ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ක්‍රියා 19
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ක්‍රියා පොතේ සාරාංශයක්

      • පාවුල් එෆීසයට යයි; සමහරු ආයෙත් බව්තීස්ම වෙයි (1-7)

      • පාවුල් උගන්වයි (8-10)

      • භූත බලපෑම් තිබුණත් පණිවිඩය පැතිරෙයි (11-20)

      • එෆීසයේදී උද්ඝෝෂණයක් ඇති වෙයි (21-41)

ක්‍රියා 19:1

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 18:24; 1කොරි 3:5, 6
  • +1කොරි 16:8, 9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 182 පි.

ක්‍රියා 19:2

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 2:38

ක්‍රියා 19:3

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 18:24, 25

ක්‍රියා 19:4

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 3:11; මාක් 1:4
  • +යොහ 1:15, 30

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 110 ලිපිය

    මාර්ගය යේසුස්, 30 පි.

ක්‍රියා 19:6

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 8:14, 17
  • +ක්‍රියා 2:1, 4; 10:45, 46; 1කොරි 12:8, 10

ක්‍රියා 19:8

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 17:2
  • +ක්‍රියා 1:3; 28:30, 31

ක්‍රියා 19:9

පාදසටහන්

  • *

    මූ.අ., “පාඨශාලාවට.”

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 9:1, 2; 22:4
  • +මතෙ 10:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 183-184 පි.

ක්‍රියා 19:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 183-184 පි.

    මුරටැඹ,

    12/15/2008, 17-18 පි.

    8/15/2007, 10 පි.

ක්‍රියා 19:11

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 14:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/1/1992, 5 පි.

ක්‍රියා 19:12

හරස් යොමු දැක්වීම්

  • +මාක් 6:56; ක්‍රියා 5:15
  • +මතෙ 10:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 184 පි.

    මුරටැඹ,

    6/1/1992, 5 පි.

ක්‍රියා 19:13

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 16:18

ක්‍රියා 19:15

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 8:28, 29; මාක් 1:23, 24; ලූක් 4:33, 34
  • +ක්‍රියා 16:16, 17

ක්‍රියා 19:17

පාදසටහන්

  • *

    හෝ, “එයාලට දෙවියන් ගැන ගරුබියක් ඇති වුණා.”

ක්‍රියා 19:19

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 18:10, 11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 185 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 24 පාඩම

    මුරටැඹ (පාඩම්),

    4/2019, 22-23 පි.

    මුරටැඹ,

    11/1/2014, 6-7 පි.

    9/1/1994, 26 පි.

    පිබිදෙව්!,

    8/8/2000, 28 පි.

ක්‍රියා 19:20

පාදසටහන්

  • *

    උප. A5 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 6:7; 12:24; කොලො 1:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    4/1/2001, 10, 12-13 පි.

ක්‍රියා 19:21

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 16:5
  • +ක්‍රියා 20:22
  • +ක්‍රියා 23:11

ක්‍රියා 19:22

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 16:1, 2
  • +2තිමෝ 4:20

ක්‍රියා 19:23

පාදසටහන්

  • *

    ඒ කියන්නේ එෆීසයේදී.

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 9:1, 2; 19:9; 22:4
  • +2කොරි 1:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 185-186 පි.

ක්‍රියා 19:24

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 16:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/1/2009, 19 පි.

ක්‍රියා 19:25

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 184 පි.

ක්‍රියා 19:26

හරස් යොමු දැක්වීම්

  • +එෆී 1:1
  • +ක්‍රියා 17:29; 1කොරි 8:4

ක්‍රියා 19:27

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 183, 185-186 පි.

ක්‍රියා 19:29

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 20:4; කොලො 4:10; ෆිලෙ 23, 24

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/15/2007, 10 පි.

ක්‍රියා 19:31

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 187 පි.

ක්‍රියා 19:33

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 186 පි.

