ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 18
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

උත්පත්ති පොතේ සාරාංශයක්

      • දේවදූතයන් තුන්දෙනෙක් ආබ්‍රහම් ඉන්න තැනට එයි (1-8)

      • සාරාට පුතෙක් ලැබෙනවා කියලා කියයි; සාරා හිනා වෙයි (9-15)

      • ආබ්‍රහම් සොදොම් ගැන කන්නලව් කරයි (16-33)

උත්පත්ති 18:1

හරස් යොමු දැක්වීම්

  • +උත් 13:18; 14:13
  • +උත් 16:7; විනි 13:21

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 83 ලිපිය

    මුරටැඹ,

    10/1/1996, 11-12 පි.

උත්පත්ති 18:2

හරස් යොමු දැක්වීම්

  • +උත් 19:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/1/1996, 11-12 පි.

උත්පත්ති 18:3

පාදසටහන්

  • *

    මෙතන ආබ්‍රහම් දේවදූතයාට යෙහෝවා කියලා කතා කරන්නේ ඒ දේවදූතයා යෙහෝවාගේ නියෝජිතයෙක් වුණ නිසා වෙන්න පුළුවන්.

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 83 ලිපිය

    මුරටැඹ,

    10/1/1996, 12-13 පි.

උත්පත්ති 18:4

හරස් යොමු දැක්වීම්

  • +උත් 19:2; 24:32

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/1/1996, 12 පි.

උත්පත්ති 18:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/1/1996, 12 පි.

උත්පත්ති 18:6

පාදසටහන්

  • *

    මූ.අ., “සෙයා මිනුම්.” සෙයා මිනුමක් කියන්නේ ලීටර් 7.33ක්. ඒ කියන්නේ පිටි කි.ග්‍රෑ. 12ක් විතර. උප. B14 බලන්න.

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/1/2014, 7 පි.

    10/1/1996, 12 පි.

උත්පත්ති 18:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/1/1996, 12 පි.

උත්පත්ති 18:8

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 13:2

උත්පත්ති 18:9

හරස් යොමු දැක්වීම්

  • +උත් 17:15

උත්පත්ති 18:10

හරස් යොමු දැක්වීම්

  • +උත් 17:21; 21:2; රෝම 9:9

උත්පත්ති 18:11

පාදසටහන්

  • *

    මූ.අ., “ඔසප් වීම නතර වෙලා තිබුණා.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 17:17
  • +රෝම 4:19

උත්පත්ති 18:12

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 11:11; 1පේතෘ 3:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පොදු),

    අංක 5 2017 14 පි.

උත්පත්ති 18:14

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 40:29; මතෙ 19:26; ලූක් 1:36, 37

උත්පත්ති 18:16

හරස් යොමු දැක්වීම්

  • +උත් 13:12

උත්පත්ති 18:17

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 25:14; ආමො 3:7

උත්පත්ති 18:18

පාදසටහන්

  • *

    හෝ, “ආශීර්වාද ලබාගන්න එයාලාගේ පැත්තෙන් දෙයක් කරනවා.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 12:1-3; ගලා 3:14

උත්පත්ති 18:19

පාදසටහන්

  • *

    හෝ, “එයාගේ ගෙදර ඉන්න හැමෝටමයි.”

  • *

    හෝ, “ධර්මිෂ්ඨ දේ.”

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 4:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2004, 27 පි.

උත්පත්ති 18:20

හරස් යොමු දැක්වීම්

  • +2පේතෘ 2:7, 8
  • +උත් 13:13; යූද් 7

උත්පත්ති 18:21

හරස් යොමු දැක්වීම්

  • +උත් 11:5; නික් 3:7, 8; ගීතා 14:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙහෝවාට ළං වන්න, 202 පි.

    වැඩපොත සඳහා තොරතුරු, 3/2020, 1 පි.

උත්පත්ති 18:22

පාදසටහන්

  • *

    පේන විදිහට තුන්දෙනාගෙන් දෙන්නෙක්.

හරස් යොමු දැක්වීම්

  • +උත් 31:11; 32:30

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 83 ලිපිය

උත්පත්ති 18:23

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 16:22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/1994, 29-30 පි.

උත්පත්ති 18:25

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 37:10, 11; හිතෝ 29:16; මලා 3:18; මතෙ 13:49
  • +ද්වි 32:4
  • +යෝබ් 34:12; යෙසා 33:22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 157 ලිපිය

    මුරටැඹ (පාඩම්),

    8/2022, 28 පි.

    මුරටැඹ (පාඩම්),

    4/2017, 18-19 පි.

    මුරටැඹ,

    10/15/2010, 6 පි.

    4/15/2010, 14 පි.

    1/1/2009, 24 පි.

    5/15/2004, 5 පි.

    7/15/2003, 16-17 පි.

