ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 1
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

යෙරෙමියා පොතේ සාරාංශයක්

      • යෙරෙමියාව අනාගතවක්තෘවරයෙක් විදිහට පත් කරයි (1-10)

      • ආමන්ඩ් ගහ ගැන දැක්ක දර්ශනය (11, 12)

      • ලොකු හැළිය ගැන දර්ශනය (13-16)

      • පැවරුම කරන්න යෙරෙමියාව ශක්තිමත් කරයි (17-19)

යෙරෙමියා 1:1

පාදසටහන්

  • *

    තේරුම, “යෙහෝවා උසස් කරයි” වෙන්න පුළුවන්.

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 21:8, 18

යෙරෙමියා 1:2

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 21:19, 20
  • +2රාජා 22:1, 2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    “මුළු ශුද්ධ ලියවිල්ල” (යෙරෙ–මලා), 3 පි.

යෙරෙමියා 1:3

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 24:1; 2ලේක 36:4
  • +2රාජා 24:18, 19
  • +2රාජා 25:8, 11; යෙරෙ 52:12, 15

යෙරෙමියා 1:5

පාදසටහන්

  • *

    හෝ, “මම ඔයාව තෝරගත්තා.”

හරස් යොමු දැක්වීම්

  • +විනි 13:5; ගීතා 139:15, 16
  • +ලූක් 1:13, 15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙරෙමියා, 7-9 පි.

යෙරෙමියා 1:6

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 3:5, 7
  • +නික් 4:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2011, 29 පි.

    යෙරෙමියා, 9 පි.

යෙරෙමියා 1:7

හරස් යොමු දැක්වීම්

  • +නික් 7:1, 2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙරෙමියා, 255 පි.

යෙරෙමියා 1:8

හරස් යොමු දැක්වීම්

  • +එස 2:6
  • +නික් 3:11, 12; යෙරෙ 15:20; ක්‍රියා 18:9, 10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙරෙමියා, 251-254 පි.

    මුරටැඹ,

    3/15/2007, 9-10 පි.

    12/15/2005, 23-24 පි.

යෙරෙමියා 1:9

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 6:7
  • +නික් 4:12, 15; එස 33:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙරෙමියා, 43-46 පි.

යෙරෙමියා 1:10

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 18:7-10; 24:5, 6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2011, 30, 31-32 පි.

    යෙරෙමියා, 224 පි.

යෙරෙමියා 1:11

පාදසටහන්

  • *

    මූ.අ., “අවදි වෙන කෙනෙක්.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2007, 8-9 පි.

යෙරෙමියා 1:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2011, 28-29 පි.

    3/15/2007, 8-9 පි.

    2/15/1993, 32 පි.

යෙරෙමියා 1:13

පාදසටහන්

  • *

    හැළිය යට තියෙන ගින්දර හොඳට අවුළන්න ඒකට පිඹිනවා කියන අදහස මුල් භාෂාවේ තියෙනවා.

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙරෙමියා, 18-19 පි.

යෙරෙමියා 1:14

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 6:1; 10:22

යෙරෙමියා 1:15

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 5:15; 6:22; 25:9
  • +යෙරෙ 39:3
  • +ද්වි 28:52; යෙරෙ 34:22; 44:6

යෙරෙමියා 1:16

පාදසටහන්

  • *

    හෝ, “දුම ඉහළට නඟින විදිහට පූජා.”

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 24:20; 2රාජා 22:17; 2ලේක 7:19, 20
  • +එස 8:10, 11; හොෂෙ 11:2
  • +යෙසා 2:8

යෙරෙමියා 1:17

පාදසටහන්

  • *

    මූ.අ., “ඉඟටිය තදින් බැඳගන්න.”

හරස් යොමු දැක්වීම්

  • +එස 2:6

යෙරෙමියා 1:18

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 26:12
  • +යෙරෙ 15:20; 20:11; එස 3:8; මීකා 3:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2011, 32 පි.

යෙරෙමියා 1:19

හරස් යොමු දැක්වීම්

  • +උත් 28:15; නික් 3:12; යොෂු 1:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙරෙමියා, 116-117 පි.