ක්‍රියා 19:38

පාදසටහන්

  • *

    එක පළාතක් අධීක්ෂණය කරපු රෝම පාලකයෙක්. “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 19:24

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ක්‍රියා 19:1ක්‍රියා 18:24; 1කොරි 3:5, 6
ක්‍රියා 19:11කොරි 16:8, 9
ක්‍රියා 19:2ක්‍රියා 2:38
ක්‍රියා 19:3ක්‍රියා 18:24, 25
ක්‍රියා 19:4මතෙ 3:11; මාක් 1:4
ක්‍රියා 19:4යොහ 1:15, 30
ක්‍රියා 19:6ක්‍රියා 8:14, 17
ක්‍රියා 19:6ක්‍රියා 2:1, 4; 10:45, 46; 1කොරි 12:8, 10
ක්‍රියා 19:8ක්‍රියා 17:2
ක්‍රියා 19:8ක්‍රියා 1:3; 28:30, 31
ක්‍රියා 19:9ක්‍රියා 9:1, 2; 22:4
ක්‍රියා 19:9මතෙ 10:14
ක්‍රියා 19:11ක්‍රියා 14:3
ක්‍රියා 19:12මාක් 6:56; ක්‍රියා 5:15
ක්‍රියා 19:12මතෙ 10:1
ක්‍රියා 19:13ක්‍රියා 16:18
ක්‍රියා 19:15මතෙ 8:28, 29; මාක් 1:23, 24; ලූක් 4:33, 34
ක්‍රියා 19:15ක්‍රියා 16:16, 17
ක්‍රියා 19:19ද්වි 18:10, 11
ක්‍රියා 19:20ක්‍රියා 6:7; 12:24; කොලො 1:6
ක්‍රියා 19:211කොරි 16:5
ක්‍රියා 19:21ක්‍රියා 20:22
ක්‍රියා 19:21ක්‍රියා 23:11
ක්‍රියා 19:22ක්‍රියා 16:1, 2
ක්‍රියා 19:222තිමෝ 4:20
ක්‍රියා 19:23ක්‍රියා 9:1, 2; 19:9; 22:4
ක්‍රියා 19:232කොරි 1:8
ක්‍රියා 19:24ක්‍රියා 16:16
ක්‍රියා 19:26එෆී 1:1
ක්‍රියා 19:26ක්‍රියා 17:29; 1කොරි 8:4
ක්‍රියා 19:29ක්‍රියා 20:4; කොලො 4:10; ෆිලෙ 23, 24
ක්‍රියා 19:38ක්‍රියා 19:24
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
  • 35
  • 36
  • 37
  • 38
  • 39
  • 40
  • 41
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ක්‍රියා 19:1-41

යේසුස්ගේ නියෝජිතයන්ගේ ක්‍රියා

19 අපොලොස්+ කොරින්තියේ ඉද්දී පාවුල් මුහුදු තීරයට හුඟක් ඈතින් තිබුණ පැති හරහා ගිහින් එෆීසයට ගියා.+ එහෙදී එයාට ගෝලයන් කීපදෙනෙක්ව හම්බ වුණා. 2 එයා එයාලාගෙන් ඇහුවා “ඔයාලා යේසුස්ගේ අනුගාමිකයන්+ වෙද්දී ඔයාලට දෙවියන්ගේ බලය ලැබුණාද” කියලා. එතකොට එයාලා කිව්වා “දෙවියන්ගේ බලය ලැබෙන එක ගැන අපි කවදාවත් අහලා තිබුණේ නැහැ” කියලා. 3 ඉතින් පාවුල් ඇහුවා “එහෙමනම් ඔයාලා බව්තීස්ම වුණේ කොහොමද” කියලා. “යොහන් උගන්නපු විදිහට තමයි අපිව බව්තීස්ම කළේ”+ කියලා එයාලා කිව්වා. 4 එතකොට පාවුල් කිව්වා “යොහන් මිනිස්සුන්ව බව්තීස්ම කළේ එයාලා පසුතැවිලි වෙලා+ කියලා පෙන්නන්නයි. එයා කිව්වේ එයාගෙන් පස්සේ එන කෙනාව,+ ඒ කියන්නේ යේසුස්ව විශ්වාස කරන්න කියලා.” 5 ඒක ඇහුවාම එයාලා ස්වාමීන් වන යේසුස්ගේ නමින් බව්තීස්ම වුණා. 6 පාවුල් එයාලා මත අත තිබ්බාම එයාලට දෙවියන්ගේ බලය ලැබුණා.+ ඊටපස්සේ එයාලා විවිධ භාෂාවලින් කතා කරන්නත් අනාවැකි කියන්නත් පටන්ගත්තා.+ 7 එතන පුරුෂයෝ 12දෙනෙක් විතර හිටියා.

