ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 රාජාවලිය 22
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

2 රාජාවලිය පොතේ සාරාංශයක්

      • යොෂියා යූදාවල රජ වෙයි (1, 2)

      • දේවමාලිගාව අලුත්වැඩියා කරන්න මඟ පෙන්වීම් දෙයි (3-7)

      • නීතිය ඇතුළත් ලියවිල්ල හම්බ වෙයි (8-13)

      • විනාශය ගැන හුල්දා කියපු අනාවැකිය (14-20)

2 රාජාවලිය 22:1

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 13:2; යෙරෙ 1:2; ශෙප 1:1
  • +2ලේක 34:1, 2
  • +යොෂු 15:20, 39

2 රාජාවලිය 22:2

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 15:5

2 රාජාවලිය 22:3

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 34:8

2 රාජාවලිය 22:4

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 12:9; 2ලේක 34:9
  • +1ලේක 6:13
  • +2රාජා 12:4, 5; 2ලේක 24:8

2 රාජාවලිය 22:5

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 12:11, 12; 2ලේක 34:10

2 රාජාවලිය 22:6

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 34:11

2 රාජාවලිය 22:7

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 12:15; 2ලේක 34:12

2 රාජාවලිය 22:8

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 22:3
  • +ද්වි 31:24-26
  • +2ලේක 34:14, 15

2 රාජාවලිය 22:9

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 34:16-18

2 රාජාවලිය 22:10

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 31:9

2 රාජාවලිය 22:11

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 34:19-21; යෝවෙ 2:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/1/2000, 30 පි.

2 රාජාවලිය 22:12

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 25:22; යෙරෙ 26:24

2 රාජාවලිය 22:13

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 4:24; 29:27; 31:17

2 රාජාවලිය 22:14

හරස් යොමු දැක්වීම්

  • +නික් 15:20; විනි 4:4; නෙහෙ 6:14; ලූක් 2:36; ක්‍රියා 21:8, 9
  • +2ලේක 34:22-28

2 රාජාවලිය 22:16

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 22:8

2 රාජාවලිය 22:17

හරස් යොමු දැක්වීම්

  • +නික් 20:3; ද්වි 32:17; විනි 2:12; යෙරෙ 2:11
  • +යෙසා 2:8
  • +ද්වි 32:22; යෙසා 33:14; යෙරෙ 7:20; එස 20:48

2 රාජාවලිය 22:19

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 21:29; යාකො 4:6
  • +2රාජා 22:11

2 රාජාවලිය 22:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ, 3/1/2003, 30 පි.

    මුරටැඹ,

    12/15/2000, 30 පි.

    9/15/2000, 30 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

2 රාජා. 22:11රාජා 13:2; යෙරෙ 1:2; ශෙප 1:1
2 රාජා. 22:12ලේක 34:1, 2
2 රාජා. 22:1යොෂු 15:20, 39
2 රාජා. 22:21රාජා 15:5
2 රාජා. 22:32ලේක 34:8
2 රාජා. 22:42රාජා 12:9; 2ලේක 34:9
2 රාජා. 22:41ලේක 6:13
2 රාජා. 22:42රාජා 12:4, 5; 2ලේක 24:8
2 රාජා. 22:52රාජා 12:11, 12; 2ලේක 34:10
2 රාජා. 22:62ලේක 34:11
2 රාජා. 22:72රාජා 12:15; 2ලේක 34:12
2 රාජා. 22:82රාජා 22:3
2 රාජා. 22:8ද්වි 31:24-26
2 රාජා. 22:82ලේක 34:14, 15
2 රාජා. 22:92ලේක 34:16-18
2 රාජා. 22:10ද්වි 31:9
2 රාජා. 22:112ලේක 34:19-21; යෝවෙ 2:13
2 රාජා. 22:122රාජා 25:22; යෙරෙ 26:24
2 රාජා. 22:13ද්වි 4:24; 29:27; 31:17
2 රාජා. 22:14නික් 15:20; විනි 4:4; නෙහෙ 6:14; ලූක් 2:36; ක්‍රියා 21:8, 9
2 රාජා. 22:142ලේක 34:22-28
2 රාජා. 22:162රාජා 22:8
2 රාජා. 22:17නික් 20:3; ද්වි 32:17; විනි 2:12; යෙරෙ 2:11
2 රාජා. 22:17යෙසා 2:8
2 රාජා. 22:17ද්වි 32:22; යෙසා 33:14; යෙරෙ 7:20; එස 20:48
2 රාජා. 22:191රාජා 21:29; යාකො 4:6
2 රාජා. 22:192රාජා 22:11
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
2 රාජාවලිය 22:1-20