    මුරටැඹ,

    4/1/2000, 17-18 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

යෙරෙ. 1:1යොෂු 21:8, 18
යෙරෙ. 1:22රාජා 21:19, 20
යෙරෙ. 1:22රාජා 22:1, 2
යෙරෙ. 1:32රාජා 24:1; 2ලේක 36:4
යෙරෙ. 1:32රාජා 24:18, 19
යෙරෙ. 1:32රාජා 25:8, 11; යෙරෙ 52:12, 15
යෙරෙ. 1:5විනි 13:5; ගීතා 139:15, 16
යෙරෙ. 1:5ලූක් 1:13, 15
යෙරෙ. 1:61රාජා 3:5, 7
යෙරෙ. 1:6නික් 4:10
යෙරෙ. 1:7නික් 7:1, 2
යෙරෙ. 1:8එස 2:6
යෙරෙ. 1:8නික් 3:11, 12; යෙරෙ 15:20; ක්‍රියා 18:9, 10
යෙරෙ. 1:9යෙසා 6:7
යෙරෙ. 1:9නික් 4:12, 15; එස 33:7
යෙරෙ. 1:10යෙරෙ 18:7-10; 24:5, 6
යෙරෙ. 1:14යෙරෙ 6:1; 10:22
යෙරෙ. 1:15යෙරෙ 5:15; 6:22; 25:9
යෙරෙ. 1:15යෙරෙ 39:3
යෙරෙ. 1:15ද්වි 28:52; යෙරෙ 34:22; 44:6
යෙරෙ. 1:16යොෂු 24:20; 2රාජා 22:17; 2ලේක 7:19, 20
යෙරෙ. 1:16එස 8:10, 11; හොෂෙ 11:2
යෙරෙ. 1:16යෙසා 2:8
යෙරෙ. 1:17එස 2:6
යෙරෙ. 1:18යෙරෙ 26:12
යෙරෙ. 1:18යෙරෙ 15:20; 20:11; එස 3:8; මීකා 3:8
යෙරෙ. 1:19උත් 28:15; නික් 3:12; යොෂු 1:5
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
යෙරෙමියා 1:1-19

යෙරෙමියා

1 බෙන්ජමින් දේශයේ අනාතොත්වල+ පූජකයෙක් වුණ හිල්කියාගේ පුත් යෙරෙමියා* කියපු දේවල් තමයි මේ. 2 ආමොන්ගේ+ පුත්, යූදාවල රජ වුණ යොෂියා+ පාලනය කරපු 13වෙනි අවුරුද්දේදී යෙහෝවා දෙවියන් තමන්ගේ පණිවිඩය යෙරෙමියාට දැන්නුවා. 3 යොෂියාගේ පුත් යෙහෝයාකිම්+ යූදාවල රජකම් කරපු කාලේදීත් යොෂියාගේ පුත් ශෙදකියා+ යූදා දේශය පාලනය කරපු 11වෙනි අවුරුද්ද වෙන කල්මත් ඒ පණිවිඩ යෙරෙමියාට දැන්නුවා. ඒ කියන්නේ යෙරුසලමේ වැසියන්ව වහලුන් විදිහට අරගෙන ගිය පස්වෙනි මාසය+ වෙන කල්ම ඒ පණිවිඩ එයාට ලැබුණා.

4 යෙහෝවා මට මෙහෙම කිව්වා.

 5 “ඔයා මව්කුසේ පිළිසිඳගන්නත් කලින් ඔයා කවුද කියලා මම දැනන් හිටියා.*+

ඔයා ඉපදෙන්නත් කලින් මම ඔයාව ශුද්ධ සේවයක් වෙනුවෙන් තෝරගත්තා.+

මම ඔයාව ජාතීන්ට අනාවැකි කියන කෙනෙක් විදිහට පත් කළා.”

 6 ඒත් මම මෙහෙම කිව්වා. “ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා දෙවියනි,

අනේ, මම තාම තරුණයෙක්.+ මං කතාවට දක්ෂ කෙනෙක් නෙමෙයි.”+

 7 එතකොට යෙහෝවා මට මෙහෙම කිව්වා.

“‘මම තාම තරුණයෙක්’ කියලා කියන්න එපා.

මම ඔයාව යවන හැම කෙනෙක් ළඟටම ඔයා යන්න ඕනේ.

මම ඔයාට කියන්න අණ කරන හැම දෙයක්ම ඔයා එයාලට දන්වන්න ඕනේ.+

 8 එයාලාගේ පෙනුමට බය වෙන්න එපා.+

මොකද ‘ඔයාව බේරගන්න මං ඔයා එක්කම ඉන්නවා’+ කියලා යෙහෝවා කියනවා.”