8 පාවුල් සිනගෝගයට+ ගිහින් නිර්භීතව ඉගැන්නුවා. එයා දෙවියන්ගේ රාජ්‍යය ගැන දේශන දීලා තර්කානුකූලව දේවල් තේරුම්ගන්න මිනිස්සුන්ට උදව් කළා.+ එයා මාස තුනක් තිස්සේ ඒ දේ කළා. 9 ඒත් සමහරු මුරණ්ඩු වෙලා පණිවිඩය පිළිගත්තේ නැහැ. එයාලා හැමෝම ඉස්සරහා ‘ස්වාමීන්ගේ මාර්ගය’+ ගැන අපහාසාත්මක දේවල් කියන්න පටන්ගත්තා. ඉතින් පාවුල් ගෝලයන්වත් එක්කගෙන එයාලාගෙන් අයින් වෙලා ගියා.+ ඊටපස්සේ එයා හැම දවසකම තිරනස්ගේ සම්මන්ත්‍රණ ශාලාවට* ඇවිත් දේශන ඉදිරිපත් කළා. 10 එයා අවුරුදු දෙකක්ම ඒ විදිහට කළා. ඒ නිසා ආසියා ප්‍රදේශයේ ඉන්න හැමෝටම, ඒ කියන්නේ යුදෙව්වරුන්ටත් ග්‍රීකවරුන්ටත් ස්වාමීන්ගේ පණිවිඩය දැනගන්න ලැබුණා.

11 දෙවියන් පාවුල් මාර්ගයෙන්+ පුදුම කරවන බලවත් ක්‍රියා දිගටම කළා. 12 මිනිස්සු පාවුල් පාවිච්චි කරපු රෙදි කෑලිත් එයා වැඩ කරද්දී උඩින් ඇඳපු ඇඳුමුත් ලෙඩින් ඉන්න අය+ ළඟට අරන් ගියාම එයාලා සුව වුණා. භූතයොත් මිනිස්සුන්ගෙන් පිට වෙලා ගියා.+ 13 මේ අතරේ තැනින් තැනට ගිහින් භූතයන්ව එළවපු යුදෙව්වන් පිරිසකුත් හිටියා. එයාලත් ස්වාමීන් වන යේසුස්ගේ නම පාවිච්චි කරලා භූතයන්ව එළවන්න උත්සාහ කළා. එයාලා ඒක කරන්න හැදුවේ මෙහෙම කියලයි. “පාවුල් දේශනා කරන යේසුස්ගේ නමින් මං කියන්නේ මේ කෙනාගෙන් පිට වෙලා යන්න.”+ 14 ඒ දේ යුදෙව් ජාතික නායක පූජකයෙක් වන සීවා කියන කෙනාගේ පුතාලා හත්දෙනාත් කළා. 15 එයාලා එහෙම කරද්දී භූතයා එයාලට මෙහෙම කිව්වා. “මම යේසුස් ගැනත් දන්නවා.+ පාවුල් ගැනත් දන්නවා.+ ඒත් ඔයාලා කවුද?” 16 ඒත් එක්කම ඒ භූතයා වැහිලා හිටපු කෙනා ඒ එක් එක් කෙනාගේ ඇඟට කඩන් පැනලා එයාලට හිරිහැර කළා. හොඳටම තුවාල වුණ එයාලා ඇඳුම් නැතුවම ඒ ගෙදරින් පැනලා ගියා. 17 එෆීසයේ හිටපු හැමෝටම, ඒ කියන්නේ යුදෙව්වන්ටයි, ග්‍රීකවරුන්ටයි ඒ ගැන ආරංචි වුණා. ඒ නිසා එයාලා හොඳටම බය වුණා.* ඒ සිද්ධිය නිසා ස්වාමීන් වන යේසුස්ගේ නම දිගටම ගෞරවයට පත් වුණා. 18 යේසුස්ගේ අනුගාමිකයන් වෙලා හිටිය හුඟදෙනෙක් ඇවිත් එයාලා කලින් කරපු වැරදි ප්‍රසිද්ධියේ කියලා ඒවා පිළිගත්තා. 19 ඒ වගේම මන්තර ගුරුකම් කරපු හුඟදෙනෙක් එයාලා ගුරුකම් කරන්න පාවිච්චි කරපු පොත් ගෙනල්ලා ඒවා හැමෝම ඉස්සරහා පුච්චලා දැම්මා.+ ගණන් බැලුවාම ඒ පොත්වල වටිනාකම රිදී කාසි 50,000ක් කියලා එයාලා දැනගත්තා. 20 ඒ විදිහට යෙහෝවා* දෙවියන්ගේ පණිවිඩය හැමෝම අතරේ පැතිරිලා ගිහින් එයාලාගේ ජීවිතවල ලොකු වෙනසක් ඇති කළා. ඒක පැතිරෙන එක නවත්තන්න කාටවත් බැරි වුණා.+

