ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ක්‍රියා 3
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ක්‍රියා පොතේ සාරාංශයක්

      • හිඟමන් ඉල්ලපු කොර මිනිසෙක්ව පේතෘස් සුව කරයි (1-10)

      • සලමොන්ගේ ශාලාවේදී පේතෘස් කතා කරයි (11-26)

        • “දෙවියන් හැම දේම කලින් තිබුණ තත්වයට පත් කරන කාලය” (21)

        • මෝසෙස් වගේ අනාගතවක්තෘවරයෙක් (22)

ක්‍රියා 3:1

පාදසටහන්

  • *

    ඒ කියන්නේ හවස 3ට විතර.

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 31 පි.

ක්‍රියා 3:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 31 පි.

ක්‍රියා 3:6

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 3:16; 4:10

ක්‍රියා 3:7

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 8:14, 15; 9:24, 25
  • +යොහ 5:8, 9; ක්‍රියා 9:34; 14:8-10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 31 පි.

ක්‍රියා 3:8

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 35:6

ක්‍රියා 3:10

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 3:2

ක්‍රියා 3:11

පාදසටහන්

  • *

    හෝ, “දෙපැත්තේම කුලුනු තිබුණ විවෘත ප්‍රදේශයේ.”

හරස් යොමු දැක්වීම්

  • +යොහ 10:23; ක්‍රියා 5:12

ක්‍රියා 3:13

හරස් යොමු දැක්වීම්

  • +නික් 3:6
  • +යෙසා 52:13; 53:11
  • +ෆිලි 2:9-11
  • +ක්‍රියා 5:30

ක්‍රියා 3:14

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 27:20, 21; ලූක් 23:14, 18

ක්‍රියා 3:15

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 5:31; හෙබ්‍රෙ 2:10
  • +ලූක් 24:46-48; ක්‍රියා 1:8; 2:32

ක්‍රියා 3:17

හරස් යොමු දැක්වීම්

  • +යොහ 16:2, 3; 1තිමෝ 1:13
  • +1කොරි 2:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 32 පි.

    මුරටැඹ,

    6/15/2009, 32 පි.

ක්‍රියා 3:18

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 118:22; යෙසා 50:6; 53:8; දානි 9:26; ලූක් 22:15

ක්‍රියා 3:19

පාදසටහන්

  • *

    මූ.අ., “පසුතැවිලි වෙලා හැරෙන්න.”

  • *

    හෝ, “දෙවියන් ඔයාලාගේ වැරදි මකලා දායි.”

  • *

    උප. A5 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 2:38
  • +එස 33:11; එෆී 4:22
  • +එස 33:14, 16; 1යොහ 1:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙහෝවාට ළං වන්න, 265 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 47 පාඩම

    මුරටැඹ,

    2/15/2014, 28 පි.

    6/15/2013, 19-20 පි.

    5/1/2009, 15 පි.

    9/1/2008, 14 පි.

    9/1/2000, 17-18 පි.

    12/1/1997, 12 පි.

    පිබිදෙව්!,

    4/8/1994, 22 පි.

ක්‍රියා 3:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/1/2000, 17 පි.

ක්‍රියා 3:21

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    2/2024, 4 පි.

    සාක්ෂියක් දෙමු, 33 පි.

    යෙහෝවාට ළං වන්න, 77-78 පි.

    මුරටැඹ,

    3/15/2007, 5-6 පි.

    12/15/2000, 30 පි.

    9/1/2000, 17-18 පි.

ක්‍රියා 3:22

පාදසටහන්

  • *

    උප. A5 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 34:10; ක්‍රියා 7:37
  • +ද්වි 18:15, 18

ක්‍රියා 3:23

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 18:19

ක්‍රියා 3:24

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 24:27; ක්‍රියා 10:43

ක්‍රියා 3:25

පාදසටහන්

  • *

    මුල් භාෂාවේ පාවිච්චි කරලා තියෙන වචනය “පැවතෙන අය” විදිහටත් පරිවර්තනය කරන්න පුළුවන්.