    8/15/1998, 12, 20 පි.

    6/15/1993, 15-16 පි.

උත්පත්ති 18:28

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 14:18; ගීතා 86:15

උත්පත්ති 18:30

හරස් යොමු දැක්වීම්

  • +නික් 34:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙහෝවාට ළං වන්න, 203 පි.

උත්පත්ති 18:32

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 83 ලිපිය

    යෙහෝවාට ළං වන්න, 203 පි.

    මුරටැඹ,

    9/15/1994, 29-30 පි.

උත්පත්ති 18:33

හරස් යොමු දැක්වීම්

  • +උත් 18:2, 22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 83 ලිපිය

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

උත්. 18:1උත් 13:18; 14:13
උත්. 18:1උත් 16:7; විනි 13:21
උත්. 18:2උත් 19:1
උත්. 18:4උත් 19:2; 24:32
උත්. 18:8හෙබ්‍රෙ 13:2
උත්. 18:9උත් 17:15
උත්. 18:10උත් 17:21; 21:2; රෝම 9:9
උත්. 18:11උත් 17:17
උත්. 18:11රෝම 4:19
උත්. 18:12හෙබ්‍රෙ 11:11; 1පේතෘ 3:6
උත්. 18:14යෙසා 40:29; මතෙ 19:26; ලූක් 1:36, 37
උත්. 18:16උත් 13:12
උත්. 18:17ගීතා 25:14; ආමො 3:7
උත්. 18:18උත් 12:1-3; ගලා 3:14
උත්. 18:19ද්වි 4:9
උත්. 18:202පේතෘ 2:7, 8
උත්. 18:20උත් 13:13; යූද් 7
උත්. 18:21උත් 11:5; නික් 3:7, 8; ගීතා 14:2
උත්. 18:22උත් 31:11; 32:30
උත්. 18:23ගණන් 16:22
උත්. 18:25ගීතා 37:10, 11; හිතෝ 29:16; මලා 3:18; මතෙ 13:49
උත්. 18:25ද්වි 32:4
උත්. 18:25යෝබ් 34:12; යෙසා 33:22
උත්. 18:28ගණන් 14:18; ගීතා 86:15
උත්. 18:30නික් 34:6
උත්. 18:33උත් 18:2, 22
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
උත්පත්ති 18:1-33

උත්පත්ති

18 දවසක් අව්ව තදට පායලා තිබුණ වෙලාවක මම්රේවල+ විශාල ගස් ළඟ කූඩාරම් ගහගෙන හිටපු ආබ්‍රහම් ඉදිරියේ යෙහෝවා දෙවියන්+ දර්ශනය වුණා. ඒ වෙලාවේ ආබ්‍රහම් හිටියේ එයාගේ කූඩාරමට ඇතුල් වෙන තැන ඉඳගෙනයි. 2 එයා හිටපු තැනට කිට්ටුවෙන් මිනිස්සු තුන්දෙනෙක් හිටගෙන ඉන්නවා එයා දැක්කා.+ එයාලව දැක්ක ගමන් ආබ්‍රහම් එයාලා ළඟට දුවගෙන ගිහින් බිමට නැමිලා එයාලට ආචාර කළා. 3 ඊටපස්සේ එයා මෙහෙම කිව්වා. “යෙහෝවා දෙවියනි,* ඔයාගේ සේවකයා වන මං ගැන ඔයා සතුටු වෙනවා නං මගේ ගෙදර ටිකකට නතර වෙලා යන්න. 4 ඔයාලාගේ කකුල් හෝදන්න අපි වතුර ටිකක් ගෙනත් දෙන්නම්.+ ඊටපස්සේ ගහ යටට වෙලා ටිකක් විවේක ගන්න. 5 ඔයාලා දැන් ඔයාලාගේ සේවකයා ඉන්න තැනට ඇවිත් ඉන්න නිසා කෑමට රොටි ටිකක් මං ලෑස්ති කරන්නම්. කෑම කාලා මහන්සි නිවාගත්තාට පස්සේ ඔයාලාගේ ගමන යන්න පුළුවන්.” එතකොට ඒ මිනිස්සු “ඔයා කිව්ව විදිහටම කරන්න” කියලා කිව්වා.