21 ඒ දේවල් වුණාට පස්සේ පාවුල් තීරණය කළා මැසිඩෝනියාවටයි,+ ඇකේයාවටයි ගිහින් එතනින් යෙරුසලමට+ යන්න. “යෙරුසලමට ගියාට පස්සේ මං රෝමයටත්+ යන්න ඕනෙ” කියලා එයා කිව්වා. 22 ඉතින් පාවුල් එයාගේ උදව්වට හිටිය තිමෝතිවයි,+ එරස්ටස්වයි+ මැසිඩෝනියාවට යැව්වා. ඒත් එයා ටික කාලයක් ආසියා ප්‍රදේශයේ නැවතිලා හිටියා.

23 ඒ කාලයේදී ‘ස්වාමීන්ගේ මාර්ගයට’+ විරුද්ධව උද්ඝෝෂණයක්*+ ඇති වුණා. 24 එහෙම වුණේ දෙමේත්‍රියස් කියන රිදීකරුවා නිසයි. එයා තව පිරිසක් එක්ක එකතු වෙලා ආටෙමිස්ගේ දේවාලයේ හැඩේට පොඩි පොඩි රූප හදලා ඒවා විකුණුවා. ඒකෙන් එයාලට ලොකු ලාභයක් ලැබුණා.+ 25 ඉතින් දෙමේත්‍රියස් එයා එක්ක වැඩ කරපු අයවයි, එයා හදපු විදිහේ දේවල් හදපු තවත් අයවයි එකතු කරගෙන එයාලට මෙහෙම කිව්වා. “සහෝදරයෙනි, අපි මේ තරම් පොහොසත් වෙලා තියෙන්නේ මේ ව්‍යාපාරය නිසා කියලා ඔයාලා දන්නවා. 26 ඒත් ඔයාලා දන්නවානේ අර පාවුල් කියන මනුස්සයා එෆීසයට ඇවිල්ලා කරන දේවල්. එයා එෆීසයේ විතරක් නෙවෙයි+ ආසියා පළාතේ ඉන්න හැමෝවම වගේ එයාගේ පැත්තට නම්මගෙන. එයාලා හැමෝම දැන් පිළිගන්නේ එයා කියන දේ. එයා කියන්නේ මිනිස්සු හදන දෙවිවරු ඇත්තටම දෙවිවරු නෙවෙයි කියලා.+ 27 මට බය අපේ ව්‍යාපාරයට නරක නමක් ඇති වෙයි කියන එක ගැන විතරක් නෙවෙයි. අපේ ශ්‍රේෂ්ඨ ආටෙමිස් දේවතාවියගේ දේවස්ථානයෙන් කිසි වැඩක් නැහැ කියලා මිනිස්සු හිතයි කියලත් මට බයයි. මුළු ආසියා පළාතෙත් ලෝකේ පුරාමත් ඉන්න අය ඇයට ගොඩක් ගෞරවයෙන් සලකනවා. ඒත් මෙහෙම ගියොත් ඒ ගෞරවය නැති වෙලාම යයි.” 28 ඒ දේවල් ඇහුවාම එතන රැස් වෙලා හිටපු අයට හොඳටම කේන්ති ගිහින් මෙහෙම කෑගහන්න පටන්ගත්තා. “එෆීසවරුන්ගේ ආටෙමිස් දේවතාවිය සදහටම වැජඹේවා!”