හරස් යොමු දැක්වීම්

  • +රෝම 9:4
  • +උත් 22:18; ගලා 3:8

ක්‍රියා 3:26

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 13:45, 46; රෝම 1:16

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ක්‍රියා 3:6ක්‍රියා 3:16; 4:10
ක්‍රියා 3:7මතෙ 8:14, 15; 9:24, 25
ක්‍රියා 3:7යොහ 5:8, 9; ක්‍රියා 9:34; 14:8-10
ක්‍රියා 3:8යෙසා 35:6
ක්‍රියා 3:10ක්‍රියා 3:2
ක්‍රියා 3:11යොහ 10:23; ක්‍රියා 5:12
ක්‍රියා 3:13නික් 3:6
ක්‍රියා 3:13යෙසා 52:13; 53:11
ක්‍රියා 3:13ෆිලි 2:9-11
ක්‍රියා 3:13ක්‍රියා 5:30
ක්‍රියා 3:14මතෙ 27:20, 21; ලූක් 23:14, 18
ක්‍රියා 3:15ක්‍රියා 5:31; හෙබ්‍රෙ 2:10
ක්‍රියා 3:15ලූක් 24:46-48; ක්‍රියා 1:8; 2:32
ක්‍රියා 3:17යොහ 16:2, 3; 1තිමෝ 1:13
ක්‍රියා 3:171කොරි 2:8
ක්‍රියා 3:18ගීතා 118:22; යෙසා 50:6; 53:8; දානි 9:26; ලූක් 22:15
ක්‍රියා 3:19ක්‍රියා 2:38
ක්‍රියා 3:19එස 33:11; එෆී 4:22
ක්‍රියා 3:19එස 33:14, 16; 1යොහ 1:7
ක්‍රියා 3:22ද්වි 34:10; ක්‍රියා 7:37
ක්‍රියා 3:22ද්වි 18:15, 18
ක්‍රියා 3:23ද්වි 18:19
ක්‍රියා 3:24ලූක් 24:27; ක්‍රියා 10:43
ක්‍රියා 3:25රෝම 9:4
ක්‍රියා 3:25උත් 22:18; ගලා 3:8
ක්‍රියා 3:26ක්‍රියා 13:45, 46; රෝම 1:16
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ක්‍රියා 3:1-26