9 ඊටපස්සේ යෙහෝවා ඔහුගේ අත දිගඇරලා මගේ කටට අත තිබ්බා.+ යෙහෝවා මට මෙහෙම කිව්වා. “මම මගේ වචන ඔයාගේ කටේ තිබ්බා.+ 10 අද මම ඔයාව ජාතීන්ට සහ රාජ්‍යයන්ට අනතුරු අඟවන්න පත් කරනවා. දේවල් කඩලා බිඳලා දාන්නත් උදුරලා දාන්නත් ඔයාට බලය දෙනවා. දේවල් විනාශ කරලා, බිමට ඇදලා දාන්නත් ගොඩනඟන්නත් හිටවන්නත් බලය දෙනවා.”+

11 යෙහෝවාගෙන් මට ආයෙත් පණිවිඩයක් ලැබුණා. “යෙරෙමියා, ඔයාට පේන්නේ මොකක්ද” කියලා ඔහු මගෙන් ඇහුවා. මම කිව්වා “ආමන්ඩ් ගහක අත්තක්* මට පේනවා” කියලා.

12 යෙහෝවා මට මෙහෙම කිව්වා. “ඔයා දැක්ක දේ හරි. මම හොඳ අවදියෙන් ඉඳලා මම කියන දේ ඉටු කරනවා.”

13 දෙවෙනි පාරටත් යෙහෝවාගෙන් මට පණිවිඩයක් ලැබුණා. “ඔයාට මොනවාද පේන්නේ” කියලා ඔහු මගෙන් ඇහුවා. ඉතින් මම මෙහෙම කිව්වා. “දුම් දදා උතුරන* ලොකු හැළියක් මට පේනවා. ඒකේ කට උතුරු දිශාවට නෙමෙයි අනිත් පැත්තට ඇල කරලයි තියෙන්නේ.” 14 එතකොට යෙහෝවා මට මෙහෙම කිව්වා.

“උතුරු දිශාවෙන් වේගයෙන් විපතක් එනවා.

ඒක එන්නේ දේශයේ ඉන්න හැම කෙනෙක්ටම විරුද්ධවයි.+

15 මොකද ‘මම උතුරේ තියෙන රාජ්‍යයන්වලට අයිති හැම ගෝත්‍රයක්ම කැඳවනවා’ කියලා යෙහෝවා කියනවා.+

‘ඒ හැම ගෝත්‍රයක්ම එයි. ඔවුන්ගේ රජවරු ඇවිත් තමන්ගේ සිංහාසන පිහිටුවයි.

යෙරුසලමේ දොරටු ළඟ ඒවා පිහිටුවයි.+

ඇය වටා තියෙන හැම පවුරකටම විරුද්ධවත්

යූදා දේශයේ හැම නගරයකටම විරුද්ධවත් ඔවුන් අනිවාර්යයෙන්ම එයි.+

16 මගේ සෙනඟ කරපු හැම දුෂ්ට දේකටම විරුද්ධව මම මගේ විනිශ්චය ප්‍රකාශ කරනවා.

මොකද ඔවුන් මාව අතහැරලා+

වෙනත් දෙවිවරුන්ට පූජා* ඔප්පු කරනවා.+

ඔවුන්ම හදාගත්ත දේවල් ඉස්සරහා වැඳ වැටෙනවා.’+

17 දැන් සූදානම් වෙන්න.*

මම ඔයාට අණ කරන හැම දෙයක්ම ගිහින් එයාලට කියන්න.

එයාලට බය වෙන්න එපා.+

ඔයා එයාලට බය වුණොත් එයාලා ගැන ඔයාට තියෙන බය මම තව වැඩි කරනවා.

18 මුළු දේශයටත් යූදාවල රජවරුන්ට සහ අධිපතීන්ටත්+

පූජකයන් සහ දේශයේ වැසියන්ටත් විරුද්ධව නොසැලී ඉන්න පුළුවන් වෙන්න

අද මම ඔයාව පවුරුවලින් වට වුණ නගරයක් කළා.

යකඩ කුලුනක් සහ තඹ පවුරක් කළා.+

19 එයාලා අනිවාර්යයෙන්ම ඔයාට විරුද්ධව සටන් කරයි.

ඒත් ඔයාව පරාජය කරන්න එයාලට පුළුවන් වෙන්නේ නැහැ.

මොකද ‘ඔයාව බේරගන්න මම ඔයා එක්කම ඉන්නවා’+ කියලා යෙහෝවා කියනවා.”

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න