6 ඉතින් ආබ්‍රහම් කූඩාරමට ඉක්මනින්ම ගිහිල්ලා සාරාට මෙහෙම කිව්වා. “ඉක්මනට සිහින්ව කොටාගත්ත පිටි මිනුම්* තුනක් අරගෙන ඒක අනලා රොටි ටිකක් හදන්න.” 7 ඊටපස්සේ ආබ්‍රහම් එයාගේ රැළ ළඟට දුවගෙන ගිහිල්ලා හොඳ නාඹර වස්සෙක්ව අරගෙන එයාගේ සේවකයාට දුන්නා. සේවකයා ඒක සූදානම් කරන්න ඉක්මනින්ම ගියා. 8 ඊටපස්සේ එයා බටරුයි, කිරියි, එයා ලෑස්ති කරපු මසුයි අරගෙන ගිහිල්ලා එයාලා ඉස්සරහා තිබ්බා. ඒ මිනිස්සු ගහ යටට වෙලා කෑම කද්දී ආබ්‍රහම් එයාලා ළඟින්ම හිටගෙන හිටියා.+

9 ඒ මිනිස්සු “සාරා+ කෝ” කියලා ආබ්‍රහම්ගෙන් ඇහුවා. “එයා කූඩාරමේ ඉන්නවා” කියලා ආබ්‍රහම් කිව්වා. 10 එයාලාගෙන් එක් කෙනෙක් ආබ්‍රහම්ට මෙහෙම කිව්වා. “ලබන අවුරුද්දේ මේ කාලේ වෙද්දී මම අනිවාර්යයෙන්ම ආයෙත් මෙහෙට එනවා. ඒ වෙද්දී සාරාට පුතෙක් ඉඳියි.”+ එයාට පිටිපස්සේ තිබුණ කූඩාරමේ දොර ළඟ හිටපු සාරා එයා කියපු දේ අහගෙනයි හිටියේ. 11 ඒ වෙද්දී ආබ්‍රහමුයි, සාරායි ගොඩක් වයසයි.+ සාරා දරුවන් ලැබෙන වයස පහු කරලයි හිටියේ.*+ 12 ඉතින් සාරා තනියම හිනා වෙලා මෙහෙම කියාගත්තා. “මමයි, මගේ ස්වාමියායි හොඳටම වයසයිනේ. ඉතින් දරු සුරතල් බලන්න අපිට පුළුවන්ද?”+ 13 එතකොට යෙහෝවා ආබ්‍රහම්ට මෙහෙම කිව්වා. “‘වයසට ගිහින් ඉන්න මට කොහොමද දරුවෙක් හම්බ වෙන්නේ’ කියලා සාරා හිනා වුණේ ඇයි? 14 යෙහෝවා වන මට කරන්න බැරි දෙයක් තියෙනවාද?+ ලබන අවුරුද්දේ හරියටම මේ කාලේ වෙද්දී මම ආයෙත් මෙහෙට එනවා. එතකොට සාරාට පුතෙක් ඉඳියි.” 15 සාරා බය වෙලා “මං හිනා වුණේ නෑ” කියලා කිව්වා. එතකොට දෙවියන් “නෑ, ඔයා හිනා වුණා” කියලා කිව්වා.

16 ඒ මිනිස්සු එතනින් යන්න ලෑස්ති වුණාම ආබ්‍රහම් එයාලව ඇරලවන්න එයාලා එක්ක ගියා. ඒ විදිහට එයාලා ඇවිදගෙන සොදොම් නගරය+ පේන තැනකට ආවා. 17 එතකොට යෙහෝවා මෙහෙම කිව්වා. “මං කරන්න හිතාගෙන ඉන්න දේ ආබ්‍රහම්ට නොකියා ඉන්නේ නැහැ.+ 18 ආබ්‍රහම්ගෙන් පැවතෙන අය අනිවාර්යයෙන්ම බලවත්, ශ්‍රේෂ්ඨ ජාතියක් වෙනවා. එයා නිසා පොළොවේ ඉන්න හැම ජාතියකටම ආශීර්වාද ලැබෙනවා.*+ 19 මම ආබ්‍රහම් කොයි වගේ කෙනෙක්ද කියලා දන්නවා. එයාගේ පුතාලටයි, එයාගෙන් පැවතෙන හැමෝටමයි* හරි දේ* සහ සාධාරණ දේ මොකක්ද කියලා උගන්නන්න මං එයාව තෝරගත්තා. එතකොට යෙහෝවා වන මම පෙන්නන මාර්ගයේ යන්න එයාලා හැමෝටම පුළුවන් වෙයි.+ එහෙම කරන්න ආබ්‍රහම්ව තෝරගත්තේ යෙහෝවා වන මම එයාට පොරොන්දු වුණ දේ අනිවාර්යයෙන්ම ඉටු කරන්නයි.”