යේසුස්ගේ නියෝජිතයන්ගේ ක්‍රියා

3 දවසක් යාච්ඤා කරන්න වෙන් කරලා තිබුණ පැයේදී, ඒ කියන්නේ නමවෙනි පැයේදී* පේතෘස් සහ යොහන් දේවමාලිගාවට ගියා. 2 ඔය අතරේ, ඉපදුණ දවසේ ඉඳන්ම කොර වෙලා හිටිය මිනිසෙක්ව කට්ටියක් එතනට උස්සගෙන ආවා. එයාලා හැම දවසකම ඒ මිනිසාව දේවමාලිගාවේ අලංකාර දොරටුව විදිහට හඳුන්වපු දොරටුව ළඟට අරන් ආවා. එයා එතන ඉඳන් දේවමාලිගාව ඇතුළට යන අයගෙන් හිඟමන් ඉල්ලන්න පුරුදු වෙලයි හිටියේ. 3 පේතෘස් සහ යොහන් දේවමාලිගාවට යනවා දැක්කාම එයාට උදව්වක් කරන්න කියලා එයා එයාලාගෙන් ඉල්ලුවා. 4 ඒත් පේතෘසුයි, යොහනුයි එයා දිහා බලලා මෙහෙම කිව්වා. “අපි දිහා බලන්න.” 5 ඉතින් එයා ඒ දෙන්නාගෙන් මොනවා හරි ලැබෙයි කියලා හිතාගෙන එයාලා දිහා බලාගෙන හිටියා. 6 හැබැයි පේතෘස් එයාට මෙහෙම කිව්වා. “රත්තරන්, රිදී නම් මං ළඟ නැහැ. ඒත් මං ළඟ තියෙන දේ ඔයාට දෙන්නම්. නාසරෙත් ඉඳන් ආපු යේසුස් ක්‍රිස්තුස්ගේ නමින් මං ඔයාට කියන්නේ, නැඟිටලා ඇවිදින්න!”+ 7 පේතෘස් එහෙම කියලා ඒ මිනිසාගේ දකුණු අතින් අල්ලලා එයාට නැඟිටින්න උදව් කළා.+ ඒත් එක්කම එයාගේ කකුල් සුව වුණා.+ 8 එයා උඩ පැනලා හිටගෙන+ ඇවිදින්න පටන්ගත්තා. ඊටපස්සේ එයා දෙවියන්ට ප්‍රශංසා කරකර, උඩ පැනපැන පේතෘසුයි, යොහනුයි එක්ක දේවමාලිගාව ඇතුළට ඇවිදගෙන ගියා. 9 එයා දෙවියන්ට ප්‍රශංසා කරකර ඇවිදන් යන විදිහ හැමෝම දැක්කා. 10 ඒ ඉන්නේ දේවමාලිගාවේ අලංකාර දොරටුව ළඟ ඉඳගෙන හිඟමන් ඉල්ලපු කෙනා+ කියලා අඳුරගත්තාම එයා සුව වුණේ කොහොමද කියලා මිනිස්සුන්ට හිතාගන්න බැරි වුණා. ඒ කෙනා ගැන එයාලට දැනුණේ කියාගන්න බැරි තරම් සතුටක්!

11 ඒ මිනිසා පේතෘස්ටයි, යොහන්ටයි යන්න දෙන්නේ නැතුව එයාලව අල්ලගෙනම හිටියා. ඒ වෙලාවේ එයාලා හිටියේ සලමොන්ගේ ශාලාවේ.*+ ඒත් එක්කම පුදුමයට පත් වෙලා හිටපු මුළු සෙනඟම එයාලා හිටපු තැනට දුවගෙන ආවා. 12 එයාලව දැක්කාම පේතෘස් මෙහෙම කිව්වා. “ඊශ්‍රායෙල් ජනයෙනි, ඇයි ඔයාලා ඔච්චර පුදුම වෙලා? ඔයාලා බලන් ඉන්නේ හරියට මේක අපේ බලයෙන් කරපු දෙයක් වගේ! අපේ භක්තිය නිසා වුණ දෙයක් වගේ! 13 ආබ්‍රහම්ගෙත් ඊසාක්ගෙත් යාකොබ්ගෙත්+ දෙවියන් වන අපේ මුතුන්මිත්තන්ගේ දෙවියන්, ඔහුගේ සේවකයා+ වන යේසුස්ව+ දැන් තේජසට පත් කරලයි තියෙන්නේ. පිලාත් ඔහුව නිදහස් කරන්න තීරණය කළත් ඔයාලා පිලාත් ඉස්සරහම ඔහුව ප්‍රතික්ෂේප කරලා මිනිස්සුන්ගේ අතට භාර දුන්නා.+ 14 ඔයාලා ඒ ශුද්ධ, ධර්මිෂ්ඨ මිනිසාව ප්‍රතික්ෂේප කරලා ඔහු වෙනුවට මිනීමරුවෙක්ව නිදහස් කරන්න කියලා ඉල්ලුවා.+ 15 ජීවනය ලබා දෙන්න තෝරගත්ත ප්‍රධාන තැනැත්තාව ඔයාලා මරලා දැම්මත්+ දෙවියන් ඔහුව මරණයෙන් නැඟිට්ටෙව්වා. ඒකට අපි සාක්ෂිකරුවෝ.+ 16 ඔහුගේ නමින් තමයි අපි මේ මිනිසාව සුව කළේ. ඔහුගේ නම ගැන අපි විශ්වාසය තිබ්බ නිසයි අපිට එහෙම කරන්න පුළුවන් වුණේ. ඒ විශ්වාසය නිසා ඔයාලා හැමෝම ඉස්සරහා මේ මිනිසා සම්පූර්ණ සුවයක් ලැබුවා. 17 සහෝදරයෙනි, මං දන්නවා ඔයාලා එහෙම කළේ නොදැනුවත්කමින් කියලා.+ ඔයාලාගේ පාලකයන් වැඩ කළෙත් ඒ විදිහට.+ 18 ඒත් දෙවියන් ඒකට ඉඩ දුන්නා. දෙවියන් එහෙම කළේ ක්‍රිස්තුස් වධ විඳින්න ඕනෙ කියලා ඔහු හැම අනාගතවක්තෘවරයෙක් මාර්ගයෙන්ම කල්තියාම කියපු දේවල් ඉටු වෙන්න ඕනෙ නිසයි.+

