාලත් හොඳටම දන්නවා පීඩාවලට මුහුණ දෙන එක අපිට මඟහරින්න බැහැ කියලා.+ 4 අපි ඔයාලා එක්ක ඉද්දී කලින්ම කිව්වා අපිට අනිවාර්යයෙන්ම පීඩා විඳින්න වෙනවා කියලා. අපිත් දැන් ඒ විදිහට පීඩා විඳිනවා කියලා ඔයාලා දන්නවා.+ 5 ඔයාලා ගැන කිසිම තොරතුරක් දැනගන්න බැරි වුණාම මට ඒක දරාගන්න අමාරු වුණා. ඒ නිසයි ඔයාලාගේ විශ්වාසවන්තකම ගැන දැනගන්න මං තිමෝතිව එව්වේ.+ මොකද මට බය හිතුණා වරදට පොලඹවන්නා+ මොකක් හරි විදිහකින් ඔයාලව වරදක් කරන්න පොලඹවලා ඇති කියලා. එහෙම වුණා නම් අපි ඔයාලා වෙනුවෙන් දරපු වෙහෙස අපතේ යනවා.

6 ඒත් තිමෝති මේ දැන් ඇවිත්+ ඔයාලා ගැන හොඳ ආරංචියක් අපිට කිව්වා. ඔයාලාගේ විශ්වාසවන්තකම ගැනත් ඔයාලා පෙන්නන ආදරේ ගැනත් එයා අපිට කිව්වා. ඔයාලා හැම වෙලේම අපිව ආදරෙන් මතක් කරනවා කියලත් එයා කිව්වා. ඒ වගේම එයා කිව්වා අපි ඔයාලව දකින්න ගොඩක් ආසාවෙන් බලන් ඉන්නවා වගේ ඔයාලත් අපිව දකින්න ආසාවෙන් ඉන්නවා කියලා. 7 සහෝදරයෙනි, අපි කොච්චර දුක් කරදරවලට,* පීඩාවලට මුහුණ දුන්නත් ඔයාලාගේ විශ්වාසවන්තකම ගැන හිතද්දී අපිට ලොකු සැනසීමක් දැනෙනවා.+ 8 මොකද ස්වාමීන්ගේ අනුගාමිකයන් විදිහට ඔයාලා නොසැලී ස්ථිරව ඉද්දී ඒකෙන් අපිට අලුත් පණක් ලැබෙනවා. 9 ඔයාලා නිසා අපිට දෙවියන් ඉස්සරහා දැනෙන මේ සතුට ගැන අපි දෙවියන්ට කොහොම ස්තුති කරන්නද! 10 ඔයාලව දකින්න අපිට ආයෙත් අවස්ථාව දෙන්න කියලත් ඔයාලාගේ විශ්වාසය තවත් ශක්තිමත් කරන්න අපිට උදව් කරන්න කියලත් අපි දෙවියන්ට රෑ දවල් දෙකේම ලොකු උනන්දුවකින් කන්නලව් කරනවා.+

11 අපේ තාත්තා වන දෙවියන්ගෙන් සහ අපේ ස්වාමීන් වන යේසුස්ගෙන් අපි ඉල්ලනවා අපිට ඔයාලව හම්බ වෙන්න මාර්ගයක් සලස්වලා දෙන්න කියලා. 12 අපි ඔයාලට ආදරේ කරනවා වගේම එකිනෙකා ගැනත් අනිත් හැමෝම ගැනත් ඔයාලට තියෙන ආදරේ තව තවත් වැඩි වෙන්න කියලත් ඒ ආදරේ ඔයාලාගේ හිත්වල පිරිලා ඉතිරිලා යන්න+ සලස්වන්න කියලත් අපි ස්වාමීන්ගෙන් ඉල්ලනවා. 13 එතකොට අපේ ස්වාමීන් වන යේසුස් තමන්ගේ සියලු ශුද්ධ තැනැත්තන් එක්ක පැමිණෙන කාලයේදී*+ ඔයාලාගේ හිත් ශක්තිමත් කරලා අපේ තාත්තා වන දෙවියන් ඉස්සරහා ශුද්ධව සහ නිර්දෝෂව ඉන්න ඔයාලට උදව් කරයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න