29 ඉතින් ඒ නගරය පුරාම ලොකු කලබලයක් ඇති වුණා. හැමෝම එකතු වෙලා ගායස්වයි, අරිස්තාකස්වයි+ රංග භූමියට ඇදගෙන ගියා. පාවුල් එක්ක එයාගේ ගමන්වලට හවුල් වුණ ඒ දෙන්නා මැසිඩෝනියානු ජාතිකයන්. 30 පාවුල් රංග භූමියේ එකතු වෙලා හිටපු සෙනඟ අතරට ගිහින් කතා කරන්න හැදුවත් ගෝලයෝ ඒකට ඉඩ දුන්නේ නැහැ. 31 උත්සව සහ ක්‍රීඩා සංවිධානය කරපු කීපදෙනෙකුත් පණිවිඩ යවලා එයාට කිව්වා රංග භූමියට ගිහින් එයාගේ ජීවිතේ අනතුරේ දාගන්න එපා කියලා. එයාලා පාවුල්ට හුඟක් හිතවත් අය. 32 රැස් වෙලා හිටපු වැඩිදෙනෙක් තමන් එතනට ආවේ ඇයි කියලවත් දැනන් හිටියේ නැහැ. තමන් මොනවාද කරන්නේ කියලවත් එයාලට තේරුණේ නැහැ. ඒ නිසා එයාලා එක එක දේවල් කියකිය කෑගැහුවා. 33 එයාලා සෙනඟ අතරෙන් ඇලෙක්සැන්ඩර්ව ඇදගෙන ආවා. ඊටපස්සේ යුදෙව්වරු එයාව සෙනඟ ඉස්සරහට තල්ලු කළා. එතකොට ඇලෙක්සැන්ඩර් සෙනඟට නිහඬ වෙන්න කියලා අතින් සංඥා කරලා වෙච්ච දේ පැහැදිලි කරන්න හැදුවා. 34 ඒත් එයා යුදෙව්වෙක් කියලා දැක්කාම ඒ හැමෝම පැය දෙකක් තිස්සේ “එෆීසවරුන්ගේ ආටෙමිස් දේවතාවිය සදහටම වැජඹේවා” කියකිය කෑගැහුවා.

35 අන්තිමේදී එයාලව සන්සුන් කරන්න පුළුවන් වුණේ නගරාධිපතිට. එයා මෙහෙම කිව්වා. “එෆීසයේ වැසියෙනි, ශ්‍රේෂ්ඨ ආටෙමිස්ගේ දේවස්ථානයත් අහසින් වැටුණ රූපයත් බලා කියා ගන්නේ එෆීසයේ වැසියන් කියන දේ නොදන්න කෙනෙක් ඉන්නවාද? 36 ඒක එහෙම නෙවෙයි කියලා කිසිම කෙනෙක්ට කියන්න බැහැ. ඒ නිසා ඔයාලා සන්සුන් වෙන්න. හදිස්සි වෙලා මුකුත් කරන්න යන්න එපා. 37 මොකද ඔයාලා මෙහෙට අරන් ආපු මේ මිනිස්සු දේවස්ථාන කොල්ල කන අයවත් අපේ දේවතාවියට අපහාස කරන අයවත් නෙවෙයි. 38 නඩු අහන දවස් තියෙනවා. නඩු අහන ආණ්ඩුකාරයනුත්* ඉන්නවා. ඒ නිසා දෙමේත්‍රියස්ටයි,+ එයාත් එක්ක ඉන්න වැඩකරුවන්ටයි කාට හරි විරුද්ධව පැමිණිල්ලක් කරන්න තියෙනවා නම් එයාලට පුළුවන් ඒ වගේ දවසක ඇවිත් පැමිණිල්ලක් දාන්න. 39 ඒත් ඔයාලට ඊට වඩා දෙයක් කරන්න ඕනෙ නම් ඒ ගැන තීරණයක් ගන්න වෙන්නේ නිලධාරීන් කැඳවන ප්‍රසිද්ධ රැස්වීමකදියි. 40 අද මෙහේ සිද්ධ වුණ දේ නිසා අපි ආණ්ඩුවට විරුද්ධව කැරලිගහනවා කියන චෝදනාවත් අපිට එල්ල වෙන්න පුළුවන්. මොකද මේ විදිහට එකතු වෙලා මෙච්චර ලොකු කලබලයක් ඇති කරන්න අපිට කිසිම සාධාරණ හේතුවක් නැහැ.” 41 එයා එහෙම කියලා රැස් වෙලා හිටිය සෙනඟව විසුරුවාහැරියා.

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න