20 ඊටපස්සේ යෙහෝවා මෙහෙම කිව්වා. “සොදොම් සහ ගොමෝරාවට විරුද්ධව ගොඩක් චෝදනා මට එනවා.+ එයාලා හරිම බරපතළ වැරදි කරනවා.+ 21 ඉතින් එයාලා කරන දේවල් ගැන හොයලා බලන්න මං දැන් යනවා. එතකොට එයාලා ගැන ඇවිත් තියෙන චෝදනා ඇත්තද බොරුද කියලා මට දැනගන්න පුළුවන්.”+

22 ඊටපස්සේ ඒ මිනිස්සු* එතනින් පිටත් වෙලා සොදොම් පැත්තට ගියා. ඒත් යෙහෝවා+ දිගටම ආබ්‍රහම් ළඟ හිටියා. 23 ආබ්‍රහම් ටිකක් ළඟට ගිහින් දෙවියන්ගෙන් මෙහෙම ඇහුවා. “ඇත්තටම ඔයා දුෂ්ට අයත් එක්ක ධර්මිෂ්ඨ අයවත් විනාශ කරනවාද?+ 24 ඒ නගරේ ධර්මිෂ්ඨ මිනිස්සු 50දෙනෙක් ඉන්නවා නං ඔයා එයාලවත් විනාශ කරනවාද? එයාලා වෙනුවෙන්වත් ඔයා ඒ නගරෙට සමාව දෙන්නේ නැද්ද? 25 ඔයා ඒ දෙගොල්ලන්වම එකට විනාශ කරලා දුෂ්ට අයටයි, ධර්මිෂ්ඨ අයටයි එකම දඬුවම දෙයි කියලා මට හිතාගන්නවත් බෑ!+ ඔයා එහෙම කරයි කියලා මට කොහොමටවත් හිතන්න බෑ!+ මුළු පොළොවේම විනිශ්චයකරු වන ඔයා සාධාරණය ඉටු කරන්නේ නැද්ද?”+ 26 එතකොට යෙහෝවා මෙහෙම කිව්වා. “සොදොම්වල ධර්මිෂ්ඨ මිනිස්සු 50දෙනෙක් හම්බ වුණොත් එයාලා වෙනුවෙන් මම මුළු නගරෙටම සමාව දෙනවා.” 27 ඒත් ආබ්‍රහම් මෙහෙම කිව්වා. “අනේ යෙහෝවා දෙවියනි, මං නිකම්ම දූවිලියි, අළුයි වගේ මනුස්සයෙක්. අනේ, මට තව ටිකක් ඔයාත් එක්ක කතා කරන්න ඉඩ දෙන්න. 28 ධර්මිෂ්ඨ මිනිස්සු 45ක් ඉන්නවා නං පස්දෙනෙක් අඩු නිසා ඔයා මුළු නගරේම විනාශ කරනවාද?” දෙවියන් මෙහෙම උත්තර දුන්නා. “එහේ 45දෙනෙක් හම්බ වුණොත් මම ඒක විනාශ කරන්නේ නැහැ.”+

29 ඒත් ආබ්‍රහම් ආයෙත් මෙහෙම ඇහුවා. “එතකොට 40දෙනෙක් හම්බ වුණොත්?” දෙවියන් කිව්වා “ඒ 40දෙනා වෙනුවෙන් මම නගරේ විනාශ කරන්නේ නැහැ” කියලා. 30 ඒත් ආබ්‍රහම් ආයේ සැරයක් මෙහෙම ඇහුවා. “අනේ යෙහෝවා, මාත් එක්ක කේන්ති ගන්න එපා.+ මට තව ටිකක් කතා කරන්න ඉඩ දෙන්න. එහේ 30දෙනෙක් හම්බ වුණොත් මොකද කරන්නේ?” දෙවියන් මෙහෙම උත්තර දුන්නා. “30දෙනෙක් හම්බ වුණොත් මම ඒක විනාශ කරන්නේ නැහැ.” 31 ආබ්‍රහම් ආයෙත් මෙහෙම ඇහුවා. “අනේ යෙහෝවා, මං මේ විදිහට බය නැතුව ඔයාත් එක්ක කතා කරන එක ගැන මට සමාවෙන්න! බැරි වෙලාවත් 20දෙනෙක් හම්බ වුණොත්?” එතකොට දෙවියන් කිව්වා “ඒ 20දෙනා වෙනුවෙන් මම ඒක විනාශ කරන්නේ නැහැ” කියලා. 32 අන්තිමට එයා මෙහෙම ඇහුවා. “අනේ යෙහෝවා, මාත් එක්ක කේන්ති ගන්න එපා. මට තව එක පාරක් කතා කරන්න දෙන්න. එහේ දහදෙනෙක් විතරක් හිටියොත්?” දෙවියන් මෙහෙම උත්තර දුන්නා. “ඒ දහදෙනා වෙනුවෙන් මම ඒක විනාශ කරන්නේ නැහැ.” 33 යෙහෝවා ආබ්‍රහම් එක්ක කතා කරලා ඉවර වුණාට පස්සේ එතනින් පිටත් වෙලා ගියා.+ ආබ්‍රහමුත් එයාගේ කූඩාරමට හැරිලා ගියා.

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න