දෙවෙනි රාජාවලිය

22 යොෂියා+ රජකමට පත් වෙද්දී එයාට වයස අවුරුදු අටයි. යෙරුසලමේ ඉඳන් එයා අවුරුදු 31ක් පාලනය කළා.+ එයාගේ අම්මාගේ නම යෙදීදා. එයා බොෂ්කත්වල+ කෙනෙක් වුණ අදායාගේ දුව. 2 යොෂියා යෙහෝවා දෙවියන් හරියි කියලා සලකන දේවල් කළා. එයාගේ මුතුන්මිත්තා වුණ දාවිත්ගේ අඩිපාරේම ගිය+ එයා දෙවියන් පෙන්නපු මාර්ගයෙන් අයින් වුණේම නැහැ.

3 යොෂියා රජ පාලනය කරපු 18වෙනි අවුරුද්දේදී එයා ලේකම් විදිහට වැඩ කරපු ෂාපාන්ව යෙහෝවා දෙවියන්ගේ ගෘහයට යැව්වා.+ ෂාපාන් කියන්නේ මෙෂල්ලම්ගේ පුතා වුණ අෂලියාගේ පුතා. රජ ෂාපාන්ට මෙහෙම කිව්වා. 4 “යෙහෝවා දෙවියන්ගේ ගෘහයට මිනිස්සු ගෙනාපු සල්ලි දොරටු පාලකයන් එකතු කරලා තියෙනවා.+ දැන් ඔයා ගිහින් උත්තම පූජක හිල්කියාට+ කියන්න ඒ ඔක්කොම සල්ලි එකතු කරගන්න කියලා.+ 5 ඒ සල්ලි යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ අලුත්වැඩියා කටයුතු බලාගන්න පත් කරලා ඉන්න අයට භාර දෙන්න කියන්න. ඒ අයට පුළුවන් යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ කැඩුණ බිඳුණ තැන් හදන අයගේ කුලී ගෙවන්න ඒ සල්ලි පාවිච්චි කරන්න.+ 6 වඩුවන්ටයි, ඉදි කිරීම් වැඩ කරන අයටයි, බිත්ති බඳින අයටයි ඒ සල්ලිවලින් කුලී ගෙවන්න පුළුවන්. ගෘහය අලුත්වැඩියා කරන්න ඕනෙ කරන ලී සහ කපපු ගල් ගන්නත් ඒ සල්ලි පාවිච්චි කරන්න.+ 7 එයාලා විශ්වාසවන්තව වැඩ කරන අය නිසා+ ඒ සල්ලි පාවිච්චි කරන්නේ කොහොමද කියලා හොයලා බලන්න අවශ්‍ය නැහැ.”

8 දවසක් උත්තම පූජක හිල්කියා ලේකම් විදිහට වැඩ කරපු ෂාපාන්ට මෙහෙම කිව්වා.+ “යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ තිබිලා නීතිය ඇතුළත් ලියවිල්ල+ මට හම්බ වුණා.” ඉතින් එයා ඒක ෂාපාන්ට දුන්නාම ෂාපාන් ඒක කියවන්න පටන්ගත්තා.+ 9 ඊටපස්සේ ලේකම් විදිහට වැඩ කරපු ෂාපාන්, රජ ළඟට ඇවිත් මෙහෙම කිව්වා. “රජතුමනි, දෙවියන්ගේ ගෘහයට ගෙනාපු සල්ලි ඔබේ සේවකයෝ එකතු කළා. එයාලා ඒ සල්ලි යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ වැඩකටයුතු බලාගන්න පත් කරපු අයට භාර දුන්නා.”+ 10 ලේකම් විදිහට වැඩ කරපු ෂාපාන් යොෂියා රජට මෙහෙමත් කිව්වා. “පූජක හිල්කියා මට මේ ලියවිල්ල දුන්නා.”+ ඊටපස්සේ එයා ඒක රජට ඇහෙන්න කියෙව්වා.