19 “ඉතින් දැන් පසුතැවිලි වෙන්න.+ ඔයාලාගේ ජීවිත වෙනස් කරගන්න.*+ එතකොට ඔයාලාගේ වැරදිවලට සමාව ලබාගන්නත්*+ යෙහෝවාගෙන්* ලොකු සහනයක් ලබාගන්නත් ඔයාලට පුළුවන් වෙයි. 20 ඒ වගේම ඔයාලා වෙනුවෙන් පත් කරපු ක්‍රිස්තුස්ව, ඒ කියන්නේ යේසුස්ව ඔහු එවනවා. 21 ඒත් දෙවියන් හැම දේම කලින් තිබුණ තත්වයට පත් කරන කාලය එන කල් යේසුස් ස්වර්ගයේ ඉන්නවා. ඒ කාලය ගැන දෙවියන් තමන්ගේ ශුද්ධ අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් කලින්ම කියලා තිබුණා. 22 මෝසෙස් කියපු මේ දේ ඔයාලට මතක ඇති. ‘ඔයාලාගේ දෙවි වන යෙහෝවා* ඔයාලා අතරින් මං වගේ අනාගතවක්තෘවරයෙක්ව පත් කරයි.+ ඔහු කියන හැම දේටම ඔයාලා සවන් දෙන්න ඕනේ.+ 23 කෙනෙක් ඒ අනාගතවක්තෘවරයා කියන දේවල් අහන්නේ නැත්නම් ඒ කෙනාව සෙනඟ අතරින් විනාශ කරලාම දායි.’+ 24 සාමුවෙල් සහ එයාගෙන් පස්සේ ආපු හැම අනාගතවක්තෘවරයෙක්ම මේ කාලය ගැන පැහැදිලිවම කිව්වා.+ 25 දෙවියන් ඔයාලාගේ මුතුන්මිත්තන් එක්ක ඇති කරගත්ත ගිවිසුම ගැන ඒ අනාගතවක්තෘවරුන් කතා කළා. ඔයාලා තමයි ඒ ගිවිසුමේ තියෙන පොරොන්දුවල උරුමක්කාරයන්.+ මොකද දෙවියන් ආබ්‍රහම්ට මෙහෙම කිව්වා. ‘ඔයාගෙන් පැවත එන කෙනා* මාර්ගයෙන් පොළොවේ ඉන්න හැම පවුලකටම ආශීර්වාද ලැබෙනවා.’+ 26 දෙවියන් තමන්ගේ සේවකයාව පත් කළාට පස්සේ ඔහුව මුලින්ම එව්වේ ඔයාලා ළඟටයි.+ ඔහු එහෙම කළේ ඔයාලා හැමෝවම දුෂ්ට දේවලින් ඈත් කරලා ඔයාලට ආශීර්වාද කරන්නයි.”

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න