11 රජ නීතිය ඇතුළත් ඒ ලියවිල්ලේ තිබුණ දේවල් ඇහුව ගමන්ම එයාගේ ඇඳුම් ඉරාගත්තා.+ 12 ඊටපස්සේ රජ පූජක හිල්කියාට, ෂාපාන්ගේ පුතා වුණ අහිකාම්ට,+ මිකායාගේ පුතා වුණ අක්බොර්ට, ලේකම් වුණ ෂාපාන්ට සහ රජගේ සේවකයා වුණ අසායාට මෙහෙම අණ කළා. 13 “දැන් ඔයාලා ගිහින් අපිට හම්බ වුණ මේ ලියවිල්ලේ තියෙන දේවල් අපිට බලපාන්නේ කොහොමද කියලා යෙහෝවාගෙන් අහන්න. මං වෙනුවෙනුත් මේ සෙනඟ වෙනුවෙනුත් මුළු යූදා දේශයේ ඉන්න මිනිස්සු වෙනුවෙනුත් දෙවියන්ගෙන් ඒ ගැන අහන්න. මොකද අපේ මුතුන්මිත්තන් මේ ලියවිල්ලේ තියෙන දේවලට කීකරු වුණේ නැහැ. ඒ ලියවිල්ලේ අපිට කරන්න කියලා ලියලා තියෙන දේවල් අපි පිළිපැද්දේ නැහැ. ඒ නිසයි යෙහෝවා අපිත් එක්ක මේ තරම් කේන්තියෙන් ඉන්නේ.”+

14 ඉතින් පූජක හිල්කියා, අහිකාම්, අක්බොර්, ෂාපාන් සහ අසායා අනාගතවක්තෘවරියක්+ වුණ හුල්දාව හම්බ වෙන්න ගියා. හුල්දා නිලඇඳුම් භාරව හිටපු ෂල්ලුම්ගේ බිරිඳ. ෂල්ලුම් කියන්නේ හර්හස්ගේ පුතා වුණ තික්වාගේ පුතා. හුල්දා ජීවත් වුණේ යෙරුසලමේ අලුතින් හදපු කොටසේ. එයාලා එහෙට ගිහින් හුල්දාව හම්බ වුණා.+ 15 එතකොට හුල්දා එයාලට මෙහෙම කිව්වා. “ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා කියන්නේ මේකයි. ‘මාව හම්බ වෙන්න ඔයාලව එවපු කෙනාට මේ දේ කියන්න. 16 “යෙහෝවා මෙහෙම කියනවා. ‘මම මේ දේශය පිටටත් මෙහේ ඉන්න මිනිස්සු පිටටත් විනාශයක් ගේනවා. යූදාවල රජ කියවපු ලියවිල්ලේ තියෙන හැම දෙයක්ම ඒ විදිහටම ඉටු වෙනවා.+ 17 මොකද එයාලා මාව අත්හැරලා ගිහින් වෙනත් දෙවිවරුන්ට පූජා ඔප්පු කරනවා.+ එයාලා කරන හැම දේකින්ම එයාලා මාව කේන්ති ගස්සනවා.+ මගේ කේන්තිය හරියට ගින්නක් වගේ මේ දේශයට විරුද්ධව ඇවිළිලා තියෙනවා. ඒක නිවිලා යන්නේ නැහැ.’”+ 18 යෙහෝවාගෙන් අහන්න කියලා ඔයාලව එවපු යූදාවල රජට ඔයාලා මේ දේ කියන්න. ‘ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මෙහෙම කියනවා. “ලියවිල්ලෙන් ඔයාට අහන්න ලැබුණ වචන ගැන මට කියන්න තියෙන්නේ මේකයි. 19 මේ දේශයටයි, මෙහේ ඉන්න මිනිස්සුන්ටයි මම කරන්න යන දේ ගැන ඇහුවාම ඔයා ගොඩක් දුක් වෙලා යෙහෝවා වන මං ඉස්සරහා ගොඩක් බැගෑපත් වුණා.+ සෙනඟ අද්දකින්න යන ශාප දකින අය පවා පුදුම වෙනවා කියලා ඔයා ඇහුවාම ඔයා ඔයාගේ ඇඳුම් ඉරාගෙන+ මං ඉස්සරහා අඬා වැලපුණා. ඒ නිසා ඔයා කරපු යාච්ඤාව මම ඇහුවා කියලා යෙහෝවා කියනවා. 20 ඒ හින්දා මම මේ දේශයට ගේන විනාශය ඔයා දකින්නේ නැහැ. හිතේ බරක් නැතුව ඔයාට මැරෙන්න මම ඉඩහරිනවා. ඔයාවත් ඔයාගේ මුතුන්මිත්තන් වගේ ඔයාගෙම සොහොන් ගෙයි තැන්පත් කරනවා.’”’” එයාලා ඇවිත් ඒ හැම දෙයක්ම රජට කිව්වා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න